අය­හ­පත් කාල­ගු­ණ­යේදී සුර­ක්ෂිත වන්න DEWN පූර්ව යෙදුම | Page 2 | සිළුමිණ

අය­හ­පත් කාල­ගු­ණ­යේදී සුර­ක්ෂිත වන්න DEWN පූර්ව යෙදුම

ඩය­ලොග් ආසි­ආටා, ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය සමඟ එක්ව, අය­හ­පත් කාල­ගු­ණ­යේදී සිදු වන අහි­ත­කර බල­පෑම් අවම කර­ගැ­නීම සඳහා වසර ගණ­නා­වක සිට සහ­යෝ­ගී­ත්ව­යෙන් කට­යුතු කර­මින් සිටී. හදිසි ආපදා අන­තුරු ඇඟ­වීමේ ජාලයේ (DEWN) ජංගම දුර­ක­තන යෙදුම මගින් අය­හ­පත් කාල­ගු­ණික තත්ත්ව­යන් පිළි­බඳ පූර්ව අන­තුරු ඇඟ­වීම් මහ­ජ­න­තා­වට ලබා­දෙයි.

Dialog සහ Microimage Mobile Media සහ­යෝ­ගී­තා­වෙන් මොර­ටුව විශ්ව විද්‍යා­ලයේ ජංගම සන්නි­වේ­දන පර්යේ­ෂ­ණා­ගා­රය එක්ව, ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය වෙනු­වෙන්ම එම ඇප් එක සකස් කර ඇත. එම­ඟින් නවීන ජංගම සන්නි­වේ­දන තාක්ෂ­ණය භාවිත කර­මින් ජංගම දුර­ක­තන ජාල ඔස්සේ පළ­මු­වෙන්ම ප්‍රති­චාර දක්වන පුද්ග­ල­යන්ට සහ පොදු මහ­ජ­න­තා­වට ඉදි­රි­යේදී මතු විය හැකි අව­දා­නම් සහිත කාල­ගු­ණික තත්ත්ව­යන් පිළි­බඳ අන­තුරු ඇඟ­වීම් නිකුත් කරයි පළ­මු­වෙන්ම ප්‍රති­චාර දක්වන පුද්ග­ල­යන්ට සහ මාධ්‍ය ආය­තන වෙත අන­තුරු ඇඟ­වීම් නිකුත් කිරී­මට DEWN පද්ධ­ති­යෙන් පහ­සු­කම් සැල­සෙන අතර අන­තු­රු­දා­යක තත්ත්ව­යන් ආපදා බවට පත් වීම වැළැ­ක්වීම සඳහා ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­න­යට බහු­පාර්ශ්ව කණ්ඩා­යම් හා සම්බන්ධ විය හැකි යාන්ත්‍ර­ණ­යක් ලෙසද කට­යුතු කරයි.

Comments