සැබෑම සතුට දුටු නුවර රාෆික්ගේ පින් සිත | Page 2 | සිළුමිණ

සැබෑම සතුට දුටු නුවර රාෆික්ගේ පින් සිත

ර­ණින් පසු බොහෝ දෙනෙකු අප මත­ක­යෙන් ගිලිහී යන නමුත් සදා අම­ර­ණී­යව අප හද­වත් වල ජීවත් වන්නෝද සිටිති. රාෆික් හාජි­යාර්ද එවැ­න්නෙකි.මහ­නු­වර ප්‍රකට ව්‍යාපා­රික පවු­ලක සාම­ජි­ක­යෙකු වන ඔහු පසු­ගි­යදා මෙළොව හැර ගියේය.ජීවත්ව සිටි­යදී රාෆික් හාජි­යාර් ගැන කතා බහ කළ පිරි­සට වඩා අති විශාල පිරි­සක් මර­ණින් පසු ඔහු ගැන කතා කළහ. මර­ණින් පසු සමාජ මාධ්‍යය වල පළවු රාෆික් හාජි­යාර්ගේ ඡයා­රූප වලට අද­හස් එක් කළ බොහෝ පිරිස් පවසා තිබුණේ ජාතික සම­ඟිය කුමක්ද යන්න වටහා ගැනී­මට ඇති හොඳම උදා­හ­ර­ණය රාෆික් හාජි­යාර් බවයි.

මහ­නු­වර මහ රෝහල ජාතික රෝහ­ලක් බවට පත් වූයේ පසු­ගිය 30 දිනය. එදි­නට පෙර රාෆික් මිය ගියේ නම් මෙත­රම් ඔහු ගැන කිසි­වෙ­කුත් කතා නොක­රනු ඇත. වැඩි ප්‍රසි­ද්ධි­ය­කින් තොරව සමාජ සේවා කට­යු­තු­වල නිත­රව සිටි රාෆික් හාජි­යාර් නම එක්ව­රම ජන­තාව කතා කර­න්නට වූයේ පසු­ගිය 02 දින නොඑසේ නම් මහ­නු­වර මහ රෝහල ජාතික රෝහ­ලක් බවට පත් කර දින තුන­කට පසු ඔහු මිය­ගිය නිසාය.

රෝහල හා රාෆික් හාජි­යාර් පවුල අතර සම්බ­න්ධ­තාව අද ඊයේක ඇති වූවක් නොවේ. මහ­නු­වර රෝහල ඉදි කිරීම සඳහා ඉඩම් පවරා ගැනීම් සිදු කළ පනහේ දශ­කයේ අග­භා­ගය දක්වාවූ දීර්ඝ ඉති­හා­ස­යක් එම සබ­ඳ­තා­වට තිබේ. රාෆික් හාජි­යාර්ගේ සීයා මීරා සයි­බුය. රාෆික් හාජි­යාර් පවුල අද භුක්ති විඳින බොහෝ දේපොළ වල ඉපැ­යු­ම්කරු ඔහුය.

රාෆික් හාජි­යාර්

මහ­නු­වර ජාතික රෝහලේ රථ­ගාල ආස­න්නයේ පිහිටි අක්ක­ර­ය­කුත් පර්චස් 43ක ඉඩම ඔහු සතුව තිබී පිය උරු­මය ඔස්සේ රාෆික් හාජි­යාර්ට ලැබී තිබේ. මීරා සයිබු සතු එම ඉඩම දශක ගණ­නා­වක් මුළුල්ලේ රෝහලේ වැඩ­ක­ට­යුතු වෙනු­වෙන් භාවිත කරනු ලැබුවේ සයිබු පවුලේ පූර්ණ ආශි­ර්වා­දය ඇති­වය. ජාතික රෝහ­ලක් බවට පත් කිරී­මෙන් පසු සිදු කෙරෙන සංව­ර්ධන කට­යුතු වෙනු­වෙන් එම ඉඩම රෝහල නමට තිබීම අත්‍ය­වශ්‍ය කාර­ණ­යක් වූ අතර රාෆික් හාජි­යාර්ගේ මැදි­හත් වීම සිදු වන්නේ එම අවුල විසඳා ගැනී­මේ­දීය. මහ­නු­වර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නා­යක මහතා කළ ඉල්ලී­මක් අනුව අදාළ ඉඩම ඔප්පු­ව­කින්ම රෝහ­ලට පරි­ත්‍යාග කිරී­මට රාෆික් හාජි­යාර් දෙව­රක් නොසිතා තීන්දු කළේය.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනා­රත්න මහතා අතට අදාළ ඔප්පුව පරි­ත්‍යාග කිරී­මෙන් පසු රාෆික් හාජි­යාර් ගැන රටම කතා කර­න්නට ගත්තේය. කිසි­ව­කුත් නොසිතූ පරිදි ඊට දින තුන­කට පසු ඔහු මිය ගියේද මහ­නු­වර රෝහ­ලේ­දීය. මර­ණින් පසු ඔහු ගැන ලොවක් කතා කර­න්නට පටන් ගත්තේ බිම් අඟ­ල­කට ගහ මරා ගන්නා සමා­ජයේ රුපි­යල් කෝටි ගණ­නක් වටිනා ඉඩ­මක් රෝහ­ලට පරි­ත්‍යාග කිරී­මට තරම් රාෆික් පරි­ත්‍යා­ග­ශී­ලි­යෙකු වූ නිසාය.

මහ­නු­වර ජාතික රෝහල මේ රට මධ්‍යයේ පිහිටා තිබෙන නිසා මධ්‍යම, ඌව, උතුර, නැගෙ­න­හිර, වයඹ, උතුරු මැද, සබ­ර­ග­මුව ආදි පළා­ත්ව­ලින් රෝගීන් විශාල පිරි­සක් ප්‍රති­කාර සඳහා පැමි­ණෙ­නවා. වස­ර­කට ලක්ෂ හත­රක පමණ පිරි­සක් රෝහ­ලින් නේවා­සි­කව ප්‍රති­කාර ගන්නවා. තවත් විශාල පිරි­සක් බාහිර රෝගී අංශ­යෙන් ප්‍රති­කාර ලබා­ග­න්නවා. ජන­ග­හ­නය වැඩි­වී­මත් සමඟ රෝහ­ලට පැමි­ණෙන රෝගි සංඛ්‍යාව ඉහළ යෑමත් නිසා අපට පව­තින ඉඩ­කඩ ප්‍රමා­ණ­වත් වුණේ නැහැ. රෝහල සතුව අක්කර 58කුත් පර්චස් 04ක ඉඩම් ප්‍රමා­ණ­යක් තිබෙ­නවා. මින් අක්කර 25ක රෝහල් ගොඩ­නැ­ගිලි ඉදි­කොට තිබෙ­නවා. රෝහල ජාතික රෝහ­ලක් බවට පත් කිරී­මේදී අපිට සේවා පුළුල් කිරීම පිණිස තවත් ඉඩම් ප්‍රමා­ණ­යක් අවශ්‍ය වුණා. රෝහලේ රථ­ගාල පිහිටි ස්ථානය රාෆික් හාජි­යාර්ගේ සීයා වන මීරා සයිබු මහතා නමට තිබූ එකක්.

රෝහල සතු ඇතැම් ඉඩම් කොටස් යම් යම් පිරිස් දේශ­පා­ලන සබ­ඳතා මත අත්පත් කර­ගෙන භුක්ති විඳීම නිසා ඒවා යළි රෝහල වෙත ලබා ගැනී­මට මම නීති මගින් කට­යුතු කරන අව­ස්ථා­වක තමයි රාෆික් හාජි­යාර් මහතා එතු­මාගේ සීයාගේ නමට තිබී ඔහුට හිමි වූ අක්ක­ර­ය­කුත් පරි­චස් 43 ක ඉඩම ඔප්පු­ව­කින් රෝහ­ලට ලියා දීමට කට­යුතු කළේ. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල්,මහ­නු­වර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නා­යක මහතා රාෆික් හාජි­යාර්ගේ සත් ක්‍රියාව ගැන විස්තර කළේ එසේය.

මොහො­මඩ් රාෆික් උපන්දා සිට මහ­නු­වර ජීවත් වෙන්නෙකි. සීයා මෙන්ම ඔහුගේ පියා වන ෂේක් ඩාවුඩ් ප්‍රකට ව්‍යාපා­රි­ක­යෙකි. මහ­නු­වර මුස්ලිම් හෝට­ලය ඔවුන්ගේ පවුලේ එක් ව්‍යාපා­ර­යකි. හසන් ෆාතිමා සහ ෂේක් ඩාවුඩ් යුව­ළගේ පුත්‍රයා වන මොහො­මඩ් රාෆික්ට සහෝ­දර සහෝ­ද­රි­යන් හය දෙනකි. රාෆික් මහ­නු­වර ත්‍රිත්ව විදු­හ­ලෙන් අධ්‍යා­ප­නය ලබා පර­ම්පරා උරු­ම­යෙන් ලද ව්‍යාපා­රික කට­යුතු සඳහා කැප වී සිටි­යෙකි. ඔහුගේ බිරිද ෆසී­නාය. ඔවුන් දෙප­ළගේ එකම පුතු වයස අවු­රුදු විස්සක් වන විට මෙලොව හැර ගියේ කුඩා කළ සිට පීඩා විඳි රෝග තත්ත්ව­යක් හේතු­වෙනි. රෆීක් දැනට අවු­රුදු අටක පමණ සිට වකු­ගඩු රෝග­යෙන් පෙළෙයි. මහ­නු­වර රෝහලේ වකු­ගඩු ප්‍රති­කාර ඒක­ක­යෙන් ප්‍රති­කාර ලබා­ගත් ඔහු රුධිර කාන්දු­ක­රණ ප්‍රති­කා­රය ලබා­ගැ­නීම පිණිස පසු­ගිය කාලය පුරා රෝහ­ලට නිතර පැමි­ණි­යේය.

ජීවි­තයේ අනි­ත්‍ය­තාව පිළි­බඳ වකු­ගඩු ඒක­ක­යට පැමි­ණෙන වාර­යක් පාසා රාෆික් අත් වින්දේය. සියල්ල පොදි බැඳ ගන්න­වාට වඩා සියල්ල අත් හැරීම ජීවි­ත­යට ඇති එකම සුවය බව රාෆික්ට දැනී තිබුණේ බුදුන්ගේ දේශනා ඇසී­මෙන් නොව පසු­ගිය කාලය පුරා ලත් ජීවිත අත්දැ­කී­ම්ව­ලිනි. පුතුගේ අකල් මර­ණය ඔහුගේ ජීවි­ත­යට එක්කර තිබුණේ ප්‍රබල කම්ප­න­යකි.

“එයා මිනි­සුන්ගේ වේද­නාව ගැන උව­ම­නා­වට වඩා කල්පනා කර­නවා. සම­හර වේලා­වට අතේ තියෙන සල්ලි ලෙඩ්ඩුන්ට බෙහෙත් ගන්න දීලා තමයි එයා ගෙදර එන්නේ. වසර ගානක් එක දිගට රෝහ­ලට ගිය නිසා එයා ලෙඩ්ඩු විඳින දුක් නිතර දැක්කා. මිනි­ස්සුන්ගේ ජීවිත මොන තරම් අස්ථි­රද කියලා අයියා නිත­රම කිය­නවා. සම­හර තරුණ ළමයි ලෙඩ වෙලා අස­ර­ණව ඉද්දී එයා ගොඩක් දුක් වුණා.

ඒ අයට මොන විදි­හට උදව් කළාද කියලා අපි දන්නේ නැහැ. අනි­වා­ර්ය­යෙන්ම උදව් කර කියලා විත­රක් අපි දන්නවා. එයා දැන් හුඟක් කාලෙ­කට ඉස්සර නුවර ලේවැල්ල පාරේ ඉඩ­මක් අර­ගෙන ඒ පැත්තේ මිනි­සුන්ට වතුර නැහැ කියලා ළිඳක් කපලා දුන්නා. අද­ටත් ඒ පැත්තේ මිනිස්සු ඒ ළිදෙන් වතුර පාවිච්චි කර­නවා.

ඒ අය පින් දෙනවා අපේ මල්ලිට“ රාෆික්ගේ වැඩි­ම­හල් සොහො­යුරු මොහො­මඩ් හාෆිස් කියා සිටි­යේය.

මහ­නු­වර වකු­ගඩු ඒක­කයේ අව­යව බද්ධ කිරිමේ ඒක­කයේ වෛද්‍ය අරුණ අබේ­සිංහ මහතා රාෆික් පිළි­බඳ මත­කය අවදි කර­මින් මෙසේ පැව­සු­වේය.

“දැන් අපේ ඒක­කයේ බර කරට අරන් කරන්න කෙනෙක් නැති ගානයි. රා‌ෆික් කියන්නේ අමු­තු­වෙන් උදව් ඉල්ලන්න අවශ්‍ය කෙනෙක් නෙවෙයි. කාගේ හරි අඩු­පා­ඩු­වක් නැති­බැරි කමක් දැක්ක ගමන් උදව් කරන පුද්ග­ල­යෙක්. එතුමා ඉස්පි­රි­තාලේ තියෙන හැම උත්ස­ව­ය­ක­ටම කෑම බීම ගෙනැත් දීලා අඩු­පාඩු සොයා­බ­ලන කෙනෙක්.

මොන­යම් හෝ ඒක­ක­යක උප­ක­ර­ණ­යක් බෙහෙ­තක් අත්‍ය­ව­ශ්‍යය දෙයක් හිඟ වුණොත් නැති බව දැන­ග­ත්තොත් කොහොම හරි ඒ අඩු­පා­ඩුව සපු­රන්න කට­යුතු කරන කෙනෙක් තමයි රාෆික් හාජි­යාර්. අපේ වකු­ගඩු ඒක­කයේ එක කොට­සක ටයිල් අතු­රන්න තීන්ත ගාන්න අපි කවු­රු­වත් ඉල්ලී­ම­ක්වත් නොක­රද්දී ඔහු ඇවිත් අඩු­පාඩු බලලා ඉෂ්ට කරලා දුන්නා.

මහ­නු­වර ශික්ෂණ රෝහල ජාතික රෝහ­ලක් ලෙස නම් කළ උත්ස­ව­යේදී තමන් සතු රුපි­යල් කෝටි ගණ­නක් වටිනා ඉඩම රෝහ­ලට පරි­ත්‍යාග කර­මින් ජාති,ආගම් බේද­යෙන් තොරව සැමගේ ආද­ර­යට පාත්‍රවූ රාෆික් හාජි­යාර් ඉන් තෙදි­න­කට පසු මෙලොව හැර ගියේ ජීවි­තයේ අනි­යත යළිත් අප සැමට පසක් කර­මිනි.

ජීවි­තයේ ස්වභා­වය එයයි. තණ අග පිනි බිඳක් සේ අස්ථිර මේ ජීවි­තයේ රැස්කොට තබා­ගත හැකි කිසි­වක්ම නැත. මර­ණය සමඟ අප භෞතික සම්පත් කිසි­වක් රැගෙන යන්නේ නැත. ගෙන යන එකම දේ සමා­ජ­යට අපි ලබා­දුන් දෙයින් පෙරළා ලබා­ගත් ගුණා­ගුණ පමණි. මිය ගියත් රාෆික් නාමය කිසිදා මිය යන්නේ නැත. එය මහ­නු­වර ජාතික රෝහල පව­තින තුරු අප මත­කයේ රැඳී තිබෙනු ඇත.

ඡායා­රූප -සුනිල් ගුණ­ව­ර්ධන කුණ්ඩ­සාලේ සමූහ

 

Comments