එතෙ­රට සමාජ අව­ශ්‍ය­තා­වක් වූ මෙතෙ­රට සම­ච්ච­ල­යක් වූ සනී­පා­ර­ක්ෂාව | Page 2 | සිළුමිණ

එතෙ­රට සමාජ අව­ශ්‍ය­තා­වක් වූ මෙතෙ­රට සම­ච්ච­ල­යක් වූ සනී­පා­ර­ක්ෂාව

ජිත් ප්‍රේම­දාස මහතා ජනා­ධි­පති වුව­හොත් කාන්තා­වන් සඳහා සනී­පා­ර­ක්ෂක තුවා නොමිලේ දීමට කට­යුතු කරන බවට කරන ලද ප්‍රකා­ශය සම්බ­න්ධ­යෙන් විවිධ පාර්ශ්ව විසින් යහ­පත් මෙන්ම සම­ච්ච­ල­යට පත් කර­වන සුලු අද­හස් ද විවිධ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කර තිබේ. සම­හර කෙනකු ප්‍රකාශ කළේ “ජාතික ආර­ක්ෂාව” පසෙක ලා ඒ වෙනු­වට “සනී­පා­ර­ක්ෂාව” කෙරෙහි ප්‍රේම­දාස මහ­තාගේ අව­ධා­නය යොමු වීම ඛේද­ජ­නක බවයි. තවත් මත­යක් වන්නේ මේ ක්‍රියාව සමස්ත ස්ත්‍රී වර්ගයා උප­හා­ස­යට, පරි­හා­ස­යට නොහොත් නින්දා­වට පත් කරන බවකි. තව­කකු කියා ඇත්තේ මෙම­ඟින් ශ්‍රී ලාංකික කාන්තා­වන් ලොව කාන්තා­වන් අතර, ඉතා පහත් තත්ව­ය­කට මෙන්ම නීච නින්දිත තත්ව­ය­කට පාත්‍ර කර ඇති බවකි. මෙවන් මැසි­විලි අතර මෙම යෝජ­නාව කෙරෙහි යහ­පත් මෙන්ම ශුභ­වා­දීව බලා කරන ලද ධනා­ත්මක ප්‍රති­චා­රද එම­ටය.

එබැ­වින් මෙම ප්‍රශ්නය පිළි­බ­ඳව වෙනත් රට­වල පව­තින තත්ව­යන් ද සැල­කි­ල්ලට ගෙන වඩා පුළුල් දෘෂ්ටි­ය­කින් බැලීම වටී. කවු­රුත් දන්නා පරිදි සනී­පා­ර­ක්ෂක තුවා භාවිත කරනු ලබන්නේ මස­කට වරක් කාන්තා­වන්ට ඇති­වන ශුද්ධ වීමේ අව­ස්ථා­වට උප­කා­ර­යක් ලෙසය. විශේ­ෂ­යෙන් නිශ්චිත විද්‍යා­ත්මක පද­න­මක් හා තත්ව පරී­ක්ෂා­වක් යටතේ සුපි­රි­සි­දුව පිළි­යෙල කරන ලද මෙකී තුවා­වල ඇති ගුණාං­ගය වන්නේ එසේ පිට කරන දෑ මැන­වින් උකහා ගැනීමේ ධාරි­තා­වයි. රෙදි­ක­ඩක් භාවිත කිරී­මෙන් මෙවන් උකහා ගැනීමේ තත්ව­යක් බලා­පො­රොත්තු විය නොහැක්කේ, රෙදි කැබැලි වහා තෙත්වන සුලු බැවිනි. එලෙස තෙත් වූ රෙදි කැබැ­ලි­වල ඉක්ම­නින් පුස් බැ‍ඳෙන අතර, ඉන් කාන්තා­වන්ට දැඩි අප­හ­සු­තා­වක් ඇති කරයි. පුස් සහ බැක්ටී­රියා ආසා­ද­නය මඟින් මුත්‍ර මාර්ගය ඔස්සේ ගැබ්ගෙල ප්‍රදාහ රෝගය (Pelvic intlamatory Disease) ඇති කිරී­මට හැකි­යා­වක් පවතී.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් කරන ලද අධ්‍ය­යනවලදී වාර්තා වී ඇත්තේ නිසි පරිදි සනී­පා­ර­ක්ෂක තුවා භාවිත කරන කාන්තා­වන්ගේ සංඛ්‍යාව සමස්ත කාන්තා­වන්ගේ ප්‍රති­ශ­ත­යක් ලෙස බැලූ විට 30% පමණ වන බවකි. මින් ගම්‍ය වන්නේ සමස්ත වැඩි­විය පැමිණි කාන්තා­ව­න්ගෙන් 70%ක් පමණ වූ පිරි­සක් ආර්ථික දුෂ්ක­රතා මෙන් ම නොදැ­නු­ව­ත්කම නිසා රෙදි කැබලි භාවිත කරන අතර සම­හ­රුන් නිසි ක්‍රම­වේ­ද­යක් මත සකස් කරන ලද ද්‍රව්‍ය භාවිත නොක­රන බවයි.

ලිංගික සහ ගැබ් ගැනීම ආශ්‍රිත සෞඛ්‍යය මෙන්ම ස්ත්‍රින්ගේ ගැබ් ගැනීමේ අයි­තිය එක්සත් ජාතීන්ගේ තිර­සාර සංව­ර්ධන ඉල­ක්ක­යන් කරා ළඟා­වීමේ අත්‍ය­වශ්‍ය කරුණු බැව් ලොව පිළි­ගෙන තිබෙන අතර, එ් මත පද­නම්ව ලොව බොහෝ රට­වල් කාන්තා­වන් සඳහා ලිංගික අධ්‍යා­ප­නය දීමේ වැඩ­ස­ට­හන් මෙන්ම සනී­පා­ර­ක්ෂක තුවා නොමිලේ සපයා දීම සඳහා කට­යුතු සම්පා­ද­නය කර ඇත. මින් ප්‍රමු­ඛ­ත්ව­යක් ගන්නා රට­වල් අතර ඕස්ට්‍රේ­ලි­යාව, මහා බ්‍රිතා­න්‍යය, අමෙ­රිකා එක්සත් ජන­ප­දය, දකුණු අප්‍රි­කාව, ටැන්සා­නි­යාව, කීනි­යාව සහ ඉන්දි­යාවේ ඇතැම් ප්‍රාන්ත නිද­සුන් ලෙස සඳ­හන් කළ හැකිය. අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ නිව්යෝර්ක් නගර සභාව විසින් ක්‍රියා­ත්මක කරනු ලබන වැඩ­පි­ළි­වෙ­ළක් යටතේ පාසල් ශිෂ්‍යා­වන්ට නොමිලේ සනී­පා­ර­ක්ෂක තුවා බෙදා හරිනු ලබයි. අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ මිචි­ගන් ප්‍රාන්ත රාජ්‍යය විසින් 2016 දී සම්මත කර ලද යෝජ­නා­ව­කට අනුව සිය­ලුම ර‍ජයේ පාස­ල්වල හා රාජ්‍ය ගොඩ­නැ­ගි­ලි­වල සනී­පා­ර­ක්ෂක තුවා අවශ්‍ය වූ විට ඕනෑම කෙන­කුට නොමිලේ ලබා ගැනීම සඳහා වැඩ­පි­ළි­වෙ­ළක් අරඹා තිබේ. තවද ඉන්දි­යාවේ උත්තර ප්‍රදේ­ශයේ ප්‍රාන්ත රාජ්‍යය මඟින් සිය­ලුම රජයේ පාස­ල්වල ශිෂ්‍යා­වන් සඳහා 2016 සිට ඒ හා සමා­නව වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කරනු ලබයි. ඕස්ට්‍රේ­ලි­යාවේ වික්ටෝ­රියා ප්‍රාන්තයේ ද මෙවන් ක්‍රියා­දා­ම­යන් ආරම්භ කරනු ලැබුවේ 2019 සිටය. එම ප්‍රාන්ත­යෙහි කම්කරු පක්ෂය විසින් තරුණ ප්‍රජාව වෙනු­වෙන් දෙන ලද මැති­ව­රණ පොරො­න්දු­වක් ඉටු කිරීම සඳහා පාසල් ශිෂ්‍යා­වන් වෙත නොමිලේ සනී­පා­ර­ක්ෂක තුවා නිකුත් කිරීම ඇර­ඹිණ. ඉදිරි වර්ෂ 4ක් දක්වා කාලය පුරා­වට ගණන් බලා තිබෙන පරිදි වික්ටෝ­රියා ප්‍රාන්ත­යෙහි නිකුත් කිරී­මට බලා­පො­රොත්තු වන සනී­පා­ර­ක්ෂක තුවා සංඛ්‍යාව දශ­ලක්ෂ 113 ක් වෙතැයි බලා­පො­රොත්තු වේ. මෙවන් වැඩ­පි­ළි­වෙ­ළක ප්‍රධාන අර­මුණ ලෙස වික්ටෝ­රියා ප්‍රාන්ත රාජ්‍යය විසින් දක්වා ඇත්තේ කාන්තා­වන්ට ඇති­වන මාසික ශුද්ධිය පිළි­බ­ඳව පව­තින අය­හ­පත් දැක්ම (stigma around menstruation) සඳහා වූ ප්‍රති­වි­රුද්ධ ක්‍රියා මාර්ග­යක් ලෙසත්, දුප්ප­ත්කම නිසා සනී­පා­ර­ක්ෂක තුවා සඳහා මුදල් වැය කළ නොහැකි ශිෂ්‍යා­වන්ගේ පාසල් නොපැ­මි­ණී­මෙන් ඔවුන් වළක්වා ගැනීම සඳ­හාත් බවයි. මේ සම්බ­න්ධ­යෙන් ප්‍රකා­ශ­යක් කරන ප්‍රසව හා නාරි රෝග පිළි­බඳ රාජ­කීය ඕස්ට්‍රේ­ලි­යානු හා නවසී­ලන්ත වෛද්‍ය විද්‍යා­ලයේ බර්න­දෙත්තා වයිට් මහ­ත්මිය පවසා ඇත්තේ මේ ක්‍රියාමාර්ගය වූ කලි අති­ශය වැද­ගත් මෙන් ම පාසල් නිවාඩු කාලය තුළ ඇති වන අව­ශ්‍යතා කෙරෙහි ද අව­ධා­නය යොමු කර ඇති බැවින් එය අගය කළ යුතු බවයි.

2011 වර්ෂයේ දී දකුණු අප්‍රි­කාවේ එව­කට හිටපු ජනා­ධි­පති ජේකොබ් සූමා මහතා ජාතිය අමතා කරන ලද කතා­ව­කදී කාන්තා­වන් සඳහා සනී­පා­ර­ක්ෂක තුවා ලබා­දීමේ ඇති වැද­ග­ත්කම පිළි­බඳ දැඩි අව­ධා­නය යොමු කරන ලදී. දස ලක්ෂ 58ක් පමණ ජන­ග­හ­න­යක් ඇති දකුණු අප්‍රි­කාවේ මින් හරි අඩක්ම ස්ත්‍රීන් වන අතර, මුළු ජන­ග­හ­න­යෙන් හරි අඩක් පමණ දරි­ද්‍ර­තා­වෙන් පෙළෙති. එබැ­වින් සූමා විසින් කරන ලද ප්‍රකා­ශ­යෙන් පසුව සමස්ත සමා­ජය තුළ ප්‍රබල මෙන් ම ව්‍යාප්ත වූ සමාජ කති­කා­ව­තක් බිහි විය. දකුණු අප්‍රි­කාවේ විවිධ ප්‍රාන්ත­යන්හි නොමිලේ සනී­පා­ර­ක්ෂක තුවා බෙදා දීමේ විවිධ වැඩ­පි­ළි­වෙ­ළ­වල් බිහිවූ අතර, 2011 පටන් “ඔසප් සඳහා වූ ජාතික දින­යක්” පවත්වා ගෙන එනු ලැබේ. එදින රට­පුරා ඇති විවිධ සංවි­ධාන මඟින් සෞඛ්‍යය හා සනී­පා­ර­ක්ෂාව සඳහා අර­මුණු කර­ගත් දැනු­වත් කිරීමේ වැඩ­ස­ට­හන් පව­ත්වනු ලැබේ.

ලොව බොහෝ රට­වල සනී­පා­ර­ක්ෂක තුවා දේශීය වශ­යෙන් භාණ්ඩ බදු­ව­ලට යටත් වන අතර, එකී භාණ්ඩ බදු තත් ද්‍රව්‍ය වලින් ඉවත් කරන ලෙසට බට­හිර යුරෝපා රට­වල ප්‍රබල ජන­ම­ත­යක් ගොඩ නැගෙ­මින් පවතී. යුරෝ­පීය ආර්ථික ප්‍රජා­වට අයත් රට­වල් අතරේ ද දේශීය බදු ඉවත් කරන ලෙස ඉල්ලා සිදු කරන ප්‍රබල ජන­ම­ත­යක් ගොඩ­නැ­ගෙ­මින් පවතී. මෙහි ප්‍රති­ඵ­ල­යක් ලෙස මහා බ්‍රිතාන්‍ය රජය එංග­ල­න්තය තුළ පිහිටි සිය­ලුම රාජ්‍ය පාසල්වල ශිෂ්‍යා­වන් සඳහා නොමිලේ සනී­පා­ර­ක්ෂක තුවා නිකුත් කිරීම 2020 සිට ආරම්භ කිරී­මට තීර­ණය කර ඇත. ස්කොට්ල­න්තය විසින් 2017 සිට අඩු ආදා­යම් ලබන කාන්තා­වන් සහ පාසල් ශිෂ්‍යා­වන් සඳහා නොමිලේ සනී­පා­ර­ක්ෂක තුවා බෙදා හැරීම ආරම්භ කර ඇත.

කිනි­යානු ජනා­ධි­පති උහුරු කිනි­යාටා මහතා විසින් 2017 වස­රේදි අත්සන් කරන ලද මූලික අධ්‍යා­පන (සංශෝ­ධන) පනත මඟින් “වෙනත් දේවල් අතර, සිය­ලුම පාසල් ශිෂ්‍යා­වන් සඳහා නොමිලේ සනී­පා­ර­ක්ෂක තුවා ලබා­දීමේ වැඩ­පි­ළි­වෙළ” නීති­ග­ත­කොට හඳුන්වා දෙනු ලැබීය.

ඉහ­තින් දැක්වූ ලොව පුරා සිදු­වෙන සිද්ධි දාම­ය­න්ගෙන් පෙනී යන්නේ කාන්තා­වන්ගේ මාසික ශුද්ධිය හා බැඳී පව­තින සෞඛ්‍යය හා සනී­පා­ර­ක්ෂක ගැටලු සම්බ­න්ධ­යෙන් වඩා සුවි­ශේෂී අව­ධා­න­ය­කින් හා අව­බෝ­ධ­ය­කින් රට­ර­ට­වල ජන­තාව මෙන්ම සමාජ ක්‍රියා­කා­රින්ද දේශ­පා­ල­ක­යන්ද ක්‍රියා කරන බවයි. මේ සම්බ­න්ධ­යෙන් කතා කිරීම, අද­හස් - උද­හස් ප්‍රකාශ කිරීම හෝ ක්‍රම­වත් පරිදි අව­ධා­නය යොමු කිරීම සම්බ­න්ධ­යෙන් පවත්නා දුර්මත එනම් ලැජ්ජාව, අශී­ලා­චාර විෂ­ය­කැයි නොස­ලකා හැරීම, කාන්තා­වන්ට පම­ණක් සීමා වූ රහ­සි­ගත දෙය­කැයි සලකා ප්‍රසිද්ධ කිරී­මෙන් වැළකී සිටීම වැනිදෑ වලින් විනි­ර්මු­ක්තව නිද­හසේ විවෘ­තව සමාජ අව­ශ්‍ය­තා­වක් ලෙස සැල­කීම වැද­ගත් බවයි. මේ වූ කලී සමාජ සාධා­ර­ණත්ව, මානව වර්ග­යාගේ තිර­සාර වූද නිරෝගි වූද පැවැත්ම මෙන්ම අයි­ති­වා­සි­කම් තහ­වුරු කිරීම අර­භයා යොමු වූ ක්‍රියා­වක් වන්නේය.

ලේඛකයා හිටපු තානාපතිවරයකු මෙන්ම විශ්‍රාමික රජයේ ජ්‍යෙෂ්ඨතම පරිපාලන නිලධාරියෙකි.

Comments