සිළුමිණ රසඳුන විශේෂ කලාපය පිළිගැන්වූ දා | සිළුමිණ

සිළුමිණ රසඳුන විශේෂ කලාපය පිළිගැන්වූ දා

 ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ තෙවන ගුණානුස්මරණය නිමිත්තෙන් "මහානර්ඝ ගාන්ධර්ව ගුණ සමරු සිනමා සප්තකය" පසුගිය 01 දා සිට 03 දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ දි පැවැත්විණි. එම සමාරම්භක උත්සවයේදී සිළුමිණ රසඳුන කතෘ මණ්ඩලය විසින් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ තෙවන ගුණානුස්මරණය වෙනුවෙන් සැකසු 'අමර සර' විශේෂ අතිරේකය රසඳුන කර්තෘ මනෝලි සුබසිංහ මහත්මිය විසින් විමලා අමරදේවයන්ට පිළීගන්වන ලදී.එම උත්සවයට චිත්‍රපට සංස්ථාවේ සභාපතිනි අනූෂා ගෝකුල, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස්, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්‍රවිණ රංගධර ජැක්සන් ඇන්තනි, බන්දුල නානායක්කාරවසම්, නීලා වික්‍රමසිංහ, නිරංජලා සරෝජිනි, ඇතුළු කලාකරුවන් සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Comments