සජිත්ගේ ජය තහ­වුරු කරන සංසිද්ධි පහක් මංගල දකී | සිළුමිණ

සජිත්ගේ ජය තහ­වුරු කරන සංසිද්ධි පහක් මංගල දකී

නා­ධි­ප­ති­ව­ර­ණ­යට දින ‍ළං වෙත්ම ප්‍රබල දේශ­පා­ලන සංසි­ද්ධීන් පහක් සිදු­වෙ­මින් නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ ජනා­ධි­පති ධුර අපේ­ක්ෂක සහ නිවාස හා ඉදි­කි­රීම් සහ සංස්කෘ­තික කට­යුතු ඇමැති සජිත් ප්‍රේම­දාස මහ­තාගේ විජ­ය­ග්‍ර­හ­ණය තහ­වුරු වී ඇතැයි මුදල් ඇමැති මංගල සම­ර­වීර මහතා පව­සයි.

දෙමළ ජාතික සන්ධා­නයේ සිය­ලුම දේශ­පා­ලන පක්ෂ­වල සහාය ලැබීම, ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය සුරැ­කීමේ සංවි­ධා­න­වල ආශි­ර්වා­දය හා සහ­යෝ­ගය ලැබීම අන්තර් විශ්ව­වි­ද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩ­ලයේ ඇතැම් තරුණ පාර්ශ්ව­වල සහාය ලැබීම, පාවෙන ඡන්ද සහිත මධ්‍යම පන්තියේ සහාය සජිත් ප්‍රේම­දාස මහතා ට ලැබීම සහ පෙර කව­ර­දා­ව­ටත් වඩා කාන්තා­වන් මැති­ව­රණ ව්‍යාපා­ර­යට දාය­ක­වීම මේ සිදු­වීම් පහ බව ද මුදල් ඇමැ­ති­ව­රයා සඳ­හන් කෙළේ ය

Comments