ගම්පහ සණස වංචාව කෝටි 500 පනී | සිළුමිණ

ගම්පහ සණස වංචාව කෝටි 500 පනී

ම්පහ දිස්ත්‍රික් සණස සංග­මයේ සභා­පති, ගම්පහ නාග­රික සණස සංග­මයේ උප­ස­භා­පති සහ ගම්පහ සංව­ර්ධන සමා­ගමේ සභා­ප­ති­ව­රයා විසින් සිදු­කර ඇති වංචාව රුපි­යල් කෝටි පන්සී­ය­කට ආස­න්නව ඇතැයි හෙළි වේ.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් අත්අ­ඩං­ගු­වට ගෙන රිමාන්ඩ් බන්ධ­නා­ගා­රයේ පසු­වන සැක­කාර නීතිඥ ලලිත ජය­සු­රි­යට එරෙ­හිව බස්නා­හිර පළාත් සමූ­ප­කාර දෙපා­ර්ත­මේ­න්තුව, ගම්පහ නගර සණස බැංකුව, ගම්පහ සංව­ර්ධන සමා­ග­මෙන් නිවාස සහ කඩ­කා­මර ගත් පිරිස සහ ගම්පහ දිස්ත්‍රික් සණස බැංකුවේ තැන්ප­ත්ක­රු­වන් ඇතුළු දහස් ගණ­නක් දෙනා මේ වන විට ගම්පහ පොලි­සි­යට, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට, මූල්‍ය අප­රාධ කොට්ඨා­ස­යට සහ අල්ලස් විම­ර්ශන කොමි­ස­ම­ටද පැමි­ණිලි කර ඇත.

Comments