නවීන තාක්ෂ­ණය සහ නවීන දැනු­මෙන් කෘෂි ක්ෂේත්‍ර­යත් ආයෝ­ජ­නත් නංව­නවා | සිළුමිණ

නවීන තාක්ෂ­ණය සහ නවීන දැනු­මෙන් කෘෂි ක්ෂේත්‍ර­යත් ආයෝ­ජ­නත් නංව­නවා

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය‍ මෙහෙයුම් අංශයෙන් ඒ මහතා‍ෙගන් සම්මුඛ සාකච්ඡාවක් මෙවර සිළුමිණ සඳහා ඉල්ලා සිටියද කාර්යබහුල බව නිසා කාල වේලාවක් ලබා දිය නොහැකි බව අප වෙත දන්වා තිබුණි. එබැවින් රාජපක්ෂ මහතා පසුගිය සතියේ මැතිවරණ වේදිකාවලදී දැක්වූ  අදහස් සම්පිණ්ඩයෙන්  මෙම ලිපිය සැකසිණි.

 

 

නවීන තාක්ෂ­ණය සහ නවීන දැනුම පද­නම් කර­ගෙන කෘෂි ක්ෂේත්‍රය නංවා ආයෝ­ජන නගා සිටු­වී­මට තම නාය­ක­ත්වය යටතේ පිහි­ටු­වන රජය පිය­වර ගන්නා බව ජනා­ධි­පති ධුර අපේ­ක්ෂක ගෝඨා­භය රාජ­පක්ෂ මහතා පැව­සීය.

 

මෙරට මුදල් විදේ­ශ­යන් කරා යන ක්‍රියා­ව­ලිය නවතා විදේශ මුදල් මෙර­ටට ගෙන්වන ක්‍රියා­ව­ලි­යක් ඇති කරන බවත් එම­ඟින් රට සංව­ර්ධන කරා ගෙන යා හැකි බව ද හිටපු ආර­ක්ෂක ලේක­ම්ව­රයා අව­ධා­ර­ණය කෙළේ ය.

“සාර්ථක දැක්මක් වැඩ කරන රටක්” යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජන­රැලි කිහි­ප­ය­කට එක්වෙ­මින් එහි ජනා­ධි­පති ධුර අපේ­ක්ෂක ගෝඨා­භය රාජ­පක්ෂ මහතා එම අද­හස් ප්‍රකාශ කළේ ය.

“රට හදන සෞභා­ග්‍යයේ දැක්ම අපේ ප්‍රති­පත්ති ප්‍රකා­ශය පසු­ගිය දා එළි­දැ­ක්වුවා. ඒ ප්‍රති­පත්ති ප්‍රකා­ශය මඟින් අපි ඉදි­රි­පත් කරලා තියෙන්නේ ප්‍රායෝ­ගික වැඩ­පි­ළි­වෙ­ළක්. එය වෘත්ති­ක­යන්, බුද්ධි­ම­තුන් සමඟ සාකච්ඡා කරලා හදපු වැඩ­ස­ට­හ­නක්.

ගම සමඟ පිළි­ස­ඳ­ර­කින් තමු­න්නා­න්සේ­ලාගේ අද­හස් එයට එක් කර තිබෙ­නවා. එම ප්‍රායෝ­ගික වැඩ­පි­ළි­වෙළ මගේ ධුර කාලය තුළ සම්පූ­ර්ණ­යෙන් නිමා කර­නවා.

රටේ ජාතික ආර­ක්ෂා­වට මුල්තැන දෙන්න අපි ප්‍රතිඥා දීලා තිබෙ­නවා. ඒ වගේම රටේ ස්වෛරී­භා­වය ආරක්ෂා කර­නවා. ත්‍රස්ත­වා­දය අව­සන් කර රට සංව­ර්ධ­නය කරන්න වාතා­ව­ර­ණය අපි හැදුවා. ත්‍රස්ත­වා­දය යළිත් බිහි­නො­වන්න අපි ආර­ක්ෂක සැලැ­ස්මක් හැදුවා. උතුරු නැඟෙ­න­හිර සංව­ර්ධ­නය කළා. හමු­දා­වට භාර වුණු ත්‍රස්ත­වා­දීන් පුන­රු­ත්ථා­ප­නය කරලා සමා­ජ­ගත කළා.

අපි පළාත් සභා මැති­ව­රණ තියලා ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය තහ­වුරු කළා. යළිත් එවැනි වාතා­ව­ර­ණ­යක් ඇති නොව­න්නයි අපි ඒ කට­යුතු කළේ. වත්මන් රජය බල­යට ඇවිත් ඒ සියලු දේ විනාශ කළා. රණ­වි­රු­වන්ගේ මාන­සි­ක­ත්වය කඩලා දාලා ඔවුන් ජාත්‍ය­න්තර අධි­ක­ර­ණ­ව­ලට ගෙන­ගියා. රට­කට බුද්ධි අංශ ඉතා වැද­ගත්. ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ විශාල රාජ­කා­රි­යක් කළා. ඔවුන්ට අභූත චෝදනා නඟලා හිර­ගෙ­ව­ල්ව­ලට ගාල් කළා. ත්‍රස්ත විම­ර්ශන, අප­රාධ විම­ර්ශන කොට්ඨාස අපි භාවිත කළේ පාතා­ලය, ත්‍රස්ත­වා­දය, කුඩු ජාවා­රම පාල­නය කර­න්නයි. අපි ඒ ආය­තන යොදලා දේශ­පා­ල­න­ඥ­යන් පසු­පස හඹා ගියේ නැහැ. නමුත් මේ රජය එම ආය­තන යොදා ගත්තේ දේශ­පා­ලන විරු­ද්ධ­වා­දීන් මර්ද­න­ය­ටයි.

මේ ඇමති මණ්ඩ­ලය විදේශ බල­පෑ­ම්ව­ලට යට වුණු ඇමැති මණ්ඩ­ල­යක්. රණ­වි­රු­වන් මානු­ෂික මෙහෙ­යුම කරන විට ඊට විරුද්ධ වුණු, රාජ්‍ය නොවන සංවි­ධා­න­ව­ලට යට වුණු ඇමැති මණ්ඩ­ල­යක්. ඒ අය ජාතික ආර­ක්ෂා­වට ප්‍රමු­ඛ­තාව දුන්නේ නැහැ. මේ රටේ නැවත පහ­ර­දීම් වෙනවා, ඒ දිනය, වෙලාව, නම්, ලිපින සිය­ලුදේ ලබාදී තිබු­ණත් ආණ්ඩු­වට ඒක වළ­ක්වන්න පුළු­වන් වුණේ නැහැ. එවැනි රජ­ය­කට මේ රටේ ආර­ක්ෂාව තහ­වුරු කරන්න පුළු­ව­න්ක­මක් නැහැ.

අපි ජය­ග්‍ර­හ­ණ­යෙන් පසුව හදන රජ­යක් යටතේ මේ රටේ කිසිම අව­ස්ථා­වක ත්‍රස්ත­වා­ද­යට නැවත හිස ඔස­වන්න දෙන්නේ නැහැ. අපි ඊට අවශ්‍ය ත්‍රිවිධ හමු­දාව, පොලී­සිය වැනි ආය­තන දේශ­පා­ලන ඇඟිලි ගැසී­ම්ව­ලින් තොරව ක්‍රියා­වට නංව­නවා. අපි එදා විශාල සංව­ර්ධන වැඩ ප්‍රමා­ණ­යක් ආරම්භ කළා. නමුත් මේ රජය ආවට පස්සේ ඒ සියලු සංව­ර්ධන ව්‍යාපෘති නතර කළා. ඒ නිසයි රටේ ආර්ථි­කය කඩා­වැ­ටිලා විරැ­කි­යාව ඇති වුණේ. අපේ ප්‍රති­පත්ති ප්‍රකා­ශයේ සඳ­හන් කර තිබෙ­නවා ආර්ථි­කය නංවන හැටි.

මේ රජය වැවිලි කර්මා­න්ත­යට, කෘෂි­ක­ර්මා­න්ත­යට සැල­කි­ල්ලක් දැක්වූයේ නැහැ. නමුත් මහින්ද රාජ­පක්ෂ මහතා කෘෂි සහ වැවිලි කර්මාන්ත කෙරෙහි සුවි­ශේෂී සැල­කි­ල්ලක් දැක්වූවා. එවැනි සැල­කි­ල්ලක් දැක්වූ නිසයි පොහොර සහ­නා­ධා­රය දුන්නේ. ඒ අනුව ගොවීන්ට පොහොර නොමිලේ දෙන්න, ගොවි ණය කපා­හ­රින්න, කෘෂි රක්ෂ­ණ­යක් හඳුන්වා දෙන්න අපි කට­යුතු කර­නවා. මේ රජය වැවිලි කර්මා­න්තය ගැන අව­ධා­න­යක් යොමු කළේ නැහැ. තේ, පොල්, රබර්, ගම්මි­රිස්, කුරුඳු වැනි සියලු වැවිලි කර්මා­න්ත­යන් මේ කාලය තුළ කඩා වැටුණා. ගුණා­ත්ම­ක­භා­ව­යෙන් අඩු තේ, ගම්මි­රිස්, රබර් ගෙන්වන්න ඉඩ දීම නිසා විශාල හානි­යක් වුණා. මේ අංශ­ව­ලින් අපට එදා විශාල විනි­ම­යක් වගේම රැකියා ප්‍රමා­ණ­යක් ලැබුණා. නමුත් මේ කර්මාන්ත බිඳ­වැ­ටීම නිසා අපට ඒවා නැති වුණා. අපි වැවිලි කර්මා­න්තය ගොඩ­ගන්න අපේ රජ­යක් යටතේ රාජ්‍ය අනු­ග්‍ර­හය දක්ව­නවා.

අපේ රටේ ඉන්න තරුණ තරු­ණි­යන් විශාල අස­හ­න­ය­කට පත් වී සිටි­නවා. ගුණා­ත්මක අධ්‍යා­ප­න­යක් නැති වීම, රැකියා නැති වීම නිසා ඒ තත්ත්වය ඇති වෙලා තිබෙ­නවා. අපි පැහැ­දිලි දැක්මක් යටතේ ඒ ප්‍රශ්න විස­ඳ­නවා. අපි ජාතික ප්‍රති­ප­ත්ති­යක් ලෙසට හතේ පන්තියේ සිට නිපු­ණතා ලබා­දෙන්න කට­යුතු කර­නවා. අද විශ්ව­වි­ද්‍යා­ල­ව­ලට ඇතුළු වන්න බැරි තරුණ තරු­ණි­යන් උදෙසා උසස් පෙළ සමත් සිය­ලුම ශිෂ්‍ය ශිෂ්‍යා­වන්ට විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­නය ලබා­දෙ­නවා. කලා අංශ­යෙන් විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතුළු වන අයට කාර්මික දැනුම ලබා­දෙන්න, තොර­තුරු තාක්ෂ­ණය වගේ විෂ­යන් පාඨ­මා­ලා­ව­ලට ඇතුළු කර­නවා.

අද ලෝකය පුරා කෙටි­කා­ලී­නව, මාස හයක් අවු­රු­ද්දක් ඇතු­ළත තොර­තුරු තාක්ෂ­ණය පුහුණු කරලා හොඳ රැකි­යා­ව­කට යොද­වන්න ක්‍රම­වේද තිබෙ­නවා. මෙ රටේ තොර­තුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිටින සමා­ගම් සමඟ අපි කතා කළා. දැනට ඒ අය ඩොලර් බිලි­ය­නක විදේශ විනි­ම­යක් ගේනවා. ඒක පහ­සු­වෙන්ම ඩොලර් බිලි­යන තුනක් කරන්න පුළු­වන්. නමුත් ඒ සඳහා පුහුණු ශ්‍රමි­ක­යන් අව­ශ්‍යයි. ඒ නිසා රජය මැදි­හත් වෙලා ඒක කරන්න ඕනේ. ඉන්දි­යාව වගේ රට­වල ඒ දේ සිදු­වෙ­නවා. ඉන්දි­යාවේ සිට චීනය දක්වා රට­වල් අද දියුණු වෙලා තියෙ­නවා. ඒ අය දියුණු වෙලා තියෙන්නේ තාක්ෂ­ණය මුල් කර­ගෙ­නයි. ඒ නිසයි අපි ඒ කෙරෙහි අව­ධා­නය යොමු කරලා තියෙන්නේ.

සංචා­රක ක්ෂේත්‍රය මේ රටේ විශාල වශ­යෙන් රැකියා බිහි කරන්න පුළු­වන් ක්ෂේත්‍ර­යක්. නමුත් ඒ සඳහා රජය මැදි­හත් විය යුතුයි. වැඩි වශ­යෙන් සංචා­ර­ක­යන් අපි ගෙන්වන්න ඕනේ. අපේ ඉල­ක්කය සංචා­ර­ක­යන් මිලි­යන 7ක් ගෙන්වා­ගැ­නීම. එයින් පහ­සු­වෙන්ම ඩොලර් බිලි­යන 10ක් උපයා ගන්න පුළු­වන්. ඒ සඳහා අවශ්‍ය පහ­සු­කම් අපි ලබා­දෙන්න ඕනේ. මේ වගේ සෑම ක්ෂේත්‍ර­ය­කම පහ­සු­වෙන්ම දියුණු කරන්න පුළු­වන්. ඒකට නාය­ක­ත්වය, කැප කිරීම අව­ශ්‍යයි.

මේ රටේ ව්‍යාපාර කඩා වැටෙන්න හේතුව සංකීර්ණ බදු ක්‍රම­යයි. දූෂණ වැඩි වෙලා තියෙන්නේ මේ නිසයි. අන­වශ්‍ය බදු අයින් කරලා සරල බදු ක්‍රම­යක් හඳුන්වා දෙනවා. වැට් බද්ද සිය­යට 8 දක්වා අඩු කර­නවා. නිෂ්පා­දන වැඩි කරලා, පරි­භෝ­ජ­නය වැඩි කරලා ආර්ථි­කය දියුණු කරන්න ඕනේ. එත­කොට බදු ප්‍රමාද නොවී ගෙවන්න පුළු­වන්. අද බදු ගෙවන්න පුළු­ව­න්ක­මක් නැහැ. බදු ගෙවී­මෙන් රාජ්‍ය ආදා­යම වැඩි වෙනවා. ඒ නිසා අපි ව්‍යාපා­රි­කයා දියුණු කරන්න පහසු බදු ක්‍රම­යක් හඳුන්වා දෙනවා. අපි ආර්ථි­කය ගැන දැක්මක් ඇති­වයි ඒ බදු ක්‍රම හඳුන්වා දෙන්නේ.

අපි අභි­යෝග භාර­ගෙන ජය­ග්‍ර­හ­ණය කරපු අය. මට භාර දුන්නු සෑම වග­කී­මක්ම මම සිය­යට සිය­යක්ම ඉටු කළා. ආර­ක්ෂක වගේම නාග­රික සංව­ර්ධන අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා ලෙස වගේම වසර විස්සක් හමුදා නිල­ධා­රි­යකු වශ­යෙන් මගේ යුතු­කම මම ඉටු කරලා තිබෙ­නවා. මට භාර­දෙන අභි­යෝග මම ජය­ග්‍ර­හ­ණය කර­නවා. තමු­න්නා­න්සේ­ලාගේ යුතු­කම ඉටු කරන්න මම මගේ යුතු­කම ඉටු කර­මින් සෞභා­ග්‍ය­මත් රටක්, සුර­ක්ෂිත දේශ­යක් තමු­න්නා­න්සේලා වෙනු­වෙන් ලබා­දෙ­නවා.

 

ඡායා­රූ­පය - විමල් කරුණාතිලක

Comments