දූෂ­ක­යකු වෙනු­වට ප්‍රති­ඵල පෙන්වූ අයකු තෝරා ගත්තා | සිළුමිණ

දූෂ­ක­යකු වෙනු­වට ප්‍රති­ඵල පෙන්වූ අයකු තෝරා ගත්තා

පාර්ලි­මේන්තු මන්ත්‍රී  එම්.ඒ. සුම­න්ති­රන්
පාර්ලි­මේන්තු මන්ත්‍රී එම්.ඒ. සුම­න්ති­රන්

ශ්‍රී ලංකාවේ අට­වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා තෝරා­ගැ­නීම වෙනු­වෙන් ජන­තා­වට ඡන්ද­පො­ළට යෑමට ඇත්තේ තව සති­ය­ක­ටත් අඩු කාල­යකි. ශ්‍රී ලංකාවේ දෙමළ ජන­තාව නියෝ­ජ­නය කරන විශාල ම දේශ­පා­ලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධා­නය, පසු­ගි­යදා 2019 ජනා­ධි­ප­ති­ව­ර­ණය සම්බ­න්ධ­යෙන් සිය ස්ථාව­රය ප්‍රකාශ කර­න්නට යෙදුණි. ඒ අනුව මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ‘සාපේ­ක්ෂව හොඳ අපේ­ක්ෂ­කයා’ සජිත් ප්‍රේම­දාස බව අපගේ තීර­ණය විය.

 

අපේක්ෂා කළ අයු­රින් ම දෙමළ ජාතික සන්ධා­නයේ මේ තීර­ණය සිංහල අන්ත­වා­දීන් අවු­ස්සා­ලී­මට සමත් ව තිබේ. 2005 වස­රේදී මුදල් ගනු­දෙ­නු­වක් හරහා උතුරු නැගෙ­න­හිර දෙමළ ජන­තා­වට සිය ඡන්ද අයි­තිය භාවිත කිරීමේ අව­ස්ථාව අහිමි කරන ලද බවට චෝදනා ලැබ සිටින පාර්ශ්වය විසින් ම දෙමළ සන්ධා­නය සජිත් ප්‍රේම­දා­සට සහාය දැක්වීම පිටු­පස රහස් ගිවි­සුම් සහ මුදල් ගනු­දෙනු ඇති බවට බියක් සමා­ජය පුරා පතු­රු­ව­මින් සිටී. තවද අවු­රුදු තුන­කට ආසන්න කාල­යක් සියලු පක්ෂ­වල අද­හස් ලබා­ග­නි­මින් රාජ්‍යයේ ස්වභා­වය පිළි­බඳ ව්‍යවස්ථා සම්පා­දන මණ්ඩ­ලය තුළ ඇති කර­ගත් පැහැ­දිලි කර­ගැ­නීම් පිළි­බඳ ව සුපු­රුදු ඒකීය-ෆෙඩ­රල් රංග­නය මතු­ක­ර­මින් තුළින් ජන­තාව තුළ හුඹස් බියක් නිර්මා­ණය කිරී­මට ද ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ කට­යුතු කර­මින් සිටී.

ව්‍යවස්ථා සම්පා­දන කට­යු­තු­ව­ලදී රටේ ඒකී­ය­භා­වය ආරක්ෂා කර­ගැ­නීම වෙනු­වෙන් ව්‍යව­ස්ථාව තුළ ‘ඒකීය’ යන වච­නය තිබිය යුතු බව සිංහල ජන­තා­වගේ මතය බව අපට පැහැ­දිලි විය. එමෙන්ම කොළඹ කේන්ද්‍ර කර­ගත් පාල­න­යක් වෙනු­වට ආණ්ඩු­ක­ර­ණය, වඩාත් ජන­තා­වට සමීප විය යුතු බවට ද ඒ සාක­ච්ඡා­ව­ලදී එක­ඟ­ත්ව­යක් ඇති­කර ගැනුණි. ඒ අනුව 2016-2019 කාල­යේදී අලුත් ව්‍යව­ස්ථා­වක් නිර්මා­ණය කර­ගැ­නීමේ කාර්ය­යේදී එක­ඟ­තාව පැව­තුණේ ‘ඒකීය’ රටක් තුළ උප­රිම බලය බෙදී­මක් සිදු කිරීම උදෙසා ය.

ව්‍යවස්ථා සම්පා­දන කමි­ටුවේ දෙවැනි අතුරු මෙහෙ­යුම් වාර්තාව මගින් පෙන්වා දී තිබුණු අන්ද­මට ශ්‍රී ලංකා ජන­ර­ජයේ ස්වභා­වය පැහැ­දිලි කිරී­මට, ‘ඒකීය රාජ්‍ය’ හා එහි දෙමළ පරි­ව­ර්ත­නය වන ‘ඔරු­මි­ත්ත­නාඩු’ යන වචන භාවිත කිරී­මට එකඟ වුණි. එම­ඟින් අද­හස් වූයේ නොබෙ­දුණු සහ බෙදිය නොහැකි රටක් යන්නයි. වෙනත් අයු­රින් කිය­තොත් එය රටේ ඒකී­ය­ත්වය ආරක්ෂා වන බව තහ­වුරු කිරී­මකි. මෙවැනි අලුත් වච­න­යක් හඳු­න්වා­දී­මට හේතු සාධක වූයේ තව­දු­ර­ටත් Unitary සහ ඊට සමාන දෙමළ වච­නය වන ‘ඔට්ට­යාච්චි’ යන වචන භාවිත කිරී­මට ඇති නොහැ­කි­යා­වයි. එනම් 13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝ­ධ­න­යෙන් පසු ලංකාවේ නීති සම්පා­දන ආය­තන කිහි­ප­යක් දක්නට ලැබුණි. මධ්‍යම රජයේ බලය බෙදා­හැ­රී­මක් ලෙස පළාත් සභා පිහිටු විණි. අනෙක් අතට ‘ඒකීය රාජ්‍ය’ යන සිංහල වච­නයේ අර්ථය වන්නේ ‘එක් රටක්’ යන්නයි.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය, දෙමළ ජාතික සන්ධා­නය හා ජනතා විමුක්ති පෙර­මුණ මේ නිර්ව­ච­න­ව­ලට එකඟ වූව ද, ව්‍යවස්ථා සම්පා­දන ක්‍රියා­ව­ලි­යේදී වෙනම පිරි­සක් ලෙස ක්‍රියා­ක­රන ඒ්කාබද්ධ විප­ක්ෂය ඊට ඒකඟ නොවිණි. සාම්ප්‍ර­දා­යික Unitary යන වච­න­යම භාවිත කළ යුතුය යන්න ඔවුන්ගේ ස්ථාව­රය විය.

කෙසේ­වු­වද මේ වන­විට ලෝකය පුරා Unitary හැඳි­න්වීම බර­ප­තළ අර්බු­ද­ය­කට ලක්ව තිබේ. හොඳ ම නිද­සුන වන්නේ මහා බ්‍රිතා­න්‍ය­යයි. ස්කොට්ල­න්තය හා උතුරු අය­ර්ල­න්තයේ අර්ධ නිද­හ­සක් පැව­තු­ණත් බ්‍රිතාන්‍ය තව­මත් ඒකීය රටක් ලෙස හැඳින්වේ. එමෙන්ම ඒකීය සහ ෆෙඩ­රල් යන නිර්ව­ච­න­ව­ලින් ඔබ්බට ගොස් තමන්ට ගැළ­පෙන නව ආණ්ඩු­ක්‍රම ආකෘති වැළ­ඳ­ගැ­නී­මට ද ලොව පුරා රට­වල් ක්‍රියා­කර තිබේ.

මෙසේ ගෙවුණු වසර තුළ සිදු­වුණු ව්‍යවස්ථා සම්පා­ද­නය යනු නිද­හ­සින් පසු ප්‍රථම වතා­වට දෙමළ ජන­තා­වගේ ද සහ­භා­ගී­ත්වය ඇතිව සිදු­කෙ­රුණු ව්‍යවස්ථා සම්පා­දන ක්‍රියා­ව­ලි­යකි. ප්‍රධාන දේශ­පා­ලන පක්ෂ දෙක හා එක්ව දෙමළ ජාතික සන්ධා­නය ද ඒ ක්‍රියා­ව­ලි­යට එක්වූයේ සියලු ශ්‍රී ලාංකි­ක­යන්ගේ අපේක්ෂා මුදුන් පත්ක­රන ආණ්ඩු ක්‍රම ව්‍යව­ස්ථා­වක් සම්පා­ද­නය කිරීමේ සුබ­වාදී බලා­පො­රො­ත්තුව පෙර­දැරි කර­ග­නි­මිනි.

එහෙත් දැන් සිදුව ඇත්තේ වචන කිහි­ප­යක් මුල් කර­ග­නි­මින් 60 වස­රක් පුරා­වට ඔඩු දුව­මින් පැස­වන තුවා­ල­යක් බඳු ජාතික ප්‍රශ්නය විස­ඳා­ගැ­නී­මට මේ පව­තින අව­ස්ථාව අහිමි කර­ග­නි­මින් බලා සිටීම ය.

කවු­රුන් කෙසේ කුමක් කීවද දෙමළ ජාතික සන්ධා­නය යනු මෙරට දෙමළ ජන­තා­වගේ අභි­ලා­ෂය නියෝ­ජ­නය කරන දේශ­පා­ලන පක්ෂය බවට විවා­ද­යක් නැත. දැනට පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කරන දෙමළ මන්ත්‍රීන් 18 දෙනා­ගෙන් 16 දෙනෙකු ම දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන් වීම ඊට හොඳ ම සාක්ෂි­යයි. එනිසා රට තීර­ණා­ත්මක මැති­ව­ර­ණ­යක් අබි­යස තිබි­යදී දෙමළ ජන­තාව වෙනු­වෙන් තීර­ණ­යක් ගැනීමේ වග­කීම අප ඉදි­රියේ පවතී.

මේ අතර ගජේන්ද්‍ර කුමාර් පොන්න­ම්බ­ලම්ගේ TNPF පක්ෂ­යත් අන­තු­රුව සී.වී. විග්නේ­ෂ්ව­රන්ගේ TMK පක්ෂ­යත් නිවේ­ද­නය කර සිටියේ තමන් කිසිදු ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­ය­කුට සහාය නොද­ක්වන බවත්, දෙමළ ජන­තා­වට තමන් කැමැති අපේ­ක්ෂ­ක­ය­කුට සිය ඡන්දය භාවිත කළ හැකි බවත් ය. එහෙත් එසේ තම ඡන්ද දාය­ක­යන්ට මඟ­පෙ­න්වීමේ වග­කී­මෙන් බැහැර වීමේ හැකි­යා­වක් දෙමළ ජාතික සන්ධා­න­යට නැත.

දෙමළ සන්ධා­නයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී­වරු 16න් 14ක් ම ඉලං­ගෙයි තමිල් අරසු පක්ෂයේ සාමා­ජි­කයෝ වෙති. එවන් පසු­බි­මක සියලු දිස්ත්‍රික්ක නියෝ­ජ­නය කරන ඒ පක්ෂයේ නියෝ­ජි­ත­යන් 50 දෙනෙකු පසු­ගි­යදා ඉකුත් ඉරිදා (3) මුණ­ගැ­සුණේ 2019 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සහාය දක්වන අපේ­ක්ෂ­කයා කවුද යන්න තීර­ණය කිරීම වෙනු­වෙනි. එහිදී පක්ෂයේ සෑම සාමා­ජි­ක­ය­කුගේ ම අද­හස වූයේ නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ සජිත් ප්‍රේම­දාස වෙනු­වෙන් මෙවර ඡන්ද­යේදී අපගේ සහාය ලබා­දිය යුතු බවයි.

ඉලං­ගෙයි තමිල් අරසු පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේ තීන්දුව ලැබී­මට ප්‍රථම දෙමළ ජාතික සන්ධා­නයේ පාර්ලි­මේන්තු කණ්ඩා­යම ද රැස්ව මේ ගැන කතිකා කොට තිබූ අතර එහිදී සෙසු පක්ෂ නාය­ක­යන්ගේ අද­හස වී තිබුණේ ද සජිත් ප්‍රේම­දා­සට සහාය දැක්විය යුතු බව ය. ඒ අනුව ඉකුත් සතිය ආර­ම්භ­යේදී දෙමළ ජාතික සන්ධා­නය සජිත් ප්‍රේම­දා­සට සහාය දක්වන බව නිවේ­ද­නය කෙරුණි.

මේ තීර­ණය ගැනී­මේදී අප විසින් සලකා බලන ලද තවත් කරුණු කිහි­ප­යක් ම තිබුණි. රාජ්‍ය මුදල් මිලි­යන ගණ­නින් අව­භා­විත කිරීම පිළි­බඳ චෝදනා ඇති පුද්ග­ල­යකු රටේ ජනා­ධි­පති පුටු­වට තරග කරන පළමු අව­ස්ථාව ලෙස ද ගෝඨා­භය රාජ­ප­ක්ෂගේ දේශ­පා­ලන ආග­ම­නය සැල­කිය හැකිය. ඔහු වංචා, දූෂණ හා පැහැ­ර­ගැ­නීම් ඇතුළු අප­රාධ ගණ­නා­ව­කට වග­උ­ත්ත­ර­ක­රු­වකු වේ. අනෙක් අතට සජිත් ප්‍රේම­දාස මහ­තාට කිසිදු විටෙක දූෂණ චෝදනා එල්ල වී නැත. ඔහු මහන්සි වී වැඩ කර ප්‍රති­ඵල පෙන්වූ අයකු ලෙස ප්‍රසි­ද්ධි­යක් දිනූ අයෙකි.

මේ පසු­බිම යටතේ, නොවැ­ම්බර් 16 ජනා­ධි­ප­ති­ව­ර­ණය වර්ජ­නය කිරීමේ කිසිදු අව­ශ්‍ය­තා­වක් දෙමළ ජන­තා­වට නැත. ඒ වෙනු­වට ඔවුහු ඉදි­රි­යට පැමිණ ඡන්දය දිනීමේ වැඩි ඉඩ­ක­ඩක් ද ඇති “වඩා හොඳ” අපේ­ක්ෂ­කයා වෙනු­වෙන් සිය ඡන්දය භාවිතා කරනු ඇති බව මගේ විශ්වා­ස­යයි.

Comments