ඡන්දයට යන්නට පෙර කියවන්න | සිළුමිණ

ඡන්දයට යන්නට පෙර කියවන්න

පේ රටේ හත්වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා ව තෝරා පත්කර ගැනී­මට ජන­තා­වගේ කැමැත්ත විම­සන මැති­ව­ර­ණ­යට තවත් ඇත්තේ දින කිහි­ප­යක් පමණි. මැති­ව­රණ කොමි­සමේ දත්ත­ව­ලට අනුව මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ඡන්දය ප්‍රකාශ කිරී­මට සුදු­සු­කම් ලබා සිටින ඡන්ද දාය­ක­යන් ගණන එක්කෝටි පන­ස්නව ලක්ෂ අනූ දෙද­හස් නව­සිය අනූ­හ­යකි. මෙවර ඡන්දය ප්‍රකාශ කිරී­මට ඡන්ද දාය­ක­යන්ට ඉඩ ලැබී ඇත්තේ 2018 වසරේ ඡන්ද හිමි ලේඛ­න­යට අනුව ය.

අලුත් ඡන්ද

හය වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා තෝරා පත්කර ගැනීම වෙනු­වෙන් 2015 වසරේ පැවැති මැති­ව­ර­ණ­යේදී ඡන්දය ප්‍රකාශ කිරී­මට සුදු­සු­කම් ලැබූ අපේ­ක්ෂ­ක­යන් සිටියේ එක්කෝටි පනස් ලක්ෂ හත­ලිස් හතර දහස් හාර­සිය අනූ දෙනෙකි. ඒ 2014 වසරේ ඡන්ද හිමි නාම­ලේ­ඛ­න­යට අනුව ය. ඒ අනුව බලන කල හය වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා තෝරා­පත් කර ගැනී­මට පැවැති මැති­ව­ර­ණ­යට වඩා හත්වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා තෝරා­ප­ත්කර ගැනීමේ මැති­ව­ර­ණ­යට අලු­තින් ලියා­ප­දිංචි වී සිටින ඡන්ද දාය­ක­යන් නව ලක්ෂ හත­ලිස් හත් දහස් හය­සිය හය දෙනෙක් සිටිති. මේ අලුත් ඡන්ද ගොන්නකි. මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ජය­ග්‍ර­හ­ණය කරන අපේ­ක්ෂ­ක­යාට මේ අලුත් ඡන්ද කරන බල­පෑම අති මහත් ය. ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් සියලු දෙනා­ගේම ඉල­ක්කය වී ඇත්තේ මේ අලුත් තරුණ ඡන්ද ගොන්න ය.

වැඩිම ඡන්ද දාය­ක­යන් ගම්ප­හින්

2014 වසරේ පැවැති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ඡන්ද කොට්ඨාස 12021 තුළ ඡන්ද පොළ­වල් 12314 ක් තිබුණ ද මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ඒ ගණන 12845 ක් බවට පත්ව ඇත්තේ ඡන්ද පොළ ගණන 531 කින් වර්ධ­නය වෙමිනි.

මැති­ව­රණ කොමි­සමේ තොර­තු­රු­ව­ලට අනුව මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණයේ වැඩිම ඡන්ද දාය­ක­යන් පිරි­සක් සිටින්නේ සුපු­රුදු ලෙස ගම්පහ දිස්ත්‍රි­ක්කයේ ය. ඒ ගණන දාහත් ලක්ෂ පනස් එක් දහස් අට­සිය අනූ දෙදෙ­නෙකි. ඊට පසු වැඩි ම ඡන්ද දාය­ක­යන් පිරි­සක් සිටින්නේ කොළඹ දිස්ත්‍රි­ක්කයේ ය. ඒ ගණන දහ­සය ලක්ෂ හැත්තෑ දහස් හාර­සිය තුනකි. තෙවැනි සහ සිව් වැනි තැනට වැඩිම ඡන්දා­ය­ක­යන් පිරි­සක් සිටින්නේ පිළි­වෙ­ලින් කුරු­ණෑ­ගල සහ මහ­නු­වර දිස්ත්‍රි­ක්ක­යන්හි ය.

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී අඩුම ඡන්ද දාය­ක­යන් පිරි­සක් සිටින්නේ ත්‍රිකු­ණා­ම­ලය දිස්ත්‍රි­ක්ක­යේය. එම දිස්ත්‍රි­ක්කයේ සිටින ලියා­ප­දිංචි ඡන්ද දාය­ක­යින් ගණන දෙලක්ෂ අසූ එක් දහස් එක­සිය දාහ­තර දෙනෙකි. දෙවැනි තැනට අඩුම ඡන්ද දාය­ක­යන් ගණ­නක් සිටින්නේ වන්නියේ ය. ඒ ගණන දෙලක්ෂ අසූ­දෙ­ද­හස් එක­සිය දහ­නව දෙනෙකි. තෙවැ­නි­යට අඩුම ඡන්ද ගණ­නක් ඇත්තේ පොලො­න්න­රු­වේය. එහි ලියා­ප­දිං­චිව සිටින ඡන්ද දාය­ක­යන් ගණන තුන් ලක්ෂ විසි හය දහස් හාර­සිය හත­ළිස් තුන් දෙනෙකි.

පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණය

ඉකුත් ජනා­ධි­ප­ති­ව­ර­ණයේ කෝටි එක­හා­මා­ර­කට වැඩි ඡන්ද දාය­ක­යින් ගණ­නක් ලියා­ප­දිංචි ව සිටිය ද ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ඒ අය­ගෙන් ඡන්දය ප්‍රකා­ශ­ක­රනු ලැබුවේ එක්කෝටි විසි­දෙ­ලක්ෂ හැට හතර දහස් තුන්සිය හැත්තෑ­හත් දෙනෙක් පමණි. ඒ සංඛ්‍යාව ලියා­ප­දිංචි ඡන්ද දාය­ක­ය­න්ගෙන් සිය­යට 81.85 කි. මේ ඡන්ද වලින් සිය­යට 51.28 ක් ලබා­ගන්නේ එවර ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ප්‍රබල අපේ­ක්ෂ­ක­යන් දෙදෙනා අතර සිටි මෛත්‍රී­පාල සිරි­සේන මහතා ය. මහින්ද රාජ­පක්ෂ මහ­තාට හිමි­වන්නේ සිය­යට 47.58 ක් පමණි. ප්‍රකා­ශිත ඡන්ද­ව­ලින් සිය­යට 1.15 ක් ප්‍රති­ක්ෂේප විය.

ඉති­හා­ස­ගත ජනා­ධි­ප­ති­ව­ර­ණය

මෙවර ඡනා­ධි­ප­ති­ව­ර­ණය ඉති­හාස ගත­වන්නේ මෙතෙක් පැවැති ඡනා­ධි­ප­ති­ව­රණ හතෙන් වැඩිම අපේ­ක්ෂ­ක­යන් පිරි­සක් ඉදි­රි­ප­ත්වන මැති­ව­ර­ණය ලෙසිනි. අපේ­ක්ෂ­ක­යන් තිස් පස් දෙනෙක් මෙවර මැති­ව­ර­ණ­යට තරග කළ ද ඒ අය­ගෙන් වැඩි දෙනෙක් ම ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් කිහිප දෙනාට මුක්කු ගසා ඇති බව මැති­ව­රණ කොමි­සම ද ප්‍රකාශ කළේ ප්‍රසි­ද්ධියේ ය. සැබෑ ලෙසම මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණයේ සටන ඇත්තේ අපේ­ක්ෂ­ක­යන් හතර පස් දෙනෙක් අතර පමණි. ඒ අය­ගෙන් ද තීව්‍ර සට­නක් ඇත්තේ අපේ­ක්ෂ­ක­යන් දෙදෙ­නෙක් අතර ය. ඒ සජිත් ප්‍රේම­දාස සහ ගෝඨා­භය රාජ­පක්ෂ යන මහ­ත්ව­රුන් ය.

මෙවර ජනා­ධි­ප­ති­ව­රණ සටනේ තීව්‍ර­ත්වය නිසාම එක් අපේ­ක්ෂ­ක­ය­කුට සියට පනහ ඉක්මවූ මනාප ප්‍රති­ශ­ත­යක් ගැනී­මට හැකි­වේ­වි­දැයි සමාජ කතා­බ­හක් පවා මේ වන විටත් මතු වී හමාර ය. එසේ ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් දෙදෙ­නාට සිය­යට 50 ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් හිමි­කර ගැනී­මට නොහැකි වුව­හොත් සිදු­වන්නේ දෙවැනි සහ තුන්වැනි මනා­පය ගණ­නය කිරී­මට ය.

ඡන්දය ප්‍රකාශ කිරීම

මැති­ව­රණ කොමි­සම සඳ­හන් කරන්නේ ජනා­ධි­ප­ති­ව­රණ පනතේ කිසිදු තැනක ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යන්ට ඡන්දය ප්‍රකාශ කිරී­මේදී කති­රය ගැසී­මක් ගැන සඳ­හන් නොවන බවකි. ජනා­ධි­ප­ති­ව­රණ පනතේ සඳ­හන් වන්නේ තමන් වැඩිම කැමති අපේ­ක්ෂ­ක­යාට අංක 01 ද දෙවැ­නි­යට වඩාත්ම කැමති අපේ­ක්ෂ­ක­යාට අංක 02 වශ­යෙන් ඡන්දය ප්‍රකාශ කිරී­මක් ගැන ය. තුන්වැ­න්න­කුට කැමැ­ත්තක් දක්වන්නේ නම් ඒ අපේ­ක්ෂ­ක­යාට අංක 03 ද සට­හන් කිරී­මට හැකි­යාව ඇතැයි මැති­ව­රණ කොමි­සමේ සභා­පති මහින්ද දේශ­ප්‍රිය මහතා සඳ­හන් කරයි. ජනා­ධි­ප­ති­ව­රණ පනතේ එසේ සඳ­හන් වූවත් අපේ රටේ ජන­තාව පුරු­දුවී සිටින්නේ අපේ­ක්ෂ­ක­යාගේ නම සහ සල­කුණ ඉදි­රියේ කති­රය ගැසී­මට ය. එබැ­වින් කති­රය ගැසූ ඡන්ද පත්‍රිකා පිළි­ගැ­නී­මට ද මැති­ව­රණ කොමි­සම තීර­ණය කර ඇත. කති­රය සමඟ අංකද සල­කුණු කිරී­මට නොහැ­කිය. මැති­ව­රණ කොමි­සමේ සභා­පති මහින්ද දේශ­ප්‍රිය මහතා සඳ­හන් කරන්නේ එවැනි ඡන්ද පත්‍රිකා සැල­කෙන්නේ ප්‍රති­ක්ෂේ­පිත වූ ඡන්ද ලෙස බව ය.එක් අපේ­ක්ෂ­ක­ය­කුට වඩා වැඩි පිරි­ස­කට කති­රය ගැසී­මේදී ඡන්දය ඡන්දය අව­ලංගු වේ. ඡන්ද පත්‍රි­කාව කුරුටු ගා විකෘති වූ විටත් ඡන්දය අව­ලං­ගුවේ.

වැර­දු­නොත් අලුත් ඡන්ද පත්‍රි­කා­වක්

යම් ඡන්ද දාය­ක­යෙක් ඡන්ද පොළට ගොස් ඡන්ද පත්‍රි­කාව සිය­තට ගෙන එය ලකුණු කිරී­මේදී අපේ­ක්ෂ­කයා මාරු වීමෙන් වෙනත් සල­කු­ණ­කට කති­රය හෝ අංක­යක් සට­හන් කළ­හොත් බොහෝ අය කැරන්නේ එය මක­න්නට උත්සහ දැරීම ය. බොහෝ විට ඒ සඳහා යොදා ගන්නේ සිය ඇඟිල්ල ය. මැති­ව­රණ කොමි­සම ඉල්ලා සිටින්නේ ඡන්ද පත්‍රි­කාව සට­හන් කිරී­මේදී යම් වැරැ­ද්දක් සිදු වූ විට ඇගි­ල්ලෙන් මක­න්නට හෝ ඒ තැන කුරුටු ගාන්නට නොයන ලෙස ය. තමන්ට වූ වැරැද්ද ඡන්ද පොළ බාර නිල­ධා­රි­යාට පවසා අලුත් ඡන්ද පත්‍රි­කා­වක් ලබා ගැනීමේ අව­ස්ථා­වක් තිබේ. මැති­ව­රණ කොමි­සමේ සභා­පති මහින්ද දේශ­ප්‍රිය මහතා සඳ­හන් කරන්නේ ඒ වෙනු­වෙන් සෑම ඡන්ද පොළ­ක­ටම වැඩි­පුර ඡන්ද පත්‍රිකා යොමු­කර තිබෙන බව ය.

මැති­ව­රණ කොමි­සම මහ­ජ­න­තා­ව­ගෙන් ඉල්ලී­මක් කරන්නේ ඡන්ද පොළට පැමි­ණෙන විට අනි­වා­ර්යෙන්ම සිය අන­න්‍ය­තාව තහ­වුරු කිරී­මට හැකි පිළි­ගත් හැදු­ණු­ම්ප­තක් රැගෙන එන ලෙසට ය. ඒ ඡන්ද දූෂ­ණ­යට පාර කැපෙන නිල ඡන්ද දැන්වීම් පත්‍රි­කාව පම­ණක් රැගෙ­න­විත් ඡන්දය ප්‍රකා­ශය කිරීමේ ක්‍රම­යට 2014 අංක 14 දරණ ඡන්ද විම­සීමේ පන­තින් නැව­තීමේ තිත තබ­මින් ඡන්ද­යට හැඳු­නු­ම්පත අනි­වාර්ය කර ඇති බැවිනි.

ඒ අනුව ලබන 16 වෙනිදා උදෑ­සන ඡන්ද පොළට යන විට සිය අන­න්‍ය­තාව තහ­වුරු කිරී­මට ජාතික හැඳු­නු­ම්පත, වලංගු විදෙස් ගමන් බල­ප­ත්‍රය, වලංගු රිය­දුරු බල­ප­ත්‍රය, විශ්‍රාම වැටුප් දෙපා­ර්ත­මේ­න්තුව විසින් නිකුත් කරන රාජ්‍ය සේවා විශ්‍රා­මික හැඳු­නු­ම්පත, ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලය විසින් නිකු­ත්ක­රනු ලබන වැඩි­හිටි හැඳු­නු­ම්පත, පුද්ග­ල­යන් ලියා­ප­දිංචි කිරීමේ දෙපා­ර්ත­මේ­න්තුව විසින් පූජක පක්ෂය වෙනු­වෙන් නිකු­ත්ක­රන හැඳු­නු­ම්පත, පුද්ග­ල­යන් ලියා­ප­දිංචි කිරීමේ දෙපා­ර්ත­මේ­න්තුව විසින් හැඳු­නු­ම්පත නිකුත් කරන තෙක් ලබා දෙන ඡයා­රූ­ප­යක් සහිත විශේෂ අව­ස­ර­ප­ත්‍රය හෝ මැති­ව­රණ කොමි­සම විසින් නිකුත් කරන තාව­කා­ලික හැඳු­නු­ම්පත රැගෙන යා යුතුය.

විදෙස් ගමන් බල­ප­ත්‍රය සහ රිය­දුරු බල­ප­ත්‍රය රැගෙන යන්නේ නම් එහි වලංගු කාලය ඉක්මවා ඇති­නම් එය සැල­කෙන්නේ වලංගු හැඳු­නු­ම්පත ලෙස නොවේ. ඡන්ද පොළට යෑමට පෙර ඒ ගැන ද සැළ­කි­ලි­මත් වීමෙන් අන­වශ්‍ය ගැටලු වලට මුහුණ දීමට සිදු නොවනු ඇත.

යම් ඡන්ද දාය­ක­ය­කුගේ නම ඡන්ද හිමි­යන් ලියා­ප­දිංචි කිරීමේ ලේඛ­නයේ සට­හන්ව ඇත්නම් ඡන්ද කාඩ්පත යැයි පොදු ව්‍යව­හා­රයේ ඇති නිල ඡන්ද පත්‍රි­කාව නොමැ­තිව සිය අන­න්‍ය­තාව සනාත කර­මින් ඡන්දය භාවිත කිරී­මට බාධා­වක් නැත. එහෙත් නිල ඡන්ද දැන්වීම් පත්‍රි­කාව රැගෙන ඡන්ද පොළට යන්නේ නම් එය ඡන්ද පොළ නිළ­ධා­රීන්ට ඉතා පහ­සු­වක් වනු ඇත.

විදෙ­ස්ගත ශ්‍රී ලාංකික ඡන්ද

මෙවර මැති­ව­ර­ණ­යේදී විදෙ­ස්ගත ශ්‍රී ලාංකි­ක­යන් වැඩි වශ­යෙන් ඡන්දය ප්‍රකාශ කිරී­මට මෙර­ටට පැමි­ණෙන බව කියැවේ. ඒ අතර මැති­ව­රණ කොමි­ස­මට පැමි­ණිලි ලැබී ඇත්තේ විදේ­ශ­ග­තව සිටින ඡන්ද දාය­ක­යන්ගේ තොර­තුරු වලට අනුව ව්‍යාජ ලෙස හැඳු­නු­ම්පත සකස් කර­මින් සංවි­ධා­නා­ත්ම­කව හොර ඡන්දය දැමීමේ සැල­සු­මක් ද ක්‍රියා­ත්මක වෙමින් ඇති බවට ය. ඒ ගැන විශේෂ සැල­කි­ල්ලක් දක්ව­මින් මැති­ව­රණ කොමි­සම තීර­ණය කර ඇත්තේ විදෙ­ස්ග­තව පැමිණි ඡන්ද දාය­ක­යන් සිය අන­න්‍ය­තාව තහ­වුරු කිරී­මේදී විදෙස් ගමන් බල­ප­ත්‍රය ද පරීක්ෂා කර බල­න්නට ය. ඒ බව මැති­ව­රණ කොමි­සම නිල වශ­යෙන් පුව­ත්පත් නිවේ­දන මගින්ද මේ වන විට ප්‍රසිද්ධ කර හමාර ය. ඒ අනුව විදෙ­ස්ග­තව සිට මෙර­ටට පැමිණි ඡන්ද දාය­ක­යෙක් ඡන්ද පොළට යන්නේ නම් විදෙස් ගමන් බල­ප­ත්‍රය රැගෙන යෑමෙන් අන­වශ්‍ය ගැට­ලු­ව­ලට මුහුණ දෙන්නට සිදු නොවනු ඇත. ඒ මේ වන විටත් විදෙ­ස්ගත ඡන්ද හිමි­යන්ගේ තොර­තුරු ග්‍රාම නිල­ධා­රීන් මගින් රැස්කර ඡන්ද හිමි­කම් ලේඛ­නයේ සට­හන් තබා තිබේ. මැති­ව­රණ කොමි­සමේ සභා­පති මහින්ද දේශ­ප්‍රිය මහතා සඳ­හන් කරන්නේ එවැනි ඡන්ද දාය­ක­යන් සතුව නිල ඡන්ද දැන්වීම් පත්‍රි­කාව තිබු­ණත් විදෙ­ස්ග­මන් බල­ප­ත්‍රය ඉදි­රි­පත් කරන තුරු ඡන්ද පත්‍රි­කාව නිකුත් නොක­රන බව ය. සාධා­රණ යම් හේතු­වක් මත විදෙස් ගමන් බල­ප­ත්‍රය ඒ මොහොතේ ඉදි­රි­පත් කිරී­මට අපො­හො­සත් වන්නේ නම් වික­ල්ප­යක් ද තිබේ. එනම් ජනා­ධි­ප­ති­ව­රයා තෝරා පත්කර ගැනීමේ පනතේ විධි­වි­ධා­න­යන්ට අනුව ප්‍රකා­ශ­යක් ඉදි­රි­පත් කිරීම ය. ඒ ප්‍රකා­ශය ඉදි­රි­පත් නොක­රන්නේ නම් කිසි­සේත්ම ඡන්ද පත්‍රි­කාව නිකුත් නොක­ර­නවා පම­ණක් නොව, සැක­යක් ඇති­වු­ව­හොත් හොර ඡන්ද දැමී­මට උත්සහ කළ අයෙක් සේ සලකා නීතිය ක්‍රියා­ත්මක කිරී­මට ද හැකි­යා­වක් පවතී. එය ප්‍රජා අයි­තිය පවා වසර හත­කට අහිමි වීමට තරම් වර­දක් වනු ඇත.

ජංගම දුර­ක­ථන තබා එන්න

ජංගම දුර­ක­ත­න­යක් සක්‍රී­යව තබා­ගෙන ඡන්ද පොළට ඇතු­ළු­වී­මට මෙවර ඉඩ නොලැබේ. ඡන්ද පොළේදී ජංගම දුර­ක­ත­න­යට වැට බැඳී­මක් සිදුව ඇත්තේ ජංගම දුර­ක­ත­න­යෙන් ඡන්ද පත්‍රි­කාවේ ඡයා­රූප ගෙන ෆේස් බුක් හා සමාජ ජාල වලට ඒ ඡායා­රූ­පය ඇතු­ළත් කර­මින් අපේ­ක්ෂ­ක­යන් ප්‍රව­ර්ධ­න­යට කට­යුතු කිරීම නිසා ය. ඒ මඟින් ඡන්ද දූෂණ පවා සිදු­වන බව මැති­ව­රණ කොමි­සමේ අද­හස ය.

පොලී­සිය පව­සන්නේ ඡන්ද පොළක සෙල්ෆි ගැසීම් තහ­නම් බවට ගැසට් පත්‍ර­යක් නිකුත් කර ඇතත් ඒ සම්බ­න්ධ­යෙන් නීතිය ක්‍රියා­ත්මක කිරීම් දී දඬු­වම කුම­ක්දැයි පැහැ­දිලි අර්ථ නිරූ­ප­ණ­යක් නැති බව ය. එබැ­වින් සෙල්ෆි ගැසී­ම්ව­ලට එරෙ­හිව ක්‍රියා­ත්මක වන්නට සිදුව ඇත්තේ පව­තින නීති­ව­ලට සෙල්ෆි වර­ද­වල් ගලපා ගනි­මිනි.

වෙනත් මැති­ව­රණ වලට සාපේ­ක්ෂව මෙවර මැති­ව­රණ නීතිය තදින්ම ක්‍රියා­ත්මක වන බවක් පෙනෙ­න්නට ඇත. මැති­ව­රණ කොමි­සමේ සභා­පති මහින්ද දේශ­ප්‍රිය මහතා සඳ­හන් කරන්නේ මැර ඡන්ද වලට මේ වන විට නැව­තීමේ තිත තැබී ඇති බව ය. අවම බලය වෙනු­වට උප­රිම බලය යොද­න්නැයි පොලී­සි­යට මැති­ව­රණ කොමි­සා­රි­ස්ව­රයා ලෙස මහින්ද දේශ­ප්‍රිය මහතා විසින් ලබා­දුන් නියෝ­ගය ඊට යහ­පත් ලෙස බලපා ඇති බව පෙනී යයි. මැර ඡන්ද මෙන්ම හොර ඡන්ද දැමී­මට කොමි­සම බර­ප­තල ලෙස වැට බැඳ තිබේ. මැති­ව­රණ කොමි­සම සඳ­හන් කරන ආකා­ර­යට අනුව හොර ඡන්ද දැමීම දැඩි දඬු­වම් ලැබිය හැකි වර­දකි. දඬු­වම වසර දෙක­කට නොවැඩි සිර දඩු­ව­ම­කට සහ වසර හතක ප්‍රජා අයි­තිය අහිමි වන තරම් ය.

මැති­ව­රණ විය­දම්

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණයේ අපේ­ක්ෂ­ක­යන් ගණන 35 දක්වා ඉහළ යෑම නිසාම මැති­ව­ර­ණයේ අපේ­ක්ෂිත විය­දම ද ඉහළ ගියේ ය. ඒ රුපි­යල් කෝටි 400 සිට 700 දක්වා රුපි­යල් කෝටි 200 කිනි. ඡන්ද පත්‍රි­කා­වද මෙරට මැති­ව­රණ ඉති­හා­සයේ දිග ම ඡන්ද පත්‍රි­කාව බවට ද පත්ව තිබේ. මේ නිසාම අලුත් ඡන්ද පෙට්ටි ගැන පවා මැති­ව­රණ කොමි­ස­මට සිත­න්නට විය. ඒ අනුව මෙරට මැති­ව­රණ ඉති­හා­සයේ පළමු වරට කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි­ය­කට සල­කුණු කළ සිය ඡන්ද පත්‍රි­කාව බහා­ලී­මට යෙදවේ. එසේම ඡන්ද පත්‍රි­කාව අඩි දෙකයි අඟල් දෙකක දිගින් යුක්ත වන බැවින් තමන් කැමැති අපේ­ක්ෂ­කයා තොරා ගැනී­මට ද ඡන්ද දාය­ක­යාට යම් කාල­යක් මෙවර ගත වනු ඇත.

එබැ­වින් මැති­ව­රණ කොමි­සම තීර­ණය කරන්නේ පෙර­වරු 7.00 සිට සවස 4.00 දක්වා පැවැ­ත්වෙන මැති­ව­ර­ණය සවස 5.00 දක්වා පැය­කින් දීර්ඝ කිරී­මට ය. එමෙන්ම වෙනත් මැති­ව­රණ වලට සාපේ­ක්ෂව මෙවර ඡන්ද පොළ­වල් වල දීර්ඝ පෝලිම් දකි­න්නට ලැබෙනු ඇතැයි කොමි­සම අපේක්ෂා කරයි. මෙවර ජන­තාව අතර ඡන්ද­යට ඇති දැඩි උන­න්දුව නිසා සිය­යට 85 ක් ඉක්ම වූ වාර්තා­ගත ඡන්ද ප්‍රති­ශ­ත­යක් මෙවර ප්‍රකා­ශිත වේ යැයි කොමි­සම කල්පනා කරයි.

ඇතැම් ඡන්ද දාය­ක­යන්ගේ ජාතික හැඳු­නු­ම්ප­තෙහි ඇති නම් සහ හැඳු­නු­ම්පත් අංක­යත් නිල ඡන්ද දැන්වීම් පත්‍රි­කාවේ සඳ­හන් නම් සහ හැඳු­නු­ම්පත් අංක වල වෙනස් කම් තිබෙ­න්නට පුළු­වන. එවැනි වෙන­ස්කම් තිබේ නම් කල් තියා නිල ඡන්ද දැන්වීම් පත්‍රි­කාවේ සඳ­හන් තොර­තුරු නිවැ­රදි දැයි පරීක්ෂා කර බලා යම් වැරැ­ද්දක් හෝ දෝෂ­යක් වී නම් දිස්ත්‍රික් සහ­කාර මැති­ව­රණ කොම­සා­රිස් හමුවී ඒ වැරැද්ද නිවැ­රදි කර ගැනීම වැද­ගත් ය.

ඉන්දි­යාවේ පෑන්

එමෙ­වර ඇගිල්ල පාට කිරී­මට නොමැ­කෙන තීන්ත සහිත විශේ­ෂිත පෑන් ආන­ය­නය කර ඇත්තේ ඉන්දි­යා­වෙනි. ඒ එක් පෑනක මිල සද­හන් වන්නේ රුපි­යල් 1252 ක් වශ­යෙනි. පෑනෙන් සට­හන් කරන්නේ ඡන්ද දාය­ක­යාගේ වම් සුළැ­ගිල්ල ය. නිය­පොත්තේ සිට සුළැ­ගිල්ල වටා ඒ පෑනෙන් තීන්ත ආලේප කරන්නේ හොර ඡන්ද දැමීම වලක්වා ගැනී­මට ය. ඒ තීන්ත මැකී යෑමට දින කිහි­ප­යක් ගත­වන බැවිනි. සිය ඇඟි­ල්ලෙහි තීන්ත ආලේප කිරී­මට යම් ඡන්ද දාය­ක­යෙක් එකඟ නොවන්නේ නම් ඒ ඡන්ද දාය­ක­යාට ඡන්දය ප්‍රකාශ කිරී­මට ඡන්ද පත්‍රි­කාව නිකුත් කරන්නේ නැත.

යම් ඡන්ද දාය­ක­යෙ­කුගේ වම් සුල­ගිල්ල නොමැති නම් හෝ වෙනත් පිළි­ග­ත­හැකි කාර­ණා­වක් හේතු­වෙන් වම් සුළැ­ගි­ල්ලෙහි තීන්ත ආලේ­පිත කිරී­මට නොහැකි නම් වම් අතෙහි වෙනත් ඇගි­ල්ලක් ඒ සඳහා භාවිත කිරී­මට හැකිය. වම් අත හෝ වම් අතෙහි ඇගිලි නොමැති ඡන්ද දාය­ක­ය­කුගේ නම් තීන්ත ආලේප කරන්නේ දකුණු අතෙහි සුළැ­ගි­ල්ලෙහි ය. ඒ අතේත් සුළැ­ඟිල්ල නොමැති නම් වෙනත් ඇඟි­ල්ලක තීන්ත ආලේප කරනු ඇත. දෑතේම ඇඟිලි නොමැති නම් හෝ දෑතම නොමැති නම් වම් හෝ දකුණු අත්වල කෙළ­ව­රෙහි තීන්ත ආලේප කරනු ඇත. සල­කුණු කළ ඡන්ද පත්‍රි­කාව නවා ඡන්ද පෙට්ටි­යට දැමිය යුත්තේ ඡන්ද ස්ථානා­ධි­ප­ති­ව­ර­යාට පෙන්ව­මිනි. ඡන්ද පත්‍රි­කාව ඡන්ද පොළෙන් පිට­තට කිසි­සේත්ම රැගෙන යා නොහැ­කිය. එසේ රැගෙන යන්නට උත්සහ කිරී­මද දඩු­වම් ලැබිය හැකි වර­දක් වනු ඇත.

විශේෂ ආර­ක්ෂාව

ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ආර­ක්ෂාව වෙනු­වෙන් මෙව­රත් 65000 ක පමණ පොලිස් නිල­ධා­රීන් පිරි­සක් යොද­වී­මට සැල­සු­ම්කර තිබේ. ඒ පොලිස් විශේෂ කාර්ය බල­කාය ද සම­ගිනි. මැති­ව­රණ නිරී­ක්ෂණ සංවි­ධාන වලින් වීඩියෝ කැමරා සවි­ක­රන ලද ජැකට් 71ක්ද ලැබී තිබේ. ඒ මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කිරීම් ගැන කෙරෙන විම­ර්ශන වලට සාක්ෂි සපයා ගන්න­ටය. එම කැමරා 71 බෙදා හැරෙන්නේ දිව­යින පුරා පිහිටි පොලිස් කොට්ඨාස 44 ඇතු­ළත ය.

මැති­ව­ර­ණයේ ආර­ක්ෂා­වට යොද­වන පොලිස් නිල­ධා­රී­න්ගෙන් වැඩි පිරි­සක් යොද­වෙන්නේ ඡන්ද පොළ සහ ගණන් කිරීමේ මධ්‍ය­ස්ථාන වල ආර­ක්ෂාව වෙනු­වෙනි.

ප්‍රති­ඵල ප්‍රකා­ශය

ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය මෙවර පැය­කින් දීර්ඝ වී ඇති බැවින් වෙන­දාට සවස 4.00 න් පසුව ආරම්භ කෙරෙන තැපැල් ඡන්ද ගණ­නය කිරීම් ද සිදු­වන්නේ සවස 5.00 න් පසුව ය. සවස 6.00 ට වෙනත් මැති­ව­රණ වලදී කෙරෙන ගණ­නය කිරීම් ද පැය­කින් මෙවර පස්සට යෑම නිසා ප්‍රති­ඵල ප්‍රකාශ කිරීම්ද ප්‍රමා­දය වනු ඇතැයි මැති­ව­රණ කොමි­සමේ අද­හස ය. 17 වෙනි­දාට සමස්ත මැති­ව­රණ ප්‍රති­ඵ­ලය ප්‍රකාශ කිරී­මට නොහැ­කි­වනු ඇති බවට සැක­යක් මේ වන විටත් මැති­ව­රණ කොමි­සම මතු­කර හමාර ය. මැති­ව­රණ කොමි­සමේ සභා­පති මහින්ද දේශ­ප්‍රිය මහතා සඳ­හන් කරන්නේ 17 වෙනි­දාම සමස්ත ප්‍රති­ඵ­ලය ලබා­දී­මට උත්සාහ ගන්නා නමුත් 18 වෙනිදා දහ­වල් කෑමට පෙර නම් නිශ්චිත වශ­යෙන් ම සමස්ත ප්‍රති­ඵ­ලය ප්‍රකාශ කිරී­මට හැකි­වනු ඇති බව ය. ඔහුට අනුව දෙවැනි සහ තුන්වැනි මනා­පය ගණ­නය කිරී­මට සිදු­වු­ව­හොත් සමස්ත ප්‍රති­ඵ­ලය නිකුත් වන්නේ එදින රාත්‍රී කෑමට පෙර ය.

Comments