හැරී පෝටර්හි හමයිනි සිය තනිකඩ කම ගැන කියයි | Page 4 | සිළුමිණ

හැරී පෝටර්හි හමයිනි සිය තනිකඩ කම ගැන කියයි

හැරී පෝටර් චිත්‍රපට මාලාවේ හමයිනිගේ චරිතයට පණ පොවා කුඩා වියේදිම ඉමහත් ජන ප්‍රසාදයක් ලබාගත් සුරූපී තරුව එමා වොට්සන් ලබන අප්‍රේල් මසදී තිස් හැවිරිදි වියට පිවිසෙයි.

තිස් හැවිරිදි යුවතියකගෙන් සමාජය බලාපොරොත්තු වන දේ නිසා ඇය පීඩනයකින් හා කනස්සල්ලකින් පසු වූ බවයි ඇය පවසන්නේ.  

"ඔබ නිවසක් ඉදිකර නොමැති නම්, ඔබට ස්වාමි පුරුෂයෙක් නොමැති නම්, ඔබට දරුවෙක් නොමැති නම්, ඔබට වයස අවුරුදු 30ක් වනවානම් ඔබට ඇදහිය නොහැකි තරම් කාංසාවක් දැනෙනවා" යනුවෙන් ඇය බ්‍රිතාන්‍ය වෝග් සඟරාව වෙත පැවසුවාය. 
 
තරුණයන්ගේ සිහින කුමාරියක වන එමා වොට්සන් තවමත් තනිකඩ අතර පෙරදී තනිකඩව සතුටින් ජීවත් විය හැකි බවට විශ්වාස නොකළද දැන් සතුටින් තනිකඩව ජීවත්වන වග පවසා ඇත. 
 
එක්සත් ජාතීන්ගේ කාන්තා තානාපතිනියක් වන ඇය ලොව පුරා කාන්තා පුරුෂ සමානාත්මක තාවය ඇති කිරීමට "ඇය වෙනුවෙන් ඔහු" ව්‍යාපාරය දියත් කලාය.
 
එහි කොටසක් වශයෙන් මලාලා සමගද සම්මුඛ සාකච්චාවක් සිදු කල අතර තමා තව දුරටත් "කාන්තාවාදිනියක්" යන ලේබලය අලවා ගැනීමට පසුබට නොවීමට හේතුව එමා වොට්සන් බව මලාලා පැවසුවාය.
 
ඉදිරියදී තිරගතවීමට නියමිත ලිටිල් වුමන් චිත්‍රපටය හරහා ඔබට එමා වොට්සන්ව දැක ගැනීමට හැකිවනු ඇත. 

Comments