දිලීරයක් නිසා අසරණ වූ නොච්චියාගම මිරිස් ගොවීන් | Page 3 | සිළුමිණ

දිලීරයක් නිසා අසරණ වූ නොච්චියාගම මිරිස් ගොවීන්

නොච්චියාගම ප්‍රදේශයේ මිරිස් වගාවන් අතර දිලීර රෝගයක් පැතිර යමින් ඇතැයි ගොවීන් පවසයි.

ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන්.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොඩ බෝග වගාවක් ලෙස බහුලව මිරිස් වගා කෙරෙන අතර අධික වර්ෂාවත් සමඟ ප්‍රමාණයට වඩා මිරිස් පැළවලට ජලය ලැබීමෙන් මෙම ධීලිර රෝගය පැතිරී යයි.

නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හුනුවිලගම හොරුවිල වනමල්ගම මුණසිංහ ගම හබරල්ලෑගම යන ගම්මානයන්හි මිරිස් වගාවන්ට මෙම දිලීර රෝගයෙන් බලපෑම් එල්ලවී තිබේ.

ගොවින් පවසන්නේ මේ වන විට ඇදහැලෙන අධික වර්ෂාව මෙම දිලිර රෝගය බෝවීමට හේතුව බවයි.

මේ හේතුවෙන් පවුල් 1000කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති අතර අක්කර 4000ක පමණ මිරිස් වගාව විනාශ වී තිබේ.

 

Comments