නයගරා සැගවී තිබූ නැවක් වසර 101 කට පසු මතුවෙයි | සිළුමිණ

නයගරා සැගවී තිබූ නැවක් වසර 101 කට පසු මතුවෙයි

වසර 101 ක් පුරා නයගරා දිය ඇල්ල මුදුනේ ගල්පර අතර සිරවී තිබූ දිරාගිය විශාල යාත්‍රාවක් දිය ඇල්ල ආසන්නයට ගසා ගෙන පැමිණ තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ දිය ඇල්ල ආශ්‍රිත ප්‍රදේශවලට බලපා ඇති ප්‍රබල වර්ෂාපතනය හා දැඩි සුලං ප්‍රවාහනයන් හේතුවෙන් ජල පහර වේගවත් වීම නිසා යාත්‍රාව ගල්පරවලින් මිදී මෙලෙස ගසාගෙනවිත් ඇති බවයි.

එය කැනඩා දේශසීමාවෙන් නයගරා දිය ඇල්ල ඇද වැටෙන ප්‍රදේශයට ආසන්නව සිරවී ඇති බවයි පැවසෙන්නේ.

දිරාගිය නෞකාව ඇල්ලෙන් පහළට ඇද වැටේද යන්න නයගරා දිය ඇල්ලේ භාරකාර නිලධාරීන් විසින් නිරීක්ෂණය කරමින් සිටින බව ද විදෙස් වාර්තා පවසයි.

අදාළ නෞකාව 1918 වසරේ සිට නයගරා දිය ඇල්ල මුදුනේ ගල්පර අතර සිරවී තිබී ඇති බව ද සදහන්.

Comments