2019 SLIM NASCO සම්මාන උලෙළේදී Nestlé රන් සම්මාන දිනයි | සිළුමිණ

2019 SLIM NASCO සම්මාන උලෙළේදී Nestlé රන් සම්මාන දිනයි

පසු­ගි­යදා පැවැති 2019 SLIM NASCO (ජාතික විකු­ණුම් සම්මේ­ලන) සම්මාන උළෙ­ලේදී නෙස්ලේ සමා­ගමේ රිමාස් රිස්වී සහ අනු­රුද්ධ රත්ව­ත්තල රන් සම්මාන දිනා­ගැ­නී­මට සම­ත්වූහ. එහිදී රිමාස් වසරේ හොඳම ප්‍රාදේ­ශීය කළ­ම­නා­කරු සම්මා­න­යත් a (Territory Manager of the Year Award) නවීන වෙළෙ­ඳාම් අංශයේ ප්‍රාදේ­ශීය කළ­ම­නා­කරු - රන් සම්මා­න­යත් Territory Manager, Modern Trade

– Gold Award දිනා­ගත් අතර FMCG ආහාර අංශයේ විකු­ණුම් විධා­යක රන් සම්මා­නය Sales Executive – Gold Award අනු­රු­ද්ධට හිමි­විය.

මෙහිදී සම්මාන අංශ 23ක් යටතේ සමා­ගම් 140ක විකු­ණුම් නිල­ධා­රීන් 750ක් පමණ තර­ග­වැ­දු­ණහ. නෙස්ලේ ලංකා සමා­ගම SLIM NASCO සම්මාන උළෙ­ලේදී අඛ­ණ්ඩව සම්මාන දිනා­ගත් තෙවැනි අව­ස්ථාව ද මෙය විය.

Comments