බේබි ෂෙරමි “දරු පැටි­යාගේ ලෝකය” | Page 2 | සිළුමිණ

බේබි ෂෙරමි “දරු පැටි­යාගේ ලෝකය”

දේශීය පාරි­භෝ­ගික නිෂ්පා­දන සමා­ගම් අතර ප්‍රමු­ඛ­තම සමා­ග­මක් වන හේමාස් සමා­ගමේ තවත් සුවි­ශේෂ සමාජ සත්කා­ර­යක් වන බේබි ෂෙරමි දරු පැටි­යාගේ ලෝකය වැඩ­ස­ට­හන දියත් කිරීම පිළි­බඳ මාධ්‍ය දැනු­වත් කිරීමේ වැඩ­ස­ට­හ­නක් පසු­ගිය දා පැවත්විණි.

හේමාස් සමූහ ව්‍යාපා­රය වසර 2002 සිට කාන්තා හා ළමා කට­යුතු අමා­ත්‍යාං­ශය හා ළමා ලේකම් කාර්යා­ලය සමඟ සමී­පව කට­යුතු කරන අතර සමා­ගම විසින් ක්‍රියා­ත්මක කරන ලද මුල් ළමා­විය රැක­ව­ර­ණය සහ සංව­ර්ධ­නය (ECCD) වැඩ­ස­ට­හන් සඳහා අමා­ත්‍යාං­ශය ඔවුන්ගේ පූර්ණ සහ­යෝ­ගය ලබා දී ඇත. වසර 2002 දී අමා­ත්‍යාංශයේ අනු­මැ­තිය සහි­තව ආරම්භ කෙරුණු පිය­වර වැඩ­ස­ට­හන ඔස්සේ අඩු වර­ප්‍ර­සාද ලත් ළමයින් සඳහා පෙර පාසල් 56 ක් ශ්‍රී ලංකාව පුරා ස්ථාපිත කිරී­ම­ටත් ළමා ලේකම් කාර්යා­ලය සමඟ කට­යුතු කිරී­ම­ටත් හේමාස් සමා­ග­මට හැකි වී තිබේ.

Comments