සිහිබුද්ධියක් ඇති ජන­තාව මෙවැනි පුද්ග­ලයන්ට බලය දෙන්නේ නැහැ | Page 2 | සිළුමිණ

සිහිබුද්ධියක් ඇති ජන­තාව මෙවැනි පුද්ග­ලයන්ට බලය දෙන්නේ නැහැ

 

 

මේ දින­වල මැති­ව­රණ වේදි­කාවේ ඇසෙන මාධ්‍ය­වේදි නම් කිහි­ප­යක් ඇත. ලසන්ත වික්‍ර­ම­තුංග, කිත් නොයාර්, උපාලි තෙන්න­කෝන් සහ පෝද්දල ජයන්ත යන නම් සුල­බව මේ දින­වල දේශ­පා­ලන වේදි­කාවේ කිය­වෙයි. එයට හේතුව කවු­රුත් දන්නා එකකි. මේ අත­රින් නම කිය­වෙන පෝද්දල ජයන්ත හිටපු සිළු­මිණ කර්තෘ මාණ්ඩ­ලි­ක­යෙකි. ශ්‍රි ලංකා­වෙන් ඈත ඇමෙ­රි­කාවේ ජීවත් වන ඔහු තමන්ට එල්ල වූ අමා­නු­ෂික මැර ප්‍රහා­ර­යෙන් පසුව සිළු­මිණ වෙනු­වෙන් ලබා දුන් සාක­ච්ඡාව මෙසේ පළ කරමු.

 

පසු­ගිය ආණ්ඩු සමයේ අති­ෂය අමා­නු­ෂික අත්දැ­කී­ම­කට ඔබ මුහුණ දුන්නා. එහෙම වෙන්න හේතුව මොකක් ද?

 

පසු­ගිය ආණ්ඩු සමයේ වූ පැහැර ගෙන ගොස් මරා දැමීමේ ‘සුදු වෑන් සංස්කෘ­තිය‘ ගැන මං විත­රක් නෙමෙයි මේ මුළු රටම දැන­ගෙන හිටියා. ඒත් ඒ ගැන කවු­රු­වත් එළි­පිට කතා කරන්න බය වුණා. මා දන්නා බොහෝ දෙනා විශේ­ෂ­යෙන් ම මාධ්‍ය­වේ­දීන් ‘සුදු වෑන්‘ පැහැර ගැනී­ම­කට ලක් නොවී සිටී­මට හරි­යට පරි­ස්සම් වුණා. “ජන­තා­වට ඇත්ත කියන්න ගියොත් මැරුම් කන්නයි වෙන්නේ. කට වහ­ගෙන පරි­ස්ස­මින් හිට­පන් ” ඒ අය මටත් උප­දෙස් දුන්නා. ඒත් මේ රටේ මිනිස්සු උප­දි­න්නත් කලින් ඉඳ­ලම මැරිලා යන­කම්ම මේ රටට ‘බදු‘ ගෙව­නවා. ඒ මිනි­ස්සුන්ට තමන් ආණ්ඩු­වට ගෙවන බදු මුද­ල්ව­ලට මොන­වද වෙන්නේ කියල දැන ගන්න අයි­ති­යක් තියෙ­නවා. ඔවුන්ට ඒ අයි­තිය ගැන දැන ගන්න තියෙන පහ­සුම මාර්ගය තමයි ජන­මාධ්‍ය. රටේ ආණ්ඩු කරන දේශ­පා­ල­ක­යන් අහිං­සක මිනි­සුන්ගේ බදු මුද­ලින් පිස්සු නට­න­කොට, ඒවා සාහ­සික විදි­යට ඩැහැ­ග­න්න­කොට, ඒ බව මේ රටේ ජන­තාව දැන­ගන්න ඕන නැද්ද?. 2005 දී බල­යට පත්වුණු රජය ජන­මා­ධ්‍ය­වේ­දීන් මරා දැමුවා, මරණ තර්ජන එල්ල කළා. මාධ්‍ය ආය­ත­න­ව­ලට බෝම්බ ගැහුව්වා. ගිනි තිබ්බා. මේ හැම දෙයක්ම ඒ අය කළේ මේ රටේ ජන­තාව දැන­ග­ත­යුතු තිත්ත ඇත්ත සමාජ ගත­වීම වැළැ­ක්වීම සඳ­හයි. ඒ සඳහා ඔවුන් කට­යුතු කළේ ඉතාම සැල­සුම් සහ­ග­ත­වයි. ඒවා ගැන කතා කරන්න ගිහින් ලැබුණු දඬු­වම තමයි මේ.

 

පසු­ගිය පාලන සමයේ මේ මර්ද­න­කාරී ක්‍රියා­න්වි­තය ආර­ම්භයේ සිට පැහැ­දිලි කළොත්?

 

මුලින් ම රාජ­පක්ෂ ආණ්ඩුව බොහෝම සුළු­වෙන් තමයි මාධ්‍ය මර්ධ­නය පට­න්ගත්තේ. පසුව ඒක වර්ධ­නය වුණා. ශ්‍රී ලංකා වෘත්තීය ජන­මා­ධ්‍ය­වේ­දීන්ගේ සංග­මය කියල කියන්නේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය­වේ­දීන් 1200 ක පමණ (ඒව­න­විට) නියෝ­ජ­නය කරපු සංග­ම­යක්. මේ සංග­මයේ බොහෝ සමා­ජි­ක­යන් මේ ජන­මාධ්‍ය මර්ද­නය හමුවේ තර්ජන ගර්ජ­න­ව­ලට විත­රක් නෙමෙයි, ඔවුන් සේවය කළ මාධ්‍ය ආය­තන පවා ප්‍රහා­ර­යට ලක්වුණා. පර­මේ­ෂ්වරී මුණු­සාමි එල්ටී­ටීරී ක්‍රියා­කා­රි­යක් විදි­යට අත් අඩං­ගු­වට ගෙන දින අනූ­වක් පමණ තබා­ගෙන ත්‍රස්ත විම­ර්ෂණ ඒක­කය විසින් පරී­ක්ෂණ පවත්වා නිදොස් කොට නිද­හස් කර තිබුණා. එසේ තිබි­ය­දීත් ඇය එල්ටී­ටීඊ ක්‍රියා­කා­රි­නි­යක් විදි­යට හංවඩු ගස­මින් තිබුණා. මේ නිසා එවක ජන­මා­ධ්‍ය­වේ­දීන් සංග­මයේ මහ ලේකම් ලෙස මටත්, සභා­පති සනත් බාල­සූ­රි­ය­ටත් සෙසු නිල­ධා­රී­න්ටත්, සමා­ජි­ක­ය­න්ටත් බලා ගෙන සිටිය නොහැකි වාතා­ව­ර­ණ­යක් උදා වුණා. මේ නිසා අනෙ­කුත් ජන­මාධ්‍ය සංගම් එකතු කර­ගෙන පසු­ගිය ආණ්ඩුවේ ජන­මාධ්‍ය මර්ද­න­යට එරෙ­හිව පාරට බැස්සා. එදා අපට වෙන වෙනම ඉඳ­ගෙන මේකට මුහුණ දෙන්න බැරි තත්ත්ව­යක් තමයි එදා තිබුණේ. ඒ අනුව සියලූ මාධ්‍ය සංවි­ධාන එක්ව මාධ්‍ය සංවි­ධාන එක­මු­තු­වක් ලෙස සංවි­ධා­නය වුණා. ඒත් මාධ්‍ය මර්ද­නය නතර වුණේ නැහැ.

මේ තත්ත්ව­යට මුහු­ණ­දීම සඳහා බොහෝ සිවිල් සංවි­ධාන අප සමඟ එක්ව මාධ්‍ය මර්ද­න­යට එරෙහි ව්‍යාපා­රය ලෙස නව පුළුල් සංවි­ධා­න­යක් පිහි­ටුවා ගත්තා. මොකද ජන­මාධ්‍ය නිද­හස කියන්නේ රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ කැඩ­පත. නමුත් ඒ වෙන­කොට ඊට ශක්ති­මත්ව මුහුණ දෙන්න පුළු­වන් තත්ත්ව­යක් තිබුණෙ නැහැ. මේ නිසා රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය රැක ගැනීමේ කාර්ය­භා­ර­යත් අපේ කර පිට පැටවී තිබුණා. අප අපට හැකි උප­රි­ම­යෙන් ඒ වෙනු­වෙන් පෙනී හිටියා. මේ නිසා මාධ්‍ය සංග­ම්වල පළමූ පෙළ ක්‍රියා­ධ­රි­යින් කිහිප දෙනෙක් එදා පාල­ක­යාන්ගේ බද්ධ වෛර­යට ගොදුරු වී සිටියා. ඔවුන්ට තර්ජ­නා­ත්මක දුර­ක­ථන ඇම­තුම් ලැබුණා. නමුත් අපට ඒවා ඒවන විට සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුණා. මේ කාලය වන විට අපට සති­ය­කට වරක් දෙව­රක් මේ මාධ්‍ය මර්ද­න­යට එරෙ­හිව පාරට බහි­න්නට සිදු වුණා.

මේ කාලයේ නේද ඔබ­ටත්, සනත් බාල­සූ­රි­ය­ටත් ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ එවක ලේකම්ගේ කැඳ­වී­ම­කට යන්න සිද්ද වෙන්නේ ?

 

ඒක වුණේ කීත් නොයාර් පැහැර ගිය දිනට පසු දින. මාත්, සනත් බාල­සූ­රි­යත් එත­කොට සේවය කළේ ලේක්හ­වුස් ආය­ත­නයේ. ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ එවක ලේකම්ගේ දැනුම් දීමක් මත අප දෙදෙනා ආර­ක්ෂක අමා­ත්‍යාං­ශ­යට කැඳ­වා­ගෙන ගියා. අප එහි දී ගෝඨා­භය රාජ­පක්ෂ ව මුණ ගැහුණා.“සියලූ උද්ඝෝ­ෂණ ව්‍යාපාර නැවැ­ත්වූවේ නැත්නම් සිදු­වන දේ බලා­ගන්න පුලු­වන්” යැයි කිය­මින් එහි දී ඔහු අපට තර්ජ­නය කළා. නමුත් අප ඔහූගේ තර්ජ­න­යට බිය වූණේ නැහැ. “ඔබ කරන්නේ තර්ජ­න­යක්ද …?” අප එවෙ­ලෙම ඔහු­ගෙන් ඇහුව්වා. “ තව­දු­ර­ටත් මාධ්‍ය­වේ­දීන් මරා දැමීම, තර්ජ­නය කිරීම, පැහැර ගෙන යෑම, මාධ්‍ය ආය­ත­න­ව­ලට ප්‍රහාර එල්ල කිරීම නව­ත්වන්න. ඒ දේවල් නව­ත්වන තුරු අපි අපේ විරෝ­ධතා ව්‍යාපාර නොන­වත්වා ඉදි­රි­ය­ටත් පව­ත්වා­ගෙන යනවා” කියල අපි දෙන්නා එක හඬින්ම කිව්වා. “අපි දුප්පත් වුණත්, අපේ මව්පි­යන් මැද­මු­ලනේ වළං හොඳන්නේ නෑ” කියලා එවෙලේ අපි මූණට ම කිව්වා. එවිට ‘‘ ආ එහෙම ද? එහෙ­නම් නම් වෙන්න ඕන දේ ඕන තැනින් වෙයි” කියල ඔහු කිව්වා. තවත් ඒ අප­හාස තර්ජන ඉව­සන් ඉන්න බැරි­තැන අපි එතැ­නින් එළි­යට ආවා. ඒක ඉතාම පැහැ­දිලි ජීවිත තර්ජ­න­යක් බව අපට හැඟුණා. ඒ නිසා ඔහූගේ කාර්යා­ල­යෙන් පිට වී අපි දෙන්නා කොටුව පොලී­සි­යට ගියා. ඒත් අපේ පැමි­ණිල්ල ඔවුන් භාර ගත්තේ නැහැ.

 

ඊට පස්සේ මොකද වුණේ?

 

ඒ සිදු­වීම වෙලා මාස කිහි­ප­යක් යන­කොට ‘මිග් 27‘ගනු­දෙ­නුව ගැන ‘සන්ඬේ ලීඩර්‘ සහ ‘සන්ඬේ ටයිම්ස්‘ පුව­ත්ප­ත්වල ලිපි පළ වුණා. ඒත් එක්කම සන්ඩේ ටයිම්ස් පත්තරේ මාධ්‍ය­වේ දී ඉක්බාල් අතාස්ට මරණ තර­ජන එල්ල වුණා. වැඩි දව­සක් ගත වුණේ නැහැ සන්ඬේ ලීඩර් පුව­ත්පතේ කර්තෘ ලසන්ත වික්‍ර­ම­තුංග මහ දවල් අධි ආර­ක්ෂක කලා­ප­යක මහ­මග මරා දමා තිබුණා. ලසන්ත වික්‍ර­ම­තුංග අව­මං­ගල්‍ය උත්ස­වය මාධ්‍ය සංවි­ධාන, සිවිල් සංවි­ධාන, බොහෝ දේශ­පා­ලන පක්ෂ එකතු වී දැඩි විරෝ­ධතා මධ්‍යයේ සිදු කළා. ඊට පස්සේ අපේ සංවි­ධා­නයේ හා නිද­හස් මාධ්‍ය ව්‍යාපා­රයේ ප්‍රධා­නීන්ට නොක­ඩවා මරණ තර්ජ­නය එල්ල වුණා. ඔවු­න්ගෙන් බේරී­මට තිබූ එකම වික­ල්පය වුණේ රටින් පිටව යාමයි. අප රටින් පිටව ගියා. ඒත් සති තුන­කින් විතර මම ලංකා­වට ආවා. ඔය කාලය වන­විට අප සංගම් කාර්යා­ලයේ ඉදි­කි­රීම් කට­යුතු ආරම්භ කර­ලයි තිබුණේ. දව­සක් මා සංගම් කාර්යා­ලය ඉදි­ක­රන වැඩ බිමේ සිට නිවස කරා යාමට පිටත් වුණා. ඒ වන විට මම හිටියේ ශ්‍රී ලංකා පුව­ත්පත් ආය­ත­න­යෙන් ලබා දෙන නුගේ­ගොඩ ඇඹු­ල්දෙ­ණියේ පිහිටි ආර­ක්ෂිත නිව­සක. මම පිට­කො­ටුවේ සිට නුගේ­ගොඩ දක්වා පැමිණ එතැ­න්සිට ඇඹු­ල්දෙ­ණිය මහ­වත්ත පාරේ ඇවිද ගෙන යන විට නවතා තිබූ සුදු වෑන් රියක් අස­ළින් යන විට ක්ෂණි­කව දොර­වල් විවෘත කොට ඇතු­ළත සිටි පිරි­සක් මා ඇතු­ළට ඇද ගත්තා. මගේ මත­කයේ හැටි­යට එම සුදු වෑන් රථයේ තිබූණේ ඉදි­රි­පස ආස­නය සහ පිටු පස ආස­නය විත­රයි. පැහැර ගත් සැණින් ඔවුන් මාව වෑන් රථය බිමට ඇද දමා අත් දෙකයි ඇස් දෙකයි බැන්දා. ඊට පස්සේ ඉතාම අමා­නු­ෂික අන්ද­මින් පහර දුන්නා. එහෙම පහර දෙන අත­ර­තුර ඔවුන් පැවසු දේ මගේ කණ වැකුණා. “ඔහොම හරි­යන්නේ නෑ. මේ කොට කෑල්ල කකුලෙ යටට තියලා ගහ­පන්”. මොහො­ත­කින් හෙණ­යක් පාත්වුණා වගේ. මට සිහි­සුන් වෙන්න යනවා වගේ දැනුනා. ඊට පස්සේ මට මොනව වුණාද කියල මං දන්නේ නැහැ. විශාල පිළි­ස්සුම් වේද­නා­ව­කින් මං එක­පා­ර­ටම ඇහැ­රුණා. ‘මීට පස්සේ උඹ බල්ලා වගේ කට පියා­ගෙන හිටපං. මේක අප­ටත් මළ කර­ද­ර­යක්” එතන සිටි අයෙක් කිව්වා. වාහ­නයේ දොර විවෘත වෙන හඬ ඇසුණා. මාව වාහ­න­යෙන් එළි­යට ඇදල දැම්මා කියල මට දැනුණා.

පසුව මම දැන­ගත්ත විදි­යට මාව දාල ගිහින් තිබුණේ අංගොඩ උණ රෝහ­ලට යන පාළු පාරක ලඳු කැළෑ­වක් අසළ. රාත්‍රි­යට ඒ පාරේ වාහන යන්නේ ඉතාම කලා­තු­ර­කින්. ත්‍රීරෝද රථ රිය­දු­රෙක් ඒ අස­ලින් යද් දී එහාට මෙහෙට පෙර­ළෙන, කෑග­සන ගුලි­යක් වගේ දෙයක් දැකල; අංගොඩ මංස­න්ධි­යට ගිහින් තවත් ත්‍රීරෝද රථ රිය­දු­රන් කිහිප දෙනක් එක්ක­ගෙන ඇවිත් මොකක්ද කියල බලලා. ඊට පස්සේ මනු­ස්ස­යෙක් කියල දැන­ගෙන ගැට­ග­හල තිබූණු මගේ බැමි කපල මාව කොළඹ මහ රෝහලේ හදිසි අන­තූරු අංශ­යට ඇතු­ළත් කර තිබුණා. රෝහ­ලට ඔවුන් මාව අර­ගෙන එන­කොට නොන­ව­තින විශාල කැස්සක් මට තිබුණා මත­කයි. ඒ කැස්ස හැදිල තිබුණේ මගේ රැවුල කපල ඒ කෙස් මගේ කටට ඔබල තිබුණ නිසයි. කුඩා කෙස් කෙට උගු­රට ගිහින් කැස්ස ඇති වී තිබුණා. හදිසි අන­තුරු වාට්ටු­වට ඇතු­ළත් කිරී­මෙන් පස්සේ පැය කිහි­ප­ය­කින් පියවි සිහිය ලැබුණා. එත­කොට තමයි දැන­ගත්තේ මගේ වම් පාදය වළලූ කර ළඟින් කඩා දමා ඇති බව. අනිත් කකුලේ අස්ථි බිඳී නොති­බු­ණත් දරුණු අන්ද­මින් සිදු කළ පහ­ර­දීම් නිසා මාංශ පේශි­ව­ලට හානි­වෙලා තිබුණා ඒ වගේම පිලිස්සී තිබුණා. දකූණු අතේ ඇඟිලි කිහි­ප­යක්ම තුවාල කරලා තිබුණා. මීටත් අම­ත­රව මුගූ­රක් වැනි දෙය­කින් ඔළුට පහර දීම නිසා තැලී තුවාල වී තිබුණා. පසුව ශල්‍ය­ක­ර්ම­ය­කට භාජ­නය කර කඩා දමා තිබුණු වම් පාදයේ වළ­ලූ­කර ලෝහ­මය තහ­ඩු­ව­ලින් බද්ධ කළා. රෝහලේ සිටි මූල් දින කිහි­ප­යම මා ගත­කළේ කිසිදා කිසි­වකූ නොදැ­රිය යූතු මහත් වූ වේද­නා­ව­කින්. මේ විදි­යට දවස් 29ක් හදිසි අන­තුරු ඒක­කයේ මා ප්‍රති­කාර ලැබුවා. ඊට­පස්සේ මාස තුනක් ම සති දෙක­කට වරක් සාය­නික ප්‍රති­කාර සඳහා රෝහ­ලට යන්න මට සිද්ද වුණා. මේ ගතවු මාස නම­යක කාලය තුළ යම්ත­මින් හරි මම ඇවි­දන් ගියේ කිහි­ලි­ක­රු­වල ආධා­ර­යෙන්.

 

දින 29ක් රෝහලේ හිටපු ඔබ නිව­සට ගියේ ඉදි­ක­ර­මින් තිබූණු සංගම් කාර්යා­ල­ය­ටත් ගිහිල්ලා. අයි එච්චර අමා­රු­වෙන් ඒවගේ දෙයක් කළේ.

 

ඇත්ත­ටම සංගම් කාර්යා­ලය හදන එක මගේ හීන­යක්. ඒකට හේතූ තමයි වසර 38 කට වැඩි ඉති­හා­ස­යක් තිබුණු අපේ සංග­ම­යට හරි හමන් කාර්යා­ල­යක් නොති­බීම. ටිකට් කපල රෝහ­ලෙන් පිට­වෙලා එන­කොට බිරි­ඳත්, ගාමිණී සුස­න්තත් මා සමඟ හිටියා. ඔවුන්ගේ තද­බල විරෝ­ධය මත මා සංගම් කාර්යා­ලය ඉදී­ක­රන වැඩ බිමට ගියා. ඊට මාස දෙක­කට විතර පස්සේ සිය­ලූම පුව­ත්පත් කතු­ව­රුන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් නව සංගම් කාර්යා­ලය විවෘත කළා. ඒ ආවෙත් කිහි­ලි­කරු ආධා­ර­යෙන්. පැහැර ගැනී­මෙන් මාස හය­කට පස්සේ ජීවි­තා­ර­ක්ෂාව සඳහා ලංකාවේ ඇමෙ­රි­කානු තානා­පති කාර්යා­ලය මඟින් මාවත්, බිරි­ඳ­වත්, දිය­ණි­ය­වත් ඇමෙ­රි­කා­වට යැව්වා.

 

අමා­නු­ෂික අන්ද­මින් පහ­ර දී වසර දහ­යක් පමණ ගතවී තිබු­ණත්; තව­මත් ඔබ ඉන් පීඩා විඳින බව දැන ගන්න ලැබුණා.

 

ඔව් ඔවුන් මට නිරෝගී මිනි­සකු විදි­යට ජීව­ත්ව­ත්වෙලා මිය යන්න තිබෙන අයි­තිය අහිමි කර තිබෙ­නවා. අදත් ඒ වධ හිංසා නිසා මම විවිධ අතුරු ආබා­ධ­යන්ට මුහුණ දෙනවා. ශීත සෘතු­වේ දී ඇතැම් දින­වල ශීතල ඍණ අග­යට පත්වන අවස්ථා තිබෙ­නවා. සුළු වේලා­ව­කට හෝ ඒ මොහොතේ එළි­ම­හ­නට ගියොත් වම් කකුල අභ්‍ය­න්ත­රයේ බද්ධ කර ඇති ලෝහ­මය තහඩු ශීතල වෙලා ඉව­සා­ගන්න බැරි වේද­නා­වක් දෙප­තුලේ සිට හිස් මුදුන කරා ගමන් කර­නවා. පඩි පෙළක් නඟින්න අමා­රුයි. වේග­යෙන් ඇවිද ගෙන යන්න බැහැ. ඇවිද යද් දී සම­බ­ර­තාව ගිලි­හෙන ඇතැම් අව­ස්ථා­වල ඇති­වන වේද­නාව ඉවස ගන්න අමා­රුයි. ඒ වේද­නාව පැයක් හමා­රක් පහ­නොවී තියෙ­නවා. මේ සියලූ ශාරී­රික වේද­නා­වන් කෙසේ හෝ ඉවසා දරා­ග­ත්තත්; මගේ මනස තව­මත් බියෙන් සලිත වෙනවා. වසර දහ­යක් ඉක්ම ගිහින් තිබු­ණත් ඒ මාන­සි­ක­ත්ව­යෙන් මට මිදී­මට නොහැ­කියි. මම රාත්‍රියේ දී මර හඬ දී නින්දෙන් අවධි වෙනවා. ලංකා­වෙන් සැත­පුම් දස දහස් ගණ­නක ඈත සිටි­යත් අදත් සුදු වෑන් රථ­යක් දකින විට මා බියෙන් සලිත වෙනවා. මේ සඳහා කොතෙ­කුත් උප­දේ­ශන ප්‍රති­කාර ලැබූ­වත් මගේ මනස සුව­පත් වී නැහැ. මා කව­දා­වත් මෙත­රම් දුර්වල මන­සක් ඇත්තෙ­කුව සිට නැහැ. එහෙත් නිරෝගී මිනි­සකු වූ මා රෝගි­යකු බවට පත්කර තිබෙ­නවා.

 

පසු­ගිය පාලන කාලය තුළ ඝාත­න­යට ලක් වූ අයට හෝ ඔබට තව­මත් යුත්තිය ඉටු වී නැහැ නේද?

 

ලසන්ත වික්‍ර­ම­තුංග මරා දැම්මා. සම්පත් ලක්මාල් ඇතුළු මාධ්‍ය­වේ­දීන්, මාධ්‍ය සේව­ක­යන් 44 දෙනකු මරා දමා තිබෙ­නවා. ඔවුන් දැන් මිය ගිහින්. ඒත් මං වගේ පැහැර ගැනී­මට සහ අති අමා­නු­ෂික වධ­හිං­සා­වන්ට ලක්වූ පිරිස් මුළු ජීවිත කාල­යම දවස ගානේ මැරි මැරී උප­දි­නවා. මේ තත්ත්ව­යට පත්වෙන්න මා කළ අප­රා­ධය මොකක්ද?. කවු­රුන් හෝ වර­දක් කර ඇත්නම්, පැහැ­ර­ගෙන ගොස් අමා­නු­ෂික වධ බන්ද­න­ව­ලට ලක්කි­රී­මට කවර නීති­ය­කින් ද අව­සර දී ඇත්තේ? මා සේවය කළේ මුද්‍රිත මාධ්‍ය­යක. මා ලියූ අකු­රක් පාසා අදත් ඕනෑම කෙනෙ­කුට කියවා බැලී­මට හැකියි. රාජ්‍ය මාධ්‍ය­යක් වූ ‘සිළු­මිණ’ පුව­ත්පතේ පව­තින රජයේ රාජ්‍ය ආය­ත­න­වල මහා පරි­මාණ දූෂණ වංචා කොත­රම් හෙළි­ද­රව් කර තිබේද යන්න ඕනෑම කෙනෙ­කුට පරීක්ෂා කර බැලී­මට පූළු­වන්. මහ බැංකු බැඳු­ම්කර සිද්ධි­යට පෙර ශ්‍රී ලංකාවේ සිදු වූ විශා­ල­තම වැට් බදු වංචාව රටට හෙළි කළේ මායි. වංචාවේ ප්‍රමා­ණය කෝටි 1200 ක්.

එය මුලින්ම හෙළි­ද­රව් කළේ වංචාව කෝටි පන­හක්ව තිබි­ය­දීයි. ඒ පිළි­බඳ මා විසින්ම අල්ලස් කොමි­සමේ පැමි­ණි­ල්ලක් ද දමා තිබෙ­නවා. රාජ­පක්ෂ බල­යට පැමිණ හොර­ක­මට අදාළ වැට් බදු අංශයේ නියෝජ්‍ය කොම­සා­රිස් ආදා­යම් බදු කොම­සා­රිස් ජන­රාල් බවට පත් කළා. ඒ නිසා මේවා හෙළි­ද­රව් කිරීම රාජ­ප­ක්ෂ­ලාට රිස්සූවේ නැහැ. රටක බදු ගෙවන ජන­තා­වගේ තොර­තුරු දැන­ගැ­නීමේ අයි­තිය වෙනු­වෙන් සටන් කළ නිසා තමයි අද මා අර්ධ ආබා­ධි­ත­යකු බවට පත්ව සිටින්නේ. මේ ඛේද­වා­ච­ක­යට මුහුණ දී ඇත්තේ මා පම­ණක් නෙමෙයි. මාධ්‍ය ක්ෂේත්‍රයේ රැඳී සිටි අයකු නිසා මට සිදු වූ විපත ගැන කතා­බ­හට ලක්වුණා. එහෙත් හඬක් නැති කී දෙනෙ­කුට මේ අප­රා­ධය සිදු­වෙලා ඇද්ද ?

රාජ්‍ය පාල­නයේ දී සිදු­වන වර­දක් පෙන්වා දීම, විවේ­ච­නය කිරීම; ඒ පුද්ග­ලයා මරා දැමී­මට අතු­රු­ද­හන් කිරී­මට, පැහැර ගෙන ගොස් අමා­නු­ෂික වධ­හිං­සා­වන්ට ලක්කොට නිහඬ කිරී­මට හේතු­වක් වී තිබුණා. ඒ නිසා එදා ජන­මා­ධ්‍ය­වේ­දීහු නිහඬ වුණා; ජන­මාධ්‍ය ආය­තන නිහඬ වුණා; සිවිල් ක්‍රියා­කා­රි­ක­යින් නිහඬ වුණා. ඇත්ත­ටම මේ රටේ ජන­තාව සබු­ද්ධික නම්, හෘදය සාක්ෂි­යක් ඇති අය­නම්, මෙවැනි ව්‍යස­න­යක් නැවත දොතින් තුරුලූ කර ගන්න එකක් නැහැ. ඒ නිසා මොවුන් මේ සිදු කරල තියෙන්නේ එසේ මෙසේ අප­රා­ධ­යක් නෙමෙයි. මේවට ඔවුන් වන්දි­ගෙ­විය යුතු­මයි. ඒ නිසා මට ඉටු කරන යුක්තිය වෙන්නේ මේ රටේ සබු­ද්ධික ජන­තාව නැවත එවැනි තත්ත්ව­ය­කට ඉඩ නොතැ­බී­මයි.

 

Comments