ශක්ති­මත් පාල­න­යක් කියන්නේ මිලි­ටරි පාල­න­යකට නෙමෙයි | සිළුමිණ

ශක්ති­මත් පාල­න­යක් කියන්නේ මිලි­ටරි පාල­න­යකට නෙමෙයි

ඉදි­රි­යේදී කුමන ආණ්ඩු­වක් බල­යට පත් වුවත් ඔවුන්ට ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය මඟ­හැර කට­යුතු කරන්න බැහැ. නමුත් ප්‍රජා­තන්ත්‍ර විරෝධී බල­වේග මිලි­ටරි පාල­න­යක අව­ශ්‍ය­තාව මතු කර­මින් තිබෙ­නවා. එවැනි තත්ත්ව­යක් යටතේ ලැබී තිබෙන ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අව­කා­ශ­යට කුමක් සිදු වේවිද?

අප්‍රේල් මාසයේ සිදු වූ ත්‍රස්ත­වාදී ප්‍රහා­ර­යෙන් පස්සේ සමා­ජය තුළ විශේෂ තත්ත්ව­යක් හා එක්තරා ආකා­ර­යක මනෝ­භා­ව­යක් ඇති වී තිබෙ­නවා. ඒකට යම් සාධා­රණ හේතු­වක් තිබෙ­නවා. ඒ තමයි මෙය එල්.ටී.ටී.ඊ ය පැවති කාල­යේ­වත් සිදු නොවූ ආකා­රයේ විශාල පරි­මා­ණයේ ප්‍රහා­ර­යක් වීම. බොහෝ දෙනා දැන් මොන දේ කිව්වත් මුස්ලිම් අන්ත­වා­දය ගැන කලින් දැන­ගෙන හිටියා. නුමුත් එය ඉතාම සුළු­ප­රි­මා­ණව පටන් අර­ගෙන; එක්කෙ­නෙක් දෙන්නෙක් මරලා; පොඩි බෝම්බ­යක් එහෙම පුපු­ර­වල පටන් අරන්; පස්සේ වර්ධ­නය වෙයි කියලා හිතුවා මිසක් මේ ආකා­ර­යට විශාල විදි­යට මුලින් පටන් ගනියි කියන අද­හස කාට­වත් තිබුණෙ නැහැ. මේ සිදු වීමත් එක්ක සමා­ජය විය­වු­ල්ස­හ­ගත ප්‍රක­ම්ප­න­ය­කට පත් වී තිබෙ­නවා. මේ නිසා සමා­ජය තුළ නිස්ක­ලං­කව නිද­හස්ව ජීවත් වීමේ හැකි­යාව තුරන් වී තිබෙ­නවා. මේ සිදු වීම නිසා ඉදිරි වසර පහ කොහො­මද මේ රට කළ­ම­නා­ක­ර­ණය කරන්නේ කියන දේ පිළි­බ­ඳව සබු­ද්ධික තීර­ණ­යක් ගැනීමේ හැකි­යාව දුර්වල කර තිබෙ­නවා. ඒ වෙනු­වට සහ­රාන්ගේ මේ ප්‍රහා­ර­යත් සමඟ ජාතික ආර­ක්ෂාව කියන කාර­ණය කර­ළි­යට පැමිණ තිබෙ­නවා. නමුත් මේ සඳහා තාර්කික ප්‍රවේ­ශ­යක් යෝජනා කරනු වෙනු­වට ආවේග බහුල සටන් පාඨ ඉදි­රි­යට ඇවිත් තිබෙ­නවා. ඉන් එක අද­හ­සක් තමයි ‘බුද්ධි අංශ අඩ­පණ වෙලා, ඒ නිසයි මේ ප්‍රහා­රය සිදු වුණේ‘ කියන මතය. නමුත් සිදු වුණේ එහෙම එකක් නෙමෙයි. මොකද සහ­රාන් සම්බ­න්ධ­යෙන් බුද්ධි අංශ තොර­තුරු ඉතාම නිවැ­රදි ලෙස ලැබී තිබුණා. ඒ සම්බ­න්ධ­යෙන් ක්‍රියා කළ ආකා­රයේ ගැට­ලු­වක් තමයි තිබුණේ. එත­කොට බුද්ධි අංශය දුර්ව­ලයි කියලා ගොඩ­න­ඟන මතය පද­නම් විර­හි­තයි. ඒක ව්‍යාජ මත­යක්. නමුත් එ් පිළි­බ­ඳව හිතීමේ ප්‍රශ්න­යක් තියෙ­නවා.

දෙවෙනි කාර­ණය තමයි මේ එක රජ­යක් කියලා හිතලා ඒකට චෝදනා නැඟීම. ලංකාවේ තියෙන්නෙ තනි විධා­ය­ක­යක් නොවෙයි. ඇමෙ­රි­කාව වගේ රට­වල ජනා­ධි­පති ආණ්ඩු­ක්‍ර­ම­යක් පව­තින්නෙ. එනම් ජනා­ධි­පති පම­ණයි විධා­ය­කය බවට පත් වෙන්නෙ. පාර්ලි­මේ­න්තුව නැති නම් කැබි­නට් ආණ්ඩු ක්‍රම­යක් පව­ත්වා­ගෙන යෑම අනෙක් ක්‍රම­වේ­ද­යයි. නමුත් ලංකාවේ තිබෙන්නෙ මේ ක්‍රම දෙකේම මිශ්‍ර­ණ­යක්. විධා­ය­කය පරි­පූර්ණ වෙන්නෙ පාර්ලි­මේ­න්තුවේ කැබි­නට් මණ්ඩ­ලය පත් වීමෙන්.

ඒ කණ්ඩා­යම පක්ෂ 2කින් පැව­තු­ණොත් බල අර­ග­ල­යක් නිර්මා­ණය වෙනවා. පසු­ගිය වසරේ ඔක්තෝ­බර් 26 ආණ්ඩුවෙ ද්විත්ව ස්වරූ­පය එළි­යට ආවා. ජනා­ධි­පති විරුද්ධ පක්ෂ­යත් සමඟ එකතු වුණා. ඒ වෙලාවේ රටේ ජාතික ආර­ක්ෂාව භාර­වෙලා තිබුණෙ ජනා­ධි­ප­ති­ව­ර­යාට. එහිදී ඔහු කට­යුතු කළ ආකා­ර­යෙන් මේ ද්විත්ව ස්වභා­වය හොඳින් ම පැහැ­දිලි වුණා‍. මේ ක්‍රියා­ව­ලිය උදෙසා විප­ක්ෂයේ දාය­ක­ත්වය, ජනා­ධි­ප­තිට දායක විය හැකි ප්‍රමා­ණය වෙනත් පාර්ශ්ව­ව­ලට ඇති බල­තල පිළි­බඳ විම­ර්ශ­නා­ත්ම­කව සොයා බැලීම වැද­ගත්. එසේ නැතිව ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් ආවේ­ගා­ත්මක සිදු­වී­ම්ව­ලට යෑමෙන් ජන­තාව ගැඹුරු විම­සී­ම­කට යන්නෙ නැහැ.

එල්‍.ටී.ටී.ඊ. ප්‍රශ්නය තිබෙන වක­වා­නුවේ ක්‍රියා­ත්මක කළ ආර­ක්ෂක ආකෘ­ති­යම වර්ත­මා­න­යේත් ක්‍රියා­ත්මක කළ යුතුයි කියන මතයේ ඉන්න පිරිස තමයි බලය ඉල්ලන්නෙ. එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත­වා­දය කියන්නේ දේශීය ප්‍රශ්න­යක්. මුස්ලිම් අන්ත­වා­දය ගෝලීය ප්‍රශ්න­යක්. කිසි­සේත් ම ඒ ආකෘති වර්ත­මා­න­යට අදාළ කර­ගන්න බැහැ. කළ යුත්තේ පව­තින තත්ත්ව­යට සාපේ­ක්ෂව ජාතික ආර­ක්ෂාව ගැන සිතන ආකා­රය වෙනස් කිරී­මයි. ඒ නිසයි වර්ත­මා­නය වෙද්දී ජාතික ආර­ක්ෂාව ප්‍රමු­ඛ­ත්වය අරන් තියෙන්නේ. එයින් අනෙක් සියලු කාරණා යට­ගි­හින්. එහි පළමු වෙනි ගොදුර වෙලා ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යයි. මේ පිරිස තර්ක කරන්නෙ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය නිසා ජාතික ආර­ක්ෂාව අභි­යෝ­ග­යට ලක් වුණා කියලා. එහෙ­නම් ඇමෙ­රිකා එක්සත් ජන­ප­දය වගේ රට­වල් ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය සුර­ක්ෂිත කරන ගමන් ජාතික ආර­ක්ෂා­වත් තහ­වුරු කර­න්නේ කොහොමද? 2001 ත්‍රස්ත ප්‍රහා­ර­යෙන් පස්සේ කිසිදු ත්‍රස්ත ප්‍රහා­ර­ය­කට ඔවුන් මුහුණ දුන්නේ නැහැ. අවශ්‍ය වෙන්නෙ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය කැප කරලා ලබා­ගත්ත ජාතික ආර­ක්ෂාව නෙවෙයි. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය රැක­ග­නි­මින් තහ­වුරු කරන ජාතික ආර­ක්ෂා­ව­කුයි ඕනෑ. ජාතික ආර­ක්ෂා­වෙන් සිදු වෙන්න ඕනේ ජන­තා­වගේ ජීවිත දේපළ ආරක්ෂා කිරී­මයි. ත්‍රස්ත­වා­දී­න්ගෙත් ජීවිත, දේපළ ආරක්ෂා කර­ගැ­නීම කළ­යු­තුයි‍. එහෙම නැතිව එය ක්‍රියා­ත්මක කිරී­මට සිටින ආණ්ඩුව ඒ තත්ත්ව­යට පත් වෙනවා නම් තියෙන්නෙ විශාල ගැට­ලු­වක්.

1956 ජය­ග්‍ර­හ­ණ­යෙන් පසුව බණ්ඩා­ර­නා­යක මහතා බල­යට පත් වුණ විට අවු­රුදු 2ක් 3ක් යද්දී මිනිස්සු ඔහුට සෙවළ බණ්ඩා කිව්වා. නමුත් අවු­රුදු 30, 40 යද්දී ඔහු ශ්‍රී ලංකාවේ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ සංධි­ස්ථා­න­මය ප්‍රති­සං­ස්ක­ර­ණ‍යක් සිදු කළා කියලා ජන­තා­වට වැට­හුණා. ඒ වගේ මේ ප්‍රජා­ත­න්ත්‍රික වෙනස අද තේරුම් නොග­ත්තොත් ඉදිරි අනා­ග­ත­යේදී එය යම්කිසි තක්සේ­රු­ව­කට ඇගැ­යී­ම­කට ලක්වෙයි කියලා කියන්න පුළු­වන්.

පව­තින ආර්ථික අර්බු­දය තුළ ඊළ­ඟට බල­යට පත්වෙන ආණ්ඩු­ව­කට තිබෙන අභි­යෝග හා ඒවා කෙරෙහි ඇති විස­ඳුම් පිළි­බඳ සඳ­හන් කළොත්.

ඇත්ත වශ­යෙන් ම වැඩ කර­නවා කියන වචනේ තේරුම මොකක්ද කියලා හරි­යට අර්ථ­ක­ථ­නය කරන්න ඕනේ. ගෝඨා­භය රාජ­පක්ෂ මහ­ත්තයා ‘වැඩ කර­නවා’ කියන එකෙන් අද­හස් කරන්නේ විය­දම් කරන එක. සුදුසු නුසු­දුසු අත්‍ය­වශ්‍ය අන­වශ්‍ය වැඩ මොන­වාද කියල අව­බෝ­ධ­යක් තියෙන්න ඕනේ. විශේ­ෂ­යෙන් ම ප්‍රමු­ඛ­තාව ලබා­දිය යුතු දේ පිළි­බඳ දැන­ගෙන ඉන්න ඕනේ. වැඩ කර­නවා කියන්නේ ඇස පින­වන දේවල් කරන එක නොවෙයි. වාහ­න­යක් නැති මිනිස්සු අධි­වේගී මාර්ග ගැන ආඩ­ම්බර වෙනවා. නමුත් ඔවුන් ගේ ජීවි­ත­ව­ලට එය කිසි­සේත්ම සම්බන්ධ නැහැ. ගමේ පාසලේ තිබෙන ඛේද­නීය තත්ත්වය ගැන­වත් ඒ පිළි­බඳ ඉල්ලී­මක් කර­න්න­වත් ඔවුන්ට අවශ්‍ය නැහැ.

ඒ වගේ ම මේ රජය හඳුන්වා දීපු ගිලන් රථ සේවය මිනි­ස්සුන්ට ලොකු දෙයක් නොවෙයි. ඒත් ඔවුන්ගේ ජීවි­ත­ව­ලට එය ගොඩක් ප්‍රයෝ­ජ­න­වත්. මිනිස්සු ඊට වඩා අගය කරන්නේ තේරු­මක් නැති දේවල් උදා­හ­ර­ණ­යක් වශ­යෙන් නෙ‍ළුම් කුලුන වගේ ඇස පින­වන දේවල්. ප්‍රමු­ඛතා පිළි­බඳ සාමාන්‍ය ජන­තා­වට අව­බෝ­ධ­යක් නැහැ. නමුත් රාජ්‍ය නාය­ක­යාට ඒ පිළි­බ­ඳව අව­බෝ­ධ­යක් තිබීම අත්‍ය­ව­ශ්‍යයි. උදා­හ­ර­ණ­යක් වශ­යෙන් නගර අලං­ක­ර­ණය. කොළඹ නග­රයේ ප්‍රධාන ප්‍රශ්නය තියෙන්නෙ කොළඹ උඩ නෙවෙයි. කොළඹ යට. මල් වවලා ලස්සන කළාට කානු පද්ධති, මල­ප­වා­හන, ජල­ප­වා­හන පද්ධති ප්‍රති­සං­ස්ක­ර­ණය කරන්නේ නැති නම් ඒ ලස්සන වැඩක් නැහැ. වැද­ගත් වන්නේ ඒ දේවල්. තැනක තියෙන කුණු තව තැන­කට ගෙනි­හින් මල් වැව්වට අර කුණු කානු­ව­ලට එක­තු­වෙන කොට ඊට වඩා ප්‍රශ්න­යක්. ඒවගේ දේව­ල්වල විපාක මීතො­ට­මුල්ල වගේ සිදු­වී­ම්ව­ලදී අපි වින්දා‍.

මල­ප­වා­හන, කානු පද්ධති හදන්න කෝටි බිලි­යන ගණන් වැය කර­නවා.‍ නමුත් එයට ප්‍රමු­ඛ­ත්ව­යක් දෙන්නේ නැහැ. ඒ වගේ ම ආදා­යම් උප­යා­ගැ­නී­මත් වැද­ගත් ම දෙයක්‍. ඇස පින­වන දේවල් කරලා ණය උගු­ලක හිර වීම තමයි සිදු කරන්නේ. ලස්සන දේව­ලින් ණය වෙන­වට වඩා රට සින්න නොවී තබා­ගැ­නීම තමයි වැද­ගත්. පසු­ගිය කාලේ පුරා­ව­ටම අපි අන­වශ්‍ය දේව­ලට ප්‍රමු­ඛ­ත්වය දීලා ඒව­ගෙන් වන්දි ගෙවන ජාති­යක්.

රටේ ආර්ථි­කය ඇතුළේ ප්‍රති­ලාභ නොල­බන පිරි­සක් ඉන්නවා. නිශ්චිත රැකි­යා­වක් හෝ ආදා­යම් මාර්ග­යක් නැති ඒ පිරිස වෙනු­වෙන් නිශ්චිත ආර්ථික වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කරන්නෙ කොහො­මද? එයට දක්වන ප්‍රමු­ඛ­තාව මොන­වාද?

පළමු කාර­ණය ජේත්තු­කාර සංව­ර්ධ­නය වෙනු­වට ඵල­දායි සංව­ර්ධ­න­ය­කට යන්න ඕනේ‍. ආර්ථි­කය තුළ නොස­ලකා හරින පිරිස් ආර්ථි­ක­ය­කට අව­ශෝ­ෂ­ණය කර­ගන්න ඕනේ. ලංකාවේ තියන ප්‍රශ්න­යක් රාජ්‍ය ආදා­යම වැඩි කර­ගැ­නීමේ දී නොස­ලකා හරින රටක්‍. ලංකාවේ සුබ­සා­ධන ක්‍රමය වැරැ­ද්දක් කියල ගොඩක් අය හිත­නවා. සුබ­සා­ධ­නයේ වැරැ­ද්දක් නැහැ. ආර්ථි­ක­යෙන් ප්‍රති­ලාභ නොල­බන අයට ලබා­දෙන්න පුළු­වන් හොඳම දේ තමයි ඔවුන්ගේ මූලික අව­ශ්‍යතා ඉටු කර­ගන්න හැකි ආර්ථික පරි­ස­ර­යක් නිර්මා­ණය කරන එක. ඔස්ට්‍රේ­ලි­යාව, නව­සී­ල­න්තය වැනි රට­වල් සිදු­ක­රන්නේ ඒක. එයින් රැකි­යා­වක් නොක­රන අය පවා ඒ සුබ­සා­ධ­නයේ ප්‍රති­ලාභ විඳි­නවා.

එහිදී රාජ්‍ය ආදා­යම විධි­මත්ව එකතු කිරීම හා බෙදා­හැ­රීම සමා­නා­ත්ම­තා­වෙන් සිදු කිරී­මට වග­බ­ලා­ගන්න ඕනේ. ලංකාවේ බදු ක්‍රමය ඇතුළෙ ඍජු බද්දක් නැහැ. භාණ්ඩ හා සේවා­ව­ලින් තමයි බදු අය කරන්නේ. සජිත් ප්‍රේම­දාස මහ­ත්තය එතු­මාගේ කතා­වක ප්‍රකාශ කළා නව ලිබ­රල් ආර්ථි­ක­ය­කුත් නොවන මධ්‍ය ආර්ථි­ක­ය­කුත් නොවන සමාජ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී සුබ­සා­ධන ආර්ථි­ක­යක් ඇති කිරීම පිළි­බඳ . වෙළෙ­ඳ­පොළ ධනය ඉප­යීම හා ධනය බෙදා­හැ­රීම සමා­නා­ත්ම­තා­වෙන් සිදු කිරීම. ඇත්ත­ව­ශ­යෙන්ම ලංකා­වට අවශ්‍ය වන්නේ එය තමයි.

අපි සෞඛ්‍යය හා අධ්‍යා­ප­නික මට්ට­මෙන් විශාල ජය­ග්‍ර­හණ ලබපු රටක්. දුප්ප­තුන් සම්බ­න්ධ­යෙන් වන වැඩ­පි­ළි­වෙ­ළේදී ආර්ථි­ක­යෙන් පිටමං කරපු පිරිස නැවත ආර්ථි­ක­යට සම්බන්ධ කර­ගත යුතුයි. ඊළඟ අවු­රුදු 5 තුළ කළ යුත්තේ එයයි. නැති නම් හම්බ­න්තොට ලේන් 06 පාර ඉස්ස­රහ අඹ විකු­ණන කාන්තාව ඉස්ස­රත් කැඩුණු පාරක් ළඟ අඹ විකු­ණන එකම තමයි කළේ. ඒ නිසා එයට අව­ධා­නය යොමු කරන්න ඕනේ. නැති නම් ඔවුන් සමා­ජ­යට බරක්. ඔවුන් සමා­ජ­යට වෛර කිරීම වළ­ක්වන්න ඕනේ.

ජන­තා­වට ඉදි­රි­යට අවශ්‍ය වෙන්නේ මොන වගේ ගුණාංග තිබෙන නාය­ක­යෙක් ද?

පළමු වැනි දේ මිථ්‍යා­වෙන් මිදෙන්න ඕනේ. ශක්ති­මත් පාල­න­යක් කියන්නේ හමුදා වින­යක් තියෙන මිලි­ටරි පාල­න­යක් නෙවෙයි. මන­සට විවේ­ක­යක් නැති සිර­ගත කළ වින­යක් තියෙන පාල­ක­යෙක් මේ රටට වැඩක් නැහැ. මිලි­ටරි පාල­නය රටේ විනය නොවෙයි. අවශ්‍ය වෙන්නේ සමා­ජ­මය විනය හා පාල­න­යක්. නැතිව රෙජි­මේ­න්තු­ගත වින­යක් නෙවෙයි.

ගෝඨා­භය රාජ­ප­ක්ෂගේ කාලේා විනය තිබුණ කියලා 100% ක් ම කියන්න බැහැ. ඒ කාලේ තිබුණෙ කල්ලි පාල­න­යක්. කල්ලි පාල­න­යත් මේ රටට අවශ්‍ය නැහැ. සාමාන්‍ය ජන ජීවි­තය ඇතුළෙ සමා­නා­ත්ම­තාව තිබෙන ශිෂ්ට­ත්ව­යෙන් විනය ලබා­ගත් පාල­න­යක් තමයි අවශ්‍ය වෙන්නේ.

ටිෂානි ශෂී කුමාරි

 

 

Comments