වධ­කා­ගා­ර­යක් දාගෙන කෙරු­මකු වෙන්න ගොස් පොලි­සි­යේදී බලු වුණු මාළු හොරා | සිළුමිණ

වධ­කා­ගා­ර­යක් දාගෙන කෙරු­මකු වෙන්න ගොස් පොලි­සි­යේදී බලු වුණු මාළු හොරා

වධයට ලක් කිරීමට පෙර
වධයට ලක් කිරීමට පෙර

පාතා­ලය යැයි සමා­ජය විසින් හඳු­න්වනු ලබන සංවි­ධා­නා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වන්ගේ ලේඛ­න­යට අලු­තින්ම එක් වුණු නාමය වන්නේ ශානුක මදු­ෂාන් හෙවත් ඕලු මරාය. වෙන්න­ප්පුව කේන්ද්‍ර කර ගනි­මින් සිය පාතාල අධි­රාජ්‍ය ගොඩ­න­ඟ­මින් සිටි ඕලු මරා තව­මත් පසු වන්නේ විසි­තුන් වන වියේය. කප්පම් ගැනී­මත් මත්කුඩු ජාවා­ර­මත් සිය ප්‍රධාන ආදා­යම් මාර්ගය බවට පත් කර­ගෙන සිටින ඔහු වෙන්න­ප්පුවේ යමක් කමක් ඇති ව්‍යාපා­රි­ක­යන්ට නිද­හසේ ඉන්නට ඉඩ දුන්නේද නැත. ඔහු කප්පම් ගත්තේ ලක්ෂ ගණ­නනි. ව්‍යාපා­රි­ක­යන්ට මරණ බිය ඇති කර­මින් ඔහු කප්පම් ගත්තේ අනු­රා­ධ­පු­රය හොල්ලා­ගෙන සිටින එස්.එෆ්. ලොක්කා නැමැති පාතා­ලයේ අප­රා­ධ­ක­රුගේ අඩි පාරේ යමිනි.

වසන්ත සොයිසා අනු­රා­ධ­පු­ර­යේදී සහ­සික ලෙස මරා දැමුවේ එස්.එෆ්. ලොක්කාය. දේශ­පා­ලන සම්බ­න්ධ­කම්ද නොඅ­ඩුව ඇති එස්.එෆ්. ලොක්කා පසු­ගිය දින­වල ප්‍රධාන ජන­පති අපේ­ක්ෂ­ක­යෙ­කුට සහාය පළ කර­මින් සිටියේ එම අපේ­ක්ෂ­ක­යාගේ පෝස්ට­ර­යක් පවා සිය සුඛෝ­ප­භෝගී ප්‍රාඩෝ රථයේ ප්‍රද­ර්ශ­නය කර­මිනි. පොලිස් අණට පවා කීකරු නොවී අනු­රා­ධ­පු­රයේ අස්සක් මුල්ලක් නෑර එම පෝස්ට­රය ප්‍රද­ර්ශ­නය කර­මින් දැඟලූ එස්.එෆ්. ලොක්කා දැන් ඉන්නේ අනු­රා­ධ­පුර බන්ධ­නා­ගා­ර­යේය. ඒ ජනා­ධි­ප­ති­ව­රණ සම­යේදී ඔහු එළියේ සිටි­ය­හොත් අනු­ර­ධ­පු­රයේ ඡන්ද භීෂ­ණ­යක් ඇති වන බව පොලිස් ලොක්කන් වට­හා­ගැ­නීමේ ප්‍රති­ඵ­ල­යක් ලෙසිනි. පොලී­සිය පැත්තෙන් කියැ­වෙන ආකා­ර­යට අනුව ජන­පති අපේ­ක්ෂ­ක­යාගේ පෝස්ටර් ප්‍රද­ර්ශ­නය කර­මින් ඔහු අනු­රා­ධ­පු­රයේ කරක් ගැසූ ප්‍රාඩෝ රථය පවා එක­ලස් කරන ලද්දකි. එම රථය දැන් ඇත්තේ පොලිස් භාර­යේය.

ඕලු මරා

ජනා­ධි­ප­ති­ව­ර­ණය ඉලක්ක කර­ගෙන එස්.එෆ්. ලොක්කා වැඩ පෙන්න­න්නට ගියේ අනු­රා­ධ­පු­රයේ පම­ණක් නොව, වෙන්න­ප්පුව පැත්තේද කරක් ගැසු­වේය. ඒ ඕලු මරාගේ සහාය ඇති­වය. දෙන්නා ගජ මිතු­රෝය. මේ දෙන්නාගේ මිතු­දම ගොඩ­නැ­ඟෙන්නේ අනු­රා­ධ­පුර බන්ධ­නා­ගා­ර­යේ­දීය. වසන්ත සොයිසා ඝාත­න­යට සැක­පිට ඕලු මරා සහ එස්.එෆ්.ලොක්කා එකි­නෙකා දැන හඳුනා ගන්නේ අනු­රා­ධ­පුර බන්ධ­නා­ගා­ර­යේය. ඒ 2016 වස­රේ­දීය. ඒ වන විට එස්.එෆ්.ලොක්කා බන්ධ­නා­ගා­ර­ග­තව සිටින්නේ වසන්ත සොයිසා ඝාත­න­ය­ටය. එම ඝාත­නය සිදු­වන්නේ 2015 වසරේ ඔක්තෝ­ම්බර් 24 වෙනි­දාය.

ඊට දින කිහි­ප­ය­කට පසු එස්.එෆ්. ලොක්කා පොලී­සිය අත්අ­ඩං­ගු­වට ගන්නේ හලා­වත පැත්තේ­දීය. අනු­රා­ධ­පු­රය හොල්ලන පාතා­ලයේ වැඩ­ක­රු­වෙකු බවට එස්.එෆ්. ලොක්කා පත් වන්නේද වස­න්තගේ ඝාත­න­යත් සම­ඟිනි. ඒත් එක්කම ඔහු හිරේ සිට අනු­රා­ධ­පු­රයේ ව්‍යාපා­රි­ක­යන් බිය ගන්ව­මින් කප්පම් ගත්තේ බන්ධ­නා­ගා­රයේ සුර­සැප විදී­මට අත­පය දිග­හැර විය­දම් කර­න්න­ටය.

ඕලු මරාට එස්.එෆ්. ලොක්කා මුණ ගැසෙන්නේ ඔය අතර තුර­දීය. ඕලු මරා බන්ධ­නා­ගා­ර­ගත වන්නේ 2016 වසරේ අප්‍රේල් 17 වෙනිදා ඔහු අතින් සිදු වන ඝාත­න­ය­කට සැක­පි­ටය. එදා ඔහු අතින් ඝාත­නය වන්නේ ලුණු­විල පැත්තේ ගණ­න්කා­ර­යෙකු වූ තැඹිලි කුමාර නැමැ­ත්තාය. ලුණු­විල කෝන්ග­හ­යාය පාරේ නිව­සක පදිං­චිව සිටි රේන්දගේ රසික ක්‍රිෂාන්ත පෙරේරා හෙවත් තැඹිලි කුමාර නැමැත්තා කපා කොටා මරා දමන්නේ ඕලු මරා සිය ගෝල බාල­යන් සමඟ එක්වය. ඊට මුල් වන්නේ යැයි කියැ­වෙන්නේ තැඹිලි කුමාර විසින් ඕලු­ම­රාගේ පියාට කළ පහ­ර­දී­මකි.

අප­රාධ ලෝකයේ ඕලු මරාගේ නාම­යට තැනක් හිමි වන්නේ ඒත් එක්ක­මය. එහෙත් ඔහුට වැඩි කල් නිද­හසේ දඟ­ල­න්නට ඉඩක් නොවීය. පොලිස් විශේෂ කාර්ය බළ­කායේ කණ්ඩා­ය­මක් ඕලු මරාව අල්ලා සිර­ගෙ­ද­රට යවන්නේ ඔහුගේ සහෝ­ද­ර­යෙකු සහ ගෝල­බා­ල­යන් දෙදෙ­නෙකු සම­ඟිනි. ඕලු මරා මත්කුඩු ජාවා­ර­මට අත­පොත් තබන්නේ බන්ධ­නා­ගා­ර­යේ­දීය. ඒ එස්.එෆ්. ලොක්කාගේ ආශි­ර්වා­දය ඇති­වය.

එස්.එෆ්. ලොක්කාත් ඕලු මරාත් රඳවා සිටියේ එකම සිර මැදි­රි­ය­කය. එම සිර­මැ­දි­රිය තුළ එස්.එෆ්. ලොක්කාට අඩු­ව­කට තිබුණේ ගැහැ­නි­යක පමණි. සෙසු සිය­ලුම සැප සම්පත් ඔහු සිර­කු­ටියේ සිට වින්දේය. ඒ අනු­රා­ධ­පුර ව්‍යාපා­රි­ක­ය­න්ගෙන් ගන්නා කප්පම් මුද­ල්ව­ලිනි. ඕලු මරාද වෙන්න­ප්පුවේ ව්‍යාපා­රි­ක­යන් බිය වද්ද­ව­මින් කප්පම් ගැනී­මට පෙල­ඹෙන්නේ එස්.එෆ්. ලොක්කාගේ අඩි පාරේ යමිනි. හිතේ හැටි­යට ජංගම දුර­ක­තන පරි­හ­ර­ණය කර­මින් ඕලු මරා අනු­රා­ධ­පුර බන්ධ­නා­ගා­රයේ සිට වෙන්න­ප්පුවේ භීෂ­ණ­යක් වැපු­රු­වේය. ඒ පොලී­සි­යට පවා ඒ ගැන කිසිදු පැමි­ණි­ල්ලක් නොලැ­බෙන ලෙස ඉතා සූක්ෂ­ම­වය.

ඕලු මරා හිරෙන් එළි­යට එන්නේ වෙන්න­ප්පු­වේම බලය සිය­තට ගෙනය. මත්කුඩු ජාවා­ර­මේ­දීද ඔහුට ඉහ­ළින් යන්නට වෙන්න­ප්පු­වේම කිසි­වෙක් නොවීය. සිය හයිය ඔහු පෙන්වූයේ ගිනි අවි­යක් ඇතැ­තිව සිය රාජ­ධා­නිය පිහිටි සිරි­ග­ම්පළ පැත්තේ යතුරු පැදි­ය­කින් කරක් ගස­මිනි. ගමේ කිසි­වෙකු පොලී­සි­යට ඒ ගැන කිය­න්නට නොගියේ දරුණු පල­වි­පා­ක­ව­ලට මුහුණ දෙන්නට සිදු වන බව දන්නා බැවිනි.

ඕලු මරාගේ මැර වැඩ ගැන කෙසේ වෙතත් ඔහුගේ මත්කුඩු ජාවා­රම ගැන වෙන්න­ප්පුව පැත්තට අලු­තින් පත් වූ සහ­කාර පොලිස් අධි­කාරී එරික් පෙරේ­රාගේ කන වැකී­මට එත­රම් කාල­යක් ගත නොවීය. පොලිස් දෙපා­ර්ත­මේ­න්තුවේ සිටින දක්ෂ නිල­ධා­රීන් අතර ඉදි­රි­යෙන් සිටි­න්නෙකු වන එරික් පෙරේරා පොලිස් විශේෂ කාර්ය බළ­කා­යේද සේවයේ නිර­තව සිටි කීර්ති­මත් නිල­ධා­රි­යෙකි. එල්.ටි.ටී.ඊ.යේ ඝාතන ලැයි­ස්තුවේ පවා ඉහ­ළින්ම ඔහු සිටි­යේය.

එරික් පෙරේරා ඉතා රහ­සි­ග­තව ඕලු මරා ගැන තොර­තුරු රැස් කළේය. වෙන්න­ප්පුවේ තරුණ පර­පුර ඒ වන විටත් ඔහු බිලි ගනි­මින් සිටින බව ඔහුට පෙනී ගියේය. පාසල් සිසුන් ඔහුගේ ප්‍රධාන ඉල­ක්ක­යක් බවට ඒ වන විටත් පත් වී ඇතැයි ඔහු තේරුම් ගත්තේය. හතේ පන්ති­යට පම­ණක් පාසල් ගොස් ඇති අයෙකු වූ ඕලු මරා අප­රාධ ලෝක­යට අත­පොත් තබා ඇත්තේද පාසල් යන වක­වා­නු­වේ­දීම බව එරික් පෙරේ­රාට පෙනී ගියේය. එකල ඔහු සොර දෙටු­වෙකි. ඔහු වැඩි වශ­යෙන් සොරා­ගන්නේ මාළුය. එකල ඔහුට නම පට බැඳෙන්නේ මාළු හොරා යැයි කියාය. ඕලු මරා බවට පද පෙර­ළෙන්නේ මාළු හොරා කණ­පිට පෙර­ළී­මෙනි.

පොලී­සියේ ඇති තොර­තු­රු­ව­ලට අනුව ඕලු මරා එකල වෙන්න­ප්පුවේ නම ගිය සොරෙකි. නිවෙස් බිඳුම් සහ සොර­ක­ම්ව­ලට ඔහු පොලී­සි­යට කිහිප විටක්ම හසුවී ද ඇත. නම­ගිය හොරා නම­ගිය පාතා­ලයේ මැර­යෙකු බවට පර්ව­ර්ථ­නය වීමේ හැර­වුම් ලක්ෂ්‍ය තැඹිලි කුමා­රගේ ඝාත­න­යයි. එදා ඕලු මරා අතින් තැඹිලි කුමාර මිය නොය­න්නට අනු­රා­ධ­පුර බන්ධ­නා­ගා­ර­යේදී එස්.එෆ්. ලොක්කාව ඔහුට ඇසුරු කර­න්නට ඉඩක් ලැබෙන්නේ නැත. එසේ නම් ඔහු අද­ටත් හොරෙකු පමණි.

පාතා­ලයේ කෙරු­මෙකු ලෙස මෙන්ම මත්කුඩු ජාවා­රමේ දැවැ­න්ත­යෙකු ලෙස බන්ධ­නා­ගා­ර­යෙන් අත­පොත් තබා එළි­යට පැමිණ වැඩ පෙන්ව­මින් සිටි ඕලු මරා සිය ගෝල­බා­ල­යන් කිහිප දෙනෙ­කුද සමඟ එරික් පෙරේරා විසින් එළූ දැල­කට කොටු වන්නේ ඉකුත් 09 වැනි­දාය. ඒ මත්කුඩු තොග­යක්ද සම­ඟිනි. ඕලු මරා එතෙක් කලක් රහ­සි­ග­තව පව­ත්වා­ගෙන ගිය වද­කා­ගා­ර­යක තොර­තුරු හෙළි වන්නේ ඉකුත් සති­යේ­දීය. ඒ පොලිස් භාරයේ තිබුණු ඕලු මරාගේ ජංගම දුර­ක­ත­නය පරීක්ෂා කිරී­මේ­දීය. එහි තරු­ණ­යන්ට වද­හිංසා දෙන වීඩියෝ සහ ඡායා­රූප ගොන්නකි. දෑත් ගැට ගසා බාල්ක වල එල්ල­මින් ම්ලේච්ඡ ලෙස තරු­ණ­යන්ට වද දෙන වීඩියෝ දර්ශන පම­ණක් නොව, වද හිංසා දරා ගැනී­මට නොහැ­තිව සිහි­සුන් වූ තරු­ණ­යන්ගේ අඩ නිරු­වත් ඡායා­රූ­පද එම ජංගම දුර­ක­ත­නයේ මතක ගබ­ඩාවේ තැන්පත් වී තිබිණි.

වධකාගාරයේ වදයට ලක්වූ තරුණයෙක්

එම ඡයා­රූප ගැන කෙරුණු විම­ර්ශ­න­යේදී එරික් පෙරේරා හෙළි කර ගන්නේ එම වද­කා­ගා­රය ඔහු පව­ත්වා­ගෙන ගොස් ඇත්තේ වෙන්න­ප්පුව සිරි­ග­ම්පළ පිහිටි සිය මහ ගෙදර කේන්ද්‍ර කර­ගෙන බවය. ඕලු මරාගේ ජංගම දුර­ක­ත­නයේ සට­හන් වී ඇති වද­හිං­ස­න­යට ලක් වන කිසි­වෙකු ඒ වන විටත් කිසිදු පොලී­සි­ය­කට පැමි­ණි­ල්ලක්ද කර තිබුණේ නැත. ඒ ඕලු මරාට ඇති බිය නිසාය.

මේ අපේ රටේ සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වෙකු විසින් පව­ත්වා­ගෙන ගිය පාතා­ලයේ එකම වද­කා­ගා­රය නොවේ. පාතා­ලයේ වද­කා­ගාර කොතෙ­කුත් තීබී ඇත. පාතා­ලයේ වද­කා­ගාර බොහෝ­ම­යක්ම ක්‍රියා­ත්මක වූයේ කොළඹ කේන්ද්‍ර කර­ග­නි­මිනි. වද­කා­ගාර පම­ණක් නොව, පාතා­ලයේ පොලීසි මෙන්ම උසා­විද ක්‍රියා­ත්මක වූ යුග­යක් අපේ රටේ පැව­තිණි.

දේශ­පා­ලන ආශි­ර්වා­ද­යෙන් මාලි­ගා­වත්ත කේන්ද්‍ර කර­ගත් මුස්ලිම් පාතා­ලය පවා බිහි වන්නේ පාතා­ලයේ වද­කා­ගාර නිසාය. ඒ කතාව 90 දස­කයේ මුල් බාගය දක්වා දිව යන්නෙකි. එකල තලෙයි මන්නා­රම පොලිස් සථා­නය ආස­න්නයේ තේ කඩ­යක් පව­ත්වා­ගෙන ගිය ඉස­ග­මුත්තු සුදා­ක­රන් ගෙන්ද­ගම් පොළොවේ පහස විදි­න්නට එන්නේ එල්.ටී.ටී.ඊ.යේ සැල­සු­ම­කට අනු­වය. ඒ පැමිණි ඔහු ප්‍රකෝ­ටි­ප­ති­යෙකු බවට පත් වන්නේ මත්කුඩු ජාවා­ර­මෙනි. ග්‍රෑන්ඩ්පාස් පොලී­සි­යට යාබ­දව සිය අධි­රාජ්‍ය ගොඩ­න­ඟා­ගත් සුදා­ක­රන් සිය බලය මාලි­ගා­වත්ත දක්වා ව්‍යාප්ත කර­න්නට යන්නේ මුස්ලිම් තරු­ණ­යන්ට අඩ­ත්තේ­ට්ටම් කර­මිනි. මාලි­ගා­වත්තේ මුස්ලිම් තරු­ණ­යන් පැහැ­ර­ගෙන ඇවිත් ග්‍රෑන්ඩ්පාස් හී පිහිටි ඔහුගේ නිව­සේදී වද­හිං­ස­න­යට ලක් කර­මින් එම තරු­ණ­යන් සිර­ගත කරන්නේ බලු කූඩු­වල දමාය. සුදා­ක­රන්නේ මුදල් බලය හමුවේ පොලී­සි­යද වැටී සිටියේ ඔහුගේ සාක්කු­වේය. ඒ තත්ත්වය මත මුස්ලිම් තරු­ණ­යන්ට අවි පුහු­ණුව ලබා­දෙ­මින් මුස්ලිම් පාතා­ල­යක් බිහි වෙයි. නැගෙ­න­හි­රදී ජිහාඩ් සංවි­ධා­නයේ පුහු­ණුව ලැබූ­ව­න්ගෙන් අවි පුහු­ණුව ලබන මුස්ලිම් තරු­ණ­යන් සුදා­ක­රන් මාලි­ගා­ව­ත්තෙන් පලවා හැර ඔහුගේ පාතා­ලය බිද දැමී­මෙන් නතර වූයේ නැත. සුදා­ක­රන් නතර කළ තැනින් ඔවුන් මත්කුඩු ජාවා­රම කර­ගෙන යන්නට මුල පිරු­වේය.

පාතා­ලයේ වද­කා­ගාර වෙනු­වට පාතා­ලයේ උසා­වි­යක් මුලින්ම බිහි කරන්නේ මුස්ලිම් පාතා­ලය විසිනි. මුස්ලිම් පාතා­ලයේ ගෝඩ් ෆාදර් ලෙස සැල­කෙන ෆාජිගේ යට­තේත් අයු­බ්ඛාන් යට­තේත් මාලි­ගා­වත්තේ බී.සී.සී. ඇළ මායි­මට වන්නට පිහිටි ගොඩ­නැ­ගි­ල්ලක පාතා­ලයේ උසා­විය ක්‍රියා­ත්මක විය. වැඩි හරි­යක්ම එම පාතාල උසා­වි­යට පැමි­ණිලි ගලා­විත් තිබුණේ ව්‍යාපා­රික ආර­වුල්ය. එදා එම පාතාල උසා­වියේ විනි­සු­රු­ව­රුන් ලෙස කට­යුතු කළ කිසිදු පාතාල අප­රා­ධ­ක­රු­වෙකු අද ජීව­තුන් අතර නැත. ඒ අය අකා­ලයේ මරු­මු­වට පත් වී ඇත්තේ පොලිස් වෙඩි ප්‍රහා­ර­ව­ලිනි.

හිරගෙදර සෙල්ෆි -SF ලොක්කා සහ ඕලුමරා

සංවි­ධා­නා­ත්ම­කව පාතා­ලයේ උසා­වි­යක් පව­ත්වා­ගෙන ගිය පාතා­ලයේ ප්‍රබ­ල­යෙකු වන්නේ කිඹු­ලා­ඇළ ගුණාය. ජීව­තුන් අතර සිටින පාතා­ලයේ පැරණි ප්‍රබ­ල­යන් අත­ළොස්ස අතර සිටි­න්නෙකු වන කිඹු­ලා­ඇළ ගුණා අද වන විට ජීව­ත්වන්නේ ඉන්දි­යා­වේය. ඔහුගේ පාතාල රාජ­ධා­නිය පිහිටා තිබුණේ කොළඹ මෝදර කිඹුලා ඇළේය. දේශ­පා­ලන හයි හත්ති­යද ඇතිව වැජ­ඹුණු ගුණාගේ රාජ­ධා­නි­යට එකල පොලිස් නිල­ධා­රි­යෙකු පවා අඩි­යක් තබන්නේ දෙව­රක් සිතාය. එකල කිඹුලා ඇළ ජනතා ප්‍රශ්න විස­දුවේ ගුණාය. උසා­වි­යක් ඔහු පව­ත්වා­ගෙන ගියේ ඒ වෙනු­වෙනි. පවුල් ආර­වුල් වලට පවා ගුණා මැදි­හත් විය.

පොලී­සිය මෙන් නොව, ගුණාගේ උසා­වි­යට ලැබෙන පැමි­ණිලි විස­ඳ­න්නට දින ගණ­නා­වක් ගත වන්නේ නැත. ඒ මොහො­තේම ගුණා ප්‍රශ්නය විස­ඳයි. ගුණාගේ උසා­විය මර­ණිය දණ්ඩ­නය පවා ඇතැ­මුන්ට ලබා­දු­න්නේය. ඒ නිසාම මෝදර පොලී­සි­යට පැමි­ණිලි කර­න්නට යනවා වෙනු­වට කිඹුලා ඇළ පැත්තේ වැඩි හරි­යක් දෙනා ගියේ ගුණාගේ උසා­වි­ය­ටය. ගුණාගේ පාතා­ලයේ උසා­විය ගැන කාල­යක් තිස්සේම ඇස ගසා­ගෙන සිටි­යෙකු වන්නේ නියෝජ්‍ය පොලි­ස්පති ප්‍රියන්ත ජය­කො­ඩිය. එකල ඔහු බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­සයේ අධ්‍ය­ක්ෂ­ව­ර­යාය. ගුණාගේ පාතා­ලයේ උසා­විය නිහඬ කරනු ලැබුවේ ඔහුය.

දේශ­පා­ලන හයි­යෙන් කාල­යක් කොළො­න්නාවේ රජ කල චූටි පුතා නැමැති පාතා­ලයේ අප­රා­ධ­ක­රුද පාතා­ලයේ වද­කා­ගා­ර­යක් පව­ත්වා­ගෙන ගියේය. කොළො­න්නාව සිංහ­පුරේ පිහිටි ලෑලි නිව­සක එම වද­කා­ගා­රය පව­ත්වා­ගෙන ගියේය. ඉතා රහ­සි­ග­තව පව­ත්වා­ගෙන ගිය එම වද­කා­ගා­රය වට­ලන්නේ එකල වැල්ල­ම්පි­ටිය පොලිස් අප­රාධ විම­ර්ශන අංශයේ උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යෙකු ලෙස සේවයේ නිර­තව සිටි මෙරිල් රංජන්ය. දැන් ඔහු පොලිස් ළමා හා කාර්යාං­ශ­යට අනු­යු­ක්තව සේවයේ නිර­තව සිටින සහ­කාර පොලිස් අධි­කා­රී­ව­ර­යෙකි. එදා ඔහු චූටි­පු­තාගේ වද­කා­ගා­රය වට­ලන විට එල්ල වුණු දේශ­පා­ලන බල­පෑම් බොහෝය.

මේ අකා­ර­යට පාතා­ලයේ වද­කා­ගාර උසාවි මෙන්ම පොලීසි ද වැසි වැසී තිබුණු වක­වා­නු­වක් අපේ රටේ පැව­තිණි. ඕලු මරාගේ වද­කා­ගා­රය හැරුණු කොට වසර පහ­කින් දහ­ය­කින් මෙහා සංවි­ධා­නා­ත්ම­කව ක්‍රියා­ත්මක පාතා­ලයේ වද­කා­ගා­ර­යක් ගැන අස­න්නට නොවීය. ඒ වෙන කිසි­වක් නිසා නොව, පාතා­ල­යට දැන් ඉස්සර තරම් වැඩ දාන්නට පොලී­සි­යෙන් ඉඩක් නොලැ­බෙන බැවිනි.

Comments