රටේ නීතිය ඔහුට වලංගු නැද්ද | සිළුමිණ

රටේ නීතිය ඔහුට වලංගු නැද්ද

2015 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් පසුව මේ වන තෙක් අඛ­ණ්ඩව කතා බහක් ඇති කළ සිදු වීමක් වන්නේ ඇව­න්ට්ගාඩ් ආර­ක්ෂක සමා­ගම සම්බන්ධ කතා­වයි. එම සමා­ග­මට අයත් පාවෙන අවි ගබ­ඩාවේ තිබූ ගිනි අවි සම්බ­න්ධ­යෙන් වූ ආන්දෝ­ල­නය වරින් වර උඩ යට යමින් පවතී. 2015 ජන­වාරි මාස 18 වැනිදා ගාලු වරා­යේදී අත්අ­ඩං­ගු­වට ගැනුණු ඇවන්ට් ගාඩ් සමා­ග­මට අයත් එම් වී මහ­නු­වර නම් නැවේ ස්වයං­ක්‍රීය සහ අර්ධ ස්වයං­ක්‍රීය ගිනි අවි තුන් දහ­සක් පමණ තිබෙන බවට හෙළි කර ගැනුණු අතර අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මේ සම්බ­න්ධ­යෙන් පුළුල් වාර්තා­වක්ද අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කෙළේය.

 

ඉන් ටික කල­කට පසුව ඇවන්ට් ගාඩ් සමා­ග­මට අයත් දෙවන නැවද අත්අ­ඩං­ගු­වට ගැනුණු අතර ඒ සම්බ­න්ධ­යෙන් වූ විම­ර්ශ­න­ව­ලදී තවත් බොහෝ දේ හෙළි­ද­රව් විය. ඇව­න්ට්ගාඩ් සමා­ගමේ ප්‍රධා­නියා වූ මේජර් නිශ්ශංක සේනා­ධි­පති සහ හිටපු ආර­ක්ෂක ලේකම් ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ නම් මේ සිදු­වීම සම්බ­න්ධ­යෙන් වැඩි­යෙන්ම ඈඳුණු නම් විය.

එසේ වුවද මේ කතා බහ තුළ ඊළ­ඟට අව­ධා­න­යට ලක් වූ චරි­ත­යක් වූයේ එව­කට අධි­ක­රණ අමා­ත්‍ය­ව­ර­යාව සිටි විජේ­දාස රාජ­පක්ෂ මහ­තාය. විජේ­දාස රාජ­පක්ෂ මහ­තාට ඇව­න්ට්ගාඩ් හිමි­කරු සමඟ පැවැති සබ­ඳතා පිළි­බඳ මාධ්‍ය ඉදි­රියේ අති­ශය බර­ප­තළ ආකා­ර­යට හෙළි­ද­රව් කළේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහ­තාය. ඔහු ඇව­න්ට්ගාඩ් හිමි­කරු මේජර් නිශ්ශංක සේනා­ධි­පති සමඟ විජේ­දාස රාජ­පක්ෂ මහතා ඇමෙ­රි­කාවේ සතුටු සවා­රියේ යෙදුණු ඡායා­රූප පවා මාධ්‍ය­යට නිකුත් කිරී­මෙන් ඔහුට කට උත්තර නැති විය.

විජේ­දාස රාජ­පක්ෂ මහතා මේ වන විට ආණ්ඩුවේ පාර්ශ්ව­යෙන් ඉවත් වී එව­කට ආර­ක්ෂක ලේක­ම්ව­රයා වූ පොදු­ජන පෙර­මුණේ ජනා­ධි­පති අපේ­ක්ෂක ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට සහාය දීමේ කට­යු­තු­වල නිර­තව සිටී. ඔහු පසු­ගිදා පුව­ත්පත් සාක­ච්ඡා­ව­කට පැමිණ යළිත් ඇව­න්ට්ගාඩ් සම්බ­න්ධ­යෙන් ආන්දෝ­ල­නා­ත්මක ප්‍රකා­ශ­යක් කළේය.

එහිදී ඔහු සඳ­හන් කළ කරු­ණක් වූයේ නීති­පති දෙපා­ර්ත­මේ­න්තුවේ කනිෂ්ඨ නිල­ධා­රි­යකු හිටපු ආර­ක්ෂක ලේක­ම්ව­රයා අත්අ­ඩං­ගු­වට ගත යුතු බවට නියෝග කර­මින් වාර්තා­වක් නිකුත් කළ කතා­වකි. හිටපු අමා­ත්‍ය­ව­රයා තව­දු­ර­ටත් එහිදී පවසා තිබුණේ එව­කට නීති­ප­ති­ව­ර­යාව සිටි යුව­න්ජන් විජේ­ති­ලක මහ­තාගේ දැනු­වත් බව­කින් පවා තොරව ඒ වාර්තාව නිකුත් කර ඇති බවකි. ඔහු එලෙස කනිෂ්ඨ නිල­ධා­රි­යකු ලෙස සඳ­හන් කළේ එව­කට නීති­පති දෙපා­ර්ත­මේ­න්තුවේ අති­රේක සොලි­සි­ටර් ජන­රා­ල්ව­ර­යකු ලෙස කට­යුතු කළ ජනා­ධි­පති නීතිඥ වසන්ත නව­රත්න බණ්ඩාර මහ­තාය.

ඒ හෙළි­ද­ර­ව්වෙන් පසුව මාධ්‍ය හමු­වට පැමිණි වසන්ත නව­රත්න බණ්ඩාර මහතා සිළු­මි­ණට විශේෂ හෙළි­ද­ර­ව්වක් කර­මින් බොහෝ කරුණු හෙළි කළේය. එහිදී ඔහු පළ කළ අද­හස් මෙසේය.

“මට මෙහෙම කතා කරන්න වුණේ විජේ­දාස රාජ­පක්ෂ මහ­ත්ත­යාත් හිටපු සොලි­සි­ටර් ජන­රාල් සුහද ගම්ලත් මහ­ත්ම­යාත් පුව­ත්පත් දෙකක මා සම්බ­න්ධ­යෙන් ඉතා වැරදි සහ­ගත තොර­තු­රක් සඳ­හන් කර තිබුණු නිසයි. විජේ­දාස රාජ­පක්ෂ මහ­ත්තයා කිය­නවා ආණ්ඩුවේ ඇම­ති­ව­රුන් කිහිප දෙනෙක් වාර්තා­වක් හදලා මාව ගෙන්නලා ගෝඨා­භය රාජ­පක්ෂ මහ­ත්තයා අත්අ­ඩං­ගු­වට ගන්න කියල හදපු වාර්තා­ව­කට මගෙන් අස්සන් ගත්තා කියලා. මේක පට්ට­පල් බොරු­වක්. ඒක මා දකින්නේ දේශ­පා­ලන බඩ­ගෝ­ස්ත­ර­වා­දි­යෙකු තමන්ගේ තන­තුර රැක­ගන්න කරපු දෙයක් විදි­හට.

ඇත්ත­ටම වුණේ ඊට වඩා වෙනස් දෙයක්. මම ඒක පැහැ­දිලි කර­න්නම්. 2015 වසරේ මුල් කාලයේ එම නැව අත්අ­ඩං­ගු­වට ගන්නා කාල­යේදී මා කට­යුතු කළේ සහ­කාර සොලි­සි­ටර් ජන­රා­ල්ව­ර­යකු ලෙසයි. මට රාජ­කා­රි­මය වශ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සමඟ එම නැව පරීක්ෂා කිරී­මට නිති­පති දෙපා­ර්ත­මේ­න්තුව වෙනු­වෙන් යන්නට සිදු­වුණා. මට මේ රාජ­කා­රිය පැව­රුවේ නීති­පති දෙපා­ර්ත­මේ­න්තුවේ අප­රාධ අංශයේ ප්‍රධා­නියා ලෙස ඉඳලා පසුව සොලි­සි­ටර් ජන­රාල් ලෙස කට­යුතු කළ සුහද ගම්ලත් මහ­ත්ම­යායි. ඔහුගේ නියෝ­ගය අනුව තමයි මා මේ පරී­ක්ෂ­ණ­ව­ලට සම්බන්ධ වන්නේ. ඔහු තමයි බර­ප­තළ අප­රා­ධ­වල අප­රාධ නඩු පරී­ක්ෂණ සඳහා සෙසු නිල­ධා­රීන් නම් කරන්නේ . ඔහු ඒ යොමු කිරීමේ පළමු සට­හ­නින්ම කිව්වේ මේක බර­ප­තළ අප­රා­ධ­යක් . වර­ද­ක­රු­වන්ට උප­රි­ම­යෙන් දඬු­වම් දෙන්න කිය­ලයි. ඒ අනු­වයි මම රාජ­කා­රි­යට බැස්සේ.

මම අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් සම­ඟයි එම නැවට ගොඩ වුණේ. එහිදී මම පුදු­ම­යට පත් වුණා. එහි ගිනි අවි ජීව උණ්ඩ අති විශාල ප්‍රමා­ණ­යක් පුරවා තිබුණා. ආර­ක්ෂා­වට කිසිදු පුද්ග­ල­යකු යොදා තිබුණේ නෑ. ඕන වේලා­වක ඕනෑම කෙන­කුට එයින් ගිනි අවි­යක් ලබා­ගැ­නීමේ හැකි­යාව තිබුණා. අපි ඇස් දෙකට දැක්කා විදේ­ශීය මුහුදු ආර­ක්ෂ­ක­යන් යයි කියා ගත් පිරි­සක් නැවෙන් ගිනි අවි අරන් ඇවිත් වෑන් රථ­ය­කට පට­ව­නවා. ඒ වෑන් එක නැව තිබූ ජැටි­යෙන් පිටත් වී ඊට ආස­න්නයේ තිබූ තවත් ජැටි­යක් කරා ගමන් ගත්තා.

අපි බලා සිටි­ය­දීම ඒ මුහුදු ආර­ක්ෂ­ක­යන් (ඔවුන් සී මාෂල්ලා කිය­ලයි හැඳි­න්වූයේ) වෙනත් ජැටි­යක තිබූ බෝට්ටු­ව­කට ඒ ආයුධ පට­වා­ගෙන ළඟ­පාත තිබුණු නැව­කට ආර­ක්ෂාව ලබා­දීම සඳහා පිටත් වුණා. අපි බලා ඉද්දීම ඒ පිරිස නැවට ළඟා වී කඹ­යක් ආධා­ර­යෙන් නැවට ගොඩ වුණා. බෝට්ටුවේ පටවා තිබූ අවි ආයුධ පාරු­වක් ආධා­ර­යෙන් නැව තුළට ගත්තා. ඊට පස්සේ නැව ගමන් ඇර­ඹුවා. මට එය අද­හා­ගන්න බැරි තරමේ දර්ශ­න­යක් වුණා.

මගේ උප­දෙස් මත ඒ සියල්ල සහ මගේ විම­ර්ශන සිදු වන ආකා­රය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව වීඩියෝ ගත කළා. ඡායා­රූ­පත් ලබා­ගත්තා. ඔවුන් ළඟ අද­ටත් මේ ඡායා­රූප සහ වීඩියෝ ඇති කියලා මම හිත­නවා.”

ජනා­ධි­පති නීතිඥ වසන්ත නව­රත්න බණ්ඩාර මහතා අභි­යෝග කරන්නේ තමන්ට ඇමැ­ති­ව­රුන් බලෙන් අස්සන් ලබා­ගත්තා කියන මේ වාර්තාව සකස් කිරී­මට අදාළ පරී­ක්ෂණ කට­යුතු ගාල්ලේ නවතා තිබූ එම්.වී මහ­නු­වර නැවේදී සිදු වන ආකා­රය පිළි­බඳ අද­ටද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පව­තින ඒ වීඩියේ සහ ඡායා­රූ­ප­ව­ලින් දැක බලා­ගත හැකි බවය.

පැව­රුණු රාජ­කා­රිය අකු­ර­ටම කළ එව­කට අති­රේක සොලි­සි­ටර් ජන­රා­ල්ව­ර­යාගේ ඊළඟ පිය­වර වූයේ අදාළ වම­ර්ශන සම්බන්ධ වාර්තාව සැක­සී­මය.

මම මේ සියලු කරුණු ඇතු­ළත් කර වාර්තා­වක් හදලා 2015 අප්‍රි­යෙල් මාස­යේදී නීති­ප­ව­ර­යාට ඉදි­රි­පත් කළා. ඒ වාර්තා­වෙන් හෙළි කෙරුණු කරුණු ඉතා බර­ප­ත­ළයි. අපේ නිරී­ක්ෂ­ණ­ව­ලට අනුව ඇව­න්ට්ගාඩ් නැවේ කන්ටේ­නර් තුනක අවි අයුධ පුරවා තිබුණා. ඒවා එක­ක­ට­වත් නිත්‍ය­නු­කූල බල­පත්‍ර නැහැ. විශේ­ෂ­යෙන් පෞද්ග­ලික නෞකා­වක මේ ආකා­ර­යට අවි ආයුධ තබා­ගෙන සිටී­මට තරම් කිසිදු නෛතික බල­ප­ත්‍ර­යක් තිබුණේ නැහැ. අපි ඒ ගිනි අවි එකක් නෑර සිය­ල්ලම රජයේ රස පරී­ක්ෂක වෙත යොමු කොට ඒවා කවර රටක නිෂ්පා­ද­නය කළේද යන්න ආදිය පිළි­බඳ පුළුල් ලෙස විම­ර්ශ­නය කොට වාර්තා ලබා ගත්තා. වර්ත­මා­නයේ පොදු ජන පෙර­මුණේ අපේ­ක්ෂක එව­කට හිටපු ආර­ක්ෂක ලේක­ම්ව­රයා තමන්ගේ තනි මත­යට රජය සතු එම ගිනි අවි තොගය පෞද්ග­ලික සමා­ග­මට ලබා දීමට අවශ්‍ය කට­යුතු කර තිබුණේ කිසිදු කැබි­නට් අනු­මැ­ති­ය­කින් හෝ වෙනත් රජයේ කිසිදු අව­ස­ර­ය­කින් පවා තොර­වයි.”

නව­රත්න බණ්ඩාර මහතා තමන් විසින් සකස් කරන ලද ඒ වාර්තාව සුහද ගම්ලත් මහතා මඟින් නීති­ප­ති­ව­රයා වෙත යොමු කළේය. එව­කට අති­රේක සොලි­සි­ටර් ජන­රා­ල්ව­ර­යාව සිටියේ සුහද ගම්ලත් මහ­තාය. ඔහු පසු­ගි­යදා පොදු­ජන පෙර­මුණේ නීතීඥ රැස්වී­මක සිටියේ රජයේ ආය­ත­න­යක ප්‍රධාන නිල­යක් දරන ගමන්ය.

“කොහොම වුණත් ඒ දව­ස්වල සුහද ගම්ලත් මහ­ත්තයා මේ පරී­ක්ෂ­ණ­ව­ලට ඉතා හොඳ සහා­යක් ලබා දුන්නු බව කියන්න ඕනෑ. ඔහු ලිපි ගොනුව මා අතට දෙද්දී කිව්ව දෙයක් තමයි මේ සිදු­වීම පසු­පස විශාල දූෂ­ණ­යක් වංචා­වක් සිදු­වෙලා තියෙන බව පේනවා කිය­ලයි.“

ඒ වාර්තාව තුළ අනා­ව­ර­ණය වුණු දේවල් මොන­වා­දැයි අපට දැන ගැනී­මට අවැසි විය.

“2012 වසරේ සැප්තැ­ම්බර් මාසයේ එව­කට ආර­ක්ෂක අමා­ත්‍යං­ශයේ හිටපු අති­රේක ලේක­ම්ව­රි­යක වන දම­යන්ති ජය­රත්න මහ­ත්මිය ඇවන්ට් ගාඩ් මැරි­ට­යිම් සර්වි­සස් ආය­ත­නය පාවෙන අවි ගබ­ඩා­වක් ශ්‍රි ලංකා­වෙන් පිටත අන්ත­ර්ජා­තික මුහුදේ පව­ත්වා­ගෙන යෑමට අව­සර ලබාදී තිබෙ­නවා. ඒ වගේම ඇය නාවික හමු­දා­ප­ති­ව­ර­යාට ලිපි­ය­කින් පවසා තිබුණේ එම පාවෙන අවි ගබ­ඩා­වට අව­ශ්‍ය­තා­ව­ලට අනුව අවි ආයුධ සහි­තව ගාලු වරා­යට පැමි­ණී­මට සහ පිට­වී­මට අව­සර ලබා දෙන ලෙසයි.”

අන්ත­ර්ජා­තික මුහුදේ පාවෙන අවි ගබ­ඩා­වක් තියන්න ශ්‍රී ලංකා රජ­යෙන් අව­සර ගත යුතුද? එය පැන­යකි.

“අන්ත­ර්ජා­තික මුහුද කියන්නේ කාට­වත් අයිති නැති ප්‍රදේ­ශ­යක්. එහි අවි ගබඩා තියන්න අපේ රටේ අව­ස­ර­යක් අවශ්‍ය නැහැ. කොහොම වුණත් මේ අාකා­ර­යට ආර­ක්ෂක අමා­ත්‍යං­ශ­යෙන් ලිපි­යක් ලැබී තිබෙ­නවා. නමුත් ඒ නැවත කව­දා­වත් අන්ත­ර්ජා­තික මුහු­දට ගියේ නෑ. මේ නෞකාව මුහුදේ ගමන් කළ හැකි තත්ත්ව­යක තිබී නැහැ. ගියොත් ගිලෙන්න පවා ඉඩ තිබුණු තර­මට අබ­ලන් නැවක්“

ඇත්ත­ටම එම වාර්තාව පද­නම් කර­ගෙන හිටපු ආර­ක්ෂක ලේක­ම්ව­රයා අත්අ­ඩං­ගු­වට ගත යුතු බවට නීති­ප­තිට නිර්දේශ කළේ දැයි අපි ඔහු­ගෙන් විම­සීමු. එහිදී ඔහු­ගෙන් ලැබුණේ මෙවැනි පිළි­තු­රකි.

“මම නිර්දේශ කළේ එම වාර්තා­වෙන් කිය­වෙන දේ පිළි­බඳ සෑහී­ම­කට පත් වන්නේ නම් ඇව­න්ට්ගාඩ් සමා­ගමේ සභා­පති නිශ්ශංක සේනා­ධි­පති, අධ්‍යක්ෂ මංජුල කුමාර යාපා. ආර­ක්ෂක ලේකම් ගෝඨා­භය රාජ­පක්ෂ, අති­රේක ආර­ක්ෂක ලේකම් දම­යන්ති ජය­රත්න, රක්නා ලංකා ආර­ක්ෂණ සමා­ගමේ සභා­පති විශ්‍රා­මික මේජර් ජන­රාල් පාලිත ප්‍රනාන්දු සැක­ක­රු­වන් කොට අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ යුතු බවයි. එම වාර්තාවේ සඳ­හන් කර තිබුණේ අදාළ පුද්ග­ල­යන් ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත ගිනි අවි ආඥා පනත සහ පුපු­රන ද්‍රව්‍ය ආඥා පනත යටතේ අන­ව­ස­ර­යෙන් ගිවි අවි ආන­ය­නය කිරීම නිති විරෝ­ධීව ළඟ තබා­ගැ­නීම ට අදාළ වරද කිහි­ප­යක් සිදු කර ඇති බවයි.

කෙසේ වුවද පසු­ගි­යදා හිටපු අධි­ක­රණ අමාත්‍ය විජේ­දාස රාජ­පක්ෂ මහතා පුව­ත්ප­ත­කට පවසා තිබුණු ආකා­ර­යට වසන්ත නව­රත්න බණ්ඩාර මහතා ඒ වාර්තාව ඉදි­රි­පත් කර ඇත්තේ සොලි­සි­ටර් ජන­රාල් ද නොදැ­නු­වත්ව බවය. ඒ කතාව ඔහු මුළු­ම­නින්ම ප්‍රති­ක්ෂේප කරයි.

“එය වැර­දියි. ඔවුන් මා හැඳි­න්වූයේ කනිෂ්ඨ නිල­ධා­රි­යෙක් කිය­ලයි. ඒ වෙන කොට මා අති­රේක සොලි­සි­ටර් ජන­රාල් . ඒ වගේම ජනා­ධි­පති නීතිඥ. අපි මේක දුන්නේ නීති­ප­ති­තු­මාට. කවු­රු­වත් කිය­නවා නම් හොරෙන් කළා කියලා ඒකම බොරු­වක්. ඔහු මේ වාර්තාව හදද්දී මුලින් අපට හොඳ සහා­යක් දුන්නා. ඔහු මෙහි ප්‍රශ්න­යක් තිබෙන බව පිළි­ගත්තා. අද ඔහුත් හිටපු සොලි­සි­ටර් ජන­රාල් සුහද ගම්ලත් මහ­ත්ත­යත් අද­හා­ගන්න බැරි විදි­හට ලොකු­වට කිය කිය යනවා නීති­පති දෙපා­ර්ත­මේ­න්තුවේ කනිෂ්ඨ නිල­ධා­රි­යෙක් ඒගො­ල්ල­න්ටත් කියන්නේ නැතිව ගෝඨා­භය රාජ­පක්ෂ මහ­ත්තයා අත්අ­ඩං­ගු­වට ගන්න යනවා කියලා.

අනෙක මෙතැන ලොකු ප්‍රශ්න­යක් තිබෙ­නවා. විජ­ය­දාස රාජ­පක්ෂ කියලා තියෙ­නවා ගෝඨා­භය රාජ­පක්ෂ මහ­ත්තයා අත්අ­ඩං­ගු­වට ගන්න යන­කොට බේර ගත්තේ එයා කියලා. එයා එත­කොට අධි­ක­රණ ඇමති. එයා කොහො­මද නීති­පති රාජ­කා­රි­යක් අකු­රට කරන්න යද්දී ඒක වළ­ක්වන්නේ. එය කිය­නවා නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව තියෙන්නේ එයා යටතේ කියල. නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව කියන්නේ සම්පූර්ණ ස්වාධීන දෙපා­ර්ත­මේ­න්තු­වක්. එය පරි­පා­ලන පහ­සුව සඳහා පම­ණක් අධි­ක­රණ අමා­ත්‍යං­ශය යටතේ කිය­නවා. එහෙම තිබුණා කියල එයාට බැහැ එහි පරී­ක්ෂ­ණ­ව­ලට බල­පෑම් කරන්න. අද­ටත් එය එසේ­මයි. එතැන ඉන්න නිල­ධා­රී­නුත් සූදා­නම් නැහැ දේශ­පා­ලන බල­පෑ­ම්ව­ලට යටත් වෙලා වැඩ කරන්න. එය මා සඳ­හන් කළ යුතුයි.

මේ වාර්තාව සම්බ­න්ධ­යෙන් පසු­කා­ලී­නව සිදු වී ඇති දේ සිතා­ගත නොහැකි තරම්ය. ඒවා හෙළි­ද­රව් වන්නේ දැන්ය. වසන්ත නව­රත්න බණ්ඩාර මහතා තවත් කතා­වක් ආව­ර්ජ­නය කළේ මෙසේය.

“ඔව්. මම දව­සක් මේ වාර්තාව පිට වුණාට පසුව කැබි­නට් උප කාරක සභා­ව­කට සහ­භාගී වුණා. එහිදී මේ ගැන සාක­ච්ඡා­ව­කට ලක් වුණා. නමුත් ඒ සාක­ච්ඡා­වට මොහො­ත­කට කලින් විජේ­දාස රාජ­පක්ෂ ඇම­ති­තුමා ඇවිත් මට පැත්තට කතා කළා. මේ නිශ්ශංක සේනා­ධි­පති මගේ යාළු­වෙක්. එයා ඇහුවා මේ ගැන මුකුත් කරන්න පුළු­වන්ද කියලා. මම ඒවෙ­ලාවේ ඇම­ති­ව­ර­යාට කිව්වේ ඇම­ති­තුමා මේක බර­ප­තළ අප­රා­ධ­යක් , මෙහි බර­ප­තළ විදි­හට නීති විරෝධි වැඩ වෙලා තිබෙ­නවා. ඒ නිසා මට කරන්න දෙයක් නෑ කිය­ලයි. නමුත් ඔහු ගෝඨා­භය රාජ­පක්ෂ මහ­ත්තයා සම්බ­න්ධ­යෙන් කිසිදු සහ­න­යක් ඉල්ලුවේ නැහැ. කිව්වේ සේනා­ධි­ප­තිගේ මිත්‍ර­ත්වය ගැන පම­ණයි.

කොහොම වුණත් ඒ කැබි­නට් අනු­කා­රක රැස්වී­මෙන් පසුව සුහද ගම්ලත් මහ­ත්මයා වෙනස් වුණා. ඔහු මේ වාර්තාව සම්බ­න්ධ­යෙන් විරෝ­ධ­යක් පළ කළා. නීති­ප­ති­තුමා කළේ මා නිකුත් කළ වාර්තා ගැන සලකා බලන්න තවත් උප කමි­ටු­වක් පත් කිරී­මයි. ඒ කමි­ටු­වට පත් වුණේ එව­කට අති­රේක සොලි­සි­ටර් ජන­රා­ල්ව­ර­යාව සිටි වත්මන් අග­වි­නි­සුරු ජයන්ත ජය­සූ­රිය, සහ­කාර සොලි­සි­ටර් ජන­රා­ල්ව­රුන් ලෙස සිටි කපිල වෛද්‍ය­රත්න, හිටපු ආර­ක්ෂක ලේක­ම්තුමා සහ වර්ත­මාන අභි­යා­ච­නා­ධි­ක­රණ සභා­පති විනි­සුරු යසන්ත කෝදා­ගොඩ යන මහ­ත්වරු. ඔවුන් තිදෙ­නාම මේ වාර්තාව ගැන බලා කිවේ එකම දෙයක්. ඔවුන් මගේ නිර්දේශ අනු­මත කළා. නමුත් සුහද ගම්ලත් මහ­ත්මයා කියන්නේ සේනා­ධි­පති අත්අ­ඩං­ගු­වට ගන්න විත­රයි ඒගොල්ල එකඟ වුණේ කියලා. මට තියෙන ප්‍රශ්නේ ඇයි එදා පාර්ලි­මේ­න්තුවේ මේ ගැන කිව්වේ නැත්තේ. නීති­පති දෙපා­ර්ත­මේ­න්තුවේ මේ කනිෂ්ඨ නිල­ධා­රියා සම්බ­න්ධ­යෙන් ඇයි පිය­ව­රක් නොගත්තේ.

මේ කතා අස්සේ හදි­සි­යේම ඇව­න්ට්ගාඩ් විම­ර්ශන වාර්තාව යට යයි. ඒ ගැනද නව­රත්න බණ්ඩාර මහ­තාට කිය­න්නට කතා­වක් ඇත.

“පසුව කවර හේතු­වක් නිසාද දන්නේ නැහැ. මේ සම්බ­න්ධ­යෙන් සිදු කෙරුණු විම­ර්ශන නැව­තුණා. මේ දේවල් වෙන්න ගියේ මාස දෙකක් විතර. අව­ස­නායේ නොසිතූ විරූ ලෙස නීති­ප­ති­ව­රයා තමන් විසින් 2015 අවු­රුද්දේ ජූනි මාසේ 17 වැනිදා නිකුත් කළ සීඅ­ර්අයි/58/2015 නම් වාර්තා­වෙන් පොලි­ස්ප­ති­ව­ර­යාට කියන්නේ එම පාවෙන අවි ගබ­ඩාව සම්බ­න්ධ­යෙන් ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත ගිනි අවි ආඥා පනත හෝ පුපු­රන දුව්‍ය ආඥා පනත සම්බ­න්ධ­යෙන් කිසිදු දෙයක් කඩ වී නැහැ කිය­ලයි.

සාමා­න්‍ය­යෙන් වෙන දේ තමයි, එවැනි විම­ර්ශන සිදු වුණාම අව­සා­නයේ ලිපි ගොනුව එය සැකසූ නිල­ධා­රියා වෙත පැමි­ණීම. මට ඉහළ නිල­ධා­රියා මොන නිර්දේ­ශය කළත් සාමා­න්‍ය­යෙන් එය සැකසූ නිල­ධ­රයා වෙත පැමි­ණීම සාමාන්‍ය සම්ප්‍ර­දාය. නමුත් නිති­ප­ති­ව­රයා මේ වාර්තාව යළි කිසිදු දිනක මා අතට පත් කිරී­මට කට­යුතු කළේ නැහැ.

එහිදී හෙළි වූයේ කුම­ක්දයි පහැ­දිලි කිරී­මට හෙතෙම අපො­හො­සත්ය. එහෙත් ඔහු එවනි අනා­ව­ර­ණ­යක් කළේ තවත් ලෙකු ප්‍රශ්න­ය­කට ඉඩක් විවර කර­මිනි.

“මට මෙහිදි කියන්න ඕනෑ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් කළ කැප වීම ගැන. මේ පරී­ක්ෂණ කර­ගෙන යද්දී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රි­යෙක් කිව්වා මේ පරී­ක්ෂණ කල් දමන්න රුපි­යල් ලක්ෂ අට­සී­යක අල්ල­සක් දෙන්න හැදුවා කියලා. ඒත් ඔහු එය ප්‍රති­ක්ෂේප කර තිබුණා. ඔවුන් මුද­ලට යට නොවෙන අවංක නිල­ධා­රීන්. ඒ නිල­ධා­රියා පස්සේ කඳුළු පුර­වා­ගෙන ඇවිත් මට කිය­නවා ප්‍රබල ව්‍යාපා­රි­ක­යෙක් කිව්වාලු එයාට, ‘තමු­සෙට ලක්ෂ අට­සී­යක් දෙන්න හැදුවා මම නීති­පති දෙපා­ර්ත­මේ­න්තු­වට ලක්ෂ 260ක් දීලා ප්‍රශ්නේ විසඳ ගත්තා‘ කියලා. “

දැනට විශ්‍රාම ලබා පෞද්ග­ලි­කව නීතිඥ වෘත්තියේ යෙදෙන වසන්ත නව­රත්න බන්ඩාර මහතා ඒ ආකා­ර­යෙන් සැබ­වින්ම කට­යතු කළේ දේශ­ප­ලන බල­පෑ­ම­කි­න්දැයි අප­ටද ප්‍රශ්න­යක් විය. එහෙත් ඊට ඔහු මෙවැනි පිළි­තු­රක් දෙන්නෙ අව­සා­නයේ යෝජ­නා­වක්ද සම­ඟිනි.

“මට පක්ෂ දේශ­ප­ල­නක් නැහැ. අපි කරන්නේ පැව­රෙන රාජ­කා­රිය. හිටපු යුද හමු­දා­පති සරත් ෆොන්සේ­කාට එරෙහි සුදු කොඩි නඩුව කළේ මම. ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විභා­ග­යක් හමුවේ ඒ නඩුව ඇසිය යුතු බවට නර්දේශ කළේ මම. නඩුව ගෙන ගියේ මම. නඩුව අත­ර­තුර යම් සිදු වීමක් හේතු­වෙන් කොන්ද පණ තියෙන නීති­ඥ­යෙකු හැටි­යට ඉවත් වුණා. ඇතු­ල­ත්මු­දලි ඝාතන කොබ්බෑ­ක­ඩුව ඝාතන කොමි­ස­ම්වල සාක්ෂි හැසි­ර­වූයේ මම. තිස්ස අත්නා­ය­කට කූඨ ලේඛන නඩුව දැම්මේ මම. සාක්ෂි මෙහෙ­ය­වන්න හිටි­යෙත් මම. මම දේශ­පා­ලන පක්ෂ­ය­කට කඩේ ගිය කෙනෙක් නෙවෙයි. දේශ­පා­ලනේ කරන මිනිස්සු අවංක රාජ්‍ය නිල­ධා­රීන්ට මඩ ගැසීම නොකළ යුතුයි. මම කව­දා­වත් දේශ­පා­ලන තන­තුරු බලා­පො­රොත්තු වන කෙනෙක් නොවෙයි. වර්ත­මාන නීති­පති ප්‍රකා­ශ­යක් නිකුත් කළ යුතුයි. මෙහිදී සිදු වුණු දේ සම්පූ­ර්ණ­යෙන්ම සොයන්න පූර්ණ බල­තල තියෙන ජනා­ධි­පති කොමි­ස­මක් පත් කළ යුතුයි කියලා මම මේ මොහොතේ කිය­නවා.

Comments