අම්බා­නක කන්න වෙයිද? | Page 3 | සිළුමිණ

අම්බා­නක කන්න වෙයිද?

නා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් උණු­සුම් වන දේශ­පා­ලන පිටියේ පසු­ගිය සති­යේද අපගේ සිහි­යට ගත යුතු සිදු වීම් කිහි­ප­යක්ම විය. යළි යළි සිතා බැලිය යුතු විශේ­ෂිත සිදු වීම් කිහි­ප­යක් මෙසේ ඔබේ අව­ධා­න­යට යොමු කරමු.

 

වෛද්‍ය පාදෙ­ණි­යගේ “ප්‍රති­පත්ති ගමන”

 

කුරු­ණෑ­ගල මහ රෝහලේ වෛද්‍ය ෂාෆි කාන්තා­වන්ගේ පැලෝ­පීය නාළ කපා බල­හ­ත්කා­ර­යෙන් වඳ භාව­යට පත් කළ බවට වූ කතා­වට පෝෂ­ණය දැම්මේ පොහොට්ටු පක්ෂ­යට හිත­වත් වෛද්‍ය කණ්ඩා­ය­මයි. අද පොහොට්ටු වේදි­කා­වට නඟින රජ­රට විශ්ව විද්‍යා­ල­යයේ වෛද්‍ය පීඨයේ මහා­චා­ර්ය­ව­ර­යකු ඒ විරෝ­ධය අවු­ළු­ව­න්නට තිර­ණා­ත්මක කාර්යක් ඉටු කරද්දි රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­ම­යද එළි­පි­ටම සාෆි විරෝ­ධ­යට රුකුල් දුන්නේය. ඊට අම­ත­රව නිල නොවන මට්ට­මින් පොදු­ජන පෙර­මුණේ දේශ­පා­ලන කට­යු­තු­ව­ලට විවි­ධා­කා­ර­යෙන් සම්බන්ධ වුණු රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මයේ ප්‍රබ­ල­යෙකු සෞඛ්‍ය ලේක­ම්ව­රි­යට පසු­ගි­යදා පවසා තිබුණේ ඊළඟ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැති තමන්ද විය හැකි බවය.

ඒ කතා එසේ සමා­ජ­ගත වෙද්දී පසු­ගිය දා පොදු­ජන පෙර­මුණේ ජනා­ධි­පති අපේ­ක්ෂක ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ජනා­ධි­ප­ති­ව­රණ ප්‍රති­පත්ති ප්‍රකා­ශය එළි­දුටු නෙලුම් පොකුණ උත්ස­වයේ ගෝඨා­භය රාජ­පක්ෂ මහතා අස­ලම රඳී සිටියේ රජයේ වෛද්‍ය නිල­ධාරී සංග­මයේ සභා­පති වෛද්‍ය අනු­රුද්ධ පාදෙ­ණි­යයි. වෛද්‍ය පාදෙ­ණිය එසේ මුල් පෙළ අසු­නක රැඳී සිටීම එම පක්ෂයේ ඇතැම් ප්‍රබ­ල­යන් පවා රිස්සුවේ නැත. ඔවුන්ද ඒ ගැන විවිධ මැසි­විලි නඟනු පෙනිණි.

කෙසේ වුවද ඔහු එම උත්ස­ව­යට සහ­භාගී වූ ආකා­රය මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලා­වල පළ වීමෙන් පසුව මැති­ව­රණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරී­ක්ෂණ මධ්‍ය­ස්ථා­නය මැති­ව­රණ කොමි­සමේ සභා­ප­ති­ව­ර­යා­ටද පැමි­ණි­ල්ලක් යොමු කළ අතර ඒ අනුව මැති­ව­රණ කොමි­සමේ අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා ඒ පිළි­බඳ පරී­ක්ෂ­ණ­යක් සිදු කරන ලෙසට සෞඛ්‍ය අමා­ත්‍යං­ශය ලේක­ම්ව­රි­යට දන්වා ඇත.

ඔහුට එරෙ­හිව නැඟුණු චෝද­නා­වට වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­ම­යට පිළි­තු­රක් ලැබී නැත. ඔහු සංග­මයේ අව­ස­රය මත දේශ­පා­ලන පක්ෂ­වල ආරා­ධ­නය මත එම රැස්වී­ම්ව­ලට ගිය බව වෛද්‍ය සංග­මය පවසා තිබිණි.

පසු­ගි­යදා මහ­නු­ව­රදී පැවැති නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ ජනා­ධි­පති අපේක්ෂක සජිත් ප්‍රේම­දාස මහ­තාගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශය දින­යේද හීන් සිරුවේ මහ­නු­වර ක්වින්ස් හෝට­ල­යට පැමිණි වෛද්‍ය පාදෙ­ණිය එහි පසු පෙළ සිටි ඇම­ති­ව­රුන් දෙදෙ­නකු අතර ඉඩක අසුන් ගත්තේය. එයද රාජ්‍ය නිල­ධා­රි­යකු ලෙස මැති­ව­රණ නීති කැඩී­මක් ලෙස දැක්විණි. එම උත්ස­ව­යට අනා­රා­ධි­තව වෛද්‍ය පාදෙ­ණිය සහ­භාගී වුණේ ඇයිද යන්න අැතැ­ම­කුට ගැට­ලු­වක් විණි. කෙසේ වුවද ඒ ගැන පසු­ගි­යදා මාධ්‍ය හමු­ව­කදී මැති­ව­රණ කොමි­සමේ සභා­ප­ති­ව­ර­යා­ගෙන් විමසූ කල් හී ඔහු පැව­සූයේ ඒකට ගිහින් මේක­ටත් ගියා කියා එල්ල වී ඇති චෝදනා නිශේ­ධ­නය නොවන බවය. ඒ සම්බ­න්ධ­යෙත් පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් වුව­හොත් ඒ ගැන ද පරී­ක්ෂණ පව­ත්වන බව මැති­ව­රණ කොමි­සමේ සභා­පති මහින්ද දේශ­ප්‍රිය කිවේය.

 

 

 

 

 

 

 

 

 

අලි සබ්රි

 

ජනා­ධි­පති නිතිඥ අලි සබ්රි පොදු ජන පෙර­මුණේ ජනා­ධි­පති අපේ­ක්ෂක ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ සමීප හිත­ව­තෙකි. ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට එරෙ­හිව අධි­ක­ර­ණයේ පව­තින නඩු ගණ­නා­ව­ක­ටම ඔහු පෙනී සිටින අතර මේ දින­වල අලි සබ්රි මහ­තාද මැති­ව­රණ ප්‍රචා­රණ ව්‍යාපා­රයේ තදින්ම නියැ­ළෙ­මින් සිටී. විශේ­ෂ­යෙන් මුස්ලිම් ඡන්ද ආක­ර්ෂ­ණය කර­ගැ­නීම සඳහා ගමින් ගමට යන ඔහු එක් කුඩා මැති­ව­රණ රැස්වී­ම­කදී මුස්ලිම් ජන­තාව අමතා කළ ප්‍රකා­ශ­යක් සම්බ­න්ධ­යෙන් දැඩි විවේ­ච­න­යක් එල්ල විය. ඔහු දෙමළ භාෂා­වෙන් සිදු කරන ලද එම ප්‍රකා­ශයේ සිංහල අරුත වී ඇත්තේ මේ වන විටත් ගෝඨා­භය මහ­ත්තයා සිංහල ඡන්ද­ව­ලින් දිනලා ඉව­රයි. අපිත් ඒ ජය­ග්‍ර­හ­ණයේ ‍කොටස්ක­රු­වන් විය යුතුයි. එහෙම නැති නම් අපට මොකද වෙන්නේ යනු­වෙනි.

එතැන සිටි සාමාන්‍ය පුද්ග­ල­යෙකු දමිළ භාෂා­වෙන් අසා ඇත්තේ අප්පා­ඩි­ල්ලාලි අම්බා­නෙක්කු කෙඩෙ­ච්චුම් ? යනු­වෙනි. එහි අද­හස් එහෙම නැති නම් අපට අම්බා­නක කන්න වෙයිද යන්නය. එයට ප්‍රති­පි­ළි­තුරු දෙන අලි ෂබ්රි මහතා සිනා­සෙ­මින් කියන්නේ ඔව් අම්බා­නක කන්න වෙයි කියාය. එය බොහෝ අයගේ මතය වූයේ මුද­ස්ලිම් ජන­තාව අන­වශ්‍ය ලෙස බිය ගන්ව­මින් ඡන්දය ලබා­ගැ­නීමේ ප්‍රය­ත්න­යක නියැ­ළී­මක් බවය. මීට පෙර ද පාසකු ප්‍රහා­ර­යෙන් පසුව මුස්ලිම් ජන­තාව අතර නොස­න­සුන් බවක් ඇති කර­ලීම සඳහා පොදු­ජන පෙර­මුණ කට­යුතු කළ බව අලි ෂබ්රි මහතා සමාජ ජාල ඔස්සේ වක්‍රව පිළි­ගෙන තිබිණි.

 

කාන්තා ඇග­යී­මට ලක් වූ පෑඩ් මෑන් කතාව

 

නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ ජනා­ධි­පති අපේක්ෂක සජිත් ප්‍රේම­දාස මහ­තාට මෙවර මැති­ව­රණ ව්‍යාපා­රයේ පෙර නොවූ විරූ තරුණ සහ කාන්තා ආක­ර්ෂ­ණ­යක් අත් පත් කර දුන් සිදු වීම් දෙකක් පසු­ගිය සතියේ විය. එයින් එකක් වන්නේ සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී පැවති තරුණ සමු­ළු­වයි. එහිදී තරු­ණ­යන් වෙනු­වෙන් සැක­සුණු ප්‍රඥ­ප්තිය ඔවුන් අතට පත් කෙරුණු අතර ඒ කෙරෙහි තරුණ ප්‍රජාව තුළ කතා බහක් නිර්මා­ණය වෙමින් තිබිණි. ඒ බව සමාජ මාධ්‍ය ජාලා නිරී­ක්ෂ­ණය කිරී­මේදී දැක­ගත හැකි විය. කෙසේ වුවද එය­ටත් වඩා වැඩි කතා බහක් කාන්තා සහ තරුණ සමාජ තලයේ ඇති වූ මාතෘ­කා­වක් වූයේ ඔහු විසින් වේය­න්ගොඩ දී කළ සංවේදි කතා­ව­කිනි.

එහිදී ඔහු පවසා තිබුණේ කාන්තා­වන් සඳහා සනී­පා­ර­ක්ෂක තුවා නොමිලේ ලබා­දී­මට කට­යුතු කරන බවය. ඒ කතාව විප­ක්ෂයේ දේශ­පා­ලන ප්‍රචා­රණ යාන්ත්‍ර­ණය ඉතා අප­හා­සා­ත්ම­කව ගෙන ගිය අතර ඉන්දි­යාවේ ජන­ප්‍රිය පෑඩ් මෑන් චිත්‍ර­ප­ටයේ එන පෑඩ් මෑන්ට සජිත් ප්‍රේම­දාස මහතා සම කිරී­මට කට­යුතු කෙරිණි. එයට ක්ෂණික ප්‍රති­චාර දැක්වූ සජිත් ප්‍රේම­දසා මහතා අති­ශ­යින් සංවේදී ගැට­ලු­වක් වන මේ සම්බ­න්ධ­යෙන් තමා බිය­කින් තොරව පෙනී සිටින බවත් මේ නාමය භාර ගැනීම අබි­මා­න­යක් බවත් ප්‍රකාශ කළේ සුදු වෑන් මෑන් වීමට වඩා පෑඩ් මෑන් වීම ආඩ­ම්බ­ර­යක් බව සල­ක­මිනි. ඒ ප්‍රකා­ශය නොසිතූ විරූ ලෙස තරුණ ප්‍රජාව අතර මෙන්ම කාන්තා ප්‍රජාව අතර ආක­ර්ෂ­ණ­යට හේතු විය.

 

පවුලේ සම­ඟිය

 

විපක්ෂ නායක මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ බාල පුතු වන රෝහිත රාජ­ප­ක්ෂගේ බිරිය තත්යානා පසු­ගි­යදා තම කුලු­දුල් පිරිමි දරුවා බිහි කළාය. මහින්ද රාජ­පක්ෂ පවුලේ දෙවැනි පර­ම්ප­රාවේ පළමු සාමා­ජි­කයා වන ඔහු දැක බලා මවු­පි­යන්ට සුබ­පැ­තී­මට රාජ­පක්ෂ මහ­තාගේ පවුලේ ඥාතීන් සියලු දෙනා එකට සිටින ඡායා­රූප ඔහුට සමීප පුද්ග­ල­යන් වෙතින් මුදා හැර තිබිණි. කාර්ය­බ­හුල මැති­ව­රණ රාජ­කාරී අතරේ පවා පවු­ලක් ලෙස රාජ­ප­ක්ෂ­ව­රුන් එවැනි කට­යු­තු­ව­ලදී එකතු වීම පිළි­බඳ පක්ෂ විපක්ෂ භේද­ය­කින් තොරව අගයා තිබිණි.

 

බිමල්ගේ කණස්සල්ල

ජනා­ධි­පති සටනේ විවිධ ස්වරූප උණු­සුම් වන විට වැඩිම පීඩ­න­යක් එල්ල වන්නේ මැති­ව­රණ කොමි­ස­ම­ටය. ඔවුන් වෙත එන පැමි­ණිලි අතර පසු­ගිය කාලයේ වැඩි අව­ධා­න­යක් යොමු වූයේ පෞද්ග­ලික විද්‍යුත් මාධ්‍ය තම ප්‍රවෘත්ති විකාශ ඇතුළු වැඩ­ස­ට­හ­න්ව­ලදී සම­බර නොවන ආකා­ර­යෙන් විවිධ ප්‍රචාර සිදු කිරී­මය. ඒ තත්ත්වය තුළ විවිධ පාර්ශ්ව මැති­ව­රණ කොමි­සම හමුවේ පැමි­ණිලි කළද මැති­ව­රණ කොමි­සට එය පාල­නය කළ හැක්කේ එක්තරා දුර­කට පමණි. රාජ්‍ය මාධ්‍ය සඳහා දැඩි නීති රීති ක්‍රියා­ත්මක කිරීමේ බලය එම කොමි­ස­මට හිමි වුවද පෞද්ග­ලික මාධ්‍ය නියා­ම­නය සම්බ­න්ධ­යෙන් පව­තින බාධක පිළි­බඳ විවිධ මට්ටමේ සාකච්ඡා පවතී. මේ අතරේ පසු­ගි­යදා මැති­ව­රණ කොමි­සමේ සාක­ච්ඡා­ව­කට ගිය ජනතා විමුක්ති පෙර­මුණේ මන්ත්‍රී බිමල් රත්නා­යක මහතා ප්‍රකාශ කර තිබුණේ මැති­ව­රණ කොමි­සම විසින් ගනු ලබන පිය­වර පිළි­බඳ තමන් සතු­ටට පත් නොවන බවයි. මැති­ව­රණ කොමි­සම එම පෞද්ග­ලික මාධ්‍ය ප්‍රධා­නීන් ගෙන්වා ඒ බව දැඩි සේ ප්‍රකාශ කරන බව පවස තිබු­ණද එය ක්‍රියා­ත්මක වී නැති තත්ත්වය බිමල් රත්නා­යක මහතා උපමා කර තිබුණේ විනි­සු­රන් තරග විනි­ශ්චය අත්හැර අැති ස්වභා­ව­යක් පව­තින බවය.

 

සජිත්ගේ නුවර ගමන

 

මහ­නු­වර දී පැවති සජිත් ප්‍රේම­දාස මහ­තාගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශය එළි­දැ­ක්වීම මහ­නු­ව­රදී පැවැ­තී­මද විශේ­ෂ­ත්ව­යක් විය. එය මුල් වරට ත්‍රෛනි­කා­යික මහ සඟ­රු­වන වෙත ප්‍රදා­නය කෙරුණු අතර පසුව අග්‍රා­මා­ත්‍ය­ව­රයා වෙත ප්‍රදා­නය කෙරිණි. එම ප්‍රති­පත්ති ප්‍රකා­ශය සකස් කිරී­මට මුල පිරූ එක් චරි­ත­යක් වන අමාත්‍ය එරාන් වික්‍ර­ම­රත්න මහතා ඒ පිළි­බඳ හැඳි­න්වී­මක් කළ අතර වඩාත් අව­ධා­න­යට ලක් වූයේ රාවය පුවත් පතේ හිටපු කර්තෘ සහ දේශ­පා­ලන විශ්ලේ­ශ­ක­යකු වන වික්ටර් අයි­වන් මහතා එම උත්ස­වයේ කතා­වක් පැව­ත්වී­මය.

ඔහු එහිදී කීවේ සජිත් ප්‍රේමදාස මහතා සමාජ විප්ල­ව­යක් ගැන හීන දකි­න්නකු ලෙසය. ඔහුට ඒ සඳහා දැක්මක් ඇති බව තමන්ට පෙනෙන බවත් සඳ­හන් කර­මින් වික්ටර් අයි­වන් මහතා කළ දේශ­නය පැමිණ සිටි පිරි­සගේ වඩාත් අව­ධා­න­යට ලක් විය. ඒ උත්ස­ව­යෙන් පසුව තවත් මැති­ව­රණ ප්‍රචා­රණ රැස්විම් ගණ­නා­ව­කට සහ­භාගි වන්නට ප්‍රේම­දාස මහ­තාට සිදු විය. එබැ­වින් ඔහු මහා මාර්ගයේ තද­බ­දය මඟ හැර තම බිරිය සමඟ කොළ­ඹට එන්නට පිටත් වූයේ දුම්රි­යෙනි.

 

වැරැද්ද දෙව­රක්

 

ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ මැති­ව­රණ ප්‍රචා­ර­ණ­යේදී වරක් චෝදනා එල්ල වුණේ යුද හමු­දා­ප­ති­ව­රයා කළ ප්‍රකා­ශ­යක් ඔහුගේ ඡායා­රූ­ප­යද සමඟ භාවිත වීමය. මෙවර යාප­නයේ කළ සංචා­ර­යේදී පොලිස් නිල­ධා­රීන් දෙදෙ­නකු සමඟ සිටින ඡායා­රූ­ප­යක් මේ වන විට ඔහුගේ මැති­ව­රණ ව්‍යාපා­රයේ කට­යු­තු­ව­ලට යොදා ගැනෙ­මින් තිබිණි. ඒ පිළි­බඳ සොයා බැලී­මේදී හෙළි­ද­රව් වී ඇත්තේ ඒ මොහොතේ රාජ­කාරී කළ එම පොලිස් නිල­ධා­රීන් දෙදෙ­නාගේ අනු­මැ­ති­ය­කින් දැනු­වත් බව­කින් හෝ තොරව ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ මැති­ව­රණ ප්‍රචා­ර­ණ­යට ඔවුන්ගේ රුව භාවිත කර අැති බවය. ඒ පිළි­බඳ පොලිස් මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­ර­යාද නිල වශ­යෙන් නිවේ­ද­නය කර තිබිණි.

Comments