ශ්‍රීල­නිප සුරැ­කීමේ සංවි­ධා­නයේ මහ සමු­ළුව අඟ­හ­රු­වාදා | සිළුමිණ

ශ්‍රීල­නිප සුරැ­කීමේ සංවි­ධා­නයේ මහ සමු­ළුව අඟ­හ­රු­වාදා

ව ප්‍රජා­ත­න්ත්‍ර­වාදි පෙර­මුණේ ජනා­ධි­පති ධුර අපේ­ක්ෂක සජිත් ප්‍රේම­දාස මහ­තාට සහාය දැක්වීමේ පණි­වි­ඩය රට පුරා ගෙන යෑම අර­මුණ කර­ගත් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය සුරැ­කීමේ සංවි­ධා­නයේ මහා සම්මේ­ල­නය අඟ­හ­රු­වාදා (05) ප.ව. 2.00 ට සුග­ත­දාස ගෘහස්ථ ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්වී­මට නිය­මිත බව ඒ සංවි­ධා­නයේ කමිටු සාමා­ජික සහ ශ්‍රී ලංකා නිද­හස් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ ලේකම් රාජික කොඩි­තු­වක්කු මහතා සිළු­මි­ණට පැව­සීය.

හිටපු ජනා­ධි­ප­තිනි චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මහ­ත්මිය ප්‍රමුඛ, හිටපු අමා­ත්‍ය­ව­රුන් වන කුමාර වෙල්ගම, අතා­වුද සෙනෙ­වි­රත්න, මිල්රෝයි ප්‍රනාන්දු වැනි ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ආරක්ෂා කිරීම වෙනු­වෙන් පෙනී සිටින ශ්‍රීල­නිප ජ්‍යෙෂ්ඨ­යන් 182ක් මෙයට සහ­භාගි වීමට නිය­මිත බවත්, ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ විසින් විනාශ කර­මින් තිබෙන ශ්‍රීල­නි­පය ආරක්ෂා කර­ගැ­නී­මට නම් ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී අනි­වා­ර්ය­යෙන්ම ගෝඨා­භය රාජ­පක්ෂ මහතා පරා­ජය කළ යුතු බවත් පැවසූ හෙතෙම පොහොට්ටු වේදි­කා­වට නැඟ සම­ච්ච­ල­යට ලක් වන සහෝ­දර ශ්‍රීල­නිප පාක්ෂි­ක­යන්ට නැව­තත් තමන් සමඟ එක් වන්නැයි එදින සම්මේ­ල­න­යේදී විවෘත ආරා­ධ­න­යක් කරන බවද කීවේය.

Comments