කාදි­නල්ගේ හිමි නමින් පළ කළ ලිපිය ව්‍යාජ බව හෙළි වෙයි | සිළුමිණ

කාදි­නල්ගේ හිමි නමින් පළ කළ ලිපිය ව්‍යාජ බව හෙළි වෙයි

මිලේ­නි­යම් චැලේන්ජ් කෝප­රේ­ෂන් ගිවි­සුම කල් දැමිය යුතු බවත් ඒ සඳහා ජන­මත විම­සු­මක් පැවැ­ත්විය යුතු බවත් කොළඹ අග­ර­ද­ගුරු අති උතුම් මැල්කම් කාදි­නල් රංජිත් හිමි­යන් විසින් පැවසූ බව දක්ව­මින් රද­ගුරු හිමි­පා­ණන්ගේ ලිපි ශීර්ෂ­යක් යොදා­ග­නි­මින් අන්ත­ර්ජා­ල­යට එක් කර තිබෙන ලිපිය ව්‍යාජ එකක් බව හෙළිව තිබේ.

උන් වහන්සේ අප­හ­සු­තා­වට පත් වන අයු­රින් මේ ක්‍රියාව සිදු කර ඇත්තේ මාධ්‍ය ඉදි­රියේ වේග­වත්ව කතා කරන විප­ක්ෂයේ මන්ත්‍රී­ව­ර­යකු විසින් බවට මේ වන විට තොර­තුරු හෙළිව ඇත.

Comments