කඨින මහා පිංකම | සිළුමිණ

කඨින මහා පිංකම

බෝපි­ටිය සීල­වං­ශා­රාම

පස්යො­දු­න්රට මතු­ගම බෝපි­ටියේ ශ්‍රී සීල­වං­ශා­රාම පුරාණ මහා විහා­රයේ, වාර්ෂික කඨින මහා පිංකම 08 සෙන­සු­රාදා සහ 09 ඉරිදා යන දෙදින පැවැත්වේ‍. විහා­රා­ධි­පති, පාලි­න්ද­නු­වර ප්‍රධාන සංඝ­නා­යක, සද්ධර්ම කීර්ති ශ්‍රී මතු­ගම මංගල නාහි­මිගේ උප­දේ­ශ­ක­ත්ව­යෙන් සම්ප්‍ර­දා­යික දේශීය සංස්කෘ­ති­කාං­ග­ව­ලින් ද සම­න්විත මෙවර කඨින චීව­රය රැගත් පෙර­හර 08 සෙන­සු­රාදා සවස 2.00 ට සතර පේරුවේ බෝපි­ටිය පාර්ශ්වයේ, අංක 130 ‘චාමික’ නිවසේ පදිංචි නන්ද­ලාල් උදය මුණ­සිංහ මහ­තාගේ නිව­සින් ආරම්භ කෙරේ. විහා­රස්ථ කාර්ය සාධක සමි­තියේ සංවි­ධා­ය­ක­ත්ව­යෙන් පසු­දින කඨින චීවර පූජාව සහිත සංඝ­ගත දක්ෂි­ණාව පැවැත්වේ.

 

කළු­බෝ­විල සුද­ර්ශ­නා­රාම

දෙහි­වල කළු­බෝ­විල විම­ල­සාර පාරේ ශ්‍රී සුද­ර්ශ­නා­රාම විහා­ර­ස්ථා­නයේ කඨින චීවර පූජෝ­ත්ස­වය අද (03) වැනි දින සිට 12 වැනි දින දක්වා බදුල්ලේ චන්දිම හිමි­යන්ගේ අනු­ශා­සනා පරිදි පැවැත්වේ. අප­වත් වී වදාළ බදුල්ලේ ශ්‍රී ගුණා­ලං­කාර, ගම්පහ සුම­න­සාර, බදුල්ලේ මංගල මාහි­මි­ව­රුන්ට පුණ්‍යා­නු­මෝ­දනා සිදු­කි­රීම මෙහිදී සිදුවේ. කල්ප වෘක්ෂ පූජා, බෝධි පූජා, අට­විසි බුද්ධ වන්දනා, චෛත්‍ය කප්රුක් පූජා, පරි­ත්‍රාණ ධර්ම­දේ­ශනා රැසක් ද පැවැත්වේ. 12 වැනිදා කඨි­නා­නි­සංස ධර්ම දේශ­නය පව­ත්වන්නේ මහ­ර­ගම ධර්මා­ය­ත­නයේ පාණ­දුරේ ප්‍රසන්න හිිමිය.

රද්දො­ළුව ශ්‍රී අමර

සීදූව - රද්දො­ළුව ශ්‍රී අමර මහා විහා­ර­ස්ථා­නයේ කඨින චීවර පිංකම් මාලාව නොවැ­ම්බර් මස 08,09 සහ 10 යන දින­යන්හි විහා­රා­ධි­පති පණ්ඩිත ගෞරව ශාස්ත්‍ර­වේදී සීදූවේ සුම­න­වංස නායක මාහි­මි­පා­ණන් වහ­න්සේගේ අනු­ශා­සනා පරිදි විහා­රස්ථ දායක සභාව, ප්‍රජා­පති කුල­ඟන සමි­තිය, විහා­රස්ථ ශ්‍රී ධම්මා­නන්ද දහම් පාසල, එක්සත් තරුණ බෞද්ධ සමි­තිය, සතර පේරුවේ දායක දායි­කා­වන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් පැවැත්වේ‍.

* නොවැ­ම්බර් මස 08 වැනි සිකු­රාදා දින ප.ව. 6.00 ට අට­විසි බුද්ධ පූජාව සහිත බෝධි පූජාව

* රාත්‍රි 7.00 ට ධර්ම­දේ­ශ­නා­වක් පැවැ­ත්වෙන අතර 09 වැනි සෙන­සු­රාදා දින ප.ව. 6.30 ට අට­විසි බුද්ධ පූජාව සහිත බෝධි පූජා­වක් ද පැවැත්වේ.

Comments