සමාජ විප්ලවයකට මුලපුරන සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් | සිළුමිණ

සමාජ විප්ලවයකට මුලපුරන සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන්

ක්ති­මත් දේශ­යක්, තර­ග­කාරි ආර්ථි­ක­යක් හා සාධා­රණ සමා­ජ­යක් යන්න තේමා කර­මින් සමාජ, ආර්ථික, දේශ­පා­ල­නික, සංස්කෘ­තික ඇතුළු සියලු අංශ අවා­ර­ණය කර­මින් නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදි පෙර­මුණේ ජන­පති අපේ­ක්ෂක සජිත් ප්‍රේම­දාස මහ­තාගේ ජන­ප­ති­ව­රණ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය 31 දා මහ­නු­වර රැජින හෝට­ල­යේදී උත්ස­වා­කා­ර­යෙන් ජන­ගත කෙරිණි.

ව්‍යවස්ථා ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ව­ලිය සියලු පාර්ශ්ව සමඟ එක්ව ප්‍රමා­ද­ය­කින් තොරව සිදු කිරීම ඔස්සේ ජන­තා­වගේ ව්‍යව­ස්ථා­වක් ඇති කිරීම - මේ පාර්ලි­මේ­න්තුව විසින් ආරම්භ කරන ලද අග­මැ­ති­ව­ර­යාගේ එක­ඟ­තාව මත විධා­යක ජන­ප­ති­ව­ර­යාගේ ක්‍රියා­කා­රි­ත්වය, බලය බෙදා­හැ­රීම සහ මැති­ව­රණ ක්‍රම පිළි­බඳ ව්‍යවස්ථා ප්‍රතිං­ස්ක­රණ ක්‍රියා­ව­ලිය සියලු පාර්ශ්ව­ක­රු­වන් සමඟ ප්‍රමා­ද­ය­කින් තොරව අව­සන් කෙරේ. නව ව්‍යව­ස්ථාව ජන­තාව වෙත ජන­මත විචා­ර­ණය පිණිස යොමු කෙරේ.

මැති­ව­රණ ක්‍රමය

දූෂ­ණ­යට හා නාස්ති­යට තුඩු දී තිබෙන මනාප මැති­ව­රණ ක්‍රමය වෙනු­වට සමා­නු­පා­තික නියෝ­ජ­නයේ වැද­ගත්ම ප්‍රති­ලාභ ආරක්ෂා කරන ක්‍රම­වේ­ද­යක් ඇති කර­මින් නව ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව මගින් මැති­ව­ර­ණය ක්‍රමය ප්‍රති­සං­ස්ක­ර­ණය කෙරෙයි. පාර්ලි­මේ­න්තුවේ පක්ෂ මාරු කිරීම් අව­සන් කිරීම, රජයේ ස්ථාව­ර­ත්වය වැඩි කිරීම, ජන­තා­වගේ මැති­ව­රණ මනා­පය ආරක්ෂා කිරීම යන සියලු දේ නව ව්‍යව­ස්ථාව මගින් සිදු වනු ඇත. නව ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව 19 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­නය මත ගොඩ­නැ­ඟෙන අතර ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා සභාව තුළ වැඩි සිවිල් සමාජ සහ­භා­ගි­ත්ව­යක් ප්‍රව­ර්ධ­නය කිරීම මඟින් පත් කරනු ලැබ තිබෙන කොමි­ෂන් සභා­වන්හි ඵල­දා­යි­තාව හා ස්වාධී­න­ත්වය තවත් වැඩි කෙරේ.

කාන්තා නියෝ­ජ­නය

ජාතික ලැයි­ස්තු­වෙන් පත් වන නියෝ­ජි­ත­ය­න්ගෙන් අවම වශ­යෙන් 25%ක් කාන්තා­වන් බව නියම කිරී­මෙන් පාර්ලි­මේ­න්තුවේ කාන්තා නියෝ­ජ­නය ඉහළ නැංවීම නීති­ගත කෙරේ.

අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය

අධි­ක­ර­ණය රජ­යෙන් ස්වාධීන විය යුතු අතර එය සහ­තික කිරීම පිණිස නව ව්‍යව­ස්ථාව මඟින් ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා සභාව මඟින් පත් කරන ලද ස්වාධීන රජයේ අභි­චෝ­ද­ක­යකු බිහි කරනු ඇත. ආණ්ඩු­ක්‍රම ව්‍යස්ථාවේ අධි­ක­රණ අර්ථ නිරූ­ප­ණය ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යෙන් ඉව­තට ගෙන නව ව්‍යවස්ථා අධි­ක­ර­ණ­ය­කට යොමු කෙරේ. එම­ඟින් පළාත් සහ කේන්ද්‍රය අතර, පළාත් අතර හා පළාත් තුළ ආර­වුල් විනි­ශ්චය කෙරේ.

මූලික අයි­ති­වා­සි­කම්

ශක්ති­මත් ජාති­යක් ඇති කිරීම පිණිස පුර­වැ­සි­යන්ගේ මූලික අයි­ති­වා­සි­කම් ආරක්ෂා කිරීම ඉතා වැද­ගත්ය. ඔවුන්ගේ අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය වන විට ඔවුන්ට යුක්තිය ඉටු කිරී­මද අත්‍ය­වශ්‍ය වේ. යුක්තිය පසි­ඳ­ලීමේ ක්‍රියා­ව­ලිය පහසු කිරීම පිණිස කොළඹ ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ පම­ණක් නොව, පදිං­චි­යට ආස­න්න­තම මහා­ධි­ක­ර­ණ­ව­ලද අභි­යා­චනා ගොනු කිරී­මට පුර­වැ­සි­යන්ට ඉඩ සැලසේ.

ජන­තා­වට බලය

මවු­බිමේ ඒකී­ය­ත්වය, භෞමික අඛ­ණ්ඩ­ත්වය, ස්වෛරී­ත්වය සහ දේශ­පා­ලන ස්වාධී­න­ත්වය ආරක්ෂා කෙරේ. රජයේ තීරණ ගැනීම ජන­තා­වට සමීප කෙරේ. නොබෙ­දුණු හා වෙන් කළ නොහැකි ශ්‍රී ලංකා­වක් තුළ උප­රිම බලය බෙදා­හැ­රී­මක් ඔස්සේ නීති­යෙන් හා ප්‍රායෝ­ගි­කව පම­ණක් නොව, හද­ව­ති­න්මද සියලු ශ්‍රී ලාංකි­ක­යන් අතර සම­ඟිය ඇති කිරීම සහ­තික කෙරේ. රණ­සිංහ ප්‍රේම­දාස, චන්ද්‍රිකා කුමා­ර­තුංග සහ මහින්ද රාජ­පක්ෂ යන ජනා­ධි­ප­ති­ව­රුන් යටතේ ඉදි­රි­පත් කර ඇති යෝජනා සැල­කි­ල්ලට ගනි­මින් පළා­ත්වල බල­තල, කාර්ය සහ වග­කීම් තීර­ණය කෙරේ. කේන්ද්‍රයේ බලය බෙදා­හැ­රීම සහ­තික කිරීම සහ පළාත් සභා හා පළා­ත්ව­ලට ඔවුන්ගේ හැකියා මත පද­නම්ව ඔවුන්ගේ බල­තල ක්‍රියා­ත්මක කිරී­මට හැකි වීම සහ­තික කිරීම වෙනු­වෙන් පළාත් සභා නියෝ­ජි­ත­ය­න්ගෙන් සම­න්විත දෙවන සභා­වක් ලෙස සෙනේට් සභා­වක් ස්ථාපිත කෙරේ.

පළා­ත්ව­ලට මුදල් රැස් කිරී­මට සහ බෙදා­හ­රින ලද බලය ක්‍රියා­ත්මක කිරී­මට අවශ්‍ය බලය හිමි වේ. බලය බෙදා­හැ­රීමේ ඒකක සම්බ­න්ධ­යෙන් එකඟ විය හැකි පරිදි අවශ්‍ය වෙන­ස්කම් කිරී­මෙන් බලය බෙදා­ගැ­නීම වඩාත් අර්ථ­වත් හා පිරි­වැය කාර්ය­ක්ෂම කෙරේ.

මත්ද්‍රව්‍ය, දූෂ­ණය හා ආග­මික අන්ත­වා­ද­යට එරෙ­හිව දැඩි ප්‍රත්පත්ති ක්‍රියා­ත්මක කිරීම

ශ්‍රී ලංකාව තුළ මහ උව­දුරු තුනක් ලෙස ක්‍රියා­ත්මක මත්ද්‍රව්‍ය, දූෂ­ණය හා ආග­මික අන්ත­වා­ද­යට වේග­වත් හා නියත යුක්ති­යයි. නීතියේ පාල­නය භීති­යෙන් හෝ පක්ෂ­පා­ති­ත්ව­යෙන් තොරව ක්‍රියා­ත්මක කෙරේ. මත්ද්‍රව්‍ය, දූෂ­ණය සහ ආග­මික අන්ත­වා­ද­යට සම්බන්ධ නඩු කඩි­න­මින් අව­සන් කිරී­මට කට­යුතු කෙරේ. නඩු පව­ර­න්නන්ට හා විනි­සු­රු­ව­රුන්ට සම්පූ­ර්ණ­යෙන්ම ස්වාධී­නව තම කාර්ය ඉටු කිරී­මට තිබිය යුතු නිද­හස තහ­වුරු කෙරේ. වැර­දි­ක­රු­වන් අධි­ක­ර­ණය හමු­වට ගෙන ඒමට අවශ්‍ය සියලු පහ­සු­කම් සැපයේ. මේ සඳහා විශේෂ මත්ද්‍රව්‍ය විරෝධී අධි­ක­ර­ණ­යක්, විශේෂ මත්ද්‍රව්‍ය විරෝධී අභි­වෝ­දක ව්‍යූහ­යක් ඇති කෙරේ. පොලිස් මත්ද්‍රව්‍ය විරෝධී අංශය ශක්ති­මත් කෙරේ. මත්ද්‍රව්‍ය උව­දුරු මුලි­නු­පුටා දැමීම පිණිස අන්ත­ර්ජා­තික රාජ්‍ය තාන්ත්‍රි­ක­යන් සමඟ සහ­යෝ­ග­යෙන් කට­යුතු කෙරේ. නීති­වි­රෝධී මත්පැන් නිෂ්පා­ද­නය වැළැ­ක්වීම පිණිස සියලු එත­නෝල් ආන­යන බල­පත්‍ර ස්වාධීන කොමි­ෂ­මක් විසින් නැවත විව­ර­ණය කෙරේ. අන්ත­ර්ජා­තික බුද්ධි ඒකක හා මත්ද්‍රව්‍ය විරෝධී නියෝ­ජි­තා­ය­තන සමඟ සමී­පව සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකා­වට මත්ද්‍ර­ව්‍යය ගලා ඒම නතර කෙරේ.

දූෂ­ණය පිටු දැකීම

ආණ්ඩුවේ හෝ පක්ෂයේ හෝ කිසිදු දූෂිත සාමා­ජි­ක­යකු ආරක්ෂා කරන්නේ නැත. දූෂ­ණ­යට සම්බන්ධ ඕනෑම අය­කුට එරෙ­හිව විම­ර්ශන කිරී­මට හා නඩු පැව­රීම සඳහා පොලී­සි­යට හා අධි­ක­ර­ණ­යට නිද­හස. මුදල් විශු­ද්ධි­ක­ර­ණය අල්ලස් පනත යටතේ වර­දක් බවට පත් කෙරේ.

අල්ලස් කොමි­සම යටතේ වත්කම් ප්‍රකාශ කිරීමේ මධ්‍යම දත්ත පද්ධ­ති­යක් පිහි­ටු­වනු ලැබේ. අල්ලස් කොමි­සම ස්වාධීන, ඉහළ පුහු­ණු­වක් සහිත විම­ර්ශන නිල­ධා­රී­න්ගෙන් ශක්ති­මත් කෙරේ. රාජ්‍ය සේවා සහ ගෙවීම් ඩිජි­ට­ල්ක­ර­ණය කර දූෂ­ණය සඳහා අවස්ථා අවම කෙරේ.

පොදු ව්‍යාපාර කාරක සභාව සහ රාජ්‍යය ගිණුම් කාරක සභාව තුළ ප්‍රස­ම්පා­දන අනු­ක­මිටු පිහි­ටු­වී­මට පිය­වර ගැනේ.

ආග­මික අන්ත­වා­ද­යට එරෙහි යුද්ධය -

ප්‍රජා­තා­න්ත්‍රික හා බහු­ත්ව­වාදි සමා­ජ­යක් ගොඩ­නැ­ඟී­මට පිය­වර ගැනේ. එම­ඟින් සියලු ජන­තා­වන්ට ආර­ක්ෂාව සැපයේ. සියලු ආග­මික විශ්වා­ස­ව­ලට ගරු කරනු ලැබේ. ආග­මික අන්ත­වා­දය නිරී­ක්ෂ­ණය කරන, විම­ර්ශ­නය කරන සහ අවශ්‍ය තැන එයට එරෙ­හිව නඩු පව­රන නව නීති හා රෙගු­ලාසි හඳුන්වා දෙනු ලැබේ. මේ නීති විසින් වෛරී ප්‍රකාශ, සාවද්‍ය තොර­තු­රු­ව­ලට එරෙ­හිව දැඩි දඬු­වම් පමු­ණු­වනු ලැබේ. මානව හිමි­කම් කොමි­සමේ මාර්ගෝ­ප­දේ­ශ­ව­ලට යටත්ව සිවිල් හා දේශ­පා­ලන අයි­ති­වා­සි­කම් සම්මුති පනත පූර්ණ හා සාධා­රණ ලෙස ක්‍රියා­ත්මක කෙරේ.

ආග­මික හා වාර්ගික සම­ඟිය පිළි­බඳ දිය­වන්නා ප්‍රකා­ශය සංහි­ඳියා පනත ක්‍රියා­ත්මක කෙරේ. එම­ඟින් පිළි­ගත් ආග­මික නාය­ක­ය­න්ගෙන් සම­න්විත සංහි­ඳියා සභා­වක් පිහි­ටු­වනු ලැබේ.

මහ සංඝ­ර­ත්න­යේත්, සෙසු ආග­මික නාය­ක­ය­න්ගේත්, ප්‍රජා­ව­න්ගේත්, සිවිල් සමා­ජ­යේත් උප­දෙස් මත සමාජ ඒකා­බ­ද්ධ­තාව සඳහා ජාතික ප්‍රති­ප­ත්ති­යක් නිර්මා­ණය කරනු ලැබේ. ඒ ප්‍රති­ප­ත්තිය පිළි­බඳ මහ­ජ­න­තාව දැනු­ම්වත් කිරී­මට පාසල් විෂය මාලාව සංශෝ­ධ­නය කෙරේ.

ශක්ති­මත් දේශ­යක් තහ­වුරු කිරීම

අපගේ ආර­ක්ෂක ප්‍රති­ප­ත්තිය බුද්ධි­මත්, නම්‍ය­ශීලි සහ දූර­දර්ශි එකකි. ජාති­ය­කට ඇති වන තර්ජන කල් තබා හඳු­නා­ගෙන යෝග්‍ය ප්‍රගාමි මූලෝ­පාය සංව­ර්ධ­නය කෙරේ. ඒවා අවශ්‍ය විට ක්‍රියා­වට නංවනු ඇත. නිසි පුද්ග­ලයා නිසි තැන පිහි­ටු­වනු ලැබේ. දේශ­පා­ලන ඇඟි­ලි­ගැ­සී­ම්ව­ලින් තොරව තම කාර්ය කිරී­මට සමත් වනු ඇත. ආර­ක්ෂක හමුදා, පොලී­සිය හා බුද්ධි සේවා නවී­ක­ර­ණය කොට ආර­ක්ෂක පද්ධති ශක්ති­මත් කෙරේ. දේශ­යට යුද­මය ආර­ක්ෂාව පම­ණක් නොව, ආර්ථික, දේශ­පා­ල­නික, සමාජ හා පාරි­ස­රික සුර­ක්ෂි­ත­භා­වද අව­ශ්‍යයි. අධි­ක­රණ පද්ධ­ති­යට නව ජීව­යක් දෙමින් ජන­තා­වගේ හද­ව­ත්ව­ලින් ඒ පිළි­බඳ ගිලිහී ගොස් තිබෙන විශ්වා­සය යළි තහ­වුරු කෙරේ.

ජාතික ආර­ක්ෂාව

ජාතික ආර­ක්ෂක මූලෝපා සංව­ර්ධ­නය කෙරේ. සයි­බර් ආර­ක්ෂක විශේ­ෂ­ඥ­ය­න්ගෙන්ද සම­න්විත බහු­වි­ෂ­යක විශේ­ෂ­ඥ­යන් සමූ­හ­යක් විසින් එය ක්‍රියා­ත්මක කෙරේ. ත්‍රස්ත­වා­ද­යට එරෙ­හිව කට­යුතු කිරී­මට, ප්‍රචණ්ඩ අන්ත­වා­දය වැළැ­ක්වී­මට දැඩි අව­ධා­නය. ආර­ක්ෂාව සම්බන්ධ විශේ­ෂ­ඥ­යන්ගේ සහාය නිර­න්ත­රව ලබා ගනී. ආර­ක්ෂක ප්‍රති­පත්ති නිර්මා­ණය කිරී­ම­ටත් ජාතික ආර­ක්ෂාව සහ­තික කිරීම පිළි­බඳ තීරණ ගැනීම සඳ­හාත් ජාතික ආර­ක්ෂක කවු­න්සි­ල­යක් පිහි­ටු­වනු ලැබේ. ජාතික ආර­ක්ෂක උප­දේ­ශක තන­තු­රක් අලු­තින් නීත්‍ය­නු­කූ­ලව පිහි­ටු­වනු ලැබේ. නව අන්තර් සංවි­ධාන ප්‍රති­ත්‍රස්ත මධ්‍ය­ස්ථා­න­යක් ස්ථාපිත කෙරේ. ආර­ක්ෂක අය­වැය ශක්ති­මක් කිරී­මට පිය­වර. කුස­ල­තාව මත නව උසස් වීම් ක්‍රම­යක්. සේවය ඇග­යීම. නාවික හමු­දාව හා වෙර­ළා­ර­ක්ෂක හමුදා ශක්ති­මත් කිරීම මඟින් අපගේ සමු­ද්‍රික ආර්ථික සම්පත් රැක­ගැ­නීම. පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව නවී­ක­රණ වැඩ­පි­ළි­වෙ­ළට සම­ගා­මීව පැමි­ණිලි හා ප්‍රකාශ ඩිජි­ට­ල්ක­ර­ණය කිරීම. නියා­ම­න­යෙන් තොරව මූල්‍ය ගනු­දෙනු කරන අන්ත­වාදී කණ්ඩා­යම් හඳු­නා­ගැ­නීම පිණිස මූල්‍ය බුද්ධි ඒක­කය ශක්ති­මත් කිරීම. සයි­බර් ආර­ක්ෂක පන­තක් හඳුන්වා දීම ඔස්සේ ඩිජි­ටල් තර්ජන විශ්ලේ­ෂ­ණය කර, රට සයි­බර් තර්ජ­න­ව­ලින් මුදා­ගැ­නී­මට පිය­වර ගැනේ.

වග­වී­මෙන් යුතු නාය­ක­ත්වය

රජයේ ඇමැ­ති­ව­රුන් අන්ත­ර්ජා­ලය ඔස්සේ වාර්ෂික වත්කම් බැර­කම් ප්‍රකාශ ප්‍රකා­ශ­යට පත් කළ යුතුය. මේ ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ කොමි­ෂන් සභාව විසින් තහ­වුරු කරනු ලැබේ. ප්‍රමිති හා ආචා­ර­ධර්ම පිළි­බඳ කොම­සා­රි­ස්ව­ර­යෙක් පත් කෙරේ. මන්ත්‍රී­ව­රුන් පාර්ලි­මේන්තු චර්යා­ධර්ම පද්ධ­ති­යක් කෙරෙහි අනු­කූල විය යුුතුය. මන්ත්‍රී­ව­රුන් 225 සඳහා සුඛෝ­ප­භෝගි තීරු බදු රහිත බල­පත්‍ර ඉවත් කරනු ලැබේ. සර්වා­පා­ක්ෂික කමි­ටු­වක් මඟින් මන්ත්‍රී­ව­රුන්ගේ හා තේරී­පත් වූ අනෙක් නිල­ධා­රීන්ගේ සියලු වාසි සහ වර­ප්‍ර­සාද සමා­ලෝ­ච­නය කෙරේ. තේරී­පත් වූ නිල­ධා­රීන්ට වෙන් කර ඇති ආර­ක්ෂක නිල­ධා­රීන් හා වාහන සංඛ්‍යාව තීර­ණය කරනු ලබන්නේ බුද්ධි අංශ කරන තර්ජන තක්සේරු කිරී­මක් මඟිනි.

ශක්ති­මත් විදේශ ප්‍රති­ප­ත්ති­යක්

වෙළෙඳ හා ආයෝ­ජන ප්‍රව­ර්ධ­න­ය­ටත් අපගේ ජාතික අව­ශ්‍ය­තා­ව­ල­ටත් දක්වන දාය­ක­ත්වය මත සියලු රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල නිර­න්තර ඇග­යී­මට ලක් කෙරේ. තානා­ප­ති­වරු විදේශ සේවා නිල­ධා­රීන් බව සහ­තික කර සුදුසු විදේශ සේවා නිල­ධා­රීන් නැති විට විනි­විද පෙනෙන නිර්ණා­ය­ක­ව­ලට අනු­කූ­ලව පත් කිරීම් සිදු කෙරේ.

යුක්තිය පසි­ඳ­ලීම

නවීන අප­ක්ෂ­පාති අධි­ක­රණ පද්ධ­ති­යක්. මෙතෙක් සිරව තිබෙන 725,000කට අධික නඩු අසා අව­සන් කර නීති පද්ධ­තියේ වේග­වත් බව දෙගුණ කෙරේ. නඩු ප්‍රමා­ද­යන් නිසා සිදු වන අවි­නි­ශ්චි­ත­තාව, වේද­නාව හා අයු­ක්තිය ඉතා ඉක්ම­නින් අව­සන් වනු ඇත. අධි­ක­රණ පද්ධ­තියේ ප්‍රති­සං­ස්ක­ර­ණ­යට පුළුල් වැඩ පිළි­වෙ­ළක්. දේපොළ නඩු­ව­ලට විශේෂ අව­ධා­න­යක්. විනි­සුරු සංඛ්‍යාව ඉහ­ළට. අවශ්‍ය නඩු කඩි­න­මින් විස­ඳී­මට ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා අධි­ක­රණ වැනි විශේෂ අධි­ක­රණ හඳු­න්වා­දීම. සමත මණ්ඩල වැඩි දියුණු කෙරේ. කලා­පීය නීති ආධාර මධ්‍ය­ස්ථාන ජාල­යක් ස්ථාපිත කෙරේ.

නිද­හස් හා සාධා­රණ මාධ්‍ය

හත­ර­වැනි ආණ්ඩුව ලෙස හැඳි­වෙන මාධ්‍ය විධා­ය­ක­යට, ව්‍යව­ස්ථා­දා­ය­කට හා අධි­ක­ර­ණ­යට පසු වැද­ගත්ම අංශ­යයි. මාධ්‍ය නිද­හස හා සමාජ වග­කීම පිළි­බඳ කොළඹ ප්‍රකා­ශ­නය අනුව යමින් ප්‍රකා­ශ­නයේ නිද­හස සීමා කරන යල්පැන ගිය නීති අහෝසි කෙරේ. පෞද්ග­ලික මාධ්‍ය ආචා­ර­ධා­ර්මික සහ වග­කී­ම්ස­හ­ගත වීම තහ­වුරු කිරී­මට අවශ්‍ය රෙගු­ලාසි ක්‍රියා­වට නැංවීම නිර්දේ­ශ­පා­ල­නි­කව සිදු කෙරේ. ව්‍යවස්ථා සභාව මඟින් ස්වාධීන මාධ්‍ය කොමි­ෂ­මක් පත් කරනු ලැබේ. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය­වල වෛරී ප්‍රකාශ සහ සාවද්‍ය තොර­තුරු පිටු­දැ­කී­මට හොඳම භාවි­තා­වන් අධ්‍ය­ය­නය කර ක්‍රියා­ත්මක කරනු ලැබේ.

මාධ්‍ය­වල සක්‍රීය හා ස්වාධීන භූමි­කාව පිළි­ග­නි­මින් ජන­මා­ධ්‍ය­වේ­දීන්ට නිවාස 1,000ක් ඉදි කර, පොලී රහිත සත්‍ය­පුර නිවාස යෝජනා ක්‍රමය ක්‍රියා­ත්මක කෙරේ.

වෘත්තිය මාධ්‍ය­වේ­දීන්ට රු. මිලි­යන 10ක රක්ෂණ ආව­ර­ණ­යක්. තොර­තුරු පනත තව­දු­ර­ටත් ශක්ති­මත් කෙරේ. තොර­තුරු ඉල්ලී­ම්ව­ලට පිළි­තුරු සැප­යීම ඉක්මන් කෙරේ. ප්‍රකා­ශ­නයේ නිද­හස ආරක්ෂා කෙරේ.

මහ­ජ­නයා සඳහා රාජ්‍යය සේව­යක්

ගමන් බල­පත්‍ර, ජාතික හැඳු­නු­ම්පත්, රියැ­දුරු බල­පත්‍ර, වාහන ලියා­ප­දිං­චිය එක දින­කදී. රාජ්‍ය ආය­තන දේශ­පා­ලන ඇඟිලි ගැසී­ම්ව­ලින් නිද­හස් කෙරේ. රාජ්‍ය සේවය සම්පූ­ර්ණ­යෙන්ම ඩිජි­ට­ල්ක­ර­ණය කෙරේ.

සාධා­රණ හා යුක්ති­ස­හ­ගත බදු­ක­ර­ණය

ඍජු බදු­ක­ර­ණය ශක්ති­මත් කෙරේ. විදේශ මුදල් ගිණු­ම්ව­ලින් පොලිය සඳහා වන බද්ද සහ දරු­වන්ගේ ඉතිරි කිරීම් ගිණුම් සඳහා වන බද්ද ඉවත් කෙරේ. රඳ­වා­ගැ­නීමේ බද්ධ සහ වෙනත් බදු සම්පූ­ර්ණ­යෙන්ම වෙනස් කර සරල කෙරේ. උප­යන විට බදු ගෙවීම ආරම්භ කළ යුතු සීමාව ලක්ෂයේ සිට 150,000ක් දක්වා ඉහළ දැමේ. වසර දෙකක් තුළ වැට් බද්ධ 15% සිට 12.5% දක්වා අඩු කෙරේ.

රාජ්‍ය ණය කළ­ම­නා­ක­ර­ණය පිණිස ස්වාධීන ණය කාර්යා­ල­යක් පිහි­ටු­වී­මට පිය­වර ගනු ලැබේ.

වෛද්‍ය හිඟය පිය­වීම සඳහා රජයේ විශ්ව­වි­ද්‍යා­ල­ව­ලට ඇතු­ළත් කර­ගන්නා වෛද්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව 1300 සිට 2000 දක්වා වැඩි කෙරේ.

ගර්භිණී කාන්තා­වන් සඳහා වන රජයේ දීම­නාව රු. 20,000 සිට 30,000 දක්වා ඉහළ දැමේ.

පර්යේ­ෂණ හා සංව­ර්ධන ක්‍රියා­ව­ලි­යට දළ දේශීය ආදා­ය­මෙන් 0.8%ක් වෙන් කෙරේ. නව ව්‍යව­සා­ය­ක­ත්ව­යට අර­මු­ද­ලක්. පෙර­පා­සල් අධ්‍යා­ප­නය නිද­හස් අධ්‍යා­ප­න­යට ඇතු­ළත් කිරී­මට පිය­වර. වී කිලෝ­ව­කට රු. 50ක සහ­තික මිලක්. සෑම පළා­ත­ක­ටම විශේෂ ආර්ථික කලා­ප­යක්. රජ්‍ය හා පෞද්ග­ලික අංශයේ සේව­ක­යන්ගේ විශ්‍රාම යන වයස වසර තුන­කින් ඉහළ දැමේ.

ප්‍රති­පත්ති ක්‍රියා­ත්මක කිරී­මට, බල­ගැ­න්වී­මට හා අධී­ක්ෂ­ණ­යට පිය­වර ගනු ලැබේ.

Comments