ජාති-ආග­ම්වාද අවු­ළු­ව­න­වාද? සම­ඟිය ගොඩ­න­ඟ­න­වාද? තීන්දුව ඔබ අතේය | සිළුමිණ

ජාති-ආග­ම්වාද අවු­ළු­ව­න­වාද? සම­ඟිය ගොඩ­න­ඟ­න­වාද? තීන්දුව ඔබ අතේය

ම්පහ දිස්ත්‍රි­ක්කයේ පොහො­ට්ටුවේ රැස්වීම් කිහි­ප­ය­කට සවන් දීමට මට අව­ස්ථාව ලැබිණි. මේ සෑම රැස්වී­මක්ම ආරම්භ වන්නේ භික්ෂූන් වැඩම කොට පන්සිල් දීමෙනි. පන්සිල් දුන් පසු හාමු­දු­රුවෝ කෙටි අනු­සා­ස­නා­වක් පව­ත්වති. එම­ඟින් රට බේරා­ගැ­නීම සඳහා අව­සන් අව­ස්ථාව පැමිණ ඇති බව කියැ­වෙයි.

මේ රැස්වී­ම්වල සිදු­වන විශේෂ දෙයක් වන්නේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සාමා­ජි­ක­යන් පිළි­ගැ­නී­මය. ගෝඨා­භය මහ­තාගේ ඡන්ද ව්‍යාපා­රය ගැන ශ්‍රීල­නිප සාමා­ජි­ක­යන්ගේ ඒ හැටි කැමැ­ත්තක් නැත. සම­හරු රැස්වීම අත­ර­මඟ නැඟිට යති. බණ්ඩා­ර­නා­යක චින්ත­න­යට හා ඒ පවු­ලට ආද­රය කරන ශ්‍රීල­නිප සාමා­ජි­කයෝ අත­ර­මංව සිටිති. කළ හැකි අන් දෙයක් නැති බැවින් ස්වල්ප පිරි­සක් පොහො­ට්ටුවේ රැස්වී­ම්ව­ලට යති. බහු­ත­රය කර­බා­ගෙන සිටිති. ඔවුන්ගේ ඡන්දය කාට ලැබේ­දැයි කිව නොහැ­කිය. තව පිරි­සක් සජිත් මහ­තාට එක්ව සිටිති. තවත් පිරි­සක් අනුර කුමාර මහතා ගැන කියති. ඡන්දය ප්‍රති­ක‍්ෂේප කරන පිරි­සක්ද සිටි­න්නට පුළු­වන.

මේ රැස්වී­ම්ව­ලදී ප්‍රධාන මාතෘකා තුනක් ගැන දේශනා පැවැ­ත්වෙයි:

I. රට බේරා­ගැ­නීමේ අව­සන් අව­ස්ථාව

II. රටේ පව­තින කඳ­වුරු දෙක

III. රට බෙදන අලුත් ගිවි­සුම

රට බේරා­ගැ­නීමේ අව­සන් අව­ස්ථාව යන්න මහින්ද පාර්ශ්ව‍යේ ප්‍රධාන සට­න්පා­ඨ­යකි. ඒත් කිසි­වකු තාර්කික ලෙස එය පැහැ­දිලි කරන බවක්ද පෙනෙ­න්නට නැත. මෙය විවිධ කෝණ­ව­ලින් වට­හා­ගන්න පිළි­වන. එකක් නම්: දුටු­ගැ­මුණු-එළාර යුද්ධය වැනි මහ යුද්ධ­යක් ඉදි­යේදී ඇති විය හැකිය, එය ජය ගැනී­මට නම් ගෝඨා­භය වැනි පළ­පු­රුදු මිලි­ටරි නාය­ක­යකු රටට සිටිය යුතුය යන්නය.

මේ රැස්වී­ම්ව­ලදී සාක­ච්ඡා­වට ලක් වන තවත් මාතෘ­කා­වක් වන්නේ රට වැසි­යන් අයත් වන පාර්ශ්ව දෙකය. එක් පාර්ශ්ව­යක් රට බේරා­ගන්නා පිරිස ලෙසද, අනෙක් පිරිස රට දෙකට කඩන පිරිස ලෙසද මෙහිදී හඳු­න්වනු ලබති. රට‍ ­බේ­රා­ගැ­නී­මට ඡන්දය දෙන පිරිස දේශ­ප්‍රේ­මි­යෝය. රට කඩ­න්නට සහාය දෙන පිරිස ද්‍රෝහි­යෝය. ඔවුන්ගේ විග්‍ර­හ­යට අනුව ගෝඨා­භ­යට ඡන්දය නොදෙන සියලු දෙන ද්‍රෝහීහු වෙති.

යුද්ධය, යුද ජය­ග්‍ර­හ­ණය පම­ණක් නොව; දේශ­ප්‍රේ­ම­යද දැන් හොඳ හැටි අලෙවි වෙයි. එහි ලාභය කෙළින්ම බැර වන්නේ මහින්ද පාර්ශ්ව­යට බව කිව යුතුය. දේශ­ප්‍රේ­මියා සිංහ­ලයා වෙනු­වෙන් යුද්ධ කළ යුතු බවද, ඊට නාය­ක­ත්වය දීම සඳහා මිලි­ට­රි­කා­ර­යකු රටේ නාය­ක­ත්ව­යට පත් කර­ගත යුතු බවද ඊනියා දේශ­ප්‍රේ­මීන්ගේ අද­හ­සය. මෙය රටත්, ජාති­යත්, ආග­මත් උග­සට තබන ක්‍රියා­දා­ම­යකි. මේ මත­යට අනුව ශ්‍රී ලංකාව දෙමළ ජන­තා­වට අයිති නැත; මුස්ලිම් ජන­තා­වට අයිති නැත. බහු­තර සිංහල ජන­තාව ඉහත මතය පිළි­ගත හොත් රටට සිදු වන්නේ බල­වත් විප­ත්ති­යකි.

බංග්ලා­දේ­ශය 8.1%ක වාර්ෂික ආර්ථික වෘද්ධි­යක් සට­හන් කරද්දී ශ්‍රී ලංකාව 1.6%ක වාර්ෂික ආර්ථික වෘද්ධි­යක් සට­හන් කර­මින් ආර්ථික වශ­යෙන් පසු­බෑ­ම­කට ලක්ව ඇත්තේ කුමක් නිසාද? ආර්ථික වශ­යෙන් ශ්‍රී ලංකා­වට පසු­ප­සින් සිටි රාජ්‍ය වන සිංග­ප්පූ­රුව, මැලේ­සි­යාව, විය­ට්නා­මය වැනි රට­වල් අප පසු කර ශීඝ්‍ර ආර්ථික වර්ධ­න­යක් ළඟා කර­ගත්තේ කෙසේද? මීට හේතු දෙකක් බලපා ඇති බව පැහැ­දි­ලිය. පළ­මු­වන හේතුව වන්නේ රටක ජාතීන් ඒකා­බද්ධ කොට එක් ප්‍රති­ප­ත්ති­යක් යටතේ ආර්ථික වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක නොවී­මය. වඩාත් පැහැ­දි­ලිව කිව හොත් ජාතික සම­ඟි­යක් හා ආග­මික සංහි­ඳි­යා­වක් අපට නොති­බී­මය. දෙවන හේතුව වන්නේ බුද්ධි­මත් නාය­ක­යන් රටේ පාල­නය සඳහා පත් කර­ගෙන නොති­බී­මය. සිංග­ප්පූ­රුවේ ප්‍රධාන ජන­වර්ග තුනක් වෙසෙති; ප්‍රධාන ආගම් හත­රක් පවතී. විය­ට්නා­මයේ ප්‍රධාන ජන­වර්ග තුනකි; ප්‍රධාන ආගම් තුනකි. මැලේ­සි­යාවේ ප්‍රධාන ජන­වර්ග තුනකි; ප්‍රධාන ආගම් හයකි. එහෙත් ආගම හෝ ජාතිය හෝ පද­නම් කර­ගෙන ඒ රට­වල නාය­ක­යන් තේරී පත් වන්නේ නැත. සිංග­ප්පූ­රුව ගොඩ­නැඟූ ලී ක්වාන් යූ ජාති­වා­දි­යෙක් නොවේ. මැලේ­සි­යාව ගොඩ­නැඟූ මහ­තීර් මොහො­මඩ්ද ජාති­වා­දි­යෙක් නොවේ. එහෙත් සිංහල සමා­ජය හැම­වි­ටම පාහේ උත්සාහ දරා ඇත්තේ ජාති­වාදී අද­හස් දරන නාය­ක­යකු රටේ නාය­ක­ත්ව­යට පත් කිරී­ම­ටය. එය අපට වැර­දුණු තැනකි‍. මෙවර හෝ ඒ උත්සා­හය අත්හළේ නැත් නම් රට තව­දු­ර­ටත් ඇද­වැ­ටෙනු ඇත‍.

ඊනියා දේශ­ප්‍රේ­මීන්ට ත්‍රස්ත­වා­දය හා යුද්ධය ආශී­ර්වා­ද­යකි. ඔවුන්ගේ මත­වා­දය ඉදි­රි­යට ගෙන යෑම සඳහා බෝම්බ පිපි­රිය යුතුය; ආයුධ පෙන්විය යුතුය. එහෙ­යින් දේශ­ප්‍රේ­මය අලෙවි කරන අය ත්‍රස්ත­වා­දය මවා පෙන්වති; රට භීති­යට පත් කරති. ඇතැම් රට­වල ව්‍යාජ නාය­කයෝ පිපි­රීම් සැලැ­සුම් කොට එයින් දේශ­පා­ලන වාසි ලබති. පාස්කු ඉරිදා ප්‍රහා­ර­යද ඊනියා දේශ­ප්‍රේ­මීන්ට ඉතා හොඳ පසු­බි­මක් සකස් කර දී ති‍බිණි. දැන් ඔවුහු ඒ පසු­බිමේ හොඳ හැටි පිනුම් ගසති. සිදු වෙමින් පව­තින්නේ විනා­ශ­යක් බව සාමාන්‍ය ජන­තාව වට­හා­ගන්නේ නැත.

මේ රැස්වීම් තුළ තවත් භයා­නක දෙයක් සාක­ච්ඡා­වට ලක් වෙයි. එනම්; රට බෙදන ගිවි­සු­මක් ගැනය. ඒ ගිවි­සුමේ වගන්ති 13ක් ඇති බවත්, ඉන් සිදු වන්නේ රට බෙදීම බවත් කියති. මේ ඊනියා ගිවි­සු­මෙන් උතු­රට ස්වයං පාලන බල­තල දෙන්න යන බවත්, එවිට වෙනම හමුදා හා පොලීසි එහි තහ­වුරු වන බවත් කියති. එහෙත් එබඳු ගිවි­සු­මක් අස්සන් කළ කෙනෙක් නැත. උතුරේ පව­තින සියලු බෞද්ධ සිද්ධ­ස්ථාන ඒ ප්‍රදේ­ශ­ව­ලින් ඉවත් කරන බවට අමූ­ලික බොරු­වක්ද ප්‍රචා­රය කර­ගෙන යති. ප්‍රභා­ක­රන්ට ත්‍රස්ත­වා­ද­යෙන් දිනා­ගත නොහැ­කිවූ දේ ගිවි­සුම මඟින් ඉබේම ලැබෙන බවද කියති. මෙය සිංහල ජන­තා­වගේ ලේ රත් වන කතා­වකි‍. ලේ රත් වීමෙන් ඡන්ද කඩා­ගත හැකි බව මේ ඊනියා දේශ­ප්‍රේ­මීහු දනිති.

ඉහත උප්ප­ර­වැ­ට්ටිය යොදන්නේ නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ ජනා­ධි­පති අපේ­ක්ෂක සජිත් ප්‍රේම­දාස මහ­තාට ලැබෙන සිංහල බෞද්ධ ඡන්ද ප්‍රමා­ණය අඩු කිරී­ම­ටය. උතුරේ දෙමළ ජන­තාව‍ගේ වැඩි කැමැත්ත ඇත්තේ සජිත් කෙරෙ­හිය. ආඥා­දා­යක මිලි­ටරි නාය­ක­ත්ව­ය­කට උතුරේ ජන­තාව කැමැති වන්නේ නැත‍. උතුරේ සිය ඡන්ද ව්‍යාපා­රය මෙහෙ­ය­වන මහින්ද පාර්ශ්වය එහිදී කතා කරන්නේ ජාතික සම­ගිය හා උතුරේ සංව­ර්ධ­නය ගැනය. දකු­ණේදී ඔවුන් කතා කරන්නේ රට බෙදීම හා පෙඩ­රල් විස­ඳුම් පරා­ජය කිරීම ගැනය. මහ­ජ­න­යාගේ ඡන්දය කොල්ල කෑම සඳහා දේශ­ප්‍රේ­මීන් ගෙන යන දෙබිඩි පිළි­වෙත මේ සිදු­වීම් ඔස්සේ වට­හා­ගත හැකිය.

පොහො­ට්ටුවේ වේදිකා මත මෙවන් බිහි­සුණු සිතු­ව­මක් මවන්න වෑයම් කරන අත­ර­තුරේ සජිත් ප්‍රේම­දාස මහතා සිය වේදි­කා­ව­ලදී කතා කරන්නේ ජාතික සම­ඟිය හා ආග­මික සංහි­ඳි­යාව ඇති කරන ආකා­රය ගැනය;

දැන් අප ඉදි­රි­යෙහි මාර්ග දෙකක් තිබේ. එක මාර්ග­යක ගිය හොත් ජාති­වා­දය හා ආග­ම්වා­දය අවු­ළුවා රට විනාශ කළ හැකිය. අනෙක් මාර්ගයේ ගිය හොත් ජාතික සම­ගිය ගොඩ­න­ඟ­මින් දුප්ප­ත්කම නැති කළ ‍හැකිය. තීන්දුව ජන­තාව අතේය‍.

Comments