ගෝඨාට මුහුණ දෙන්නේ පුර­වැ­සි­යන් දංගෙ­ඩි­යට තල්ලු කිරී­මෙන් ද? | සිළුමිණ

ගෝඨාට මුහුණ දෙන්නේ පුර­වැ­සි­යන් දංගෙ­ඩි­යට තල්ලු කිරී­මෙන් ද?

 

 

ක්සත් ජාතික පක්ෂය සහාය දෙන සංධා­නයේ ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂ­කයා ලෙස සජිත් ප්‍රේම­දාස නාම යෝජනා බාර­දී­මත් සමඟ ජනා­ධි­ප­ති­ව­රණ සටන ධ්‍රැවී­ක­ර­ණය වෙන්නට පටන් ගත්තේ අලුත් වට­ය­කිනි. මීට පෙර දේශ­ප්‍රේ­මය, රට බේරා බේරා ගැනීම හා මෙගා සංව­ර්ධ­නය වැනි විෂ­ය­යන් වටා බල ගැන්වුණ දේශ­පා­ල­නය ග්‍රාමීය සංව­ර්ධ­නය, දිළි­දු­කම පිටු දැකීම, ආර්ථි­කයේ සම්පත් බෙදී යෑම වැනි විෂ­යන් කරා විතැන් වී ඇත. එයම ආඥා­දා­ය­ක­ත්වය අහෝසි කිරීමේ සටනේ මූලා­රා­ම්භ­යක් ලෙස සැල­කිය හැකිය.

 

සජිත් ප්‍රේම­දා­සගේ පියා වූ රණ­සිංහ ප්‍රේම­දා­සගේ දේශ­පා­ල­නයේ මූලික පද­නම වූයේ ද දිළි­ඳු­කම පිටු දැකීම ය. ඒ අර්ථ­යෙන් ඔහු නිවාස දශ ලක්ෂ­යක් ඉදි කිරීම හා ජන­ස­විය වැනි ව්‍යාපෘති දියත් කළේ ය. ඒ නිසා අවම වශ­යෙන් විශාල ප්‍රාග්ධ­න­යක් ගමට සේන්දු විය. කාල­යක් තිස්සේ අග නාග­රි­කයේ හා තදා­සන්න ප්‍රදේ­ශ­යන්හි කේන්ද්‍ර­ග­තව පැවැති ප්‍රාග්ධ­නය ගමට ගමන් කිරී­මම ග්‍රාමීය සංව­ර්ධ­නයේ නව ප්‍රව­ණ­තා­වකි. ඒ නිසා දේශ­පා­ල­නික වශ­යෙන් ද වෙන­ස්වී­මක් සිදුවූ අතර ගම්ද­නව් වල යූඑන්පී විරෝ­ධය පහව යන්නට එය හේතු­වක් විය. 1991 වසරේ දී පැවැති පළාත් පාලන මැති­ව­ර­ණයේ ප්‍රති­ඵල හොඳින් අධ්‍ය­ය­නය කර­න්න­කුට එය අව­බෝධ කර ගත හැකිය.

ධනේ­ශ්වර පක්ෂ­යක ධනේ­ශ්වර නාය­ක­යකු සමාජ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ප්‍රවේ­ශ­ය­කින් දේශ­පා­ල­නය කරන විට එය වාමාං­ශ­යට අභි­යෝ­ග­යක් වීම තාර්කික ය. ඒ අර්ථ­යෙන් ම ලාංකික වමට ප්‍රේම­දා­ස­වා­දය අභි­යෝ­ග­යක් විය. රණ­සිංහ ප්‍රේම­දා­සගේ දැඩි පාල­නය නොව­න්නට ඔහුගේ සමාජ ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට නැඹුරු වූ ප්‍රති­ප­ත්තිය හමුවේ වම කර කියා ගත නොහැකි තැන­කට පත්විය. එනිසා ග්‍රාමීය සාම්ප්‍ර­දා­යික වාමාං­ශික කොටස් ප්‍රේම­දාස සමඟ දේශ­පා­ලන හවු­ල­කට යෑම නිසා 1991 වන විට යූඑන්පී විරෝ­ධය මුළු­ම­නින්ම පෙළ ගැසුණේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී කාරණා මත පමණි.

ඒ දේශ­පා­ලන වාතා­ව­ර­ණය අද ද උද්ග­තව ඇත. සජිත් ප්‍රේම­දාස විසින් තම ආර්ථික දේශ­පා­ලන වැඩ­පි­ළි­වෙල ලෙස ගමට නැඹුරු වූ ආර්ථික පැකේ­ජ­යක් සමඟ සමාජ දේශ­පා­ලන විස­දු­මක් ඉදි­රි­පත් කරන විට අර්බූ­ද­යට ගියේ රාජ­ප­ක්ෂ­වා­දය පම­ණක් නොවේ. ලංකාවේ වම ද අලුත් වට­ය­කින් නැව­තත් අර්බූ­ද­යට ගොදුරු විය. ඔවුන්ට සජිත් ප්‍රේම­දාගේ ගම මූලික වූ විස­දුම් පොදිය සම්බ­න්ධ­යෙන් වික­ල්ප­යක් නැත. එනිසා ජවිපෙ මූලි­ක­ත්වය ගන්නා විකල්ප දේශ­පා­ලන බල­වේ­ගයේ පද­නම වී ඇත්තේ අග නාග­රික හා නාග­රික අතර මැදි පන්ති­යයි.

අනුර කුමාර දිසා­නා­යක මූලි­ක­ත්වය දෙන විකල්ප දේශ­පා­ලන බල­වේ­ගය ඇත්තට ම වික­ල්ප­යක් නම් ආම­න්ත්‍ර­ණය කළ යුත්තේ ග්‍රාමීය හා අර්ධ නාග­රික දිළිදු ජන ප්‍රජා­වට ය. එහෙත් ඔවුන්ගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශයේ කිසිම තැනක එවැනි පුළුල් හා සංයුක්ත ආර්ථික විස­දුම් පොදි­යක් අඩං­ගුව නැත. එනිසා අද ඔවුන්ගේ ප්‍රධාන තර්කය වන්නේ අතර මැදි පන්තියේ දේශ­පා­ලන අභි­ලාශ සංතෘප්ත කිරී­මයි. ඒ හැරෙ­න්නට පැවැත්ම සදහා මූලි­ක­ත්වය ගත යුතු දේශ­පා­ලන ඉල­ක්ක­යක් ඔවුන්ට නැත.

නමුත් ගෝඨා­භය රාජ­පක්ෂ නාය­ක­ත්වය දෙන ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ආර්ථික පද­නම සකස් වී ඇත්තේ 1978 දී හඳුන්වා දුන් වෙළෙද පළ ආර්ථික ක්‍රමයේ පාදඩ ස්ථරය සමඟ ය. විශේ­ෂ­යෙන් 2005 දී ඔවුන් විසින් බලය ලබා ගත් පසුව විශාල වශ­යෙන් විදේශ ණය හා ආධාර මත යැපුණ අතර ඒ ණය හා ආධාර මෙරට විශාල ව්‍යාපෘ­ති­වල යෙද­වීමේ දී කොමිස් හා සේවා සඳහා ඒ ප්‍රාග්ධ­නය ගලා ගියේ ය. ඒ මගින් එක් ව්‍යාපා­රික සමාජ තීරු­වක් නඩත්තු වූ අතර 2014 වර්ෂය අව­සන් වන විට ඒ සමාජ තීරුව රටේ ප්‍රබල හා ශක්ති­මත් ව්‍යාපා­රික පෙළැ­න්ති­යක් බවට රූපා­න්ත­ර­ණය වී තිබුණි.

මේ ව්‍යාපා­රික පෙළැ­න්තිය අග නාග­රික, නාග­රික හා ග්‍රාමීය ප්‍රදේශ තුනෙ­හිම ශක්ති­මත් ලෙස ස්ථාප­නය වී තිබුණි. විශාල පරි­මාණ ව්‍යාපා­රි­ක­යන් නාග­රික ස්ථරයේ වර්ධ­නය වන විට කුඩා පරි­මාණ ව්‍යාපා­රි­ක­යන් ග්‍රාමීය ස්ථරයේ වර්ධ­නය විය. ඒ සඳහා කොමිස් හා වෙනත් අතුරු මාර්ග වලින් ප්‍රාග්ධ­නය ගලා යෑමට අවශ්‍ය පරි­ස­රය සකස් කර තිබුණි. ගමේ ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී­ව­රයා වටා කොන්ත්‍රාත් ව්‍යාපා­රි­ක­යන් කිහි­ප­දෙ­නකු ගොනු­වීම හා ප්‍රදේ­ශයේ පාළම් බෝක්කුවල පාර­වල් හා කුඩා පරි­මාණ ගොඩ­නැ­ගිලි ඉදි­කි­රීමේ කොන්ත්‍රාත්තු ඉදි­වීම ඔවුන් මඟින් සිදු­වීම එහි සබ­ඳතා පද­නම විය. ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී­ව­රයා නිසා කොන්ත්‍රාත් ලැබීම සහ­තික වූ අතර කොන්ත්‍රා­ත්කරු විසින් ලබන විශාල ලාභ රේට්ටුව හරහා ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී­ව­රයා නඩත්තු විය. ඉහළ සිට පහ­ළට ම වූ සමාජ ස්ථර­යන්ගේ සිදු­වූයේ මේ අන්ද­මින් රාජ්‍ය මුදල් ගසා කෑම ය.

එනිසා ධන­වත් පන්ති­යක් බිහිවූ අතර ඒ පන්තිය රාජ­පක්ෂ දේශ­පා­ල­නය ආරක්ෂා කිරීමේ පවුරු පද­නම ලෙස ක්‍රියා කළේ ය. විශාල පරි­මාණ ව්‍යාපා­රි­ක­යන් ඇතු­ළත් වූ ධන­වත් පන්තිය මෙන්ම කුඩා පරි­මාණ ව්‍යාපා­රි­ක­යන් ඇතු­ළත් වූ ධන­වත් පන්තිය නාග­රික හා ග්‍රාමීය මට්ට­මෙන් රාජ­පක්ෂ දේශ­පා­ල­නයේ ආර­ක්ෂ­ක­යන් වූයේ එසේ ය. ඔවුන් ආර්ථි­කයේ පාදඩ ක්ෂේත්‍රය නිසා වර්ධ­නය වූ ධන­වත් පන්ති­යක් වූ අතර එනි­සාම ඔවුන්ගේ සංස්කෘ­තික පද­නම ද පාදඩ විය. ඔවුන් සාම්ප්‍ර­දා­යික ධන­පති පන්ති­යට අභි­යෝ­ග­යක් වූ අතර සමාජ දේහය ශක්ති­මත්ව අල්ලා ගැනී­මට තරම් දේශ­පා­ල­නි­කව දක්ෂ විය.

විකල්ප දේශ­පා­ලන බල­වේ­ග­යක් ඇත්ත­ටම දේශ­පා­ල­නය කළ යුත්තේ රාජ­පක්ෂ විසින් ශක්ති­මත් කළ පාදඩ ව්‍යාපා­රික පන්ති­යක් නිර්මා­ණය කරන රාජ­ප­ක්ෂ­වා­ද­යට එරෙ­හිව ය. එහෙත් ජනතා විමුක්ති පෙර­මුණ විසින් නාය­ක­ත්වය දෙන විකල්ප දේශ­පා­ලන බල­වේ­ගය විසින් රාජ­පක්ෂ දේශ­පා­ල­න­යත් ප්‍රේම­දාස දේශ­පා­ල­න­යත් මුළු එකක් ලෙස විග්‍රහ කර ගැනීම පෙල­ඹීම ඔවුන්ගේ තාර්කික ඥානයේ දුර්වල බව පෙන්නුම් කර­න්නකි. ග්‍රාමීය දිළිදු ප්‍රජාව ඉලක්ක කර ගත් ප්‍රේම­දා­සගේ සමාජ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී වැඩ­පි­ළි­වෙ­ලත් 1978 වෙළෙද පළ ආර්ථික ක්‍රමයේ පාදඩ ගති ලක්ෂණ පෙන්නුම් කරන රාජ­ප­ක්ෂ­වාදී වැඩ­පි­ළි­වෙ­ලත් එකි­නෙ­කින් වෙනස් ය.

රාජ­ප­ක්ෂ­වා­දය තම පාදඩ ව්‍යාපා­රික අර­මුණු වලින් යුතු ආර්ථික ක්‍රමය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය පිටු දකින මිලි­ට­රි­මය පද­න­ම­කින් යුක්ත පාලන ශෛලි­යක් අනු­ග­ම­නය කරයි.

ඒ සඳහා රට රැක ගැනීම හා දේශ­ප්‍රේ­මය වැනි ලාබ සටන් පාඨ ඔස්සේ මහ­ජන හද­වත් ස්පර්ශ කර­න්නට නිතර තැත් කරයි. මෙවර ද ජාතික ආර­ක්ෂාව නම් වියුක්ත ප්‍රපං­ච­යක් ඔස්සේ තම දේශ­පා­ලන ප්‍රචා­රක වැඩ­පි­ළි­වෙල ආරම්භ කළ රාජ­ප­ක්ෂ­වා­ද­යට අව­සා­නයේ සහ­රාන් යනු තම ආණ්ඩුවෙ වැටුප් ගත්තකු බව පිළි­ග­න්නට වීම උත්ප්‍රා­සය මතු කර­න්නකි. ඒ අනුව 2019 ජනා­ධි­ප­ති­ව­ර­ණය සදහා රාජ­ප­ක්ෂ­වා­දය විසින් ප්‍රචා­රක කට­යුතු ආරම්භ කළේ අප්‍රි­යෙල් 21 මහත් විනා­ශ­යක් සමඟ බව නොර­හ­සකි.

පාදඩ ආර්ථික අර­මුණු වලින් යුක්ත දේශ­පා­ලන ව්‍යාපා­ර­ය­කට එල්ල වන අභි­යෝග ප්‍රජා­ත­න්ත්‍ර­වා­දීව ජය ගත් ඉති­හා­ස­යක් ලෝකයේ නැත. එනිසා රාජ­ප­ක්ෂ­වා­දය මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී ජය­ග­ත­හොත් ඉදි­රි­යට ගමන් කර­න්නට සිදු­වන්නේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දීව නොවේ. ඒ සදහා හිංසාව මූලික වූ බල­හ­ත්කා­රය මුදා හැරී­මට මිලි­ට­රි­මය අංශ යොදා ගැනීම අනි­වා­ර්යය වේ. එවිට රතු­ප­ස්ව­ලල කටු­නා­යක හා හලා­වත උදා වූ කන­ගා­ටු­දා­යක සිදු­වීම් ලංකාව පුරාම වැඩ­බිම්වල ගොවි බිම්වල කාර්යාල හා මහා මාර්ග­යන්හි ඇති­වීම නොවැ­ළැ­ක්විය හැකිය.

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී අප ඉදි­රියේ ඇත්තේ සැඟ­වුණු ඉල­ක්ක­යක් මත පද­නම් වූ දේශ­පා­ල­න­යකි. රාජ­ප­ක්ෂ­ව­රුන්ට පාදඩ ආර්ථි­කය ශක්ති­මත් කර ගැනීම හැරෙ­න්නට වෙනත් වික­ල්ප­යක් නැත.

ඒ සඳහා බල­හ­ත්කා­රය හා ප්‍රච­ණ්ඩ­ත්වය අව­ශ්‍යම යුග අව­සා­නයේ එය ෆැසිස්ට් ප්‍රව­ණ­තා­වක් ලෙස වර්ධ­නය විය හැක්කේ සිංහල බෞද්ධ ස්වෝත්ත­ම­වා­දය ඔවුන්ගේ දේශ­පා­ල­නයේ දෘෂ්ටිය වන නිසා ය. එනිසා මේ රාජ­ප­ක්ෂ­වා­දය පළමු පැයේ­දීම පරා­ජය කළ යුතු ය. නො එසේ­නම් ආඥා­දා­ය­ක­ත්ව­යක් දක්වා වර්ධ­නය වීමේ ගති ලක්ෂණ එහි නෛස­ර්ගි­ක­වම අඩං­ගුව පවතී.

විකල්ප දේශ­පා­ල­න­යක් ශක්ති­මත් විය යුත්තේ පාදඩ ආර්ථි­කය මත පද­නම් වන ෆැසිස්ට් ප්‍රව­ණතාවලින් යුතු මේ මොහොතේ වඩා ප්‍රබල ධන­පති දේශ­පා­ලන ව්‍යාපා­රය පරා­ජය කර­න්නට ය. එසේ නොවු­ණ­හොත් ඉදි­රි­යට එන ආඥා­දා­ක­යාට මුහුණ දෙන්නට කිසි­ව­කුට නොහැ­කිය.

ජනතා විමුක්ති පෙර­මුණේ දේශ­පා­ලන මණ්ඩල සභික ලාල් කාන්ත නම් පවසා ඇත්තේ ගෝඨාට භය නොවන බවයි. ගෝඨාට භය නොවිය යුතු බව ඇත්තකි. එහෙත් ගෝඨා විසින් නාය­ක­ත්වය දෙන ආඥා­දා­යක දේශ­පා­ලන ව්‍යාපා­ර­යට රාජ්‍ය බලය ලැබුණ විට සෙසු සිය­ල්ලන් අගුටු මිට්ටන් බව ඉති­හා­සය විසින් ඔප්පු කර ඇත.

2010 ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී තමන්ගේ අපේ­ක්ෂ­කයා වූ එව­කට ජන­රාල් සරත් ෆොන්සේකා ගෝඨා විසින් අත්අ­ඩං­ගු­වට ගත්තේ බිම දිගේ ඇද­ගෙන යමිනි. එවිට ඒ අව­ස්ථාවේ ජනතා විමුක්ති පෙර­මුණේ දේශ­පා­ලන මණ්ඩල සභික සුනිල් හඳු­න්නෙත්ති ද අසල විය. ඔහුට පෞද්ග­ලි­කව කර­න්නට කිසිම දෙයක් නැති බව ඇත්තකි. එහෙත් සරත් ෆොන්සේ­කාව මර්ද­නය කර­මින් ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට ගෝඨා­භය විසින් කළ බල­හ­ත්කා­ර­ක­මට එරෙ­හිව ජනතා විමුක්ති පෙර­මු­ණට කිසි­වක් කර­න්නට නොහැකි විය.

එබැ­වින් ගෝඨා­භ­යට මුහුණ දෙනවා යැයි ලාල්කා­න්තලා පව­සන්නේ මර්ද­නයේ දංගෙ­ඩි­යට පුර­වැ­සි­යන් තල්ලු කිරීම නොවිය යුතුය.

 

Comments