ක්ෂය රෝගයට විප්ලවීය එන්නතක් | සිළුමිණ

ක්ෂය රෝගයට විප්ලවීය එන්නතක්

ක්ෂය රෝගයට ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් සිදුකළ හැකි එන්නතක් පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත.

කාස රෝගය, TB නමින් හදුන්වන ක්ෂය රෝගය බැක්ටීරියාවක් මගින් ඇතිවන රෝගයකි. සෑම වසරකම ලොව පුරා මිලියන 1.5 ක ජනතාවක් මරු තුරුළට යවනා මෙම රෝගයට දිගු කාලීන ආරක්ෂාවක් මෙම එන්නත මගින් ලැබේ යැයි පර්යේෂකයන් විශ්වාස කරයි.

දැනට ක්ෂය රෝගයට යොදාගන්නා BCG එන්නත එතරම් කාර්යක්ෂම නොවෙයි.  නව එන්නතේ මූලික අත්හදා බැලීමේ කටයුතු සාර්ථකව ඇති අතර තව නොබෝ වසරකින්ම මේ සදහා බලපත්‍ර ගනු ඇත. 
 
පසුගිය අඟහරුවාදා හයිද්‍රාභාත්හි පැවති ගෝලීය සමුළුවකදී පර්යේෂකයන් පිරිසක් බැක්ටීරියාවකින් ලබාගත් මෙම ධූලකය පිලිබඳව ලොවට හෙලි කරන ලදී. 
 
මෙම ඖෂධය තීරණාත්මක අවස්තා පසුකර ඇති අතර දකුණු අප්‍රිකාව, කෙන්යාව, සිම්බියාව යන රටවල වැඩිහිටියන් 3,500කට වැඩි පිරිසක් මෙම ඖෂධය ලබාගෙන ඇත.

ක්ෂය රෝගය පිළිබඳව විශේෂඥයකු වන ඩේව්ඩ් ලෙවන්සොන් "මෙය සැබෑවටම වෙනසක් කරනු ඇතැයි" පවසයි.

"මෛක්‍රෝබැක්ටීරියම් ටියුබකිලෝසිස් බැක්ටීරියාව ආසාදනය වී ඇති බොහෝ දෙනෙකුට ක්ෂය රෝගය නොවැලදෙන හෙයින් එම බැක්ටීරියාව ආසාදනයෙන් ශරීරයට යම් ප්‍රතිශක්තියක් ලැබෙන වග අපි දන්නවා."
 
වෛද්‍ය ලුවින්සෝන් පවසන අයුරින් මෙම එන්නත මධ්‍ය සංවර්ධන අවදියේ ඇති අතර මෙම අවධියෙන් එන්නතහි ඇති කාර්යක්ෂම බව හා ආරක්ෂිත බව පරික්ෂාකරනු ඇත. 
 
පර්යේෂකයන් පවසන අන්දමට මෙම එන්නත ක්‍රියාකාරී බව පර්යේෂණාත්මකව ඔප්පුකිරීමට සරම්ප වැනි වෛරස් රෝග සදහා සිදු කරන පර්යේෂණ වලට වඩා අත්හදා බැලීම කළ යුතුය.

එන්නත තවත් ජනකායකට පර්යේශණයක් වශයෙන් ලබාදිය යුතු අතර ඖෂධ බලපත්‍රය ගැනීමට පෙර බොහෝ පර්යේෂණ සිදුකරනු ඇත.
 
ඉතිරි අත්හදා බැලීමේ කටයුතු වලට රදවාගත් දත්ත ඇතැය් උපකල්පනය කලහොත් මෙම එන්නතතට ක්ෂය රෝගයට ප්‍රතිකාර කිරීමේ ක්‍රියාවලියේ විප්ලවීය වෙනසක් ඇතිවනු ඇති.
 
ඔහු තක්සේරු කර ඇති පරිදි සියල්ලම හොදින් සිදු වුවහොත් 2028 වසර පමණ වන විට වඩාත්ම අවශ්‍ය පුද්ගලයන්ට මෙම එන්නත ලබාදිය හැකිවනු ඇතැයි ද සදහන්.

Comments