රජය විවේචනය කලැයි පහරදී මරා දැමුණු සිසුවා | සිළුමිණ

රජය විවේචනය කලැයි පහරදී මරා දැමුණු සිසුවා

අන්තර්ජාලය හරහා රජය විවේචනය කල බංග්ලාදේශ උපාධි අපේක්ෂකයෙක් නේවාසිකාගාරයේදිම මිය ගොස් ඇති අතර මියයාමට පෙර පැය කීපයක්ම ඔහුට පහරදී ඇති බවට සාක්ෂි කරුවන් විදෙස් මාධ්‍යන් වලට පවසා ඇත. 

21 හැවිරිදි අබ්‍ර රාර් ෆාහඩ් බංග්ලාදේශ ඉන්ජිනේරු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි අතර එහි සිසුන් පවසන පරිදි ඔහුව රාත්‍රී අටට පමණ කාමරයේන් ඉවතට ගෙනගොස් අවම වශයෙන් පැය හතරක් පමන පහර දී ඇත. 
 
සිරුර දැඩි ලෙස තැලී ඇති බවට මරණ පරීක්ෂණයෙන් තහවුරු විණි. මෙම සිසුවාව පහරදී මරාදමා ඇති බවට ඩකාහි නියෝජ්‍ය පොලිස් කොමසාරිස් විසින් තහවුරු කරන ලදී.
 
මරණය සම්බන්ධයෙන් බංග්ලාදේශ චත්‍ර ලීගයේ (BCL) සාමාජිකයන් කිහප දෙනෙකු රදවාගනු ලැබිණ.
 
සිසුන්ට වද හිංසා කිරීම හා කප්පම් ගැනීම සම්බන්ධයෙන් මීට පෙරද BCL වෙත චෝදනා එල්ලව ඇත.
 
ෆාහිඩ්ගේ සිරුර රැගෙන එන පිරිසකගේ වීඩියෝ දර්ශන නේවාසිකාගාරයේ සිසීටීවී දර්ශන වලින් දැක්වෙන අතර BCL කිරියාකාරීන් කිහිපදෙනෙකු ඇතුළු 13දෙනෙක් පොලිස්සිය විසින් රදවාගේන ඇත. තවත් සැක කරුවන් 6 දෙනෙකුව සෙවීමට මෙහෙයුම් ක්‍රියාත්මකය.
 
ඉන්දියාව සමග ජලය බෙදාගැනීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඔහු බංගලාදේශ රජය විවේචනය කරමින් සමාජ ජාල වලට ලිපි ලියා ඇති බවයි විදෙස් වාර්තා පවසයි.
 
ඉස්ලාමීය දේශපාලන පක්ෂයක් සමග සබදකම් පැවැත්වීම සම්බන්ධයෙන් ෆාහඩ්ගෙන් ප්‍රශ්නකර පහරදුන් බවට BCL සාමාජිකයන් ප්‍රාදේශීය මාධ්‍ය වලට ප්‍රකාශ කර ඇත.
 
මෙම මරණයට විරෝධය පා ඩකා නගරයේ හා අනෙකුත් නගර වල සිසුන් සටන් පාඨ කියමින් මාර්ග අවහිර වන සේ උද්ඝෝෂණ වල නිරත විය.
 
බුවට් මණ්ඩපයේ විරෝධතා පෙළපාලි දිගෙන් දිගටම ක්‍රියාත්මක වන අතර වැරදිකරුවන්ට මරණ දඩුවම දෙන ලෙස පවසා සිසුන් පමණක් නොව අධ්‍යන හා අනධ්‍යන කාර්යය මණ්ඩලයද උද්ඝෝෂණවලට සහභාගීව ඇත.

Comments