යලි ඇවිලෙන ඉන්දු පකිස්තාන ගැටුම | සිළුමිණ

යලි ඇවිලෙන ඉන්දු පකිස්තාන ගැටුම

ඉන්දියාව හා පාකිස්තානය අතර කාශ්මීර හමුදා කලාපයේදී ෂෙල් වෙඩි හුවමාරුවක් සිදු වූ අතර දෙපාර්ශ්වයම පවසන්නේ, 2003 වසරේ අත්සන් කළ සාම ගිවිසුම බිද සිවිල් වැසියන්ව හා සොල්දාදුවන්ව ඝාතනය කළ බැවින් මෙසේ පළිගන්නා බවයි. 

නවතම ෂෙල් වෙඩි ප්‍රහාරය ඉරිදා දිනයේ කාෂ්මීරයේ කුප්වාරා දිස්ත්‍රික්කයේ මායිම් ගම්මාන වන ටිට්වාල් හා තංධාර්හි සිදු වූ නමුත් දෙපාර්ශ්වයම සිදු වූ දෙය සම්බන්ධයෙන් විවිධ තොරතුරු සපයයි.   

න්‍යෂ්ටික බලයෙන් අග තැම්පත් එම අසල්වැසි රාජ්‍යන් දෙක අතර දැනටමත් ගැටුම් දෙකක් සිදුව ඇත.
 
කාෂ්මීර මායිමේ සිටි ඉන්දීය හමුදා සෙබලු 40 දෙනෙක්ව පාකිස්තානු ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීමට එරහිව ඉන්දියාව ගුවන් ප්‍රහාර එල්ල කරන ලදී.  
 
එතැන් සිට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මෙම පියවරට එරෙහිව ජාත්‍යන්තර සහයෝගය ඉල්ලා සිටියේය.
 
මේ වසරේදී දේශ සීමාවේ ගැටුම් විශාල වශයෙන් ඉහල ගිය අතර එමගින් 2003 වසරේ අත්සන් කරන ලද සටන් විරාමයටද හානි විය හැකි බවයි විදෙස් වාර්තා පවසන්නේ.
 
සිවිල් වැසියන්ව ප්‍රහාරයට ඉලක්ක කිරීම, එක් පුද්ගලයකු මිය ගොස් තිදෙනෙක්ට තුවාල වීම සම්බන්ධයෙන් ඉන්දියාව පාකිස්තානයට චෝදනා කරයි.
 
ඉන්දීය යුධ හමුදාවේ ප්‍රධානී, ජෙනරාල් බිපින් රාවත් වාර්ථාකරුවන්ට කියා සිටියේ සටන්කාමීන්ව ඉලක්ක කරමින් ඉන්දියාව අවම වශයෙන් පාකිස්තානු සොල්දාදුවන් සය දෙනෙක් ඝාතනය කර ඇති අතර කදවුරු තුනක් විනාශ කර ඇති බවයි.
 
නමුත් පාකිස්තානයේ හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් අසීෆ් ගූෆර් කියා සිටියේ සටන් විරාමය උල්ලංඝනය කරන ලද්දේ ඉන්දියාව බවයි.
 
ඔහුට අනුව ඉන්දීය සොල්දාදුවන් නමයක් මියගොස් ඇති අතර කිහිප දෙනෙකුට තුවාල සිදුවී ඇත.
 
-BBC ඇසුරිනි-

Comments