Sirio ජනා­ධි­පති අප­න­යන සම්මාන උලෙළේදී ඇගැයුමට | සිළුමිණ

Sirio ජනා­ධි­පති අප­න­යන සම්මාන උලෙළේදී ඇගැයුමට

ලොව පතළ ඉතා­ලි­යානු ඇඟ­ලුම් නිෂ්පා­ද­ක­යෙක් වන Calzedonia S.p.A සමා­ගම යටතේ යුරෝ­පීය වෙළ­ඳ­පොළ සඳහා lingerie සහ පිහි­නුම් ඇඟ­ළුම් නිෂ්පා­ද­නය කරන ශ්‍රී ලාංකික සමා­ග­මක් වන Sirio Ltd සමා­ගම පසු­ගි­යදා පැවති 23 වැනි ජනා­ධි­පති අප­න­යන සම්මාන උළෙ­ලේදී ඇඟ­ළුම් අංශය යටතේ විශේෂ ඇග­යී­මට පාත්‍ර විය. ශ්‍රී ලංකා අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය විසින් සංවි­ධා­නය කරනු ලදුව අති­ගරු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාගේ උප­දෙස් මත, සංව­ර්ධන ක්‍රමෝ­පාය සහ ජාත්‍ය­න්තර වෙළ­ඳාම පිළි­බ­ඳව ගරු අමාත්‍ය මලික් සම­ර­වි­ක්‍රම මහ­තාගේ සහ එම නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහ­ත්ව­රුන්ගේ උප­දෙස් මත අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ සභා­පති සහ ප්‍රධාන විධා­යක නිල­ධාරී ඉන්දිරා මල්වත්ත මහ­තාගේ නාය­ක­ත්ව­යෙත් 2018/19 ජනා­ධි­පති අප­න­යන සම්මාන උළෙල පසු­ගි­යදා පැව­ත්විණි.

මෙම ඉසව්වේ මුඛ්‍ය පර­මා­ර්ථය වූයේ 2018/19 වසර තුළ අප­න­යන සංව­ර්ධ­නය, මූල්‍ය වර්ධ­නය, රැකියා අවස්ථා නිර්මා­ණය, වෙළෙ­ඳ­පොළ විවි­ධාං­ගී­ක­ර­ණය වැනි අංශ­ව­ලින් විශි­ෂ්ට­ත්වය දැක්වූ අප­න­ය­න­ක­රු­වන් ඇග­යී­මට ලක් කිරී­මයි.

Comments