PSG‍ රෝහල් සේවා මෙරටට | සිළුමිණ

PSG‍ රෝහල් සේවා මෙරටට

‘Psg and Sons’ පුණ්‍ය ආය­ත­නය බිහි­වූයේ, පුණ්‍යා­ය­තන පද­නම් කර­ගන වුව ද උසස් තත්ත්වයේ දැරිය හැකි අධ්‍යා­ප­න­යක් සහ වෛද්‍ය සේවා­වක් ලබා­දෙන කීර්ති­මත් අධ්‍යා­පන හා වෛද්‍ය ආය­තන කීප­යක් එම ධජය යටතේ ඇත. එය පසු­ගිය වසර 92 ක කාලය තුළ ඉන්දි­යාවේ පුර­වැ­සි­යන්ට වඩාත් විශිෂ්ට ලෙස සේවය කර ඇත.

ජන­ග­හ­නය වැඩි­වී­මත් සමඟ ජීවිත බොහෝ සෙයින් වෙනස් වූ අතර වෛද්‍ය ප්‍රති­කා­ර­වල පරා­සය සෑම විටම පුළුල් වන අතර ගුණා­ත්මක වෛද්‍ය ප්‍රති­කාර සඳහා ලෝකයේ ඕනෑම තැනක සිට ප්‍රවිෂ්ට වීමේ හැකි­යාව පවතී. 1985 දී තමි­ල්නා­ඩුවේ කොයි­ම්බු­තූර් හි ආරම්භ කරන ලද Psg ‍‍රෝහල් දිව­යිනේ වඩාත්ම දියුණු ‍රෝහල්ව­ලින් එකක් වන අතර නවීන මට්ටමේ යටි­තල පහ­සු­කම් සහි­තව ලෝක මට්ටමේ උප­දේ­ශ­ක­ව­රුන් සමඟ කලා­පයේ හොඳම දේ ලබා­දෙ­න්නන් බවට පත්ව ඇත.

300 කට අධික විශේ­ෂඥ වෛද්‍ය­වරු සහිත වර්ග අඩි ලක්ෂ 15 ක ඉඩ ප්‍රමා­ණ­යක විහි­දුණු විශේෂ 35 කට වැඩි ඇඳන් 2000 සහිත වෛද්‍ය විද්‍යා­ල­යක් හා නිවා­ස­යක් අප සතුව ඇත. Psg හි සේවය ඉන්දි­යාවේ පම­ණක් නොව අස­ල්වැසි රට­වල ද අවශ්‍ය බව වට­හා­ගත් කළ­ම­නා­ක­රි­ත්වය සෞඛ්‍ය සේවයේ හවු­ල්ක­රු­වෙකු ලෙස ශ්‍රී ලංකාවේ පුර­වැ­සි­යන්ට සිය සේවා­වන් ව්‍යාප්ත කිරී­මට තීර­ණය කර තිබේ. එහි පළමු අදි­යර ලෙස 2019.09.28 දින ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි Psg රෝහල සහ තොර­තුරු මධ්‍ය­ස්ථා­නය විවෘත කිරීම පිළි­බ­ඳව නිවේ­ද­නය කිරීම සතු­ටට කරු­ණකි.

Comments