Pensions App එළි­ද­ක්වයි | සිළුමිණ

Pensions App එළි­ද­ක්වයි

ඩය­ලොග් ආසි­ආටා, විශ්‍රාම වැටුප් දෙපා­ර්ත­මේ­න්තුව සමඟ එක්ව, ජාතික විශ්‍රා­මික දිනය සම­රනු වස්, කොළ­ඹදී විශ්‍රා­මික රාජ්‍ය සේව­ක­යන් සඳ­හාම Sri Lanka Pensions App එළි­ද­ක්වනු ලැබීය. මෙය විශ්‍රා­මික රාජ්‍ය සේව­ක­යන් සඳහා වන පළමු මොබ­යිල් යෙදවුම වන අතර, එම­ඟින් විශ්‍රාම වැටුප් දෙපා­ර්ත­මේ­න්තු­වෙන් තමන්ට අවශ්‍ය සේවා ලබා­ගැ­නීම ඩිජි­ටල් තාක්ෂණ­යෙන් සවි­බ­ල­ග­න්වනු ලබයි.

Sri Lanka Pensions යෙදවුම එක මඟින් විශ්‍රා­මික රාජ්‍ය සේව­ක­යන්ගේ ආස­න්න­තම මාස 3ක විශ්‍රාම වැටුප් විස්තර සහ විශ්‍රාම වැටු­පෙන් සිදු කර ඇති අය කිරීම් බලා­ගැ­නී­ම­ටත් ඉඩ සැල­සෙන අතර, ඩය­ලොග් සහ ඩය­ලොග් හා සම්බන්ධ අනෙ­කුත් පාර්ශ්ව වෙතින් සුවි­ශේෂී දීමනා භුක්ති විඳී­ම­ටත් ඉඩ සල­සාදී තිබේ. තවද නුදුරු අනා­ග­ත­යේදී විශ්‍රාම වැටුප් ප්‍රකා­ශ­යක් ඉල්ලුම් කිරීම, විශ්‍රාම වැටුප් දෙපා­ර්ත­මේ­න්තු­වෙන් වෙනත් විම­සීම් සිදු­කි­රීම, බැංකු ණය ඉල්ලූම් කිරීම ඇතුළු තවත් සේවා රැසක් සැලසේ. Sri Lanka Pensions යෙදවුම හරහා ජීවිත සහ­ති­කය අලුත් කර­ගැ­නීම පහ­සු­වෙන්, සර­ලව සිදු­ක­ර­ගැ­නී­මට අව­ස්ථාව සැල­සෙන අතර, ඒ වෙනු­වෙන් සෑම වස­රක් පාසා ග්‍රාම නිල­ධා­රි­යෙකු හමු වීමට විශ්‍රා­මි­ක­යන් හට අව­ශ්‍ය­තා­වක් මතු නොවේ.

Comments