DFFC වෙරළ පවිත්‍රතා වැඩ­ස­ට­හ­නක | සිළුමිණ

DFFC වෙරළ පවිත්‍රතා වැඩ­ස­ට­හ­නක

DFFC බැංකුවේ කාර්ය මණ්ඩ­ලය සහ ඔවුන්ගේ පවු­ල්වල සාමා­ජි­ක­යන්ගේ දාය­ක­ත්වය සම­ඟින්, ලෝක පිරි­සුදු කිරීමේ දිනය වෙනු­වෙන් වෙරළ පිරි­සිදු කිරීමේ වැඩ­ස­ට­හ­නක් සංවි­ධා­නය කෙළේය. එම වැඩ­ස­ට­හන පසු­ගිය සැප්තැ­ම්බර් 21 වන දින ගල්කිස්ස වෙරළ තීර­යේදී පැවැ­ත්විණි. බැංකුවේ තිර­සා­රත්ව ඒක­කය සහ දෙහි­වල ගල්කිස්ස මහ­න­ගර සභාව එක් වී එම වැඩ­ස­ට­හන සංවි­ධා­නය කරන ලදි.

එම සත්කා­රය සඳහා බැංකුවේ ප්‍රධාන විධා­යක නිල­ධාරී ලක්ෂ්මන් සිල්වා මහතා සහ නියෝජ්‍ය ප්‍රධාන විධා­යක නිල­ධාරී තිමල් පෙරේරා මහතා ඇතු­ළුව, බැංකුවේ කාර්ය මණ්ඩ­ලයේ සහ ඔවුන්ගේ පවු­ල්වල විශාල පිරි­සක් සහ­භාගී වූහ. මෙහිදී වෙරළේ විශාල ප්‍රදේ­ශ­යක් පුරා ගොඩ­ගැසී තිබූ ප්ලාස්ටික්, වීදුරු, රබර් සහ අනෙ­කුත් කැළි­ක­සළ එකතු කර දෙහි­වල ගල්කිස්ස මහ­න­ගර සභාව වෙත භාර­දෙන ලදි.

 

Comments