පෑන් ඒෂියා බැංකුව උසස්ම ව්‍යාපා­රික ආය­තන 30 අත­රට | Page 2 | සිළුමිණ

පෑන් ඒෂියා බැංකුව උසස්ම ව්‍යාපා­රික ආය­තන 30 අත­රට

සභා­පති ජී.ඒ.ආර්.ඩී. ප්‍රසන්න මහතා සහ අධ්‍යක්ෂ/ප්‍රධාන විධා­යක නිල­ධාරි නිමල් තිල­ක­රත්න
සභා­පති ජී.ඒ.ආර්.ඩී. ප්‍රසන්න මහතා සහ අධ්‍යක්ෂ/ප්‍රධාන විධා­යක නිල­ධාරි නිමල් තිල­ක­රත්න

ශ්‍රී ලංකාවේ ප්‍රමු­ඛ­තම ව්‍යාපා­රික සඟ­රා­වක් වන Business Today එහි නව­තම ඇග­යී­ම්ව­ලට අනුව ප්‍රථම වතා­වට පෑන් ඒෂියා බැංකුව මෙරට ලැයි­ස්තු­ගත 300ක් පමණ වන ප්‍රමුඛ පෙළේ ව්‍යාපා­රික ආය­තන රැසක් අත­රින් ශ්‍රී ලංකාවේ උසස්ම ව්‍යාපා­රික ආය­තන 30 අත­රට නම් කොට තිබේ. 2018 - 2019 සඳහා වනThe Business Today Top 30 සඳහා සලකා බැලෙන්නේ 2018 දෙසැ­ම්බර් සහ 2019 මාර්තු වලින් අව­සන් මූල්‍ය වර්ෂ සඳහා ව්‍යාපා­රික ආය­ත­න­වල මූල්‍ය සහ මූල්‍ය නොවන කාර්ය සාධ­න­යන්ය. ඒ පිළි­බඳ සවි­ස්ත­රා­ත්මක ඇග­යී­මක් පද­නම් කර­ග­නි­මින් මෙරට ලැයි­ස්තු­ගත ව්‍යාපා­රික ආය­තන සඳහා සිදු කරන මෙම ස්වාධීන ශ්‍රේණි­ගත කිරීම සඳහා KPMG ආය­ත­නයේ සහා­යද ලැබේ.

Comments