ස්වර්ණ ජය­න්තිය සම­රන සුබසෙත | Page 2 | සිළුමිණ

ස්වර්ණ ජය­න්තිය සම­රන සුබසෙත

ලේක්හ­වුස් පුව­ත්පත් අතර මේ වසරේ වසර 50ක් සපු­රන පුව­ත්පත් දෙකකි. එකක් සුබ­සෙත වන අතර අනෙක තරුණි පුවත් පතය. ඒ පුව­ත්පත් යුගළ අත­රි­නුත් සුබ­සෙත මාස දෙක­කින් පමණ ජ්‍යෙෂ්ඨ­යෙක් වෙයි. මේ මස 28 වන විට සුබ­සෙත අඩ­සිය වස සපුරා අව­සන්ය. මේ සුබ­සෙතේ ස්වර්ණ­ ජ­ය­න්ති­යයි. ඒ නිමි­තෙන් හෙට (21) 50 වැනි සැම­රුම් ස්වර්ණ උප­හාර නමින් උත්ස­ව­යක් ශ්‍රී ලංකා පද­නම් ආය­ත­නයේ දී සවස 2.00 සිට පැවැ­ත්වි­මට කට­යුතු සංවි­ධා­නය කොට ඇත. සැබැ­වින්ම ඒ සුබ­සෙත ආ ගමන් මඟට අත්වැ­ලක් වූ මිනි­සුන්ට කෘත­ගුණ පළ කරන උත්ස­ව­යක් බව කිව යුතුයි. මේ ලිපිය ඒ නිමි­ත්තෙනි.

සුබ­සෙත ලංකාවේ, ජ්‍යොති­ෂය ආයු­ර්වේ­දය පිළි­බඳ මුලින්ම පළවූ පුව­ත්පත කීවාට වරදක් නැත. ඊට හේතුව ඊ‍ට පෙර හෝ මෑත කාලී­නව එබඳු පුව­ත්පත් පළ වූවා නම් ඒ ඇති වී නැති වී ගිය ගණ­යට වැටෙන ඒවා වූ නිසාය. නමුත් වසර 50ක් වැනි දිගු කලක් අඛ­ණ්ඩව පළ කෙරෙන සුබ­සෙත ජ්‍යොති­ෂය ආයු­ර්වේද පළමු පුව­ත්පත යයි කීවේ ඒ නිසාය.

එදා මෙදා තුර මේ අංශ ද්විත්වයේ එනම් ජ්‍යොති­ෂයේ සහ ආයු­ර්වේ­දයේ ප්‍රග­ම­න­යට මා හැඟි සේව­යක් සිදු කිරී­මට සුබ­සෙ­තට හැකි වී තිබීම පුදු­ම­යට කරු­ණක් නොවන්නේ සුබ­සෙත ඒ තර­මට ම කාලීන වෙන­ස්ක­ම්ව­ලට යොමු වෙමින් එක ලෙස පාඨක ජනා­ද­ර­යට පත් වූ නිසාය.

පුව­ත්ප­තක් වසර 50ක් වැනි දිගු කාල­යක් පව­ත්වා­ගෙන යෑම එත­රම් පහසු කට­යු­ත්තක් නොවු­වත් සුබ­සෙත ඒ අභි­යෝ­ගය ජය­ගැ­නී­මට හේතු ගණ­නා­වක් බලපා ඇත. ඉන් එක් කරු­ණක් නම් වච­නයේ පරි­ස­මාප්ත අර්ථ­යෙන්ම ජ්‍යොති­ෂ­යට අනු­කූ­ලව සුබ නැකත යන සිද්ධා­න්තය නිසි ලෙස අනු­ග­ම­නය කර­මින් ආරම්භ කළ නිසායි.

අනෙක ජ්‍යොති­ෂා­යු­ර්වේද පුව­ත්පත එදා මෙදා තුර වෙනස් වන සමාජ රටා­වට අනු­කූ­ලව දිනෙන් දින ආලෝ­ක­වත් වෙමින් බැබ­ළෙ­මින් ඉදි­රි­යට ආ නිසයි. තවත් කරු­ණක් නම් සුබ­සෙත පුව­ත්ප­තට දායක වූ ප්‍රධාන කතු­ව­රුන්, ලේඛ­ක­යන් සහ බුද්ධි­මත් පාඨක පිරි­සයි.

එදා මෙදා­තුර ඒ ආ ගම­න්මගේ අපට අම­තක නොකළ හැකි ඒ පිරිස් අද වන විට බො‍හොම­යක් ජීව­තුන් අතර නොසි­ටි­යත් ඒ අත­රින් ජීවත් වී සිටින කීප­දෙනා හා රටේ විසිරී සිටින බොහෝ පිරි­සක් ඇග­යීම‍ට ලක් කිරීම අපගේ යුතු­කම වන නිසා වර්ත­මාන කතු මඬුල්ල ඒ වෙනු­වෙන් කැප වෙමින් මේ කරන සැම­රුම් උප­හාර උලෙළ මෙහිදී පැස­සු­මට ලක්විය යුතුයි.

ප්‍රවීණ පුව­ත්පත් කලා­වේ­දි­යකු වූ පිය­සේන නිශ්ශංක මහ­තාගේ අද­හ­සක් අනුව එතු­මාගේ කර්තෘ­ත්ව­යෙන් ආරම්භ වූ සුබ­සෙත අන­තු­රුව විජ­ය­සිරි විද්‍යා­රත්න, සිව­පාල බණ්ඩාර, දයා­රත්න රණ­සිංහ, ජය­ති­ලක අඹු­ව­න්ගල, චන්ද්‍ර ශ්‍රී කුල­රත්න, ගීතා ජය­සු­රිය, නිලුකා ඒක­නා­යක හා පිය­සේන රතු­වි­තාන හා චම්පිකා අඹු­ව­න්ගල යන විද්ව­තු­න්ගෙන් පසු වර්ත­මාන සුබ­සෙත ජ්‍යෙෂ්ඨ කතු­ව­රයා වීමේ වාස­නාව ලද මා සේවය කරන කාල­සී­මා­වේ­දීම 50 වැනි ස්වර්ණ ජය­න්තිය සැම­රී­මට හැකි වී තිබීම මා ලත් කොත­රම් භාග්‍ය­යක්ද? මෙහිදී මට එම කට­යුත්ත නිසි පරිදි කර­ගෙන යෑමට ප්‍රධාන කර්තෘ චම්පිකා අඹු­ව­න්ගල, ධම්මිකා රාජ­පක්ෂ, සුරේඛා සංජී­වනී හා සිසිර අම­ර­සිංහ මෙන්ම එස්. කොත­ලා­වල යන අය­ගෙන් ලැබෙන්නේ නොම­සුරු සහ­යෝ­ග­යකි.

විශ්වයේ පව­තින පෙනෙන නොපෙ­නෙන ග්‍රහ­ව­ස්තූන්ගේ හැසි­රීම් රටා එකම ග්‍රහ කොටු­ව­කට සම්පි­ණ්ඩ­නය කර ඒවා මිනිස් දිවි­යට ආරෝ­ප­ණය කර­ග­නි­මින් අද­හස් ප්‍රකාශ කිරීමේ මහා පුදුම සහ­ගත විෂ­ය­යන් වන ජ්‍යොති­ෂය අනා­දි­මත් කාල­යක් කර­ගෙන ඒම එත­රම් පහසු කට­යු­ත්තක් නොවේ.

පිරි­සක් අද­හන පිරි­සක් නොඅ­ද­හන මෙම මහා සාග­රය මෙන් එහෙ­මත් නැති නම් ඉමක් කොණක් නැති විශ්වය තරම් පුළුල් විෂ­ය­යක් කුඩා කේන්ද්‍ර කොපි­ය­කට ගොනු කර සිදු වන නොවන දේ පිළි­බඳ අනා­වැකි කීමට තරම් මෙම විෂය මොන තරම් විද­ග්ධද? එබඳු විෂ­යක ප්‍රාර­ම්භය 50 වස­රක් දුර දිව යෑමට තරම් හැකි­යාව ලැබීම කොත­රම් ආශ්ච­ර්යය සහ­ගත ද?

සැත­පුම් සිය දහස් ගණ­නක් දුරින් පිහිටි තරු­වක් දෙස බලා කරන නිවැ­රදි නිග­ම­න­යන් අද වන විට අපේ දියුණු විද්‍යා­ව­ටත් දියුණු තාක්ෂ­ණ­ය­ට­වත් තවම හසු කර­ගැ­නී­මට නොහැකි තරම් ය. එසේ නම් එබඳු ගැඹුරු විෂ­ය­යක් අප සමා­ජ­ගත කිරීමේ දී අත්වි­ඳී­මට සිදු වන ගැහැට මෙතෙ­කැයි කියා නිම කළ නොහැකි ය.

සම­හරු මෙම විෂ­යට ගර­හති. විවේ­ච­නය කරති. නමුත් කෙනෙකු ඉප­දී­ම­ටත් පෙර සිට කේන්දර හදන බහු­ත­ර­යක් මවු­පියෝ තම දරු­වාගේ කෙස් කැපීම, ඉඳුල් කට ගෑම, අත්පොත් තැබීම, දිය­ණි­යක් නම් මල්ව­ර­යෙන් ස්නානය කර­වීම, විවා­හය හා ජීවි­තය හා සබැ­ඳුණු තවත් වැද­ගත් අව­ස්ථා­වන් සුබ නැක­තට සිදු කිරී­මට කිසි සේත් අම­තක නොක­රති.

ඒ නිසා එදා මෙදා­තුර තාක්ෂ­ණ­යෙන් කොතෙක් දියුණු වුවද ජොති­ෂය නම් අප වෙතින් බැහැර නොගොස් නිව­සක් තැනීම, නිවසේ යට ලී තැබීම, උළු­වහු තැබීම, ගෙට ගෙවැ­දීම හා කිරි ඉති­රීම යන වැද­ගත් අවස්ථා නැක­තට සිදු කර­නවා පම­ණක් නොවේ කෙනෙකු මිය පර­ලොව ගිය විට සිය මෘත දේහය නිව­සින් එළි­යට ගැනී­මේදී සුබ නැක­ත­කට සිදු කිරී­මම පවා අද සමා­ජය හුරු වී සිටිති.

නැක­තක් යනු කිසි­යම් කට­යු­ත්ත­කදී මූලා­ර­ම්භය සවි­මත් බල­ය­කින් නිවැ­රැදි අධි­ෂ්ඨා­න­ය­කින් ඉතා පිවි­තුරු සිත­කින් ආරම්භ කිරී­මට ජ්‍යොතිෂ වේදි­යාව අනු­බල දෙනවා මිස වෙන කිසිඳු අක­ට­යු­ත්තක් ඉන් සිදු නොවේ.

ඒ නිසාම අඩ සිය වස­රක් නොව සිය වසක් තරම් දිගු ගම­න­කට සුබ­සෙ­තට ආයු පව­තින බව අප පසක් කර­ග­නිමු. එදි­නෙදා ජීවි­තයේ නැකත, පලා­පල හා වාස්තු හස්ත රේඛා ශාන්ති­කර්ම යන අංග­වල අත්පො­තක් බඳු සුබ­සෙ­තට අපි ා­ශිං­ස­නය ගෙන එමු.

සුබ­සෙත ජ්‍යෙෂ්ඨ කර්තෘ අජිත් ධර්ම­සිරි

Comments