නීතිය අතට අරන් වඳුරු නැටුම් නැටූ ශ්‍රී රංගා නීතිය ඉදි­රි­යේම නිරු­වත් වන හැටි | සිළුමිණ

නීතිය අතට අරන් වඳුරු නැටුම් නැටූ ශ්‍රී රංගා නීතිය ඉදි­රි­යේම නිරු­වත් වන හැටි

දේශ­පා­ලන හයි­යෙන්ද පොලී­සියේ සහා­යෙන්ද මාරක රිය අන­තු­රක් සැඟවූ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු වන ශ්‍රී රංගා පස්සෙන් වසර 8ක් තිස්සේම රිය සක මෙන් නීතිය හඹා ආවේය. සිවිල් සහ දේශ­පා­ලන බලය හමුවේ තමාට එරෙ­හිව නීතිය ක්‍රියා­ත්මක වීම ඔහු මේ කාලය පුරා වළ­කා­ගෙන සිටි­යත් නීති­පති දප්පුල ලිවේ­රා­ගෙන් නම් මෙවර ගැල­වි­ල්ලක් නොවීය. ඒ රංගාව එම අප­රා­ධ­යෙන් ගල­වා­ගෙන ඔහුව ආරක්ෂා කළ පොලී­සියේ ලොක්ක­න්ටද කනේ පහ­රක් ගස­මිනි. චුදි­ත­යන් සියලු දෙනා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස නීති­ප­ති­ව­රයා පොලී­සි­යට නියෝග කළේ ඉකු­ත්දාය.

නීති­ප­ති­ව­රයා විසින් අත්අ­ඩං­ගු­වට ගන්නැයි කියන එම පොලිස් නිල­ධා­රීන් අතර පොලී­සියේ රථ­වා­හන අංශය භාරව සිටි විශ්‍රා­මික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති අම­ර­සිරි සේනා­ර­ත්නද, විශ්‍රා­මික පොලිස් අධි­කාරී හරි­ස්චන්ද්‍ර බණ්ඩාද, හොරො­ව්පො­තාන පොලිස් ස්ථානා­ධි­පති ආර් සංජී­වද ඇතුළු පොලිස් නිල­ධා­රීහු හය දෙනෙක් සිටිති. ඒ අයට එල්ල වී ඇත්තේ රිය අන­තු­රක් වසන් කර­මින් සැබෑ රියැ­දුරා වෙනු­වට වෙනත් පුද්ග­ල­යකු ඉදි­රි­පත් කර­මින් සාක්ෂි වසන් කර සැබෑ රියැ­දු­රාට පලා­යෑ­මට ආධාර හා අනු­බල දීමය.

ශ්‍රී රංගා­ටත් පොලිස් නිල­ධා­රීන් හය දෙන­කු­ටත් වසර 8කට පසු නීතිය ක්‍රියා­ත්මක වන එම මාරක රිය අන­තුර සිදු වන්නේ 2011 මාර්තු 30 දාය. ඒ සෙට්ටි­කු­ලම රෝහල ආස­න්න­යේ­දීය. ඒ අන­තු­රින් මිය යන්නේ ඇමැති ආර­ක්ෂක අංශයේ සැර­ය­න්ව­ර­යකු වූ ජය­මිණි පුෂ්ප­කු­මාර ය. ඔහු ශ්‍රී රංගා මන්ත්‍රී­ව­ර­යාගේ ආර­ක්ෂක නිල­ධා­රි­යාය. අන­තුර සිදු වන විට පුෂ්ප­කු­මාර සිටින්නේ රියැ­දුරු අසු­නට යාබද අසු­නේය. රියැ­දුරු අසුනේ සිටින්නේ ශ්‍රී රංගා මන්ත්‍රී­ව­ර­යාය. අන­තු­රට මාස පහ­කට පෙර මන්ත්‍රී බල­ප­ත්‍ර­යෙන් මිල දී ගෙන තිබුණු ඒ ලෑන්ඩ් ක්රූශර් වර්ගයේ ජීප් රථය ඒ වන විටත් තිබුණේ ලියා­ප­දිං­චි­යෙන් තොර­වය.

මේ නවීන පන්නයේ සුඛෝ­ප­භෝගී ජිප් රථය මිල දී ගත් දින සිටම ශ්‍රී රංගා මන්ත්‍රී­ව­රයා විසින් මාර්ගයේ ධාව­නය කර තිබු­ණේද ලියා­ප­දිං­චි­ය­කින් තොර­වය. ඉහ­ළම දේශ­පා­ලන අධි­කා­රිය සමඟ පැවති සම්බ­න්ධ­කම් නිසාම සිය ජිප් රථය ලියා­ප­දිංචි කිරී­මට පවා ඔහුට උන­න්දු­වක්ද නොවීය. රංගා මන්ත්‍රී­ව­ර­යාගේ ජිප් රථ­යට පොලී­සි­යෙන්ද බාධා­වක් නොවීය.

කෙසේ වෙතත් අධික වේගය නිසා රංගා මන්ත්‍රී­ව­ර­යාට එදා සිය ජිප් රථය පාල­නය කර­ගත නොහැකි විය. පාල­න­යෙන් මිදුණු මෝටර් රථය නතර වන්නේ රෝහල් තාප්ප­යද බිඳ දම­මින් පලු­ග­සක ගැටී ය. එම අන­තු­රින් දැඩි හානි සිදු වන්නේ ජිප් රථයේ වම් පැත්ත­ටය. රංගා මන්ත්‍රී­ව­ර­යාගේ ආර­ක්ෂක නිල­ධාරී පුෂ්ප කුමාර සිටියේ ඒ පැත්තේය. අන­තු­රින් බර­ප­තළ තුවාල ලබා මරණයට පත්විය.

පුෂ්ප­කු­මාර සද­හ­ටම දෑස් පියා­ගන්නා විට ඉහළ දේශ­පා­ලන බල­පෑ­මක් හමුවේ පොලිස් මෙහෙ­යු­මක් ක්‍රියා­ත්මක වෙමින් තිබුණේ රංගා මන්ත්‍රී­ව­රයා වෙනු­වට වෙනත් අයකු රියැ­දුරු ලෙස අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර­න්නය. ඒ වෙනු­වෙන් සෙට්ටි­කු­ලම පොලී­සියේ පොත්පත් වෙනස් විය. එකල සෙට්ටි­කු­ලම පොලී­සියේ ස්ථානා­ධි­ප­ති­ව­රයා ලෙස සේවයේ නිර­තව සිටියේ හොරො­ව්පො­තාන පොලී­සියේ වත්මන් පොලිස් ස්ථානා­ධි­පති ආර්. සංජී­වය. සෙට්ටි­කු­ලම ප්‍රදේ­ශය භාර සහ­කාර පොලිස් අධි­කා­රි­ව­ර­යාව සිටියේ මේ වන විට පොලිස් සේව­යෙන් විශ්‍රාම ගොස් සිටින පොලිස් අධි­කාරී හරි­ස්චන්ද්‍ර බණ්ඩාය. වව්නි­යාව කොට්ඨා­සය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රී­ව­රයා ලෙස සේවයේ නිර­තව සිටියේ රථ­වා­හන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති ලෙස සේවයේ නිර­තව සිටි­යදී පොලිස් සේව­යෙන් විශ්‍රා­ම­ගත් අම­ර­සිරි සේනා­ර­ත්නය. ඉහළ උප­දෙස් මත මේ අය එක්ව තමා­ගේම සග­යකු මර­ණ­යට පත් කළ රිය අන­තුර එහෙ­ම්පි­ටින්ම කණ­පිට හැරෙ­ව්වේය. ඒ මිය­ගිය සැර­ය­න්ව­ර­යාට අන­තුරේ සියලු පවු පට­ව­මිනි.

එම අනතුර සිදුවන්නේ එව­කට නුව­ර­එ­ළිය දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යාව සිටි ශ්‍රී රංගා මුර­න්කන්හි පිහිටි සිය නිවෙ­සට යමින් සිටි­ය­දීය.

ඔහු බේරා­ගැ­නීමේ කට­යුත්ත සිදු වන්නේ පොලිස් ලොක්කන්ගේ මැදි­හත් වීම මත සිදු වන තිර පට­ප­තක් අනු­වය.

සෙට්ටි­කු­ලම රෝහල් තාප්පයේ හැපී පලු ගසක වැදී නව­තින සුඛෝ­ප­භෝගී ලෑන්ඩ් ක්රූශර් රථය කළ මාරක අන­තුර සම්බ­න්ධව පොලී­සිය ගොඩ­නැඟූ ප්‍රබ­න්ධ­යට අනුව අන­තුර සිදු වන විට ජිප් රථයේ රියැ­දුරු අසුනේ සිටින්නේ සැර­යන් පුෂ්ප­කු­මා­රය. අන­තු­රින් ඔහු මිය යන විට රථයේ ගමන් කර­මින් සිටි පාර්ලි­මේන්තු මන්ත්‍රී ශ්‍රී රංගාත්, ඇමැති ආර­ක්ෂක අංශයේ කොස්තා­පල් උපාලි රණ­සිං­හත්, රථයේ රියැ­දුරා ලෙස ඉදි­රි­පත් කළ වල්පොල රාළ­ලාගේ පද්ම­ලා­ලුත් තුවාල ලැබීය. ඒ බර­ප­තළ ලෙස නොව, සුළු තුවා­ලයි.

මේ ප්‍රබ­න්ධය ගෙතෙන්නේ යැයි කියැ­වෙන්නේ වව්නි­යාව පොලිස් අධි­කාරී කාර්යා­ලය තුළ­දීය. ඒ සෙට්ටි­කු­ලම පොලිස් ස්ථානයේ රථ­වා­හන අංශයේ සැර­ය­න්ව­ර­ය­කුද පොලිස් අධි­කාරී කාර්යා­ල­යට කැඳ­වා­ගෙ­නය. ඊට නෛතික පිළි­ගැ­නී­මක් දෙන්නේ සැර­ය­න්ව­රයා මඟින් අධි­ක­ර­ණ­යට බී-වාර්තා­වක් මඟින් කරුණු වාර්තා කර­මිනි. ඒ සඳහා සෙට්ටි­කු­ලම පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යාගේ අස්සන පවා යොදා තිබුණි. ඒ අස්සන ගැනත් ඇත්තේ මත­භේ­ද­යකි. ඒ එය සැර­ය­න්ව­රයා විසින් හොරට ගසා ඇති බව­ටය.

ශ්‍රී රංගා මන්ත්‍රී­ව­රයා බේරා­ගැ­නීම වෙනු­වෙන් පොලී­සිය තවත් බොහෝ දේ එදා කළේය. ඔවුන්ගේ මේ ප්‍රබ­න්ධය තව­දු­ර­ටත් සනාථ කර­න්නට අන­තුර ඇසින් දුටු­වේ­යැයි කියන සාක්ෂි­ක­රුවෝ දෙදෙ­නෙක්ද ඉදි­රි­පත් කෙරු­ණහ. ඒ එක් අයෙක් වන්නේ සෙට්ටි­කු­ලමේ මැණික් ෆාම්හි පදිං­චි­ක­රු­වකු වන රාජ­ර­ත්නම්ය. අනෙක් තැනැත්තා සෙට්ටි­කු­ලමේ මොහො­ත්තම් කුලම්හි පදිං­චි­ක­රු­වකු වන මුරු­ගේ­සුය. ස්වාධීන සාක්ෂි­ක­රු­වන් ලෙස මේ අය අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන්න පවා පොලී­සිය වග බලා­ග­ත්තේය. එහිදී ජිප් රථය අන­තු­රට පත් වූ බවට ඇසින් දුටු සාක්ෂි පම­ණක් ඔවු­න්ගෙන් ලබා­ගැ­නී­මට පොලී­සිය සූක්ෂ්ම විය. අන­තුර සිදු වන විට රථය පද­වන ලද්දේ කවු­රු­න්දැයි කියා එහිදී වැර­දී­ම­කින් වත් ඔවුන් දෙදෙ­නා­ගෙන් ප්‍රශ්න කරන්න නම් ගියේ නැත.

පොලිස් ප්‍රබ­න්ධ­යට අනුව මේ අන­තුරේ තුන්වැනි සාක්ෂි­කරු ලෙස ඉදි­රි­පත් කරන්නේ අන­තුර සිදු වන විට ජීප් රථයේ සිටියේ යැයි කියන ඇමති ආර­ක්ෂක අංශයේ කොස්තා­පල් රණ­සිං­හය. ඔහු සාක්ෂි දෙන්නේ තමන් ජීප් රථයේ පිටු­පස දකුණු පැත්තේත් රියැ­දුරු පද්ම­ලාල් පිටු­පස වම් අසු­නේත් ගමන් කළ බවය. මන්ත්‍රී ශ්‍රී රංගා ගමන් කළේ­යැයි කියන්නේ ඉදි­රි­පස වම් පැත්තේය. අන­තුර සිදු වන විට වාහ­නය පැද­වූයේ සැර­යන් පුෂ්ප­ලාල් බවද රණ­සිංහ සාක්ෂි දෙමින් කීවේය.

මේ සියලු ප්‍රබන්ධ ගොත­න්නට වව්නි­යාවේ පොලිස් ලොක්කන්ට සිදු වන්නේ ඉහ­ළම පොලිස් ලොක්ක­කු­ගෙන් ලද උප­දෙ­ස්ව­ලට අනු­වය.

ඒ අනුව වව්නි­යාවේ පොලිස් ප්‍රධා­නියා ලෙස එව­කට සේවයේ නිර­තව සිටි අම­ර­සිරි සේනා­රත්න මහතා වව්නි­යාවේ සිට සෙට්ටි­කු­ලම පොලිස් ස්ථාන­යට ගොස් පොලිස් පොතේ සට­හ­නක් තබන්නේ 30 වැනිදා අන­තුර වූ ස්ථානය තමාගේ නිරී­ක්ෂ­ණට ලක් වුණු බව­ටය. අන­තුර සිදු වන විට වාහ­නය පදවා ඇත්තේ පුෂ්ප­කු­මාර වුවත් අන­තුර වන අව­ස්ථාවේ රියැ­දු­රාද වාහ­නයේ ගමන් කර­මින් සිටි බැවින් ඔහුව පොලී­සිය අත්අ­ඩං­ගු­වට ගෙන සිටි බවය. නුව­ර­එ­ළියේ සිට මැද­ව­ච්චිය දක්වා ජීප් රථය පද­වා­ගෙන ආවේ තමා බවත්, සැර­යන් පුෂ්ප­කු­මාර වාහ­නය පද­ව­න්නට වූයේ මැද­ව­ච්චියේ සිට බවත් එහිදී පද්ම­ලාල් පැවසූ බවට සට­හ­නක්ද තැබෙන්නේ පුෂ්ප­කු­මාර වාහ­නය පද­වන ලද බවට වූ ප්‍රබ­න්ධය වඩාත් ශක්ති­මත් කර­ව­මිනි.

එහෙත් සැබෑ ලෙසම ජීප් රථය පද­වන්නේ සැර­යන් පුෂ්ප­කු­මාර නොව, ශ්‍රී රංගා මන්ත්‍රී­ව­ර­යාය. වාහ­නයේ රියැ­දුරා යැයි කිය­මින් ඉදි­රි­පත් වූ පද්ම­ලාල් නමැත්තා ඒ අව­ස්ථාවේ ජීප් රථයේ තබා ඒ පැත්ත පළා­ත­ක­වත් සිට නැත. පුෂ්ප­කු­මා­රගේ මරණ පරී­ක්ෂ­ණය අනු­රා­ධ­පුර හදිසි මරණ පරී­ක්ෂක එච්එම් කුල­සේ­කර ඉදි­රියේ 2011 අප්‍රේල් 01 වැනිදා පැවැ­ත්වෙන විටදී සාක්ෂි දෙන සෙට්ටි­කු­ලම පොලිස් ස්ථානයේ එව­කට සේවයේ නිර­තව සිටි කොස්තා­පල් අමිල ප්‍රභාත්ගේ සාක්ෂි­ය­කින් පවා සනාථ වන්නේ එදා අන­තුර වූ අව­ස්ථාවේ වාහ­නය පදවා ඇත්තේ ශ්‍රී රංගා මන්ත්‍රී­ව­රයා බවය.

කොස්තා­පල් අමි­ලගේ සාක්ෂි­යට අනුව එදා ඔහු සිට ඇත්තේ පෞද්ග­ලික අව­ශ්‍ය­තා­වක් සඳහා සෙට්ටි­කු­ලම නග­ර­යට ගොසිනි. අන­තුර සිදු වන විට ඔහු රැඳී සිටින්නේ රෝහල අසල ඇති කඩ­ය­කට ගොඩ වී තේ පානය කර­මිණි. තේ කඩෙන් පිට­තට ඔහු දිව එන්නේ ජීප් රථය රෝහල් තාප්පයේ ගැටෙන හඬින් තැති­ගෙ­නය. ඔහු දකින්නේ වාහ­නයේ රැඳී සිටි තිදෙ­නකු පමණි. අමිල ඇතුළු පිරි­සක් මැදි­හත් වී වාහ­නයේ සිර වී සිටි තිදෙනා පිට­තට ගන්නේ යකඩ ඉනි දමා අගුළු කඩාය.

අනු­රා­ධ­පු­රයේ පැවති මරණ පරී­ක්ෂ­ණ­යේදී සාක්ෂි දෙමින් කොස්තා­පල් අමිල පැව­සුවේ ඒ දේවල් පම­ණක් නොව, මිය ගිය සැර­ය­න්ව­රයා වාහ­නයේ රැඳී සිටියේ ඉදි­රි­පස වම් අසුනේ බවය. පොලිස් ලොක්කන්ට මකා දමන්න බැරි වූයේ අමි­ලගේ මේ සාක්ෂිය පමණි. මේ බව දැන­ගත් සැර­යන් පුෂ්ප­කු­මා­රගේ බිරිය චාන්දනී රම්‍ය­ලතා එදා සිටම සිය සැමි­යාගේ මර­ණ­යට සාධා­ර­ණ­යක් ඉල්ලා නොගිය තැනක් නැති තරම්ය. එව­කට පොලි­ස්ප­ති­ව­ර­යාව සිටි මහින්ද බාල­සූ­රිය ඇයව මඟ­හැ­රි­යේය. ඒ, සියල්ල සිදු වූයේ ඔහුගේ අනු­දැ­නුම මත වූ බැවිනි. බාල­සූ­රි­ය­ගෙන් පසු පොලි­ස්පති ධුර­යට පත්වන එන්.කේ. ඉලං­ග­කෝ­න්ගෙන්ද ඇය සාධා­ර­ණය ඉල්ල­න්නට වූවාය. ඉලං­ග­කොන්ට හිස­ර­ද­යක් බවට පත් වන තුරුම ඇය පොලිස් මූල­ස්ථා­න­යට බඩ­ගෑ­වාය. සිය සැමි­යාට සාධා­ර­ණ­යක් ඉල්ලා ඇය බල­ධා­රීන්ට යොමු කළ ලිපි වසර ගණ­නා­වක්ම පැවැ­තියේ අතින් අත යමිනි.

සැර­යන් පුෂ්ප­කු­මා­රට සාධා­ර­ණ­යක් ඉටු වීමට මුල පිරෙන්නේ 2016 වසරේ ජන­වා­රි­යේය. ඒ, එව­කට වව්නි­යාව භාර නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා ලෙස සේවයේ නිර­තව සිටි බස්නා­හිර දකුණු දිසාවේ වත්මන් නියෝජ්‍ය පොලි­ස්පති වසන්ත වික්‍ර­ම­සිංහ මහතා අතට සැර­යන් පුෂ්ප­කු­මා­රගේ බිරි­යගේ දුග් ගැන­විල්ල පත් වීමත් සම­ගය.

වසර පහ­කට පෙර සිදු වූ ඒ රිය අන­තුර ගැන නියෝජ්‍ය පොලි­ස්පති වසන්ත වික්‍ර­ම­සිංහ මහ­තාගේ අධී­ක්ෂ­ණ­යෙන් එදා විම­ර්ශන ආරම්භ වන්නේද අධි­ක­ර­ණ­යට ඒ ගැන කරුණු වාර්තා කර­මිනි. මේ විම­ර්ශ­න­යේදී පැහැ­දි­ලි­වම සාක්ෂි සහි­තව හෙළි වන්නේ අන­තුර සිදු වන විට ජීප් රථය පද­වන්නේ ශ්‍රී රංගා බවය. අන­තු­රින් පසු ඔහු අනු­රා­ධ­පුර රෝහ­ලට ඇතු­ළත් කර ඇති අතර ඒ කම්ප­න­යට ප්‍රති­කාර ගැනී­මට මිස, සීරීම් තුවා­ල­ය­ක්වත් ඔහුට සිදුව තිබී නැත. අන­තුර ගැන සෙට්ටි­කු­ලම පොලී­සියේ නිල­ධා­රීන් ශ්‍රී රංගා මන්ත්‍රී­ව­ර­යා­ගෙන් හරස් ප්‍රශ්න නඟන විට ඔහු කෝප වී පොලිස් නිල­ධා­රීන්ට බැන වැදුණු බව පවා විම­ර්ශ­න­ව­ලින් හෙළි වූයේය. අඩුම තර­මින් අන­තුර ගැන ඔහු­ගෙන් ප්‍රශ්න කිරී­මට පවා පොලිස් නිල­ධා­රීන්ට ඉඩක් ලැබී නැත. ප්‍රශ්න කර­න්නට ගිය පොලිස් නිල­ධා­රීන්ට ඔහු දී ඇති පිළි­තුර වී ඇත්තේ එව­කට සිටි පොලි­ස්පති මහින්ද බාල­සූ­රි­ය­ගෙන් ඇසිය යුතු ප්‍රශ්න අසන ලෙස­ටය.

ඉහළ පොලිස් නිල­ධා­රීන්ගේ බල­පෑම් හමුවේ තමන් එදා අස­රණ වූ බව මෙන්ම නිහ­ඬව සිටි­න්නට සිදු වූ බවද ප්‍රශ්න කිරීම් හමුවේ සෙට්ටි­කු­ලම පොලිස් ස්ථානයේ නිල­ධා­රීහු කීහ. පොලිස් සේවයේ මේ වන විට කීර්ති­මත් නමක් දිනා සිටින එව­කට සෙට්ටි­කු­ලම පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යාව සිටි පොලිස් පරී­ක්ෂක සංජීව අන­තුරේ සැබෑ තොර­තුරු හෙළි කළේය. අන­තුර ගැන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ බී-වාර්තාවේ ඇති අස්සන පවා තමාගේ නොවන බව ඔහු කීවේ එදාය. අන­තුර වූ දින එව­කට පොලි­ස්ප­ති­ව­ර­යාව සිටි මහින්ද බාල­සූ­රිය තමාට දුර­ක­තන ඇම­තු­මක් දෙමින් අනු­රා­ධ­පුර රෝහලේ සිටි ශ්‍රී රංගා මන්ත්‍රී­ව­රයා ආරක්ෂා සහි­තව කොළ­ඹට රැගෙන යන ලෙස දැනුම් දුන් බවත්, ඒ අනුව අනු­රා­ධ­පු­ර­යට යන තමන් ශ්‍රී රංගා මන්ත්‍රී­ව­රයා පොලිස් ජීප් රථ­යක ආර­ක්ෂාව සහි­තව කොළ­ඹට රැගෙන ගිය බවත් ඔහු කීවේය. අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ බී-වාර්තාව සැකසූ සැර­ය­න්ව­රයා ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබුණේ ඉහළ පොලිස් නිල­ධා­රීන්ගේ බල­පෑම් හමුවේ තමාට ඒ ව්‍යාජ වාර්තාව සකස් කිරී­මට සිදු වූ බවයි. පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යාගේ අස්සන ව්‍යාජ ලෙස යෙදුවේ තමා බවත්, එසේ කිරී­මට ඉහළ නිල­ධා­රීන් බල­පෑම් කළ බවත් සැර­ය­න්ව­රයා පැව­සීය.

අන­තුර සිදු වන­වාත් සමඟ එතැ­නට පැමිණ තුවා­ල­ක­රු­වන් වාහ­න­යෙන් පිට­තට ගත් අය අතර සිටි ස්වාධීන සාක්ෂි­ක­රු­වන් ලෙස එදා අධි­ක­ර­ණ­යට බී-වාර්තා­වක් මඟින් කරුණු දැක්වූ රාස­ර­ත්නම් සහ මුරු­ගේසු යන දෙදෙ­නාත් නැවත සාක්ෂි දෙමින් සඳ­හන් කළේ එදා වාහ­නයේ සිව් දෙනකු නොසිටි බවයි. පුෂ්ප­කු­මාර සිටියේ රියැ­දුරු අසුනේ නොවන බවද ඔවුහු තහ­වුරු කළෝය. ඒ බව ඔවුන් දෙදෙනා එදා අන­තුර වූ දින පොලිස් නිල­ධා­රීන් කට­උ­ත්තර ගනි­ද්දීත් පවසා ඇතත්, ඒවා සට­හන් කර­ගැ­නී­මට පොලී­සිය එත­රම් උන­න්දු­වක් නොදැක්වූ බවද ඔවුහු සඳ­හන් කළහ.

අන­තුර සිදු වන විට ජීප් රථය පැද­වූයේ සැර­යන් පුෂ්ප­කු­මාර නොව, ශ්‍රී රංගා මන්ත්‍රී­ව­රයා බවට වැද­ගත්ම සාක්ෂිය දෙන්නේ ඒ අව­ස්ථාවේ ජිප් රථයේ ගමන් කර­මින් සිටි ඇමැති ආර­ක්ෂක අංශයේ කොස්තා­පල් රණ­සිං­හය. පුෂ්ප­කු­මාර වාහ­නය පැදවූ බවට මුල් සාක්ෂි­යේදී තමාට කීමට සිදු වූයේ ඉහළ නිල­ධා­රීන්ගේ බල­පෑම් හමුවේ බව ඔහු පැව­සු­වේය.

මේ අන­තුර ශ්‍රී රංගා මන්ත්‍රී­ව­රයා අතින් සිදු වන්නේ අත්වැ­ර­දී­ම­කින් මිස ඕනෑ­ක­මින් නොවේ. ගැට­ලුව ඇත්තේ තමා සතු බලය නින්දිත ලෙස යොදා­ග­නි­මින් නීති­යෙන් ගැල­වීම සඳහා ඔහු කළ අමා­නු­ෂික රංග­නය තුළය. කෙසේ වෙතත් කිසිදු අප­රා­ධ­යක් සිදු කර සදා කාල­යට සැඟවී සිටිය නොහැකි බව නම් යළිත් වරක් සනාථ වී තිබේ.

Comments