දඟකාරයාට අසූවයි සොඳුරු සැදෑව ඔක්. 25 තරංගනී හිදී | Page 2 | සිළුමිණ

දඟකාරයාට අසූවයි සොඳුරු සැදෑව ඔක්. 25 තරංගනී හිදී

වේදිකාව, පුංචි තිරය, රිදී තිරය හා ගුවන් විදුලිය ආදී බහුවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ දශක හයකට අධික කාලයක් සිය නිසඟ හැකියාවෙන් රසික හදවත් එකලු කළ දයා වයමන් කලාවේදියාගේ 80 වැනි ජන්ම දිනය වෙනුවෙන් පිදෙන රසික ජන උත්තමාචාරය, දඟකාරයාට අසූවයි සොඳුරු සැදෑව මෙම ඔක්. 25 සවස 3.00 චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ.

ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය 150 වැඩි සංඛ්‍යාවක රඟපා ඇති දයා වයමන් නාට්‍ය 51 ක් රචනා කර නිෂ්පාදනය කර ඇත. හඳයා‍ ඇතුළු චිත්‍රපට 9 සහාය අධ්‍යක්ෂණය කර ඇති අතර ‍ඔක්කොම රජවරු ඇතුළු චිත්‍රපට රැසක් තිර නාටක රචනය කර ඇත. චිත්‍රපට 19 ක රඟපා ඇත. රූපවාහිනී, වැඩසටහන් රැසක රංගනයෙන් වේදිකා සැලසුම් ශිල්පියා ලෙස අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත.

ඔහු විසින් රචනා කොට නිෂ්පාදනය කරන ලද නාට්‍ය අතර, හේමමාලී, දහම්සොඬ, නෙයිනගෙ සූදුව, සෙනසුරු මාරුව, මලල්ගොඩ සාක්කිය, දඟකාරයා, නොහික්මුණු වීරයා වේ.

 

Comments