‘ගාලු කති­කාව’ හෙට ජන­පති ප්‍රධා­න­ත්ව­යෙන් | Page 2 | සිළුමිණ

‘ගාලු කති­කාව’ හෙට ජන­පති ප්‍රධා­න­ත්ව­යෙන්

රාජ්‍ය ආර­ක්‍ෂක අමා­ත්‍යං­ශය හා ශ්‍රී ලංකා නාවික හමු­දාව එක්ව 10 වන වර­ටත් සංවි­ධා­නය කරනු ලබන 2019 ගාලු කති­කාව අන්ත­ර්ජා­තික සාග­රික සම්ම­න්ත්‍ර­ණය ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් හෙට (21) කොළඹ ගාලු­මු­ව­දොර හෝට­ල­යේදී ආරම්භ කෙරේ.

දෙදි­නක් පුරා පැවැ­ත්වෙන මෙවර සමු­ළුව සඳහා රට­වල් 55ක හා අන්ත­ර්ජා­තික සංවි­ධාන 12ක මෙන්ම ආර­ක්ෂක ක්ෂේත්‍රයේ නිපැ­යුම් සම්බන්ධ ආය­තන 3ක දෙස්-විදෙස් නියෝ­ජි­ත­යන් හා සමු­ද්‍රීය ආර­ක්‍ෂක විද්ව­තුන් රැස­කගේ සහ­භා­ගි­ත්ව­යෙන් පැවැත්වේ. ‘නව චින්ත­න­ය­කින් යුතුව අන්තර් සමු­ද්‍රීය තර්ජ­න­යක් හට පිළි­යම් යෙදීම සඳහා සූදා­නම් විම: දශ­ක­යක සමා­ලෝ­ච­නය’ යන තේමාව යටතේ මෙවර සම්ම­න්ත්‍ර­ණය පැවැත්වේ.

මෙවර ගාලු කථි­කාවේ විශේ­ෂ­ත්වය වන්නේ පසු­ගිය දස­ව­සර තුළ තනිව හා සාමු­හි­කව ප්‍රති­චාර දක්වා ඇති සියලු සිදු­වීම් ඒක­රාශී කර­මින් සම්ම­න්ත්‍ර­ණය පැවැ­ත්වී­මයි.

Comments