ශ්‍රී ලංකා පත්‍ර­කලා සංග­මයේ 64 වැනි සංව­ත්ස­රය 22 දා | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකා පත්‍ර­කලා සංග­මයේ 64 වැනි සංව­ත්ස­රය 22 දා

මෙරට පැරැ­ණි­තම ජන­මාධ්‍ය සංග­මය වන ශ්‍රී ලංකා පත්‍ර­කලා සංග­මයේ 64 වැනි සාංව­ත්ස­රික උත්ස­වය කථා­නා­යක කරු ජය­සූ­රිය මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඔක්තෝ­බර් 22 වැනිදා - අඟ­හ­රු­වාදා සවස 3.00 ට කොළඹ හතේ ශ්‍රී ලංකා පද­නම් ආය­ත­න­යේදි පැවැත්වේ.

දේශීය ජන­මා­ධ්‍ය­වේ­දීන්ට අම­ත­රව ඉන්දීය, පාකි­ස්තානු හා නේපාල ජන­මා­ධ්‍ය­වේ­දීන් රැසක් ද සහ­භාගී වන මෙම උත්ස­ව­යේදී සිරිත් පරිදි ශ්‍රී ලංකාවේ ඉතා ජ්‍යෙෂ්ඨ ජන­මා­ධ්‍ය­වේ­දීන් දස දෙන­කුට කථා­නා­ය­ක­ව­රයා අතින් උප­හාර පිරි­නැමේ.

මෙසේ උප­හාර ලබන ජන­මා­ධ්‍ය­වේ­දීන් දස­දෙනා නම් එඩ්මන්ඩ් රණ­සිංහ, එල්මෝ ගුණ­රත්න, පී.ඇම්. සේනා­රත්න, දයා සෝම­සිරි, ඒ.එල්.කේ. පෙරේරා, ක්‍රිෂ්ණ­සාමි, ආරි­ය­රත්න ගනේ­ගොඩ, බෲස් මොරිස් යන මහ­ත්ව­රුන් සහ ආනන්දි බාල­සිං­හම් හා කරුණා පෙරේරා යන මහ­ත්මීන්ය.

 

Comments