ලංකා ඉති­හා­සයේ රාජ්‍ය සේව­ක­යන්ට වැඩිම වැටුප් වැඩි කිරීම වත්මන් රජය දුන් හැටි | සිළුමිණ

ලංකා ඉති­හා­සයේ රාජ්‍ය සේව­ක­යන්ට වැඩිම වැටුප් වැඩි කිරීම වත්මන් රජය දුන් හැටි

 

නිද­හ­සින් පසු ශ්‍රී ලංකා ඉති­හා­සයේ රාජ්‍ය සේව­ක­යන්ට වැඩි­යෙන්ම වැටුප් වැඩි කළ රජය වත්මන් රජය බව මුදල් ඇමැති මංගල සම­ර­වීර මහතා ප්‍රකාශ කළේය.

 

වසර 2015 බල­යට පත් දා සිට ලබන වසරේ ජන­වාරි මාසය වන විට රාජ්‍ය සේවක වැටුප් 107%කින් වැඩි කිරී­මට තරම් ගණන් බලා තිබිණි. මේ ගණන් බැලීම් වසර 2015දී රජය පව­සන විට විප­ක්ෂයේ පිරිස් ඇතැම් විට අව­ලාද නැඟූහ. ඒ එත­රම් වැටුප් වැඩි­කි­රී­මක් කිසි­දාක රජ­යට කළ නොහැකි බව පව­ස­මිනි. එන­මුත් මේ වන විට රජය සිදු කොට තිබෙන රාජ්‍ය සේවක වැටුප් වැඩි­කි­රීම් සහ විශ්‍රාම වැටුප් දීමනා ඉහළ දැමීම් ප්‍රති­ශ­තා­ත්ම­කව ගණන් බැලුව හොත් මුලින් කී ප්‍රමා­ණ­ය­ටත් වඩා ඉහළ අග­යක් ගන්නා බව මුදල් ඇමැ­ති­ව­රයා පව­සයි. රජය වර්ෂ 2015දී රාජ්‍ය සේව­ක­යන්ට මාසි­කව රු. 2500ක අතුරු දීම­නා­වක් වසර 4ක් පුරා ලබා දුනි. ඊට අම­ත­රව 15% සහ 5% ක දීමනා ‍2ක් සෑම රාජ්‍ය සේව­ක­ය­කු­ටම පසු­ගිය කාලය පුරා ලබා දී තිබේ. එලෙස වැටුප් වැඩි වීම 2015 පැවැති මට්ට­මට සාපේ­ක්ෂව 2020 වන විට 107%ක වැඩි වීමකි.

එහෙත් රජය රාජ්‍ය සේවයේ විශේෂ සේවා­වන් සඳහා වරින් වර වැටුප් වැඩි­ක­රන ලදි. ඒ අනුව විශේ­ෂිත සේවා නොවන හා විශේ­ෂිත සේවා අතර වැටුප් විස­ම­තා­ව­යක් පැන­නැ­ඟිණි. මෙසේ පැන­නැඟි විස­මතා දුරු­කි­රී­මට ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා විසින් රාජ්‍ය සේවක විශේෂ වැටුප් විස­මතා දුරු­කි­රීමේ නිර්දේශ රජ­යට ඉදි­රි­පත් කිරී­මට ජනා­ධි­පති කොමි­සම පත්ක­රන ලදී. එම කොමි­සමේ සභා­ප­තී­ත්වය දැරූ එස්. රනුග්ගේ මහතා ප්‍රධාන සාමා­ජික පිරි­සගේ නිර්දේශ පසු­ගිය මාසයේ රජ­යට ලබා දුනි. ඒ පිළි­බඳ අව­ධා­නය යොමු කළ රජය එම නිර්දේශ මුලින් 2021 සිට ක්‍රියා­ත්මක කිරී­මට තීර­ණය කර තිබු­ණද නැවත එය 2020 මැද පටන් ක්‍රියා­වට නැංවී­මට කට­යුතු යොදා තිබිණි.

එවන් අව­ස්ථා­වක රජයේ සේවා­වන්හි සේව­කයෝ විවිධ අව­ස්ථා­වල විරෝ­ධතා, උද්ඝෝ­ෂණ පව­ත්ව­මින් රජ­යට වැටුප් වැඩි­ක­රන ලෙස බල­කර සිටි­යහ. මේවා පිළි­බ­ඳව සැල­කි­ල්ලට ගත් රජය 2020 ජන­වාරි මාසයේ සිට එස්. රනුග්ගේ වැටුප් කොමි­සමේ නිර්දේශ වැටුප් වැඩි­කි­රී­මට ඇමැති මණ්ඩ­ලය අනු­මැ­තිය ලබා දුනි. ඒ අනුව වසර 2020 වැටුප් වැඩි­කි­රී­මට රජ­යට රු. බිලි­යන 120 ක අති­රේක මුද­ලක් වැය­වනු ඇත. මෙම අති­රේක මුදල් වැඩි­වී­මත් සමඟ රජයේ රාජ්‍ය සේවක වැටුප් බිල රු. බිලි­යන 1000 ඉක්ම­වනු ඇත. මෙලෙස රු. බිලි­යන 1000ක් රාජ්‍ය සේවක වැටුප් සඳහා ලබා දුන් රජ­යක් නිද­හස් ශ්‍රී ලංකා ඉති­හා­සයේ පැවැතී නැත. වත්මන් රජය තරම් විශාල ලෙස රාජ්‍ය සේවක වැටුප් වැඩි­කළ රජ­යක් මීට පෙර තිබුණේ නම් පෙන්වා දෙන ලෙස තමා විවේ­ච­ක­යින්ට අභි­යෝග කරන බව ද මංගල සම­ර­වීර මහතා පව­සයි.

වසර 2015 සිට වසර 2020 දක්වා රාජ්‍ය සේවක වැටුප් වැඩි­වීම තුළ සාමාන්‍ය කාර්යාල කාර්ය සහා­ය­ක­ය­කුගේ සිට අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා දක්වා විශාල ලෙස වැටුප් වැඩි වේ. එප­ම­ණක් නොව මූලික වැටු­පට මේ දීමනා එක්කි­රීම මත ඔවුන් ලබා­ගන්නා අනෙ­කුත් දීමනා, අනෙ­කුත් ණය මුදල් සහ අති­කාල දීමනා පවා ඉහළ යනු ඇත. මීට අම­ත­රව සෞඛ්‍ය පහ­සු­කම්, ප්‍රවා­හන පහ­සු­කම්, නිවාස පහ­සු­කම් සඳහා ද රජය විශාල මුද­ලක් වැය­කොට ඇත. දුම්රිය සේවය, තැපැල් සේවය, අධ්‍යා­පන අංශ ප්‍රධාන සියලු ක්ෂේත්‍ර­යන්හි වැටුප් විස­මතා දුරු­කි­රී­මට නව වැටුප් ක්‍රම, විශ්‍රා­මික දීමනා ඉහළ දැමීම් සිදු­කළ රජය ආබා­ධිත රණ­වි­රු­වන්ගේ වැටුප් හා විශ්‍රා­මික දීමනා ඔවු­න්ටත්, ඔවු­න්ගෙන් පසු යැපෙ­න්න­න්ටත් විශාල ලෙස වැඩි­කොට ලබා­දී­මට පිය­වර ගෙන ඇත.

පහත දැක්වෙ­නුයේ රාජ්‍ය සේවක වැටුප් වසර 2015 සිට 2020 දක්වා වැඩි වී ඇති ප්‍රමා­ණය සහ ප්‍රති­ශ­තා­ත්මක විස්ත­ර­යකි.

Comments