රටේ ප්‍රශ්න­ව­ලට පිළි­තුර ඇත්තේ එජා­පයේ විත­රයි | Page 2 | සිළුමිණ

රටේ ප්‍රශ්න­ව­ලට පිළි­තුර ඇත්තේ එජා­පයේ විත­රයි

 

ජාති­වා­ද­යෙන්, ආග­ම්වා­ද­යෙන්, කුල­වා­ද­යෙන් තොරව සමාජ සේව­යට කැප විය හැකි එකම දේශ­පා­ලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව, 35 වස­රක කීර්ති­මත් හමුදා සේව­යෙන් ඉසිඹු ලැබූ හිටපු මේජර් ජන­රාල් නිශ්ශංක රණ­වන මහතා පැවැ­සීය. හමුදා සේව­යෙන් ලැබූ පන්න­ර­යෙන් ඉදි­රි­ය­ටත් රටට, ජාති­යට මෙන්ම සමා­ජ­යට වැඩ­දායි යමක් කිරීමේ අර­මු­ණෙන් දේශ­පා­ල­න­යට පිවි­සෙන බව කියන රණ­වන මහතා පසු­ගි­යදා එජා­පයේ මහ­නු­වර දිස්ත්‍රික් සංවි­ධා­ය­ක­ව­රයා ලෙස පත් කෙරිණි. මේ හිටපු මේජර් ජන­රාල් රණ­වන මහතා සමඟ සිළු­මිණ කළ සම්මුඛ සාක­ච්ඡා­වයි.

යුද හමුදා සේව­යෙන් පසුව දේශ­පා­ල­න­යට එන්න හිතුවේ ඇයි?

වසර 35ක යුද හමුදා රාජ­කා­රි­යේදී රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම මම රාජ­කාරි කළා. එම රාජ­කාරි කට­යු­තු­ව­ලදී විශේ­ෂ­යෙන්ම යුද සම­යෙන් පසුව මහ­ජ­නයා සමඟ සමී­පව කට­යුතු කර­මින් බොහෝ සේ ජන­යාගේ පොදු වැඩ­ක­ට­යු­තු­ව­ලට මගේ උප­රිම දාය­ක­ත්වය දුන්නා. එහෙම මහ­ජ­නයා සමඟ සමී­පව කට­යුතු කරද්දී බොහෝ දෙනා කී කතා­වක් තමයි, සාමාන්‍ය යුද හමුදා නිල­ධා­රි­යෙ­කුට වඩා මගෙන් විශේ­ෂ­ත්ව­යක් දකින බව. ඒ මං මහ­ජ­නයා සමඟ සමී­පව කට­යුතු කිරීම නිසායි. ඒ වගේම මගේ ඇඟේම තියෙන සමාජ සේවය කිරීමේ උන­න්දුව. ඒ නිසා මං හිතුවා හමුදා සේව­යෙන් විශ්‍රාම යෑමත් සමඟ රටේ ජන­තා­වට සේව­යක් කිරී­මට දේශ­පා­ල­නය තෝරා­ගත යුතුයි කියා. අන්න ඒ නිසායි මං දේශ­පා­ල­න­යට එන්න හිතුවේ...

ඔබගේ දේශ­පා­ල­න­යට එජා­පය තෝරා­ගත්තෙ කුමක් නිසා ද?

මට ආරා­ධ­නා­වක් ලැබුණා අග­මැ­ති­තුමා සහ මහ­නු­වර එක්සත් ජාතික පක්ෂ නායක ලක්ෂ්මන් කිරි­ඇල්ල මහ­තා­ගෙන් එක්සත් ජාතික පක්ෂ­යට එක් වන්නයි කියා. ප්‍රති­පත්ති වශ­යෙන් බලන විට විශේ­ෂ­යෙන්ම ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ සහ එක්සත් ජාතික පෙර­මුණ කියන ප්‍රධාන බල­වේග දෙකේ ප්‍රති­ප­ත්ති­ව­ලින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රති­පත්ති දිහා බැලු­වාම පේනවා එදා සිටම සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු මේ රටේ සියලු ජාතී, ආග­ම්ව­ලට එකම මේස­යක සිට කතා කළ හැකි සමා­න­ත්ව­යෙන් සල­කන පක්ෂ­යක් කියලා.

එදා 1948 ඩී.එස්. සේනා­නා­යක මහ­තාගේ සිට වත්මන් නායක රනිල් වික්‍ර­ම­සිංහ දක්වා ස්ථාවර ප්‍රති­ප­ත්ති­යක සිටින පක්ෂය එජා­පය. සුළු ජාතීන්ට, මහ ජාතීන්ට එක සමා­නව සැලැ­කීම තමයි මේ රටේ මේ ප්‍රශ්න­ව­ලට දිය හැකි එකම සහ හොඳම පිළි­තුර. අන්න ඒ පිළි­තුර නිවැ­රැ­දිව දෙන්නෙ එජා­පය. පොදු­ජන පෙර­මුණ කරන්නෙ මොකද්ද, මේ රටේ ජාති­වා­දය, ආග­ම්වා­දය අවු­ස්ස­මින් නැති ප්‍රශ්න­යක් රටේ ගොඩ­න­ඟ­න්නයි හදන්නෙ. එසේම එතැන තියෙන්නෙ පවු­ල්වා­ද­යක්. ඒ පවු­ලට අය­වැ­යෙන්ම සිය­යට 90කට වැඩිය වෙන් කර­ග­න්නවා. ඒ වගේම එජා­පය කියන්නෙ පොඩි මිනි­හට වුවත් රටේ නාය­කයා දක්වා ඉහ­ළ­ටම යා හැකි පක්ෂ­යක්. ඔන්න ඔය කරුණු තමයි මට එජා­පය තෝරා­ගැ­නී­මට මූලික ලෙසම බල­පෑවේ.

 

හිටපු හමුදා නිල­ධා­රි­යෙකු ලෙස ඔබ පව­සන ජාති­වා­දය, ආග­ම්වා­දය මතු කර­මින් ඇතැම් දේශ­පා­ලන පක්ෂ කරන දේශ­පා­ලන සෙල්ලම' රටට බල­පාන්නෙ කෙසේ ද?

රටට ඉතාම අහි­ත­කර ප්‍රව­ණ­තා­වක්. සුළු ජාතීන් කොන් කිරීම කිසි­සේත්ම සුදුසු දෙයක් නොවේ. එසේ සුළු ජාතීන් කොන් කිරීම යනු එම ජනයා ඉබේම ත්‍රස්ත­වා­ද­යට ඇද දැමී­මක්. ඒ සුළු ජාතීන්හි සිටින තරුණ ළම­යින්ගේ සිත්ව­ලට කා වැදෙ­නවා අපි මේ රටේ ඉප­දු­ණත්, අපට සිංහල මහ ජාතිය සමඟ එකට හිට­ගන්න බැහැ කියා. දේශ­පා­ල­න­ඥ­යන් පව­ස­නවා නම් රටට සිංහල බෞද්ධ ජන­තාව පම­ණයි අවශ්‍ය කියා සුළු ජාතීන් ඉබේ­ටම ත්‍රස්ත­වා­ද­යට ඇද වැටෙ­නවා.

හිටපු හමුදා නිල­ධා­රි­යෙකු ලෙස කාරු­ණි­කව විප­ක්ෂයේ දේශ­පා­ල­න­ඥ­ය­න්ගෙන් ඉල්ලා සිටි­නවා ජාති­වා­දය, ආග­ම්වා­දය අවු­ස්ස­මින් නැව­තත් රට අරා­ජික තත්ත්ව­ය­කට ගෙන යන්න එපා කියා. ඔවු­න්ගෙන් ඉල්ල­නවා සුළු ජාතීන්ට කෙන­හි­ලි­කම් කරලා නැව­තත් අනා­ග­තයේ ත්‍රස්ත­වා­දය හිස ඔස­වන වට­පි­ටා­වක් හදන්න එපා කියලා.

 

●  ජනා­ධි­පති අපේ­ක්ෂක සජිත් ප්‍රේම­දාස මහතා පසු­ගි­යදා ප්‍රසිද්ධ ප්‍රකා­ශ­යක් සිදු කර­මින් ‍ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික ආර­ක්ෂාව බාර ඇමැ­ති­ව­රයා ලෙස පත් කරන බව පැවැ­සුවා...

පක්ෂ විපක්ෂ බේද­ය­කින් තොරව හිටපු හමුදා නිල­ධා­රින් සමඟ පසු­ගිය දින­වල මම කතා කරන විට ඔවුන් එම ප්‍රකා­ශය ගැන බොහෝම පැහැ­දී­ම­කින් කතා කළේ. එය තමයි විය යුත්තේ කියා හැමෝම කියන්නෙ. හමුදා නිල­ධා­රි­යෙකු ලෙස මම සරත් ෆොන්සේකා මහතා සමඟ එක්ව වැඩ කරලා තියෙ­නවා. මං දන්නවා එතු­මාගේ දක්ෂ­තාව. කීප වරක්ම යුද පිටි­යේදී වෙඩි කාපු යුද වීර­යෙක්. මේ මොහොතේ සත්‍ය කිය­නවා නම්, කවුරු මොනවා කීවත්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නොසි­ටියානම් කව­දා­වත් ත්‍රස්ත­වා­දය මේ රටෙන් තුරන් කරන්න බැරි වෙනවා. එතුමා කෙළින් වැඩ කළ කෙනෙක්.

යුද්ධ­යෙන් පස්සෙ ෆොන්සේකා මහ­තා­ගෙන් වැඩක් ගත්තෙ නැහැ. මං නැව­තත් කියන්නෙ සජිත් ප්‍රේම­දාස මහතා සුදුසු කෙනාට සුදුසු තැන දෙන බවට දුන් නියම සහ­ති­කය තමයි සරත් ෆොන්සේකා මහ­තාට ජාතික ආර­ක්ෂාව බාර දෙන බවට කළ ප්‍රකා­ශය. එ් වගේම අනෙ­කුත්

ක්ෂේත්‍රවලටත් සුදු­සු­ක­ම්ලත් නිපු­ණ­ය­න්ට අව­ස්ථාව ලැබෙන බවට රටේ ජන­තා­වට දැන් නියම සහ­ති­ක­යක් ලැබී තිබෙ­නවා. පොදු­ජන පෙර­මුණ නඟන චෝද­නා­වක් වන එජා­පය බල­යට පැමි­ණි­ය­හොත් රටේ ජාතික ආර­ක්ෂාව බිංදු­වට වැටෙ­නවා කියන කතාව මේ ප්‍රකා­ශ­යෙන් පුස්සක් වෙනවා. මොකද ජාතික ආර­ක්ෂාව රටේ තහ­වුරු කළේ එව­කට හමු­දා­ප­තිව සිටි ෆොන්සේකා මහතා සමඟ එක්ව හමුදා නිල­ධා­රින් වන අපියි. අපි කව­දා­වත් මේ රටේ ජාතික ආර­ක්ෂාව බිංදු­වට වැටෙ­න්නට ඉඩ ති‍යන්නෙ නැහැ.

 

●  පසු­ගි­යදා පැවැති මාධ්‍ය සාක­ච්ඡා­ව­කදී පොදු­ජන පෙර­මුණේ ජනා­ධි­පතිධූර අපේ­ක්ෂක ගෝඨා­භය රාජපක්ෂ මහතා යුද්ධය මෙහෙ­ය­වූයේ හිටපු හමු­දා­ප­ති­ව­රයා බව ප්‍රකාශ කළා. ඇත්ත­ටම මොකක්ද වුණේ...

ඒ ප්‍රකා­ශය සත්‍ය­යක්. එතුමා දන්න­වානේ මොකද වුණේ කියා. ඒ වගේම හැමෝම දැක්කනේ... සරත් ෆොන්සේකා යුද්ධය මෙහෙ­යවූ ආකා­රය. ඔහු සති­ය­කට කී වරක් නම් යුද භූමි­යට ගියාද... ඒ කාලයේ යුද භූමියේ සිටි අපට එතු­මාගේ පැමි­ණීම ලොකු ශක්ති­යක්. තරුණ සොල්දා­දු­වන්ට දිරිය දීමක්. යුද ජය­ග්‍ර­හ­ණ­යට සොල්දා­දු­වාගේ සිට අපි හැමෝම කැප වුණා වගේම මේ රටේ ජන­තා­වත් ලොකු කැප කිරී­මක් කළා. එම නිසා යුද ජය­ග්‍ර­හ­ණයේ නියම කොට­ස්ක­රු­වන් ලෙස මේ රටේ ජන­තා­වත් සැලැ­කිය හැකියි.

 

නිත­රම සිදු වන රණ­විරු උද්ඝෝ­ෂණ සමඟ පැන­නැඟී තිබෙන ගැට­ලුව කුමක් ද?

අපි යුද්ධය කළේ කිසි දෙයක් බලා­පො­රො­ත්තු­වෙන් නෙවෙයි. සෙබ­ළුන් හෙල්මට් නැතිව, එකම ඇඳුම් දවස් ගණන් ඇඳ­ගෙන, ඒ වගේම ඇතැම් අව­ස්ථා­වල දවස් ගණන් කන්ඩ නැතිව, වර්ෂා­වට තෙමෙ­මින්, අව්වට වෙළෙ­මින්, සප­ත්තු­ව­ලට කකුල් කුණු වෙලා... එහෙ­මයි යුද්ධ කළේ. අපි ඒ දේ කළේ මහත් අභි­මා­න­ය­කින්. එම නිසා රණ­වි­රු­වන් පාරේ කළ උද්ඝෝ­ෂ­ණය මම අනු­මත කරන්නෙ නැහැ. අපි සොල්දා­දු­වන් ලෙස මේ රටේ සියලු දෙනා­ටම ආද­ර්ශ­යක් සැප­යිය යුතුයි. දොස්ත­ර­ව­රුන්, හෙදි­යන්, දුම්රිය සේව­ක­යන් මෙන්ම අනෙ­කුත් ක්ෂේත්‍ර­වල පුද්ග­ල­යන් ජන­තාව පීඩ­න­යට පත් කර­මින් කරන උද්ඝෝ­ෂ­ණ­වල තත්ත්ව­යට සොල්දා­දු­වන් වැටෙන්න හොඳ නැහැ. ඒ සියලු දෙනාට වඩා සොල්දා­දු­වාට අභි­මා­න­යක් තියෙ­නවා. පාරේ සටන් සොල්දා­දු­වන්ට උචිත නැහැ. නමුත් පසු­ගි­යදා සිදුවූ පාරේ සටන් අපි මේ රටට කළ සේව­යට, අභි­මා­න­යට වූ කැළ­ලක් ලෙසයි මම දකින්නෙ. එම නිසා මං බොහෝම ගෞර­ව­යෙන් සෑම සොල්දා­දු­වෙ­ක්ගෙන්ම ඉල්ලා සිටි­නවා අපි අපේ අභි­මා­නය කෙලෙ­ස­ගන්න එපා කියා.

රණ­වි­රු­වන්ගේ ප්‍රශ්නය පසු­ගිය ආණ්ඩු කාලෙත් තිබුණා. ඒත් කවු­රු­වත් පාරට බැස්ස ද? නෑනේ. දන්නවා මොකද වෙන්නෙ කියලා. ඔය කිසිම රජ­ය­කට වඩා රණ­වි­රු­වන් ඇතුළු සියලු දෙනා­ටම පඩි වැඩි කර­මින් සුබ­සා­ධන වැඩ කොට­සක් කළේ මේ රජය. මේ උද්ඝෝ­ෂණ සිදු වන්නෙ දේශ­පා­ලන අත­කොලු බවට පත් වීම නිසා බව අද රටම දන්නවා.

පොදු­ජන පෙර­මුණ පසු­ගිය දිනෙක තමන්ගේ දේශ­පා­ලන ප්‍රචා­ර­ණ­යට, වාසි­යට රටේ හමු­දා­ප­ති­තු­මා­වත් යොදා­ගත්තා. හමු­දා­පති මගේ හිටපු ජ්‍යෙෂ්ඨ නිල­ධා­රි­යෙක්. අපි එකට රාජ­කාරි කළ අය. ශවේන්ද්‍ර සිල්වා කියන්නෙ අපේ කාලයේ යුද වීර­යෙක්. මං දන්නවා එතුමා කිසිම විටෙක දේශ­පා­ල­න­යට සම්බන්ධ නෑ. ඔය ප්‍රකා­ශය හමු­දා­පති සිදු කළේ යුද ජය­ග්‍ර­හ­ණය සමයේ. මේ අය ඒ ප්‍රකා­ශය ඔහුගේ ඡායා­රූ­ප­ය­කුත් සමඟ මේ අව­ස්ථාවේ යොදා­ගත්තේ දේශ­පා­ලන වාසි­යට. එය ඔහුගේ කීර්ති­නා­ම­යට විශාල හානි­යක්.

දේශ­පා­ල­න­යට නව­ක­යෙකු වන ඔබ­තු­මාගේ වැඩ­පි­ළි­වෙළ ගැනත් සඳ­හ­නක් කළොත්?

මං යුද හමුදා සේවයේ සිටින සමයේ සිටම බොහෝ සමාජ සුබ­සා­ධන වැඩ කොට­සක් කළ කෙනෙක්. විශේ­ෂ­යෙන්ම ජන­තා­වගේ යටි­තල පහ­සු­කම් දියුණු කිරීම වෙනු­වෙන් විශාල වැඩ කොට­සක් කළා. ඒ දේවල් ඉදි­රි­ය­ටත් එසේම කරන ගමන් මගේ බලා­පො­රො­ත්තුව තමයි, මහ­නු­වර දිස්ත්‍රි­ක්කය තව තවත් සංචා­රක ආක­ර්ෂ­ණය දිනා­ගත් ප්‍රදේ­ශ­යක් බවට පත්ක­ර­මින් දුගී දුප්පත් ජන­යාගේ ජීවන තත්ත්වය ඉහළ දැමී­මට වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කිරී­මයි. ඒ වගේම රණ­වි­රු­වන්ගේ සුබ­සා­ධ­නය වෙනු­වෙන් මගේ උප­රි­මය කැප වෙනවා.

 

●  සජිත් ප්‍රේම­දාස මහ­තාගේ ජය­ග්‍ර­හ­ණය ගැන මොකද හිතන්නෙ...?

සජිත් ප්‍රේම­දාස මහත්මා කියන්නෙ පොඩි මිනි­හ­ගෙන් ආපු නාය­ක­යෙක්. ඔහුගේ ආග­ම­න­යත් සමඟ පාක්ෂි­ක­යන් වගේම සෑම දෙනා­ගේම ලොකු පිබි­දී­මක් තියෙ­නවා. ඔහු වටා නියම කණ්ඩා­ය­මක් එක්ව සිටි­නවා. ඒ නිසා ඔහුගේ ජය­ග්‍ර­හ­ණය ඒකා­න්තයි... සත්තයි... තින්දුයි...

 

- ඡායාරූපය සමන් ශ්‍රී වෙදගේ

Comments