ජනා­ධි­ප­ති­ව­ර­ණය සහ මෛත්‍රී ජන­ප­තිගේ නිර්පා­ක්ෂික භූමි­කාව! | සිළුමිණ

ජනා­ධි­ප­ති­ව­ර­ණය සහ මෛත්‍රී ජන­ප­තිගේ නිර්පා­ක්ෂික භූමි­කාව!

 

මෛත්‍රී­පාල සිරි­සේන ජනා­ධි­ප­ති­ව­රයා එළ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තරග නොකි­රීම මෙන්ම එහිදී නිර්පා­ක්ෂි­කව සිටී­මට තීර­ණය කර තිබීම මේ දින­වල සමාජ දේශ­පා­ලන අංශ­වල අව­ධා­න­යට යොමුව තිබේ. විශේ­ෂ­යෙන් මේ ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා නිර්පා­ක්ෂික ව සිටීම බොහෝ දෙනෙ­කුගේ සංවා­ද­යට ලක්ව ඇත. සම­හරු එය පස­සති; සම­හරු එය ගර­හති. එහෙත් ඒ පිළි­බඳ ව දේශ­පා­ල­නික ව විම­ර්ශ­නය කරනු ලබන කිසි­ව­කුට එය නොමැ­න­වයි කිව නොහැ­කිය. සැබැ­වින්ම එය මතු අනා­ග­ත­යේ­දීත් පිළි­පැ­දිය යුතු පර­මා­දර්ශී ක්‍රියා­වක් වන්නේ නම් කොත­රම් විශිෂ්ට දැයි අපට සිතේ. ජනා­ධි­ප­ති­ව­රණ පම­ණක් නොව මෙරටේ සියලු ම මැති­ව­රණ ක්‍රියා­දාම තුළ අප බොහෝ දෙනෙ­කුට ඇත්තේ විවේ­ච­න­යකි. ආස­න්න­තම දශක දෙක තුන ඒ පිළි­බඳ ව රටට ලබා දී තිබෙන අත්දැ­කීම් අපගේ දේශ­පා­ලන සංස්කෘ­ති­යෙහි පම­ණක් නොව සියලු ප්‍රජා­ත­න්ත්‍ර­වාදී වටි­නා­කම් හා මානව ගුණ­ධර්ම පවා ප්‍රචණ්ඩ ලෙස බිඳ වැටී­මක් පිළි­බිඹු කර­න්නක් බව නිසැ­ක­වම සඳ­හන් කළ හැකිය. මෙරටේ තිබෙන දේශ­පා­ල­නය දූෂිත එකක් වන්නා සේම මැති­ව­රණ ක්‍රමය ද දූෂිත බව රහ­සක් නොවේ. සාමා­න්‍ය­යෙන් දින­පතා වාර්තා වන මැති­ව­රණ නීති­යට පට­හැනි ක්‍රියා­කා­ර­කම් ඕනෑම මැති­ව­රණ සම­යක සුලබ ය.

 

මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ නිර්පා­ක්ෂි­ක­භා­වය මේ ක්‍රියා­දාම වළක්වා ගැනී­මට මෙන්ම පිරි­සිදු හා බියෙන් තොර මහ­ජන මත­යක් ප්‍රකාශ වීමට ප්‍රබල පසු­බි­මක් සකස් කරන බව අපගේ අද­හස ය. මේ ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා කඳ­වුරු බෙදී සිටින ආකා­රය මෙන්ම ඒවායේ දේශ­පා­ලන හැසි­රීම් ද අප තුළ දන­වන හැඟීම් එත­රම් පහන් සංවේ­ග­යෙන් යුතු ඒවා ද නොවේ. කොහො­ම­ටත් මේ රටේ බලය සඳහා කෙරෙන අර­ගල බොහෝ විට නීතිය, යුක්තිය නොත­කන බව ද කවු­රුත් දනිති. විශේ­ෂ­යෙන් බලය හිමි ආණ්ඩු­වක් මැති­ව­රණ ක්‍රියා­දා­ම­යක දී හැසි­රෙන ආකා­රය සාමාන්‍ය තත්ත්වය ඉක්ම­ව­න්නක් බව කිව හැකිය.

ලබන මස 16 වැනිදා එළැ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා තරග නොකි­රීම ද සුවි­ශේෂ සිද්ධි­යකි. මෙතෙක් මෙරටේ පැවති හැම ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් සඳහා ම හිටපු ජනා­ධි­පති, අග­මැති හෝ විපක්ෂ නායක වැනි ධුර දැරූ අය ඉදි­රි­පත් වූහ. හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යකු වූ ඩී.බී.විජේ­තුංග මහතා ද එලෙස ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තරග නොකළ අයෙකි. මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා ද ඒ වාර්තා­වට ඇතු­ළත් වනු ඇත. සැබැ­වින් ම මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා ඒ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් නොවූයේ ඇයි? මෛත්‍රී යනු මෙරටේ ප්‍රබල දේශ­පා­ලන පක්ෂ­යක් වන ශ්‍රීල­නි­පයේ සභා­ප­ති­ව­රයා ද වේ. එක්සත් ජනතා නිද­හස් සන්ධා­නයේ නාය­කයා ද වේ. එහෙත් ඔහු නිර්පා­ක්ෂි­කය; එසේ වුවද ඔහු අයත් ශ්‍රීල­නි­පය ඒ ජනා­ධි­ප­ති­ව­ර­ණයේ එක් අපේ­ක්ෂ­ක­ය­කුට සහාය පළ කරයි. ඒ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ අපේ­ක්ෂක ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට ය. ශ්‍රීල­නි­පය ගෝඨා­භ­යට සහාය පළ කර­මින් ඒ මැති­ව­රණ මෙහෙ­යු­ම්ව­ලට මැදි­හත්ව සිටිය දී එහි සභා­ප­ති­ව­රයා ඉන් ඉවත් වන්නේ කෙසේද? ඔහුට ඒ දේශ­පා­ලන බැඳීම් නැද්ද? වැනි ප්‍රශ්න කෙනෙ­කුට නැඟිය හැකිය; සැබෑ­වකි. එහෙත් පිළි­තුර ‘ඔව්’ එසේ කළ හැකිය යනුයි. එසේ කිරීම සඳහා මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා සිය පක්ෂ සභා­ප­ති­ත්ව­යෙන් ඉවත්ව සිටියි. නිර්පා­ක්ෂික වීම යනු කිසිදු පක්ෂ­ය­කට සහාය නොදක්වා මධ්‍යස්ථ ව සිටී­මකි.

මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා නිර්පා­ක්ෂික ව සිටීම නිසා ඒ මැති­ව­රණ ක්‍රියා­දා­මය ඉතා ස්වාධී­නව පවත්වා ගෙන යෑමට හැකි­වනු ඇත. ත්‍රිවිධ හමු­දාව හා පොලී­සිය පව­තින්නේ ජනා­ධි­ප­ති­ව­රයා යටතේ ය. එනිසා නීතිය හා සාමය රැකීමේ ක්‍රියා­දා­මයේ දී ඉතා විනී­තව ද සංය­ම­යෙන් ද ක්‍රියා කළ හැකි වේ. මැති­ව­රණ මෙහෙ­යු­ම්ව­ලට පොලි­සිය, හමු­දාව හෝ ජනා­ධි­ප­ති­ව­රයා යටතේ තිබෙන කිසිදු ආය­ත­න­යක් සහ­භාගි කිරීම මෙහිදී ඉබේම නව­තිනු ඇත.

ජනා­ධි­ප­ති­ව­ර­යාට ඒ මැති­ව­ර­ණයේ කිසිදු අපේ­ක්ෂ­ක­යකු සමඟ බැඳීම් නැත. ප්‍රධාන කඳ­වු­රු­වල කෙරෙන මැති­ව­රණ මෙහෙ­යුම් දෙස නිරී­ක්ෂ­ක­යකු ලෙස බැලී­ම­ටත්, සියලු අපේ­ක්ෂ­ක­යන්ට යුක්තිය හා සාධා­ර­ණ­ත්වය තහ­වුරු කිරී­ම­ටත් මේ නිර්පා­ක්ෂික භාවය හේතු වේ. විධා­ය­කයේ කවර හෝ බල­පෑ­ම­කින් තොරව මේ ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වීම සඳහා එයින් ලැබෙන අව­කා­ශය ද විශාල ය. එනිසා මැති­ව­ර­ණය ස්වාධී­නව හා අප­ක්ෂ­පා­තීව මෙහෙ­ය­වී­මට අවශ්‍ය මාන­සික ශක්ති­යක් අදාළ මැති­ව­රණ නිල­ධා­රීන්ට ද ලැබෙනු ඇත. අප එසේ යෝජනා කරන්නේ මෙරටේ මැති­ව­රණ ඉති­හා­සය දෙස බල­මින් ය. මෙරටේ පැවැ­ත්වුණු ප්‍රාදේ­ශීය මැති­ව­ර­ණයේ සිට ඉහළ ම මැති­ව­ර­ණය වන ජනා­ධි­ප­ති­ව­ර­ණය දක්වා වූ ඉති­හා­සය තුළ භීෂ­ණ­යෙන් හා ත්‍රාස­යෙන් පිරුණු සංග්‍රා­ම­ව­ලට සම කළ හැකි මැති­ව­රණ ද තිබී ඇත. ඒ හැම මැති­ව­ර­ණ­යක් ම ප්‍රච­ණ්ඩ­ත්ව­යෙන් පිරී යෑමට එක් ප්‍රබල හේතු­වක් වූයේ ආණ්ඩුව හා එහි නිල­බල මැති­ව­රණ දූෂණ ක්‍රියා­ව­ලට යොමු වීම නිසා ය. එහෙත් රාජ්‍ය නාය­කයා ලෙස මෛත්‍රී ඒ ක්‍රියා­ව­ලි­යෙන් ඈත්ව, දුරස්ව සිටීම නිසා රාජ්‍ය බලයේ සෙව­ණැලි මැති­ව­රණ භූමි­යට නොවැටේ. අප එය දකින්නේ විශිෂ්ට ලක්ෂ­ණ­යක් ලෙස ය. රටේ නීතිය හා සාමය පවත්වා ගෙන යෑමට මෙන්ම එයට හරස් වන කව­ර­කුට වුව ද මුහුණ නොබලා නිසි පිය­වර ගත හැක්කේ ඒ ක්‍රියා­දා­ම­යට සම්බ­න්ධ­යක් නැති නිර්පා­ක්ෂික රාජ්‍ය නාය­ක­ය­කුට පමණි. එසේම නීති විරෝ­ධීව සිදු­වන ඕනෑම ක්‍රියා­වක් පිළි­බඳ ව පැමි­ණිලි කිරී­මට තිබෙන අව­කා­ශය ද එම­ඟින් පුළුල් වනු ඇත; ශක්ති­මත් වනු ඇත.

මෙරටේ ආසන්න අතී­තය තුළ මෙන්ම දසක කීප­යක් මුළු­ල්ලේම පැවැ­ත්වුණු හැම මැති­ව­ර­ණ­යක්ම යහ­පත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී මූල­ධර්ම හා යුක්තිය මත පද­නම් ව සිදු නොවූ බව ඉහත ද සඳ­හන් කළෙමු. මැති­ව­රණ නීතිය තඹ­ය­කට මායිම් නොක­රන බොහෝ පක්ෂ­වල අනු­ගා­මි­ක­යන්ට ඒ මාන­සික උත්තේ­ජ­නය ලැබෙන්නේ ආණ්ඩුවේ නිල බල­වල ශක්ති­යෙනි. පොලි­සිය වුව ද ඇම­ති­ව­ර­ය­කුගේ අග­මැ­ති­ව­ර­ය­කුගේ හෝ ජනා­ධි­ප­ති­ව­ර­ය­කුගේ බල­පෑම් නැවැ­ත්වීම සඳහා මැදි­හත් නොවේ. රාජ්‍ය බලය අනී­තික ලෙස තම පක්ෂ­යට යොදා­ගන්නා දුෂ්ට මැති­ව­රණ සම්ප්‍ර­දා­යක අමි­හිරි අත්දැ­කීම් අපට එය තහ­වුරු කර තිබේ. රාජ්‍ය බලය උප­යෝගී කර ගැනීම යනු නිසැ­ක­යෙන්ම මහ­ජන මතය විකෘති කිරී­මකි. මැති­ව­ර­ණ­ය­කින් අපේක්ෂා කරන්නේ නිද­හස් ව, ස්වාධීන ව තම මතය, කැමැත්ත ප්‍රකාශ කිරී­මකි. එය සිය­යට සිය­යක් අපේක්ෂා කළ නොහැකි වුවත් සම­ස්ත­යක් ලෙස එ් ක්‍රියා­දා­මය යහ­පත් යැයි කිව හැකි තත්ත්ව­යක් තිබිය යුතුය. නිද­හස් මැති­ව­ර­ණ­යක්, අප­ක්ෂ­පාතී ඡන්ද­යක් යන්න ප්‍රායෝ­ගික යථා­ර්ථ­යක් කළ හැකි එක් මඟක් ලෙස රාජ්‍ය බලයේ යතුර හිමි අය ඒ මෙහෙ­යු­ම්ව­ලට අත නොපෙ­වීම ය. මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ නිර්පා­ක්ෂි­ක­ත්වය රටට ඒ සහ­ති­කය ලබා දෙන විරල අව­ස්ථා­වක් ලෙස අගය කළ යුත්තේ එහෙ­යිනි. 1982 දී පැවැ­ත්වුණු ජන­මත විචා­ර­ණය මෙන්ම 1988 පැවැ­ත්වුණු ජනා­ධි­ප­ති­ව­ර­ණය පිළි­බඳ විමසා බලද්දී මෙරටේ දූෂි­තම මැති­ව­රණ මෙහෙ­යුම් පිළි­බඳ බිහි­සුණු සිදු­වීම් ද දැක බලා­ගත හැකිය. ඒ සිය­ලුම දූෂිත හා මැර ක්‍රියා­කා­ර­කම් සඳහා එවක පැවති ආණ්ඩු­වේත් රාජ්‍ය නාය­ක­ත්ව­යේත් නිල නොවන අනු­මැ­තිය ලැබුණු ආකා­රය ද හෙළි වී තිබේ.

1978 සිට 1988 දක්වා මෙරටේ ජනා­ධි­ප­ති­ධු­රය හෙබවූ ජය­ව­ර්ධන මහ­තාගේ නිල කාලය තුළ පැවැ­ත්වුණු මැති­ව­රණ බොහෝ විට දූෂිත ඒවා බව කියති. මැති ඇම­ති­ව­රුන් පම­ණක් නොව රාජ්‍ය සම්පත් හා බලය ද ඒ මැති­ව­රණ සඳහා භාවිත වූ ආකා­රය අපුල දන­වයි. රාජ්‍ය බල­යට මුසු වූ මැර බලය රටම භීෂ­ණ­යට පත්කළ ආකා­රය ඒ කාල­වල මැති­ව­රණ දෙපා­ර්ත­මේ­න්තුවේ වාර්තා­වල ද සඳ­හන් වේ. එකල සිටි මැති­ව­රණ කොම­සා­රි­ස්ව­ර­යකු වූ චන්ද්‍රා­නන්ද සිල්වා මහතා ඒ මැති­ව­රණ පිළි­බඳ කළ අනා­ව­ර­ණ­යන් කියවා බලද්දී පවා අප තුළ නැඟුණු භීතිය සුළු­පටු නොවේ.

1982 පැවැති ජන­මත විචා­ර­ණය ද මෙරටේ ස්වාධීන මැති­ව­ර­ණය කෙලෙසූ දුෂි­තම එකක් බවට පිළි­ගැ­නී­මක් ඇත. එදා රාජ්‍ය නාය­ක­යාව සිටි ජය­ව­ර්ධන මහතා සිය දේශ­පා­ලන අභි­ලා­ෂ­යන් ජය­ගැ­නීම සඳහා කළ ව්‍යාජ ජන­මත විචා­ර­ණ­යක් ලෙස ඒ ක්‍රියා­දා­මය හැඳින්වේ. ඒ පිළි­බඳ දැක්වෙන තොර­තුරු ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට කළ අම­නෝඥ ක්‍රියා­කා­ර­කම් අපට හෙළි කරයි. ජය­ව­ර්ධන ජනා­ධි­ප­ති­ව­රයා විසින් සිය ප්‍රති­වා­දීන්ට ‘නැක්ස­ල­යිට් චෝදනා’ නග­මින් ඔවුන් සිර­ගත කළ ආකා­රය ද ඒ මැති­ව­රණ ඉති­හා­සය තුළ සඳ­හන් වේ. ඡන්ද පොළ­ව­ල්ව­ලට කඩා­පැ­නීම, මැති­ව­ර­ණය භාර නිල­ධා­රීන් බිය­වද්දා ඡන්දය ලකුණු කර ඡන්ද පෙට්ටි පිර­වීම කිසිදු හිරි­කි­ත­ය­කින් තොරව එදා සිදුවී ඇත. ඒ කිසිදු නීති­වි­රෝධී ක්‍රියා­ව­කට අභි­යෝග කළ හැකි දේශ­පා­ලන වාතා­ව­ර­ණ­යක් හෝ එදා නොවීය. ඒ රාජ්‍ය නාය­කයා ලෙස ජය­ව­ර්ධන ජනා­ධි­ප­ති­ව­රයා ඒ සියල්ල තුෂ්ණී­ම්භූ­තව ඉවසා සිටීම නිසා ය. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ගැන රටට දෙසා­බා­මින් එයට එරෙ­හිව ක්‍රියා­කි­රීම මෙරටේ බොහෝ නාය­ක­යන්ගේ විලා­ශය බව ද කව්රුත් දනිති. ඒ යුගයේ උතුරේ පැවති සංව­ර්ධන සභා මැති­ව­ර­ණ­යක ඡන්ද පෙට්ටි උස්සා ගෙන යන ලද්දේ ආණ්ඩුවේ ඇම­ති­ව­ර­ය­කුගේ මෙහෙ­ය­වී­ම­කින් බව ද කියති.

මේ අනුව රටේ ප්‍රධාන මැති­ව­ර­ණ­ය­කින් රාජ්‍ය නාය­කයා ඉව­ත්වී­මත්, නිර්පා­ක්ෂි­කව සිටී­මත් කෙබඳු විශිෂ්ට ක්‍රියා­දා­ම­ය­ක්දැයි අමු­තු­වෙන් කිව­යුතු නොවේ. රටේ නාය­ක­යාට නීතිය හා යුක්තිය වෙනු­වෙන් පෙනී සිටී­මට ඒ නිර්පා­ක්ෂි­ක­ත්වය විසින් සල­සනු ලබන අව­කා­ශය ද පුළුල් ය. ඔහුට ඔහුගේ යැයි පක්ෂ­යක් හෝ අපේ­ක්ෂ­ක­යෙක් නැත. පුහු­දුන් පුද්ග­ල­යකු ලෙස තමන් තුළ පව­තින දේශ­පා­ලන බැඳීම් සියල්ල ඒ නිර්පා­ක්ෂික ප්‍රති­ප­දාව තුළ අහෝසි නොවු­වත් වඩාත් සාධා­රණ හා යුක්ති­ස­හ­ගත මැති­ව­ර­ණ­යක් පිළි­බඳ එයින් සහ­ති­ක­යක් ලැබෙනු ඇත.

අද ජන­තාව අබි­යස ක්‍රියා­ත්මක වන මැති­ව­රණ ව්‍යාපා­රය පිළි­බඳ අමුතු විග්‍රහ අවශ්‍ය නැත. ශ්‍රී ලංකා මානව හිමි­කම් සභාව දැන­ට­මත් ඉල්ලා ඇත්තේ නිද­හස් මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වීම සහ­තික කළ යුතු බව ය. දේශ­පා­ලන රැස්වී­ම්වල කෙරෙන ලේ රත්වන ප්‍රකාශ, පුද්ගල චරිත ඝාතන, මෙන්ම මැති­ව­රණ නීතිය කඩ­කි­රීම්ද වැළැ­ක්වී­මට මැති­ව­රණ කොමි­ස­මට බල­යක් නැත. එහෙත් එබඳු ඕනෑම ක්‍රියා­දා­ම­යක් මැඩ­ලීම හෝ අවශ්‍ය නීති­මය මැදි­හත් කිරී­මට ද නිර්පා­ක්ෂික රාජ්‍ය නාය­ක­යාට හැකි­වනු ඇත. මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා අපේ­ක්ෂ­ක­යන් 35 දෙනෙක් ඉදි­රි­පත්ව සිටි­යත් එහි ප්‍රධාන කඳ­වුරු ඇත්තේ දෙකකි. ඒ සජිත්ගේ කඳ­වුර හා ගෝඨා­භ­යගේ කඳ­වුර ය. ඒ අපේ­ක්ෂ­ක­යන් දෙදෙනා හැරුණු විට වැඩි ජනතා අව­ධා­න­යක් යොමු­වන අපේ­ක්ෂ­කයා අනුර කුමාර දිසා­නා­යක ය. ඔවුන්ගේ වාග් හරඹ, සට­න්පාඨ, ජන­තා­වට නොමඳ ව ඇසෙයි. සජිත්ගේ වේදි­කාව මෙන්ම ගෝඨා­භ­යගේ වේදි­කාව සන්සුන් දේශ­පා­ලන ප්‍රති­චා­ර­ව­ලින් මෙන්ම ගිනි­යම් වූ ගිනි පුළි­ඟු­ව­ලින් ද යුතු බවක් පෙනේ. කඳ­වුරු දෙකක බල අර­ග­ලය සීමා කිරීම සඳහා නිර්පා­ක්ෂික ජනා­ධි­ප­ති­ව­ර­යාට ලැබෙන අව­කා­ශය බොහෝය.

ගෝඨා­භය රාජ­පක්ෂ කඳ­වු­රට එල්ල වන ප්‍රහා­ර­වල දැඩි බව ඇතැම් විට දේශ­පා­ලන සංව­රය ද බිඳ­ලන සුළු ය. ආණ්ඩුවේ ඇතැම් ඇම­ති­ව­රුන්ගේ වාග්මා­ලාව එයට හේතු වේ. එසේම සජිත්ගේ කඳ­වු­රට ද එබ­ඳුම ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වෙයි. එහෙත් මේ කඳ­වුරු දෙක­ටම අයත් නොවන නිර්පා­ක්ෂික ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සෙවණ ඒ කිසි­වෙ­කුට නොලැබේ. ශ්‍රීල­නි­පය හා පොහොට්ටු පක්ෂය අතර තිබෙන සහාය හා බැඳීම් කෙබඳු වුවත් ඔවුන්ට ද සීමා ඉක්මවා ක්‍රියා­ත්මක වීම සඳහා පක්ෂ නාය­කයා වන මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් කවර හෝ අනු­බ­ල­යක් නොලැ­බීම ද නිසැ­කය. සැබැ­වින් ම මෙවර ජනා­ධි­ප­ති­ව­රයා සිටින්නේ ඒ සිය­ල්ලට ම උඩින් සියල්ල නිරී­ක්ෂ­ණය කර­මින් ය. ඔහු කිසිදු දේශ­පා­ලන රැස්වී­ම­කට සහ­භාගි නොවේ. කිසි­ව­කුගේ දේශ­පා­ලන වේදි­කා­ව­කට ද ගොඩ නොවේ. ඔහුගේ විධා­ය­කයේ බල­ම­හි­මය ඔහුගේ පක්ෂ­යට වුවද කිසිදු උත්තේ­ජ­න­යක් නොදෙයි. අප දකින ආකා­ර­යට මෙය මෙරටේ දේශ­පා­ලන ඉති­හා­සයේ ස්වර්ණ­මය ප්‍රති­චා­ර­යකි. පර­මා­දර්ශී පිළි­වෙ­තකි.

මෙරටේ දේශ­පා­ල­නයේ මුනි­වරු තබා මහ­ත්වරු ද අති­ශ­යින් විරල වෙති. මහ­ත්ව­රුන් ලෙස පෙනී සිටින අය ගෙන් බහු­ත­රය ද ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ඇඳුම් ආයි­ත්තම් පැළඳ ගත්තෝ මිස ඒ පිළි­බඳ පර­මා­දර්ශ නොවෙති. එහෙත් එබඳු දේශ­පා­ලන සමාජ අව­කා­ශ­යක මෛත්‍රී වැනි රාජ්‍ය නාය­ක­ය­කුගේ දේශ­පා­ලන භාවි­තාව කෙත­රම් සුප­ටි­ප­න්නද? සෘජු­ප­ටි­ප­න්නද? මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා අභී­තව දේශ­පා­ලන සංස්කෘ­ති­යක් වෙනු­වෙන් කොන්දේසි විර­හි­තව පෙනී සිටි­න්නෙකි. ඔහුට අවශ්‍ය මේ ජර­පත් දේශ­පා­ලන ක්‍රීඩාව අව­සන් කර පති­රූප දේශ­යක් ගොඩ­නැ­ගී­මට ය. මනු­ෂ්‍ය­ත්වය, යුක්තිය මත පද­නම් වූ දේශ­පා­ලන සමා­ජ­යක් ඇර­ඹී­මට ය. සැබැ­වින් ම ඔහු අපේක්ෂා කළ පරිදි 19 හා 20 වන සංශෝ­ධන දෙකම සිදු වූයේ නම් අද තත්ත්වය කුමක්ද? ජන­වාරි 08 වැනිදා මෙරටේ සිදු වූ දේශ­පා­ලන පරි­ව­ර්ත­න­යට නාය­ක­ත්වය දුන් මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාට අවශ්‍ය වූයේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී දේශ­පා­ලන ප්‍රති­සං­ස්ක­ර­ණ­යකි. එහි මුලට ම තිබුණේ විධා­යක ජනා­ධි­පති ක්‍රමය අහෝසි කිරීම ය. ස්වාධීන කොමි­ෂන් සභා ඇති­කර රට තුළ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අව­කා­ශය පුළුල් කිරීමේ අව­ශ්‍ය­තාව ද මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාට තිබුණි. එදා 19 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­න­යට පාර්ලි­මේ­න්තුවේ සිටි 225 දෙනා­ගෙන් 215කගේ ඡන්දය ලබා­ගැ­නී­මට මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාට හැකි­විය. ඇත්ත­ව­ශ­යෙන් ම 1956 දී බණ්ඩා­ර­නා­යක අග­මැ­ති­ව­රයා විසින් ඇති කරන ලද ප්‍රජා­ත­න්ත්‍ර­වාදී සමා­ජය හැකිලී ගොස් තිබුණු පරි­ස­ර­යක යළිත් සාධ­නීය දේශ­පා­ලන වෙන­සක් කළ හැකි වූයේ ද මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ජනා­ධි­පති සම්ප්‍රා­ප්තිය නිසා ය. ඔහුගේ යුගය ලේ වැගි­රීම් නැති, මාධ්‍ය බල­හ­ත්කා­ර­කම් නැති සාම­කාමී හා නිද­හස් යුග­යක් බව අපට නොපැ­කි­ළව සඳ­හන් කළ හැකිය. එහෙත් ජන­වාරි 08 වැඩ පිළි­වෙළ සම්පූර්ණ කිරී­මට මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාට නොහැකි වූයේ එහි ඇතු­ළ­තින් ම නැඟුණු විවිධ බල­වේග, බල­අ­ර­ගල නිසා ය.

කෙසේ වුවද මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා ශ්‍රීල­නි­පයේ නාය­ක­ත්වය බාර ගැනී­මෙන් පසු 2015 දී පැවති මහ­මැ­ති­ව­ර­ණයේ ද සිටියේ මධ්‍ය­ස්ථව ය. එදා එජා­පය එක් පැත්ත­කින්ද ශ්‍රීල­නි­පය ප්‍රමුඛ සන්ධා­නය තවත් පැත්ත­කින්ද පාර්ලි­මේ­න්තුවේ බලය ලබා ගැනී­මට ඉදි­රි­පත් විය. ඔහු එදා රටට කීවේ පාර්ලි­මේ­න්තුවේ බලය ලබා ගන්නා 225න් බහු­ත­ර­යක් සමඟ රට ඉදි­රි­යට ගෙන යන වැඩ පිළි­වෙ­ළක් සකස් කරන බව ය. ඉති­හා­සයේ පළමු වරට එදා පිහි­ටවූ එජාප - ශ්‍රීල­නිප ප්‍රධාන පක්ෂ­වල සම්මුති ආණ්ඩු­වට ඒ අලුත් දේශ­පා­ලන මාවත විවර කර ගැනී­මට නොහැකි විය. වරද කොතැන වුවත් එයට දීර්ඝ දේශ­පා­ලන ගම­නක් නම් නොවීය. එදා යහ­පා­ලන දොර­ටු­ව­ලින් ඇතුළු වූයේ ද පැරණි දේශ­පා­ලන මජ­ර­කම් සහිත රෝගී දේශ­පා­ලන චරිත වීම එයට බලපෑ එක් හේතු­වක් විය. කුමක් වුවත් මෛත්‍රී යළි ශ්‍රීල­නි­පය ගොඩ­න­ඟ­මින් සිය දේශ­පා­ලන ව්‍යාපා­ර­යට යළිත් අව­තීර්ණ විය. එහිදී ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ බිහිවී වෙනම ගම­න­කට යොමු වීම ශ්‍රීල­නි­ප­යට එල්ල වූ තවත් අභි­යෝ­ග­යක් විය. ඒ බෙදීම වළ­ක්වා­ලී­මට මෛත්‍රීට නොහැකි විය. එහෙත් ඒ බෙදීම සම­නය කර­මින් ජාතික දේශ­පා­ලන ගමන තුළ පක්ෂ දෙක තුළ සන්ධා­න­යක් ගොඩ­නැ­ගිය යුතුය යන බහු­ජන මත­යට මෛත්‍රී එකඟ විය. අපට වැට­හෙන පරිදි ඔහුට මේ ආණ්ඩුව සමඟ දේශ­පා­ලන ගම­නක් ද නැත. එහෙත් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ තුළ මෙරටේ පැර­ණිම දේශ­පා­ලන පක්ෂය වන ශ්‍රීල­නි­පය දියවී යනු දැකී­මද ඔහු අපේක්ෂා නොක­රයි. ස්වදේ­ශි­ක­ත්වය මත පද­නම් ව යන ජාතික සංස්කෘ­තික දේශ­පා­ලන පෙර­මු­ණක් ගොඩ­න­ගා­ගත යුත්තේ මේ පක්ෂ­ව­ලින් යුතු සන්ධා­න­ය­කින් බව අපට ද යෝජනා කළ හැකිය.

සැබැ­වින්ම මෙරටේ කිසිදු රාජ්‍ය නාය­ක­ය­කුට මුහුණ දීමට සිදු නොවූ දේශ­පා­ලන සම්බා­ධක ඔහුට එල්ල වුවද, ඒ කිසි විටෙක පසු­බට නොවී­මද මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් අපි දුටු සුවි­ශේ­ෂ­ත්ව­යකි. මෛත්‍රී ශ්‍රීල­නි­පය, පොහො­ට්ටු­වට පාවා දුන් බවට අද සම­හ­රු­න්ගෙන් චෝද­නා­වක් ඇත. එසේම මේ පක්ෂ දෙකේ සම­ගි­යට හරස් වූයේ නම් ශ්‍රීල­නි­පය කඩා දැම්මේ යැයි තවත් පිරි­ස­කට කීමට ද ඉඩ තිබුණි. එහෙත් මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා නොයෙක් අව­ස්ථා­ව­ලදී අව­ධා­ර­ණය කරන ලද පරිදි අද ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ මල් පිපී තිබේ. ඒ මල්වල සුවඳ මුළු රටට ම ලැබෙයි. මේ අති­ශය තීර­ණා­ත්මක ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී නිර්පා­ක්ෂි­කව සිටීම නිසා ඒ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අලුත් ගම­නට හෙට නොපැ­කි­ළව ඉදි­රි­පත් වීමට ද මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාට හැකිවී තිබේ.

Comments