ආර්ථික ප්‍රතිපත්ති සැකසීමේදී පෞද්ගලික අංශයේ දායකත්වය විධිමත්ව ලබාගන්නවා | සිළුමිණ

ආර්ථික ප්‍රතිපත්ති සැකසීමේදී පෞද්ගලික අංශයේ දායකත්වය විධිමත්ව ලබාගන්නවා

2019 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත්ව සිටින අපේ­ක්ෂ­ක­යන්ගේ ප්‍රති­පත්ති සහ අද­හස් ප්‍රකාශ කෙරෙන ‘මීට් කැන්ඩි­ඩේට්’ නම් විවෘත සංවාද මාලා­වක් අමෙ­රි­කානු වාණිජ මණ්ඩ­ලය විසින් සංවි­ධා­නය කරනු ලබන අතර, පසු­ගි­යදා පැවති එහි ප්‍රථම වැඩ­ස­ට­හ­නට සහ­භාගි වූයේ නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදි ජාතික පෙර­මුණේ ජනා­ධි­පති ධුර අපේ­ක්ෂක සජිත් ප්‍රේම­දාස මහ­තාය. ඒ සම්බ­න්ධව නිෂෙල් ප්‍රනාන්දු විසින් ඉංග්‍රීසි බසින් සම්පා­දිත ලිපි­යක් පද­නම් කර­ගෙන මේ ලිපිය සකස් කෙරිණි.

වර්ත­මා­නය වන විට අපට විවි­ධා­කාර අවි­ධි­මත් උප­දෙස් ලැබෙ­නවා. මේවා බහු­ත­ර­යක් ලැබෙන්නේ අදාළ අමා­ත්‍ය­ව­රුන්ගේ කැමැත්ත අනු­කූ­ල­වයි. මේ සියල්ල සැල­කි­ල්ලට ගනි­මින් මා තව පිය­ව­රක් ඉදි­රි­යට ගොස් උප­දේ­ශන ක්‍රියා පිළි­වෙළ විධි­මත් කර, ආර්ථික තීන්දු ගැනීමේ ක්‍රියා­ව­ලි­යේදී ඒවා සැල­කි­ල්ලට ගන්නවා.

විද්‍යා­ත්මක සහ තාර්කා­නු­කූල ආර්ථික ප්‍රති­පත්ති සකස් කිරී­මේදී පෞද්ග­ලික අංශයේ උප­දේ­ශ­ක­ත්වය කිසි­සේත්ම බැහැර කරන්න බැහැ. ඒ නිසා මාගේ පාල­නය යටතේ රටේ සංව­ර්ධ­නය ස්ථාවර සහ ශක්ති­මත් කිරීම සඳහා මා පෞද්ග­ලික අංශයේ දාය­ක­ත්ව­යත් ලබා­ගැ­නී­මට විධි­මත් පිය­වර ගන්නවා.

මේ ක්‍රම පද්ධ­තිය සම්පූ­ර්ණ­යෙන්ම නිර්දේ­ශ­පා­ල­නී­ක­ර­ණය කළ යුතුයි. යුක්තිය පසි­ඳ­ලීම සම්පූ­ර්ණ­යෙන්ම අධි­ක­ර­ණය මඟින් සිදු විය යුතු අතර, එය කිසි­සේත්ම දේශ­පා­ල­න­ඥ­යන් හරහා සිදු නොවිය යුතුයි. අපගේ විධි­මත් ආණ්ඩුව යටතේ අලුත් පිරි­සක් වෙත වග­කීම පැව­රෙන අතර, දූෂ­ණය තුරන් කිරී­මට අවශ්‍ය ක්‍රියා­මාර්ග ගන්නවා.

වර්ත­මා­නයේ පව­තින එක තැන පල් වන ක්‍රම­වේ­දය ඉවත් කර, වැඩ කිරී­මට හැකි කණ්ඩා­ය­මක් සම්බන්ධ කර­ගෙන මා විසින් බිහි කරන රජයේ වැඩ කට­යුතු සිදු කර­නවා. මගේ කණ්ඩා­යම වැඩ පටන් ගත් විට සම්පූර්ණ වෙන­සක් ඇති වන බව මා ඔබට පව­සන්න කැමැ­තියි.

තන­තු­රු­ව­ලට පත් කිරී­මේදී පැරණි හිත-මිතුරු ක්‍රම­වේ­දය, පෞද්ග­ලික සම්බ­න්ධතා ක්‍රම­වේ­දය වෙනස් කළ යුතුයි. විවිධ ක්ෂේත්‍ර­වල සිටින වැඩ කළ හැකි, වැඩ පෙන්වා ඇති, හැකියා ඇති, කාල රාමු­වක් ඇතු­ළත කාර්ය ඉටු කළ හැකි අය හඳු­නා­ගෙන, ඔවුන්ට උප­රිම ප්‍රමු­ඛ­තාව දී ඔවුන්ට අදාළ වග­කීම් පැව­රී­මට මා කට­යුතු කර­නවා.මා තීන්දු-තීරණ ගන්නේ සාක­ච්ඡා­වෙන් අන­තු­රු­වයි. ඒහිදී විය­ද­මට සාපේ­ක්ෂව ප්‍රති­ලාභ ලැබේ දැයි විමසා බල­නවා. ව්‍යාපෘ­ති­යක විය­ද­මට වඩා එහි ප්‍රති­ලාභ වැඩි නම් අප ඒ වැඩ­ස­ට­හන නොපැ­කිළ ක්‍රියා­ත්මක කර­නවා. අප ක්‍රියා­ත්මක කරන්නේ විනි­විද භාව­යෙන් යුක්ත, සැඟ­වුණු න්‍යාය පත්‍ර­ව­ලින් තොර විවෘත ක්‍රියා­මා­ර්ගයි. ඉල්ලුම සහ සැප­යුම මත පද­නම් වූ නිද­හස් ආර්ථි­ක­යක් ඇති, මිශ්‍ර ආර්ථික ක්‍රමය මා අනු­ග­ම­නය කර­නවා.

පෞද්ග­ලික ව්‍යව­සා­ය­ක­යන්ට බාධා­ව­ලින් තොරව ක්‍රියා­ත්මක විය හැකි පරි­ස­ර­යක් මා උදා කර­නවා. උත්පා­ද­නය කරන ධනය සමා­ජයේ සැම­දෙනා වෙත පොදුවේ බෙදා­හැ­රෙන ක්‍රම­වේ­ද­යක් ඇති විය යුතු බව මා දැඩිව විශ්වාස කරන කාර­ණ­යක්. ටෙන්ඩර් ක්‍රියා­ව­ලිය ගැන කට­යුතු කිරී­මට බල­තල සහිත බහු-පක්ෂ කමි­ටු­වක් මා ස්ථාපිත කර­නවා. මේ මඟින් යහ­පා­ල­නයේ උස­ස්තම, යහ­පත් ලක්ෂණ ඇති කිරී­මට පිය­වර ගන්නවා.

ණය සම්බ­න්ධව කට­යුතු කිරී­මේදී ජාතික ඵල­දා­යි­තාව නංවා ලමින් කෙටි­කා­ලීන සහන උදා කර­ගැ­නී­මට කට­යුතු කරන අතර, ජාතික නිෂ්පා­දන ක්‍රියා­ව­ලිය වේග­වත් කිරී­මට පිය­වර යොද­නවා. මේ ආකා­ර­යෙන් උත්පා­ද­නය කරන ධනය මඟින් ණය ආපසු ගෙවී­මට පුළු­වනි.

දෙව­නුව, අන්ත­ර්ජා­තික ණය දෙන ආය­තන සමඟ ණය ආපසු ගෙවීම් නැවත සකස් කිරී­මට සාකච්ඡා පැවැ­ත්වී­මට මා බලා­පො­රොත්තු වනවා. මේ මඟින් අපේ රටේ ආර්ථික වර්ධන වේගය කෙටි­කා­ලී­නව වර්ධ­නය කර­ගත හැකි වනු ඇති.

තුන්ව­නුව, මහ­ජන මුදල් වැය කරන ඕනෑම අව­ස්ථා­ව­කදී එහි ප්‍රති­ඵ­ල­දා­ය­ක­ත්වය සහ අගය එකතු වීම ගැන තක්සේරු කර බැලී­මට මා කට­යුතු කර­නවා.

ණය ප්‍රශ්නය විස­ඳී­මේදී සම්ප්‍ර­දා­යික කොටු­වෙන් පිට, නව්‍ය විස­ඳුම් සොයා යෑමට මා කට­යුතු කර­නවා. ඒ වගේම මා විශ්වාස කර­නවා වෛරී ප්‍රකා­ශන සහ වාර්ගික සහ ආග­මික අන්ත­වා­දය පද­නම් කර­ගත් ප්‍රච­ණ්ඩ­ත්වය පිටු­දැ­කී­මට නව නීති සකස් විය යුතුයි කියලා. එක්ව සිටීම, සහ­ජී­ව­නය සහ සාම­කාමි අන්තර්-සම්බ­න්ධතා පව­ත්ව­මින් එකම ශ්‍රී ලාංකික ජාති­යක් ලෙස එකට සිටීමේ වැද­ග­ත්කම ගැන රටේ වැසි­යන්ට දැනු­වත් භාව­යක් ලබා දීම වැද­ගත් වනවා. අප ත්‍රස්ත­වා­දය විනාශ කර­නවා; ඒ වගේම සියලු ආකා­රයේ අන්ත­වා­ද­යන්ද පරා­ජය කර­නවා.

2015දී නිවාස අමා­ත්‍යාං­ශයේ වැඩ භාර ගන්නා විට, රටේ නිවාස අව­ශ්‍ය­තාව පිළි­බඳ කිසිදු සමී­ක්ෂ­ණ­යක් සිදු කොට තිබුණේ නෑ. ඒ නිසා අප මුලින්ම සිදු කළේ නිවාස සම්බන්ධ පරි­පූර්ණ සමී­ක්ෂ­ණ­යක් සිදු කිරී­මයි. මේ සඳහා වසර එක­හ­මා­රක කාල­යක් වැය වුණා. නිල­ධා­රී­වා­දය පිටු­දැක වැඩ කර­න්නාට නිසි තැන හිමි වන ක්‍රම­වේ­ද­යක් ඇති කිරී­මට මා ඇප-කැප වනවා. වැඩ කිරී­මේදී මට ‘ප්‍රේම­දාස ජාන’ ඇති බව අම­තක කරන්න එපා!

 

පරි­ව­ර්ත­නය - බුද්ධි කරු­ණා­රත්න

Comments