අයි­යලා-මල්ලි­ලාගේ බෙදා­ගැ­නිල්ල සහ බලය බදා­ගැ­නීම | සිළුමිණ

අයි­යලා-මල්ලි­ලාගේ බෙදා­ගැ­නිල්ල සහ බලය බදා­ගැ­නීම

දේශ­පා­ල­නයේ පවුල් සංග්‍ර­හය අද ලෝක­යම දවන ප්‍රශ්න­යකි. දේශ­පා­ලන පන්ති­යට පම­ණක් ඔරොත්තු දෙන, රටේ බහු­තර ජන­තා­වට ඔරොත්තු නොදෙන මේ ප්‍රව­ණ­තාව කෙරෙහි ලෝක­යේම සාමාන්‍ය ජන­තාව කෙරෙන් නැඟෙ­නුයේ මහා විරෝ­ධ­යකි. විශේ­ෂ­යෙන් ලෝකයේ තරුණ ප්‍රජාව මේ නිහීන දේශ­පාන සම­ප්‍ර­දාය පිලි­කු­ළෙන් හෙළා දකිති.

මේ පිළි­බඳ ලෝකයේ අව­ධා­න­යට ලක් වූ ආස­න්න­තම සිදු­වී­මක් ලෙස සැල­කිය හැක්කේ මීට දින කිහි­ප­ය­කට කලින් ඇමෙ­රි­කාවේ වූ සිදු­වී­මකි. ඒ එරට රිප­බ්ලි­කන් ජාතික කමි­ටුවේ සභා­ප­තිනි රොනා මැක්ඩැ­නි­යෙල් එරට හිටපු උප-ජන­ප­ති­ව­ර­යකු සේම ඊළඟ ජනා­ධි­පති අපෙ­ක්ෂ­කයා වීමට සිටින ජෝ බිඩෙන්ගේ ඥාති සංග්‍ර­හ­යක් ගැන කළ හෙළි­ද­ර­වුව වටා සිදු වූ සිදු­වී­මය. තම පුතු වන බිඩෙන් හට කළ ඥාති සංග්‍රහ ගැන ට්විටර් සමාජ ජාලය හරහා විශාල චෝද­නා­වක් නැඟු­වාය. පවුල් වීදුරු මාලි­ගා­වක සිට මේ ගල ගැසූ රොනාට මේ විදුරු බිඳෙන ප්‍රති­ප්‍ර­හා­ර­යක් ට්විටර් භාවිත කර­න්න­න්ගෙන් එල්ල වීමට විනාඩි කිහි­ප­කට වඩා ගත වූයේ නැත. ඇය ජෝ බිඩෙන්ගේ ඥාති සංග්‍රහ ගැන කතා කළද ඇයද මේ වන විටත් පවු­ල්වා­දයේ ප්‍රති­ලාභ වර­ප්‍ර­සාද භුක්ති විඳි­න්නි­යක බව ඇයට ඔවුන් මතක් කර දී තිබිණි. රොනාද වරක් ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­ත්වය සඳහා යෝජනා වූවකු මෙන්ම වර්ත­මා­න­යේද සෙනෙට් සභි­ක­යකු ලෙස කට­යුතු කරන මිට් මැක්ඩැ­නි­යෙල්ගේ දිය­ණිය බව පතළ වූයේ එවි­ටය. ඇමෙ­රි­කාව වැනි දියුණු ප්‍රජා­ත­න්ත්‍රික ගුණාංග අතරේ පවා පවු­ල්වා­දයේ අවස්ථා සොයන දේශ­පා­ල­ක­යන් දැඩි ලෙස ප්‍රති­ක්ෂේප වන අතරේ, ඉන්දි­යාව ශ්‍රී ලංකාව වැනි රට­වල ජන­තා­වද මේ පවු­ල්වාදි දේශ­පා­ල­නය ප්‍රති­ක්ෂේප කරන ආකා­රය අපට පසු­ගිය 2015 ජන­ප­ති­ව­ර­ණ­යේදී දැක­ගත හැකි විය.

ඉංග්‍රී­සි­යෙන් Nepotism හැඳි­න්වෙන්නේ යම් තැනැ­ත්තකු බලය ඇති අව­ස්ථා­වක එය භාවිත කර­මින් තම ඥාති-හිත­මි­ත්‍රා­දීන්ට වර­දාන-වර­ප්‍ර­සාද සැල­සී­මය. මේ ඥාති සංග්‍ර­හයේ කූට­ප්‍ර­පා­ප්තිය සට­හන් කළ දේශ­පා­ලන පවුල සිටි­නුයේ ශ්‍රී ලංකා­වේය. ජනා­ධි­පති, කථා­නා­යක, ප්‍රධාන පෙළේ අර්ථික මෙහෙ­යුම් කට­යුතු මෙන්ම රටේ ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් ධුරය එකම පවුලේ සහෝ­ද­ර­යන් අතර බෙදෙන ආකා­රයේ ලෝකයේ කිසිදු ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­යක නැති සංසි­ද්ධි­යක් ඇති විණි නම් ඒ ශ්‍රී ලංකා­වේය. මෙය අනා­ග­ත­යේදී ලෝක දේශ­පා­ල­නයේ කුප්‍ර­කට සිද්ධි අධ්‍ය­ය­න­ය­කට පවා මඟ පාදනු ඇත. එයින්ද ඔබ්බට ගොස්, ඒ වටා පැවති බල යන්ත්‍ර­ණ­ය­න්හිද ඒ පවුලේ සාමා­ජි­ක­යන්ගේ පුළුල් නියෝ­ජ­නය රටේ ආර්ථි­ක­යට මහා බරක් වන තැනට කට­යුතු යෙදිණි. මේ පවු­ලට වන්දි­භ­ට්ට­කම් කළ ඇතැම් දේශ­පා­ල­ක­යන්ද තම නාය­ක­යන්ගේ ආද­ර්ශය ගෙන, ඒ ආකා­ර­යට ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ කකුළු ගම­නක යෙදුනු බවට මෙරට රජයේ විග­ණන දෙපා­ර්ත­මේන්තු සාධක පවා සාක්ෂි දරයි.

රටට බරක් වූ, රටේ මහ­ජ­න­තා­වගේ නිද­හ­සට ප්‍රජා­ත­න්ත්‍රීය අයි­තීන්ට බාධ­ක­යක් වූ මේ අඳුරු ප්‍රව­ණ­තාව 2015දී නිමා කරන්න සමත් වූයේද මේ රටේ සියලු බල­වේ­ග­යන්හි ඒකා­ග්‍ර­තා­වයි. වර්ත­මා­නයේ බලයේ සිටින දේශ­පා­ල­ක­යන්ට පවා මේ මැති­ව­රණ සමයේ අන­වශ්‍ය සෙල්ලම් දැමිය නොහැකි තර­මට මැති­ව­රණ කොමි­සම සක්‍රිය වූයේත්, විප­ක්ෂ­යට පවා බියක් සැකක් නැතිව අධි­ක­ර­ණ­යට යන්නට, එසේ නැත හොත් මහ­ජන දේපළ අව­භා­විත කිරීමේ නඩු­ව­කදී පවා අධි­ක­ර­ණ­යට වහං වී සිටි­න්නට හැකි ආකා­ර­යට අධි­ක­ර­ණයේ පිහිට පැතිය හැකි තර­මට අධි­ක­ර­ණය ස්වාධීන වූයේත් පොලී­සි­යට හා අල්ලස් හෝ දූෂණ සොයන නිල­ධා­රීන්ට කොන්ද කෙළින් තබා­ගෙන රාජ­කාරි කළ හැකි තැනට පත් වූයේත් 2015 ජන­වා­රියේ රටේ ජන­තාව විසින්ම දිනා­ගන්නා ලද ප්‍රජා­ත­න්ත්‍රීය නිද­හස නිසාය. එහෙත් මේ ප්‍රජා­න­ත්ත්‍රීය අයි­තීන් භුක්ති විඳින ජන­තා­වට අද මේ දේවල් අම­ත­කව ගොසිනි. අපට යළි ඒ බව පසක් කරන්න සිදුව ඇත්තේ එබැ­විනි.

අප රටේ ජන­තා­වට ලද මේ නිද­හස තව­දු­ර­ටත් වැඩි-දියුණු කර­ගෙන සාම­කාමි නීති­ග­රුක දියුණු සමා­ජ­ය­කට පිය­වර නඟ­න­වාද, නැති නම් යළි පවු­ල්වා­ද­යෙන් සහ යළි රජ වීමේ මාන­සි­ක­ත්ව­යෙන් කට­යුතු කරන රාජ්‍යත්ව පාල­න­ය­කට යන­වාද යන්න ගැන සිතන කාල­යක් මේ වන විට උදා වී තිබේ. යළිත් බල­යට එන්න දඟ­ලන පවු­ලක් දැන් ජන­තාව හමුවේ කියන්නේ මල්ලී-අයියා ජන­පති-අග­මැ­ති­කම් බෙදා­ගන්නා බවකි. එසේම එදා එකා­වන්ව අත එසවූ 19 වැනි ව්‍යව­ස්ථා­වෙන් ජන­තාව ලද නිද­හස අද මේ පවු­ල්වාදි දේශ­පා­ල­න­යට වහ කදුරු වී ඇත. මේ ස්වාධීන කොමි­ෂන් සභා යළි අක්‍රිය කොට, රටේ සියලු යන්ත්‍රණ පවු­ලක් අතට යළි ලබා­ගැ­නීමේ සටන වෙනු­වෙන් ඔවුහු මේ වන විට ඉතා පහත් ලෙස තමා­ගෙන් ඉදි­රි­යට වාසි ලබා­ගන්න සිටින මාධ්‍ය භාවිත කරති.

දැඩි අසී­රුතා මැද ආර්ථික වශ­යෙන් රට ශුභ දිශා­න­ති­ය­කට හැරවී ඇති මොහො­තක, එහි ප්‍රති­ලාභ ජන­තා­වට කෙමෙන් අත් කර දෙමින් සිටින මොහො­තක මේ බල­වේ­ග­ව­ලට අවශ්‍ය වී ඇත්තේ රටේ ජන­තා­වට විවිධ සළු-පිළි අන්දවා මේ බලය තම පවුල වෙත නැව­තත් කේන්ද්‍ර­ගත කර­ගැ­නී­මය; පසුව තමාට අන්තේ­වා­සි­ක­කම් කළ කළු ව්‍යාපාර පසු­පස තබා­ගෙන ජඩ මාධ්‍ය හසු­රු­වන ජාවා­ර­ම්කා­ර­යන්ගේ මෙකී නොකී මන­දොළ සපු­රා­ලී­මය.

එහෙත් අද ජන­තාව සිටි­නුයේ මේ ජඩ මාධ්‍ය­ටත් ජඩ දේශ­පා­ල­න­ය­ටත් එහා ගොසිනි. ජන­මාධ්‍ය ඔස්සේ වපු­රන්න යන බොරුව ඇත්ත ඇති සැටි­යෙන් විනාඩි කිහි­ප­යක් ඇතු­ළත සමාජ මාධ්‍ය ඔස්සේ එයි. විශේ­ෂ­යෙන් මේ රටේ බුද්ධි­මත් ප්‍රජා­වට මේ ඇත්ත පහ­සු­වෙන් වට­හා­ගත හැකිය. මෙලෙස ඇත්ත වට­හා­ගන්නා ජන­තාව මේ දින­වල ඔවුන්ට ලැබී ඇති පූර්ණ බලය ගැන මනා සිහි­යෙන් යුතුව කට­යුතු කළ හොත්: අපට නිද­හස, ආර­ක්ෂාව ඇති, යුක්ති­ග­රුක රටක සාම­කා­මිව සමෘ­ද්ධි­මත්ව ජීවත් වීමේ අයි­තිය හිමි වනු ඇත.

Comments