ගාලගෝට්ටියක් වූ හොංකොං පාර්ලිමේන්තුව | සිළුමිණ

ගාලගෝට්ටියක් වූ හොංකොං පාර්ලිමේන්තුව

පසුගිය බ්‍රහස්පතින්දා හොංකොං පාර්ලිමේන්තුවේ වූ ව්‍යාකූල තත්වයක් නිසා නායක කැරී ලැම්ගේ කතාවකට බාධා සිදු කළ දේශපාලඥයෙක් ආරක්ෂක අංශ විසින් පාර්ලිමේන්තුවෙන් ඉවතට ඇදගෙන යන ලදී.

ඔහු ඉල්ලා සිටියේ ප්‍රභල මානව හිමිකම් ක්‍රියාකාරියෙක් වන ජිමී ශාම්ට එල්ල වූ ම්ලේච්ච ප්‍රහාරය පිළිබඳව විමර්ශනයක් කරන ලෙසයි. 

බදාදා රාත්‍රියේ මිනිසුන් පස්දෙනෙක් මිටි හා පිහි වලින් ඇන ශෑම්ට පහරදී ඇත. ශෑම්ගේ හිසට පහරදී ලේ ගොඩක් මත මහමග වැතිර සිටින ඡායාරූප සමාජ ජාලා අඩවි වල සංසරණය වේ.
 
එම ක්‍රියාව විරෝධතාකරුවන්ට තර්ජනය කිරීමට මෙන්ම ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට විරෝධතාකරුවන්ව පෙළඹවීමට සිදුකරන ලද්දක් විය හැකි බවයි Clauia Mo පවසන්නේ. 
 
"මේක හරිම කුරුරු ප්‍රහාරයක්. හොංකොං වල ඉරුදින විරෝධතාවය වැනි තවත් විශාල විරෝධතාවයක් සිදුකිරීමට යන කාලයක මෙවැනි ප්‍රහාරයක් සිදු කිරීම විරෝධතාකරුවන්ගේ ලේ සෙලවීමට සැලසුම් කරන ලද සැලැස්මක කොටසක්යැයි අපිට නොසිතා සිටින්නට බෑ." යනුවෙන් හොංකොං දේශපාලඥ Clauia Mo මහත්මිය පැවසුවාය.
 
පාර්ලිමේන්තුවේ වූ මෙම ව්‍යාකූල තත්වය හේතුවෙන් නායක ලැම්ගේ වාර්ශික ප්‍රතිපත්ති කියවීම කෙටි කිරීමටද සිදු වී ඇත.

"අප මුහුණදෙන වර්ථමාන තත්වය අනුව, අපිට ප්‍රචණ්ඩත්වයට එරහිව එකමුතු වන්න වෙනවා." 
 
"වර්ථමානයේදී අප මුහුණදෙන තත්වයට පිළියමක් සෙවීමට අපිට විවිධ හඬවල් වලට ඇහුම්කන් දීලා විශේෂඥ කොමිසමක් පත් කරන්න වෙනවා"

මෙසේ පවසමින් නායක ලැම් සභාවේ සිදුවූ කෝලාහලය නැවැත්වීමට උත්සාහ දරන ලදී.
 
විරෝධතාකරුවන් හමුවීමට නොයාම හා පොලිසියට අධික බලයක් හිමිවන ලෙස "යටත්විජිත යුගයේ හදිසි නීතියක්" ස්ථානපය කිරීම සම්බන්දව ලැම්ගේ දෑතේ ලේ තැවරී ඇති බවට අනිකුත් දේශපාලඥයන් විසින් චෝදනා කරන ලදී. 
 
"හමේ පැහැය, අනන්‍යතාවය වැනි දෑ නොසලකා හරින්න.සියලු ප්‍රශ්න වලට මුල මේ රෙජීමයේ හා දේශපාලන පද්ධතියේ ඇති ප්‍රචණ්ඩත්වයයි" රෝහල්ගත කර ඇති ශාම් ප්‍රකාශයක් නිකුත් කළේය.

Comments