යළි පිළිසකරවන බිඳුණු බොදු උරුමය | සිළුමිණ

යළි පිළිසකරවන බිඳුණු බොදු උරුමය

තලෙයිබාන් ත්‍රස්තයන් විසින් වසර 18කට පමණ පෙර  විනාශ කිරීමට යෙදුණු පැරණි බුදු පිළිම  ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවලක් ඇෆ්ගනිස්තානයෙන් වාර්තා වේ.  

තෙවැනි සියවසේදී ඇෆ්ගනිස්තානය පුරා බුදු දහම ව්‍යාප්තව පැවති අතර බාමියන් බුද්ධ ප්‍රතිමා ඇතුලු ඉපැරණි බුදු පිළිම ඊට සාක්ෂි දරයි.  
 
2001 දී අන්තවාදී යුධකාමී ඉස්ලාමීය ත්‍රස්තවාදීන් විසින් මෙම බුදුපිළිම විනාශ කරනු ලැබුණි.
 
තලෙයිබාන් ආණ්ඩුව බිදවැටුන පසු ඇෆ්ගනිස්තාන කෞතුකාගාරය එම ප්‍රතිමා ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹූ අතර වර්ථමානයේ එම කටයුතු වලට ලැබෙන ඇමරිකානු සහයෝගය නිසා ඉදිරි තෙවසර ඇතුලත ප්‍රතිසංස්කරණ කටයුතු නිමාකිරීමට හැකිවනු ඇත.
 
"ඒක වැදගත් වැඩක්. මේ වැඩෙන් ඇත්තටම ප්‍රතිසංස්කරණය වෙන්නේ අපේ උරුමය, අපේ අනන්‍යතාවය, අපේ ඉතිහාසය."

"මෙහේ අවුරුදු දාහකට වඩා බුදු දහම ඇදහුවා. ඒක අපේ ඉතිහාසයේ ලොකු කොටසක්"

වසර සියයක් පමණ පැරණි ඈෆ්ගනිස්තානු ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ මොහොමඩ් ෆාහිම් රහීම් එලෙස අදහස් දක්වන ලදී.

ඇෆ්ගනිස්තානයට මෙම පිළිසකර කිරීමේ කටයුතු වලට අත්දැකීම් හා උපකරණ වලින් අත දීමට චිකාගෝ ප්‍රාචීන ආයතයනය ඉදිරිපත්ව ඇත.

කොටස් වලට බිදී වෙන් වු බුද්ධ ප්‍රතිමා නැවත යථා තත්ත්වයට ගැනීම ජිග්සෝ ප්‍රහෙලිකාවක් පුරවනවා බදු අසීරු කටයුත්තකි.
 
ඉතා සියුම්ව කැඩී ගිය බුද්ධ ප්‍රතිමාවල කොටස් ත්‍රිමාණ තාක්ෂණය මගින් අදුනාගෙන නැවත එක් කරනු ඇත.
 
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දිනක පැවති රැලියක් අමතමින් කියා සිටියේ ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ දිගු කලක් රැදී උන් බවත් සාම යෝජනාවක් වශයෙන් ඇමරිකානු හමුදා  බට පිරිස්  ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගැනීමට සාකච්ඡා පවත්වන බවත්ය.
 
තලෙයිබාන් සමඟ සිදුවන මේ බල හුවමාරුවෙන් නැවතත් මේ කෞතුකවස්තු වලට හානිවීම වැලක්වීමට ඒවා වෙනත් තැනකට ගෙනයාමට කෞතුකාගාර අධ්‍යක්ෂක රහිමි සැරසෙයි.
 
 
 

Comments