දියණියගේ ස්වාධීනත්වයට බාධා නොකරන්නැයි නියෝග | Page 2 | සිළුමිණ

දියණියගේ ස්වාධීනත්වයට බාධා නොකරන්නැයි නියෝග

රැකියාවක් කර ස්වාධීනව ජීවත්වීමට තරුණ දියණියක ගත තීරණයට දැඩිව විරුද්ධ වෙමින් විවාහවන ලෙසට බල කරමින් ඇයට වධ හිංසා කළ බව කියන මව්පිය යුවළකට පැමිණිලිකාර දියණිය පීඩාවට පත්කිරීම සහ ඇය රැඳී සිටින ස්ථානයට යෑම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ආරක්ෂක ආඥාවක් නිකුත් කර තිබේ.

සැප්තැම්බර් 12සිට ඉදිරියට වසරක් බලපැවැත්වෙන පරිදි මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ 24 හැවිරිදි තරුණියක අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සැලකිල්ලට ගනිමිණි.

පැමිණිලිකර දියණිය තාවකාලිකව පදිංචි යම් ස්ථානයකට ඇතුළුවීම හෝ ඇයව පීඩාවටලක් කිරීම වළකාලමින් ද ඇය රැකියාව කරන ස්ථානයට ඇතුළුවීම වළකාලමින් ද අයට සහාය දෙන පුද්ගලයනට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා කිරීම වළක්වමින් මෙම ආරක්ෂක ආඥාව නිකුත් කර ඇත.

තමාගේ මතකය නැතිවන ආකාරයේ බෙහෙතක් ලබාදෙන ලෙස ඉල්ලමින් මව්පියන් 2018 වසරේදී තමා වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගිය බවත් තමන් අඳින පළදින ආකාරය වෙනස් කර රැකියාවෙන් ඉවත්වී ඉක්මනින් විවාහ වන ලෙස බල කරන බවත් අදාළ තරුණිය සිය පෙත්සමේ දක්වා තිබේ.

 

Comments