OPPO A 5 2020 දුර­ක­තන අලෙ­විය ඇරැඹේ | සිළුමිණ

OPPO A 5 2020 දුර­ක­තන අලෙ­විය ඇරැඹේ

2019 ඔක්තෝ­බර් 01, කොළඹ: OPPO Sri Lanka සමා­ගම සිය නව­තම දුර­ක­ථන වන OPPO A 9 2020 සහ OPPO A 5 2020 දුර­ක­ථන මාදිලි මෙරට අලෙවි කිරීම පසු­ගි­යදා නිල වශ­යෙන් ආරම්භ කළේ ය. ඒ සඳහා විශේෂ උත්ස­ව­යක් කොළඹ මැජෙ­ස්ටික් සිටි සාප්පු සංකී­ර්ණ­යේ දී පැවැ­ත්විණි. OPPO A9 2020 දැන් වෙළඳ පොළේ ඇති 8GB RAM සහ Quad-Camera set-up සම­ගින් එන වඩාත්ම සහ­න­දායී මිලට ලබා­ගත හැකි දුර­ක­ථ­නය වන අතර OPPO A5 2020 දැන් වෙළඳ පොළේ ඇති Quad-Camera සහිත වඩාත්ම සහ­න­දායී මිලට ලබා­ගත හැකි දුර­ක­ථ­නය ලෙස සැල­කිය හැක.

මෙම දුර­ක­ථන ප්‍රථම වරට මිල­දී­ගත් පාරි­භෝ­ගි­ක­යන්ට, මෙරට ජන­ප්‍රිය තරු දෙකක් වන ලවාන් අභි­ෂේක් සහ සඳනි ප්‍රනාන්දු වෙතින් එම දුර­ක­ථන ලබා­ගැ­නී­මට හැකි විය. මීට පෙර ලවාන් සහ සඳනි OPPO A9 2020 දුර­ක­ථන පෙළ මෙර­ටට හඳුන්වා දීමේ අව­ස්ථා­ව­ටද එක්වූහ. පාරි­භෝ­ගි­ක­යන්ට මෙම තරු සමඟ සෙල්ෆි ඡුායා­රූප ලබා­ගැ­නී­ම­ටද අව­ස්ථාව හිමිවූ අතර ඔවු­න්ගෙන් සමරු අත්සන ලබා­ගැ­නී­ම­ටද හැකි­විය. ඊට අම­ත­රව දුර­ක­ථන මිල­දී­ගත් සෑම පාරි­භෝ­ගි­ක­යෙ­කු­ටම විශේෂ ත්‍යාගද පිරි­න­මන ලදි.

මෙම උත්ස­ව­යේ දී ලවාන් සහ සඳ­නිගේ සහ­භා­ගී­ත්වය සහි­තව PUBG ඇතුළු තවත් ජන­ප්‍රිය වීඩියෝ ක්‍රීඩා තරග මාලා­වක්ද පව­ත්වන ලදි.

Comments