ශ්‍රී ලාංකීය කුළු­බඩු Ceylon Spices වෙ‍ෙළඳ නාම­යෙන් | සිළුමිණ

ශ්‍රී ලාංකීය කුළු­බඩු Ceylon Spices වෙ‍ෙළඳ නාම­යෙන්

 

හාර රස­වත් කිරී­මට හා ආහාර මත වර්ධ­නය වන අහි­ත­කර බැක්ටී­රියා වර්ග විනාශ කිරී­මෙන් ආහාර සංර­ක්ෂ­ණය කිරී­මට උප­කාරී වන වියළි බීජ වර්ග,පළ­තු­රක් හෝ මුල් වර්ග­යක් වශ­යෙන් කුළු බඩු, සර­ලව නිර්ව­ච­නය කළ හැකිය.අතී­ත­යේදී ශ්‍රී ලංකාව කුළු බඩු දිව­යින ලෙසද හැදින්වී ඇති අතර මේ වන විට මෙරට තුළ නිෂ්පා­ද­නය වන කුළු බඩු අතර කරාබු නැටි,කුරුඳු,කර­ඳ­මුංගු,සාදික්කා,වසා­වාසි,ගම්මි­රිස් යන සුළු අප­න­යන බෝග සදහා විශේෂ පිළි­ගැ­නී­මක් හිමිව තිබේ .මීට අම­ත­රව වැනිලා,කර­පිංචා,කොත්ත­මල්ලි, සූදුරු,මහ­දුරු,කහ,උළු­හාල්,අබ,ඉඟුරු,සේර,ගොරකා වැනි කුළු බඩු ද දේශිය වශ­යෙන් මෙන්ම විදේ­ශීය වශ­යෙන්ද පිළි­ගත් ස්වභා­වික ආහාර රස­කා­ර­ක­යන් ලෙස හදුන්වා දිය හැකිය.

මේ වන විට මෙරට නිෂ්පා­ද­නය වන කුළු බඩු විදේශ රට­වල් රැසක අති­ශය ජන­ප්‍රිය වී ඇති අතර එකී කුළු බඩු නිෂ්පා­ද­න­යන්හී ප්‍රමි­තිය හා ගුණා­ත්මක බව තව­දු­ර­ටත් ඉහළ නංව­මින්“ශ්‍රී ලාංකීය කුළු­බඩු“ Ceylon Spices වෙළඳ නාමය යොදා ගනි­මින් ජාත්‍ය­න්තර වෙළ­ඳ­පො­ළට හඳුන්වා දීමට ශ්‍රී ලංකා අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය පිය­වර ගෙන තිබේ .

ශ්‍රී ලංකා අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය කුළු­බඩු අංශය ශ්‍රී ලාංකීය සම්භ­වය සහ­තික කෙරෙන වෙ‍ෙළඳ ලකු­ණක් ජාත්‍ය­න්තරවෛ‍ෙළ­ඳ­පො­ළට හඳුන්වා දීමේ පළමු අදි­යර “සිලෝන් කුළු­බඩු” සන්නා­මය නිල වශ­යෙන් දියත් කිරීම පසු­ගි­යදා කොළඔ ජයික් හිල්ටන් හිදී සිදු කරන ලදී. ශ්‍රී ලාංකේය සම්භ­වය ජාත්‍ය­න්තර වෙළ­ඳ­පොළ තුළ සහ­තික කිරීම තුළින් ශ්‍රී ලාංකීය කුළු­බඩු සඳහා ඇති ජාත්‍ය­න්තර කීර්තිය ආරක්ෂා කර ගැනී­ම­ටත් අව­භා­වි­තය වළක්වා ගැනී­මත් අපේක්ෂා කෙරේ.

මෙම අව­ස්ථාව සදහා සංව­ර්ධන උපා­ය­මාර්ග හා ජාත්‍ය­න්තර වෙළඳ අමාත්‍ය, මලික් සම­ර­වි­ක‍්‍රම , ප්‍රාථ­මික කර්මාන්ත හා සමාජ සවි­බල ගැන්වීම් අමාත්‍ය, දයා ගමගේ , අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ සභා­පති සහ ප්‍ර‍ධාන විධා­යිකා ඉන්දිරා මල්වත්ත මහ­ත්මිය ඇතුළු ආරා­ධි­ත­යන් රැසක් සහ­භාගී විය.

“Ceylon Spices” වෙළෙඳ ලකු­ණෙහි හිමි­කරු ශ්‍රී ලංකා අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ල­යයි.මෙම වෙළෙද ලකුණ යොදා ගන්නා කුළු බඩු අප­න­ය­න­ක­රු­වන් අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය විසින් නිකුත් කරන මාර්ගෝ­ප­දේ­ශ­ව­ලට අනු­කූල විය යුතු අතර මෙම වෙළඳ ලකුණ පරි­පා­ල­නය කිරී­මද අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය විසින්ම සිදු කෙරේ.ජාත්‍ය­න්තර වෙළ­ඳ­පොළ තුළ ශ්‍රී ලාංකේය නිෂ්පා­දන ප්‍ර‍මිති­ක­ර­ණය උපාය මාර්ගික වැඩ­පි­ළි­වෙ­ළෙහි කොට­සක් ලෙසද මෙම සුවි­ශේෂ කට­යුත්ත හදුන්වා දිය හැකි වේ.

Ceylon Spice වෙළෙඳ ලකුණ නිකුත් කිරීම, අධී­ක්ෂ­ණය හා පාල­නය සදහා අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය මෙන්ම කුළු බඩු හා සම්බන්ධ රජයේ අනෙ­කුත් පාර්ශ­්ව­ක­රු­වන් වන ‍ ශ්‍රී ලංකා ප්‍රමිති ආය­ත­නය, අප­න­යන කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව, කාර්මික තාක්ෂණ ආය­ත­නය හා ශ්‍රී ලංකා ප්‍ර‍තීතන මණ්ඩ­ල­යද අත්වැල් බැද ගෙන ඇත. අප­න­යන නිෂ්පා­දි­තයේ ඇසු­රු­මෙහි “Ceylon Spices” ලාංඡ­නය භාවිතා කිරීම සඳහා GAP හා GMP සහ­තික අනි­වාර්ය කර තිබේ. “Ceylon Spices” සන්නා­මය සදහා සුවි­ශේෂි තත්ව­යක්, පෞරු­ෂ­යක්, පොරො­න්දු­වක් හා දෘෂ්‍ය හා වාචික ප්‍රකා­ශ­න­යක් ඇති අතර සුදු­සු­කම් ලබන සිය­ලුම කුළු­බඩු එකම ලාංජ­නය, වර්ණය, හා ‘Born in Sri Lanka’ යන තේමා පාඨය යටතේ ලෝක වෙ‍ෙළ­ඳ­පො­ළට හඳුන්වා දීම­ටද මේ කට­යුත්ත අනුව දැන් හැකි­යාව ලැබී තිබේ.

ඉහළ ප්‍රමි­ති­ය­කින් හා ගුණා­ත්මක භාව­යෙන් යුතු අන­ර්ඝ­තම ශ්‍රී ලාංකීය කුළු බඩු“Ceylon Spices” වෙළඳ සන්නා­මය යොදා ගනි­මින් 2019 ඔක්තෝ­බර් මාසයේ දී ජර්ම­නි­යේදී පැවැ­ත්වෙන ලොව විශා­ල­තම ආහාර පාන ප්‍ර‍දර්ශ­නය වන “අනුගා“ හීදී හදුන්වා දීමට නිය­මිත අතර නිය­මිත ප්‍රමි­ති­ය­කින් යුතු කුළු බඩු නිෂ්පා­ද­නයේ යෙදෙන අප­න­ය­න­ක­රු­වන්ට අප­න­යන වෙළ­ඳ­පොළ තුළ මෙම වෙ‍ෙළඳ ලකුණ භාවි­ත­යට උනන්දු කිරී­මද අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය මැදි­හත්ව සිදු කරනු ඇත.

කුළු­බඩු හා සාන්ද්‍රිත අංශය, ජාතික අප­න­යන ප්‍ර‍තිප­ත්තිය හරහා අප­න­යන ප්‍ර‍වර්ධ­නය සඳහා හඳුනා ගත් ප්‍ර‍මුඛතා අංශ­යකි. ජාත්‍ය­න්තර කුළු­බඩු වෙ‍ෙළ­ඳ­පොළ තුළ, නිර­තු­රුව නවෝ­ත්පා­ද­නය තුළින් අගය එකතු කළ කුළු­බඩු නිෂ්පා­ද­නයේ යෙදෙන රටක් ලෙස ගෝලී­යව පිලි­ගැ­නී­මට ලක්වීම එහි එක් උපා­ය­මා­ර්ගික අර­මු­ණයි.

ශ්‍රී ලාංකේය කුළු­බඩු සන්නා­මය ලෝක වෙ‍ෙළ­ඳ­පො­ළට හඳුන්වා දීම එහි හඳු­නා­ගත් ක්‍රියා­කා­ර­ක­මක් වන අතර එම­ගින් කුළු­බඩු හා සාන්ද්‍රිත අංශය සඳහා 2022 වසර සඳහා වන ජාතික අප­න­යන ඉල­ක්කය වන ඇ.ඩො.මි. 880 ළඟා වීම තවත් දිරි­මත් කරනු ඇත.

Comments