සද්ද නැතිව කළ වැඩ රටක් ගොඩ දැමූ හැඩ | සිළුමිණ

සද්ද නැතිව කළ වැඩ රටක් ගොඩ දැමූ හැඩ

දේශීය හා විදේ­ශීය වශ­යෙන් විශාල ණය මුද­ලක් ලබා­ගෙන ආණ්ඩුව ක්‍රියා­ත්මක කළ සංව­ර්ධන ව්‍යාපෘති ගණන විශා­ලය. ඒ පිළි­බඳ එත­රම් ප්‍රචා­ර­ණ­යක් සිදු නොවීම නිසා 2015 සිට රටේ සංව­ර්ධ­න­යක් සිදු වූවේ නැතැයි ඇත­මෙක් චෝදනා නඟති. එරෙ­හිව නැඟෙන චෝද­නා­ව­ලට පිළි­තුරු ලබා­දී­මට රජය පාර්ශ්ව­යෙන් උන­න්දු­වක් නොදක්වා සංව­ර්ධන වැඩ පම­ණක් ක්‍රියා­ත්මක කර­මින් සිටියි.

රජයේ සංව­ර්ධන වැඩ හා ජන­තා­වාදී යෝජනා ක්‍රම පිළි­බ­ඳව මුදල් ඇමති මංගල සම­ර­වීර මහතා ඉකුත්දා සිය අමා­ත්‍යාං­ශ­යේදී පුළුල් විග්‍ර­හ­යක් කර­මින් අද­හස් දැක්වී­මක් සිදු කෙළේය.

අපි එම අද­හස් දැක්වී­මට අව­ධා­නය යොමු කරමු.

පසු­ගිය රජය ලබා­ගත් වාණිජ ණය හේතු­වෙන් වත්මන් රජය බල­යට පත් වූවා­යින් පසුව ලබා­ගත් ණය ප්‍රමා­ණ­යට වඩා වැඩි ප්‍රමා­ණ­යක් ණය ආපසු ගෙවී­මට සිදුව ඇත. 2015 සිට මේ දක්වා රුපි­යල් බිලි­යන 7506ක් ණය වශ­යෙන් ලබා­ගෙන ඇති අතර එම කාලය තුළ ‍ණය සේවා­ක­ර­ණය (ණය වාරික හා පොලිය) සඳහා රුපි­යල් බිලි­යන 8088ක් වැය කර ඇත.

ආණ්ඩුව අවු­රුදු හත­ර­හ­මා­රක් තිස්සේ ණය ලබා­ගෙන ඇත්තේ බලය රැක­ගන්න යැයි විපක්ෂ නායක මහින්ද රාජ­පක්ෂ මහතා නිවේ­ද­න­යක් නිකුත් කර­මින් සඳ­හන් කර ඇත. එම නිවේ­ද­නයේ අඩංගු බොහො­ම­යක් කරුණු සත්‍ය­යෙන් තොර හා විකෘති කරන ලද ඒවා වේ. 2005 වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය බර­තාව වූයේ රුපි­යල් බිලි­යන 2222කි. 2019 වන විට එම ණය­බ­ර­තාව රුපි­යල් බිලි­යන 11977 දක්වා වැඩි වී ඇත.

පසු­ගිය රජය විශාල විදේශ ණය ප්‍රමා­ණ­යක් ලබා­ගෙන ඇත්තේ අධික පොලිය මතයි. පසු­ගිය රජයේ අව­සන් කාල­යේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුව මඟින් අන්ත­ර්ජා­තික වෙළෙ­ඳ­පෙ­ළෙන් ඩොලර් මිලි­යන 750ක් ණයට ලබා­ගෙන ඇත්තේ 8.8%ක තරම් ඉහළ පොලි­ය­ටයි. අන්ත­ර්ජා­තික ස්වෛරීත්ව බැඳු­ම්කර මඟින් ඉහළ පොලි­යට වාණිජ ණය ලබා­ගැ­නීම ප්‍රථම වරට ආරම්භ කළේ 2007 වසරේ පැවති මහින්ද රාජ­පක්ෂ මහතා නාය­ක­ත්වය දැරූ රජ­යයි. එසේ පළමු වරට ලබා­ගත් අන්ත­ර්ජා­තික ස්වෛරීත්ව බැඳු­ම්කර සඳහා ලබාදී ඇත්තේ 8.25%ක් වැනි අධික පොලී ප්‍රමා­ණ­යකි. 2007 වස­රෙන් පසුව 2014 වසර දක්වා ඇ.ඩො. බිලි­යන 5.5ක් ‍ස්වෛරීත්ව බැඳු­ම්කර මඟින් පසු­ගිය රජය ණය ලබා­ගෙන ඇත. බහු­ත­ර­යක් අධික පොලි­යට ලබා­ගෙන ඇති එම බැඳු­ම්කර බොහො­ම­යක්ම කල් පිරෙන්නේ 2019-2022 කාලය තුළය.

හම්බ­න්තොට වරාය, ගුව­න්තො­ටු­පළ සහ අධි­වේගී මාර්ග සඳහා ලබා­ගත් ණය ගෙවීමේ කාලය ඇර­ඹුණේ ද 2015 වසරේ සිටය. එ් අනුව වත්මන් රජය වස­රෙන් වසර පසු­ගිය රජයේ ණය කන්ද­රාව ගෙව­මින් සිටියි.

2010 වසර වන විට එකල රජ­යට එරෙ­හිව ජාත්‍ය­න්තර මට්ට­මෙන් මානව හිමි­කම් කඩ­කි­රීම ඇතුළු විවිධ චෝදනා පැවති හෙයින් කිසිදු රටක් සමඟ ආර්ථික හෝ දේශ­පා­ල­නික සහ­යෝ­ගී­තා­වක් පව­ත්වා­ගෙන යෑමට නොහැකි වූ බැවින් මිත්‍ර රට­ව­ලින් පවා ණය ලබා­ගැ­නී­මට හැකි වූයේ නැත. එමෙන්ම යුරෝපා සංග­මය මසුන් අප­න­ය­නය සහ ජීඑස්පී ප්ලස් සහ­නය අහිමි කරන්නේ මහින්ද රාජ­පක්ෂ මහතා මුදල් ඇමැ­ති­ව­රයා ලෙස කට­යුතු කළ වක­වා­නු­වේ­දීය.

පසු­ගිය රජයේ අව­සන් කාල­යේදී මැති­ව­රණ ඉලක්ක කොට­ගෙන අය වැය මඟින් ප්‍රති­පා­දන වෙන් කිරී­ම­කින් තොරව නිසි ක්‍රම­වේ­ද­යෙන් පරි­බා­හි­රව ව්‍යාපෘති ගණ­නා­වක් ක්‍රියා­ත්මක කර තිබිණි.

2011 වසරේ සිටම එසේ අවි­ධි­මත් ලෙස ආරම්භ කළ ව්‍යාපෘති බොහො­ම­යක හිඟ මුදල් වසර ගණ­නක් තිස්සේ නොගෙවා පැවැති අතර 2015 හා 2016 වස­ර­ව­ලදී එම නොගෙ­වන ලද රුපි­යල් බිලි­යන 140ක තරම් විශාල මුද­ලක් වත්මන් රජ­යට ගෙවී­මට සිදු විය. එමෙන්ම එම කාලය තුළ රාජ්‍ය ආය­තන ගණ­නා­වක කාර්ය මණ්ඩ­ලය සඳහා ගෙවිය යුතු අර්ථ­සා­ධක අර­මු­දල් සේවා නියු­ක්ති­යන්ගේ භාර අර­මු­දල් සහ පාරි­තෝ­ෂික මුදල් ගෙවා නොති­බිණි. ඒ සඳහා මහා භාණ්ඩා­ගා­රය රුපි­යල් බිලි­යන 15ක මුද­ලක් ගෙවා EPF, ETF හා පාරි­තෝ­ෂික අහිමි කරන ලද සේව­ක­යන්ට සතු­ටින් විශ්‍රාම යෑමට අව­ස්ථාව සලසා දෙන ලදී. එම මුදල් සිය­ල්ලම වත්මන් රජ­යෙන් ගෙවා රාජ්‍ය මූල්‍ය පාල­නයේ පැවති අති­ශය දුර්වල පැති­මාන ඉවත් කරන ලදී.

හම්බ­න්තොට වරාය සඳහා පසු­ගිය රජය විසින් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 1303ක් ලබා­ගෙන ඇති අතර එහි ප්‍රථම අදි­යර සඳහා වූ ඩොලර් මිලි­යන 340 සඳහා 6%ක ‍පොලියක් හා 6%ක රක්ෂණ වාරි­ක­යක් ද ගෙවිය යුතුව තිබිණි.

එමෙන්ම රාජ­පක්ෂ යුගයේ විශාල වශ­යෙන් ණය ලබා­ගෙන ඉදි කර ඇති ව්‍යාපෘ­ති­ව­ලින් රටේ ආර්ථි­ක­යට හෝ ජන­තා­වට කිසිදු ප්‍රති­ලා­භ­යක් නො‍ලැබෙන තත්ත්ව­ය­කදී වුවද පාඩු ලබන එම ව්‍යාපෘති සඳහා ලබා­ගත් ණය 2015 සිට ගෙවී­මට වත්මන් රජ­යට සිදු විය. 2023 වසර දක්වා ඒ ණය ගෙවී­මට සිදු­වනු ඇත.

හම්බ­න්තොට වරාය සහ මත්තල ගුව­න්තො­ටු­පොළ පම­ණක් නොව හම්බ­න්තොට මහා­මාර්ග පවා ලෝස් ඇන්ජ­ලෝස් නුව­රට වඩා පුළුල් ලෙස ඉදි කර තිබේ. එහෙත් ඒවායේ පැය­කට වාහන හත­ර­කට වඩා ගමන් කරන්නේ නැත. රාජ­පක්ෂ රජය විසින් හයාත් හෝට­ලය ඉදි කිරීම සඳහා කාම­ර­ය­කට විය­දම් කර ඇති පිරි­වැය ෂැංග්රිලා හෝට­ලයේ කාම­ර­යක පිරි­වැය මෙන් දෙගු­ණ­යක් පමණ වේ. කොළඹ ඉදි කර ඇති නෙලුම් කුලුන මහ­ජ­නයා දැන­ට­මත් මාටියා කුලුන ලෙස නම් කර ඇත.

2015 දී දැඩි සත්කාර ඒක­කයේ තිබූ ආර්ථි­කය 2019 සාමාන්‍ය ‍රෝගී කාම­ර­යක ප්‍රති­කාර ලබන තත්ත්ව­යට ගෙන ආවේය. තවත් වසර පහ­කින් ස්ථිර සුවය ලබා­දී­මට හැකි වනු ඇත.

2016 සිට ශුන්‍ය පාදක අය­වැ­යක් ද 2018 සිට කාර්ය සාධ­නය මත පද­නම් වූ අය­වැ­යක් ද හඳුන්වා දීමෙන් විය­දම් කළ­ම­නා­ක­ර­ණ­යට රාජ්‍ය තන්ත්‍රය යොමු කර­ගත හැකි විය.එම නව පිය­වර හේතු­වෙන් ලබා­ගන්නා ලද ණය ජන­තා­වට සෘජු ප්‍රති­ලාභ ලැබෙන පරිදි ආයෝ­ජ­නය කිරී­මට හැකි වීම වග­කීම් දරන රජ­යක් ජන­තාව වෙනු­වෙන් ඉටු කළ යුතු කාර්ය මනා ‍ලෙස ඉටු කර ඇති බව මනාව පිළි­බිඹු වේ.

අන් කවු­රුන් හෝ ලියා දෙන ප්‍රකා­ශ­ව­ලට ආර්ථි­කය ගැන නොදැන අස්සන් නොක­ර­න්නැයි මහින්ද රාජ­පක්ෂ මහ­තා­ගෙන් ඉල්ලා සිටි ඇමති මංගල සම­ර­වීර මහතා ආර්ථි­කය සම්බ­න්ධ­යෙන් ඒකා­බද්ධ පුව­ත්පත් සාක­ච්ඡා­ව­කට එක් වන ලෙසද විපක්ෂ නාය­ක­ව­ර­යාට ආරා­ධනා කළේය.

 

ජන­තා­වට සෘජු ප්‍රති­ලාභ ලැබෙන පරිදි වත්මන් රජය ආරම්භ කර ඇති නිම කර ඇති විශේෂ ව්‍යාපෘති

 *මොර­ග­හ­කන්ද කළු­ගඟ බහු­කාර්ය ව්‍යාපෘ­තිය, උමා ඔය ව්‍යාපෘ­තිය අවි­ධි­මත් ලෙස පැවති රජය මඟින් ආරම්භ කළ අතර වත්මන් රජය එය විධි­මත් කර නිමා­වක් කරා රැගෙන යමින් සිටී.

*ආසි­යානු සංව­ර්ධන බැංකුව යටතේ ක්‍රියා­ත්මක I-Road පළාත් මාර්ග සංව­ර්ධන ව්‍යාපෘ­තිය.

*උතුරේ රෝහල් 4ක් ඇතුළු ප්‍රධාන රෝහල් සඳහා කරනු ලබන ආයෝ­ජ­නය

*ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘ­තිය.

*උතුරේ ධීවර වරාය දෙකක් සංව­ර්ධ­නය කිරීම.

*විශ්ව­වි­ද්‍යාල පද්ධති තුළ අලු­තෙන් වෛද්‍ය කෘෂි­කර්ම සහ ඉංජි­නේරු පීඨ ඇතු­ළුව අනෙ­කුත් විශ්ව­වි­ද්‍යා­ල­වල නව පීඨ ආරම්භ කිරීම හා ඒ මඟින් සිසුන් ඇතු­ළත් කිරී‍මේ සංඛ්‍යාව 22000 සිට 33000 දක්වා වැඩි කිරීම.

*සැහැල්ලු දුම්රිය මාර්ග ඉදි­කි­රීමේ කාර්ය ඇරැ­ඹීම.

*පෑලි­ය­ගොඩ සිට ගාලු මුව­දොර දක්වා කණු­මත ඉදි වන මාර්ගය.

*දක්ෂිණ අධි­වේගී මාර්ගය මාතර සිට හම්බ­න්තොට දක්වා දීර්ඝ කිරීම.

*දක්ෂිණ දුම්රිය මාර්ගය මාතර සිට බෙලි­අත්ත දක්වා දීර්ඝ කිරීම.

*පහළ මල්වතු ඔය සංව­ර්ධන ව්‍යාපෘ­තිය.

*ග්‍රාම සේවා වසම් 14000 පුරා ක්‍රියා­ත්මක ග්‍රාමීය යටි­තල පහ­සු­කම් නංවන ගම්පෙ­ර­ළිය ග්‍රාමීය සංව­ර්ධන වැඩ­ස­ට­හන

*කොළඹ දිස්ත්‍රි­ක්කයේ අඩු ආදා­ය­ම්ලාභී පවුල් වෙනු­වෙන් මේ වන විට නිවාස ඒකක 25000කට අධික ප්‍රමා­ණ­යක් සහ­ශ්‍රක නිවාස ව්‍යාපෘති ‍යටතේ ක්‍රියා­ත්ම­කයි.

මෙයට අම­ත­රව විවිධ ක්ෂේත්‍ර­යන්ට අදාළ පහත සඳ­හන් මහා පරි­මාණ ජල ව්‍යාපෘති ඇතුළු සංව­ර්ධන වැඩ­ස­ට­හන් මේ වන විටත් ක්‍රියා­ත්මක වෙමින් පවතී.

2015න් පසු දේශීය බැංකු මඟින් ණය ලබා­ගෙන ක්‍රියා­ත්මක කළ ව්‍යාපෘති

1 කොළඹ දිස්ත්‍රික් ජල සැප­යුම් ව්‍යාපෘ­තිය- රුපි­යල් මිලි­යන 4823 - ලංකා බැංකුව

2 ලග්ගල නව නගර ජල සැප­යුම් ව්‍යාපෘ­තිය- රු. මි. 4495.9- හැටන් නැෂ­නල් බැංකුව

3 විල්ග­මුව ජල සැප­යුම් ව්‍යාපෘ­තිය- රු.මි. 3580.4-ජාතික සංව­ර්ධන බැංකුව

4 ජල සැප­යුම් ව්‍යාපෘති 22ක් හඳු­න්වා­දීම-රු.මි. 3499-ලංකා බැංකුව

5 ඇට­ම්පි­ටිය ජල සැප­යුම් ව්‍යාපෘ­තිය- රු.මි. 2243.9-මහ­ජන බැංකුව

6 මැදි­රි­ගි­රිය ජල සැප­යුම් ව්‍යාපෘ­තිය අදි­යර 2- රු.මි. 1500- ලංකා බැංකුව

7 අවි­ස්සා­වේල්ල සහ කොස්ගම ජල සැප­යුම් ව්‍යාපෘ­තිය- රු.මි. 1382.4- ලංකා බැංකුව

8 ඌර­ග­ස්මං­හ­න්දිය ගෝණ­පී­නු­වල සහ වැලි­ගම ජල සැප­යුම් ව්‍යාපෘ­තිය- රු.මි. 1000- ලංකා බැංකුව

 

වසර 2015න් පසු විදේශ ණය ආධාර මත ආරම්භ වූ ප්‍රධාන ව්‍යාපෘති

(1) චීන Exim බැංකුව - මාර්ග සංව­ර්ධන අධි­කා­රිය

දකුණු අධි­වේගී මාර්ගයේ ඉදි­කි­රීම් අදි­යර 2 බෙලි­අත්ත සිට- ඇ.ඩො. මිලි­යන 360.3

(2) ඉන්දි­යානු Exim බැංකුව - ප්‍රවා­හන හා සිවිල් ගුවන් සේවා අමා­ත්‍යාං­ශය

දුම්රිය ක්ෂේත්‍රයේ සංව­ර්ධන ඇ.ඩො. මිලි­යන 318

(3) ජපන් ජාත්‍ය­න්තර සහ­යෝ­ගීතා නියෝ­ජි­තා­ය­ත­නය

නගර සංව­ර්ධන හා ජල සම්පා­දන අමා­ත්‍යාං­ශය

කළු ගඟ ජල සම්පා­දන ව්‍යාපෘ­තිය ඇ.ඩො. මි. 279.1

(4) ආසි­යානු සංව­ර්ධන බැංකුව - මුදල් අමා­ත්‍යාං­ශය

ප්‍රාග්ධන වෙළ­ඳ­පොළ සංව­ර්ධන ව්‍යාපෘ­තිය ඇ.ඩො. මිලි­යන 250

(5) ජපන් ජාත්‍ය­න්තර සහ­යෝ­ගීතා නියෝ­ජි­තා­ය­ත­නය-

විදු­ලි­බල හා පුන­ර්ජ­න­නීය බල­ශක්ති අමා­ත්‍යාං­ශය

ජාතික සම්ප්‍රේ­ෂණ හා බෙදා­හැ­රීමේ ජාලය සංව­ර්ධන වැඩ­ස­ට­හන කාර්ය­ක්ෂ­ම­තාව වර්ධ­නය කිරීම ඇ.ඩො.මි. 200.1

(6) චීන සංව­ර්ධන බැංකුව- ජාතික ජල සම්පා­දන හා ජලා­ප­ව­හන මණ්ඩ­ලය

ගම්පහ අත්ත­න­ගල්ල මිනු­ව­න්ගොඩ ජල ව්‍යාපෘ­තිය- ඇ.ඩො. මි. 195.1

(7) ආසි­යානු සංව­ර්ධන බැංකුව- මාර්ග සංව­ර්ධන අධි­කා­රිය

ඒකා­බද්ධ මාර්ග ආයෝ­ජන වැඩ­ස­ට­හන- රුපි­යල් මිලි­යන 175

(8) ලෝක බැංකුව- නගර සංව­ර්ධන හා ජල සම්පා­දන අමා­ත්‍යාං­ශය

ජල සම්පා­දන හා සනී­පා­ර­ක්ෂක වැඩි­දි­යුණු කිරීමේ ව්‍යාපෘ­තිය- ඇ.ඩො.මි. රුපි­යල් 163.2

(9) ආසි­යානු සංව­ර්ධන බැංකුව- මහ­වැලි සංව­ර්ධන හා පරි­සර අමා­ත්‍යාං­ශය

මහ­වැලි ජල ආර­ක්ෂක ව්‍යාපෘ­තිය- ඇ.ඩො. මිලි­යන 150

(10) ආසි­යානු සංව­ර්ධන බැංකුව- ලංකා විදු­ලි­බල මණ්ඩ­ලය

හරිත සංව­ර්ධන හා බල­ශක්ති කාර්ය­ක්ෂ­මතා වර්ධ­නය කිරීමේ වැඩ­ස­ට­හන- ඇ.‍ඩො. මිලි­යන 150

(11) Calyon Credit Agricole- ජාතික ජල­ස­ම්පා­දන හා ජලා­ප­ව­හන මණ්ඩ­ලය

මාතලේ ජල­ස­ම්පා­දන ව්‍යාපෘ­තිය- ඇ.ඩො. මිලි­යන 146

(12) නගර සැල­සුම් හා ජල­ස­ම්පා­දන අමා­ත්‍යාං­ශය

කොළඹ නග­රයේ ජල පද්ධ­තිය සහ අප ජල කළ­ම­නා­ක­රණ වැඩි­දි­යුණු කිරීමේ ආයෝ­ජන වැඩ­ස­ට­හන- ඇ.ඩො.මි. 115.0

(13) ලෝක බැංකුව - කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය

කෘෂි­කර්ම ක්ෂේත්‍රයේ නවී­ක­ර­ණ­යන් ව්‍යාපෘ­තිය - ඇ.ඩො. මි. 119.6

(14) ආසි­යානු සංව­ර්ධන බැංකුව- ලංකා විදු­ලි­බල මණ්ඩ­ලය

විදුලි සැප­යුම වැඩි­දි­යුණු කිරීමේ ව්‍යාපෘ­තිය- ඩොලර් මිලි­යන 115

(15) ජපන් ජාත්‍ය­න්තර සහ­යෝ­ගීතා ඒජ­න්සිය- පළාත් සභා සහ පළාත් පාලන අමා­ත්‍යාං­ශය

ග්‍රාමීය යටි­තල පහ­සු­කම් වැඩි­දි­යුණු කිරීමේ ව්‍යාපෘ­තිය -ඩො.මි. 113.7

(16) කැලි­යොන් ක්‍රෙඩිට් ඇග්ග්‍රි­කොල්- ජාතික ජල සම්පා­දන හා ජලා­ප­ව­හන මණ්ඩ­ලය

දකුණු කැලණි ජල සම්පා­දන ව්‍යාපෘ­තිය අදි­යර 2 -ඩො.මි. 109.0

(17) ලෝක බැංකුව- මුදල් අමා­ත්‍යාං­ශය

තර­ග­කා­රී­ත්වය විනි­වි­ද­භා­වය සහ රාජ්‍ය මූල්‍ය තිර­සාර සංව­ර්ධන ප්‍රති­පත්ති මූල්‍ය­ක­ර­ණය- ඩො.මි. 100

(18) ආසි­යානු සංව­ර්ධන බැංකුව- මුදල් අමා­ත්‍යාං­ශය

සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­කත්ව ව්‍යාපෘ­තිය ඩො.මි. 100

(19) ආසි­යානු සංව­ර්ධන බැංකුව- මාර්ග සංව­ර්ධන අධි­කා­රිය ඒකා­බද්ධ මාර්ග ආයෝ­ජන වැඩ­ස­ට­හන- ඩො.මි. 98

(20) ජපන් ජාත්‍ය­න්තර සහ­යෝ­ගිතා ඒජ­න්සිය- මුදල් අමා­ත්‍යාං­ශය

සංව­ර්ධන ප්‍රති­පත්ති ණය- ඩො.මි. 97.1

(21) චීන රජය- සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමා­ත්‍යාං­ශය

ජාතික විශේ­ෂිත රෝහ­ලක් පොලො­න්න­රුව -ඩො.මි. 88.2

(22) සංව­ර්ධන සඳහා වන ප්‍රංස ඒජ­න්සිය- ජාතික ජල­ස­ම්පා­දන හා ජලා­ප­ව­හන මණ්ඩ­ලය

නගර ව්‍යාපෘ­තිය හා සනී­පා­ර­ක්ෂක ව්‍යාපෘ­තිය අදි­යර 1 -ඩො.මි. 87යි

(23) චීන රජය- අධි­ක­රණ අමා­ත්‍යාං­ශය

ආර්ථික හා තාක්ෂ­ණික සහ­යෝ­ගීතා ව්‍යාපෘ­තිය ඩො.මි. 73.5

(24) ලෝක බැංකුව- මුදල් අමා­ත්‍යාං­ශය

සමාජ ආර­ක්ෂණ ජාල ව්‍යාපෘ­තිය- ඩො.මි. 72.9

 

 

 

 

 

Comments