ඓතිහාසික අනුරාධපුරය අතීත ලෝකය හා සම්බන්ධ කළ පුරාණ මාර්ග පද්ධතිය | Page 2 | සිළුමිණ

ඓතිහාසික අනුරාධපුරය අතීත ලෝකය හා සම්බන්ධ කළ පුරාණ මාර්ග පද්ධතිය

මල්වතු ඔයේ ගල් පාලම
මල්වතු ඔයේ ගල් පාලම

(මෙම ලිපියේ පළමු කොටස 2019.09.29 දා සියපත අතිරේකයේ පල විය.)

නු­රා­ධ­පුර නග­ර­යට නැඟෙ­න­හිර දෙසින් සම්බන්ධ වූ ප්‍රධාන මාර්ගය පිළි­බඳ විම­සීමේ දී ඒ සම්බ­න්ධව ද පුරා­විද්‍යා හා සාහි­ත්‍ය­මය තොර­තුරු රාශි­යක් තිබේ. එම නැඟෙ­න­හිර මාර්ගය පිළි­බඳ සඳ­හන් සාහිත්‍ය මූලා­ශ්‍රය තොර­තුරු අතර භාති­කා­භය රජු දවස මල්ව­තු­ඔය සිට මිහි­න්ත­ලය දක්වා වූ එම මාර්ගය අලං­කා­රව සකසා තිබූ බව සඳ­හන් වී තිබේ (මව. xxxiv 78 – 79).

අනු­රා­ධ­පු­රයේ සිට විහි­දුණු නැඟෙ­න­හිර ගමන් මාර්ගය මහා වාරිකා මග්ග වශ­යෙන් ධාතු­වං­සයේ හඳුන්වා ඇති බව මහා­චාර්ය සුද­ර්ශන් සෙනෙ­වි­රත්න පෙන්වා දී ඇත (Seneviratne 1995 : 130) . අනු­රා­ධ­පුර මහා­ත­ඹක නිගම (Ez. Vol.III: 247 – 253) සිට සේරු­විල දක්වා ගමන් ගත් ඒ මාර්ගය සේරු­නු­වර දී ගන ද්වාර ග්‍රාම නමැති ලෝහ නිෂ්පා­දිත ගම­කට සම්බන්‍ධ වූ බව සෙනෙ­වි­ර­ත්නගේ මතය වී ඇත (Seneviratne 1995: 130). එම මාර්ගය සම්බන්‍ධ පුරා­වි­ද්‍යා­ත්මක සාධක වශ­යෙන් ඉපැ­රණි ගල්පා­ලම් කිහි­ප­යක් මල්ව­තු­ඔය, කන­දරා ඔය හූනු කන­දරා ඔය හා යාන් ඔය හරහා රත්මලේ මෙන්ම බ්‍රහ්ම­න­යා­ගම ඇසු­රින් හඳු­නා­ගත හැකිය.

එම පාලම් පසු කර කෝන්ගො­ල්ලෑව පාලම ඔස්සේ ගමන් කර ගෝක­ණ්ණ­තිත්ථ වරා­යට පිවි­සිය හැකිය. ගැල් ගමන් කළ හැකි ලෙස ඉදි කර ඇති එම පාලම් මඟින් එම මාර්ගයේ සිදු වූ සම්පත් පරි­ව­හන ක්‍රියා­ව­ලිය ඉතා ඍජු ලෙස මුල් ඓති­හා­සික අව­ධියේ සේරු­විල සිට අනු­රා­ධ­පු­ර­යට ලෝහ පරි­ව­හ­ණ­යට යොදා­ගත් බව පැහැ­දිලි වී තිබේ. ආචාර්ය විදා­ණ­ප­ති­රණ පෙන්වා­දෙන ආකා­ර­යට එම ප්‍රධාන මාර්යට සම්බන්ධ වූ අතුරු මාර්ග රාශි­යක් ද පව­තින බව හඳු­නා­ගෙන ඇත (විදා­න­ප­ති­රණ 2106: 95-129).

අනු­රා­ධ­පුර නග­රයේ උතුරු දොර­ටුව දෙසට සම්බන්ධ වූ ප්‍රධාන ගමන් මාර්ගය දඔ­කොළ පටුන දක්වා ගම­න්ගත් බවත්, එම මාර්ගය සංඝ­මිත්තා මෙහෙ­ණිය ශ්‍රී මහා බෝධිය රැගෙන ඒමට ද භාවිත කර ඇති බව මූලා­ශ්‍ර­ය­වල සඳ­හන් වී තිබේ (මව. xiv:4) එසේම රාජා­ව­ලිය සඳ­හන් කරන ආකා­ර­යට ගජබා රජ දවස එම මාර්ගය ඔස්සේ සොළී රට ආක්‍ර­ම­ණය කිරී­මට සේනාව යාපා පටු­නට ගමන් කර තිබේ. ඊට අම­ත­රව හේම­මාලා හා දන්ත කුමරු දන්ත ධාතුව රැගෙන ඒම සඳහා ද එම මාර්ගය භාවිත කර තිබේ (ධාව:8-11)

හාල්පාන් ඇළ ගල් පාලම

මධ්‍ය ඉති­හා­සය වන විට එම මාර්ගය නග­රයේ උතුරු දොර­ටුව අසල පිහිටි වෙළ­ඳ­පොළ වන කළ­හු­ම­නක වෙළ­ඳ­පො­ළට සම්බන්‍ධ වන්නට ඇති බව ශිලා ලේඛ­න­වල සඳ­හන් තොර­තුරු අනුව උප­ක­ල්ප­නය කළ හැකිය. එම මාර්ග­යට අයත් වන සාධක ඇතු­ළු­පු­ර­යෙන් උතුරු දෙසින් මල්ව­තු­ඔය හරහා සහ හාල්පානු ඇල හරහා ඉදි කර ඇති පැරණි ගල්පා­ලම් කිහි­පය මඟන් තහ­වුරු කර තිබේ (ASCAR 1907:77). එම ගල් පාලම් මතින් ගමන් ගත් උතුරු මාර්ගය කන­දරා ඔය එතෙර කොට ගමන් කර තිබෙන බව කන­දරා ඔය හරහා ඉදි කර ඇති නට­බුන් වූ ගල් පාල­මෙන් පැහැ­දිලි වේ. එසේම එම මාර්ගය මල්වතු ඔයේ අතු ශාඛා­වක් හරහා පාව­ක්කු­ලම ප්‍රදේ­ශයේ ඉදි කර ඇති තවත් ගල් පාල­මක් මතින් ගමන් කරනු දක්නට ලැබේ (Leweis 1895:213). උතු­රින් පිහිටි එම මාර්ගය ඉතා පහ­සු­වෙන්ම ප්‍රධාන වරාය දෙකක් වූ මාතොට වරා­යට හා ජම්බු­කෝල පට්ටන වරා­යට සම්බන්‍ධ වීමට පුළුල් අව­කා­ශ­යක් තිබේ. වත්මන් තුලා­වෙ­ල්ලියේ සිට මන්නා­රම දක්වා ගමන් ගන්නා මාර්ගය වූ කලී මාතොට වෙත ළඟා විය හැකි ආස­න්න­තම ගමන් මාර්ග­යයි. එය මැද­ව­ච්චි­යට බට­හිර දෙසින් මාතොට දක්වා ගම­න්ගනී. තුලා­වෙ­ල්ලියේ දැක­ගත හැකි නට­බුන් අනුව එම ස්ථානය පුරා­ණයේ දී යම් ගනු­දෙනු ක්‍රියා­ව­ලි­යක් සිදු වූ ස්ථාන­යක් වශ­යෙන් හඳු­නා­ගත හැකි ය.

තුලා­වෙ­ල්ලිය ප්‍රදේ­ශයේ සිට මාන්තායි දක්වා ගම­න්ගත් මාර්ග­යට අම­ත­රව අනු­රා­ධ­පුර ඇතු­ළු­පුර බට­හිර ද්වාරයේ සිට මහ­ක­න­දරා ඔය පසු කර ගම්බි­රි­ස්ග­ස්වැව, දිවු­ල්වැව ඔස්සේ මහා­තිත්ථ වරා­යට ගමන් කර ඇති තව මාර්ග­යක් පැවති බව ආචාර්ය විදා­න­ප­ති­රණ පෙන්වා දී ඇත (Vidanapathirana 2007:152-153)- බට­හිර ද්වාරයේ සිට මහා­තී­ත්ථ­යට සම්බන්ධ වූ එම බට­හිර ගමන් මාර්ගය පිළි­බඳ තොර­තුරු පුරා­විද්‍යා දෙපො­ර්ත­මේ­න්තුව විසින් මාන්තායි වරාය නග­රයේ නැඟෙ­න­හිර ද්වාරයේ සිදු කරන ලද කැණී­ම්වල දී හඳු­නා­ගෙන ඇත (ASCAR 1950:115)

එම මාර්ගය පුල්ලි­අඩි තෙක්කම් අමුණ පසු­කොට යෝධ වැවට දකුණු දෙසින් මහා­තී­ර්ථ­යට ගමන් කර ඇති බව 1924 පුරා­විද්‍යා පාලන වාර්තාවේ සඳ­හන් වේ (ASCAR 1924:8)- මහා­තිත්ථ හා ජම්බු­කෝල පට්ටන වරාය සමඟ අනු­රා­ධ­පුර නග­රය කට­යුතු කිරීම නිසා වාණිජ අර­මුණු පෙර­දැ­රිව සිදු වී ඇති ක්‍රියා­ව­ලිය හඳු­නා­ගැ­නී­මට හැකි භෞතික සංස්කෘ­තික තොර­තුරු විශාල ප්‍රමා­ණ­යක් අනු­රා­ධ­පුර ඇතු­ළු­පු­රයේ මධ්‍ය පූර්ව ඓති­හා­සික අව­ධි­යෙන් (Mid - Early Historic 250 - 100 AD) (Deraniyagala 1992 : 712) හඳු­නා­ගෙන තිබේ (ibid :712; Allchin 1989. 5 : 1-16).

දැර­ණි­ය­ග­ලගේ හා ඕල්චින්ගේ මතය අනුව එම කාල වක­වා­නුව තුළ අනු­රා­ධ­පුර නග­රය දකුණු ආසි­යාවේ පැවති විශා­ල­තම නගර පහෙන් එකක් වී තිබේ (ibid). ASW 2 කැණී­මෙන් හක්බෙ­ල්ලන් මුහුදු ආශ්‍රිත ද්‍රව්‍ය­ව­ලින් තැනූ මුද්‍රාල රූලේ­ටඩ් මැටි මෙව­ලම් RLW උත්තර උද්දීප්ත කාල වර්ණ මැටි බඳුන් (NBPW) බ්‍රහ්මී අක්‍ෂර සහිත මැටි මෙව­ලම්, අස්ථි­ව­ලින් තැනූ පන්හිඳ, හස්එබු කාසි, ගස සහ ස්වස්තික කාසි, ඇතා සහ ස්වස්තික කාසි ආදී වර්ග එම කාල වක­වා­නු­වට අදා­ළව අනු­රා­ධ­පු­ර­යෙන් වාර්තා වී තිබේ (Coningham 1999 : 127 - 128) .

ඇතු­ළු­පු­ර­යෙන් වාර්තා වී ඇති රූලේ­ටඩ් (RLW) බඳුන් උතුරු ඉන්දි­යා­වෙන් ආන­ය­නය කරන ලද ඒවා බව දැර­ණි­ය­ගල ප්‍රකාශ කර ඇත. AG 69 13 a (i) ශෛලියේ මැටි භාණ්ඩ හස්ථි­නා­පුර් උත්තර උදි­දීප්ත කාල වර්ණ මෙව­ලම් (NBPW) මට්ට­ම්වල 44 වැනි සන්ද­ර්භය හා සහ­ස­ම්බන්‍ධ වන බව ඔහුගේ මත­යයි (Deraniyagala 1972 : 106). එම කාල පරි­ච්ඡේ­දය තුළ උතුරු ඉන්දි­යානු සම්බ­න්‍ධ­තාව තව දුර­ටත් තහ­වුරු වෙමින් (ibid: 120). NBPW පිඟන් භාණ්ඩ හමු වී තිබේ. NBPW නිෂ්පා­දන මධ්‍ය­ස්ථාන ගංගා මිටි­යා­වතේ පිහිටි බව ප්‍රකශ කරන දැර­ණි­ය­ගල ක්‍රි.පූ. හතර වැනි ශත වර්ෂ­යට අයත් ඇතු­ළු­පුර AG 85 සන්දර්භ 15 ට අයත්ව ADB සන්දර්භ 54 ට අයත්ව රූලේ­ටඩ් පිගන් භාණ්ඩ සමඟ හමු වීම නිසා ක්‍රි. පූ. දෙ වැනි ශත වර්ෂ­වල සිට ඇතු­ළු­පු­රයේ පරි­හ­ර­ණය වීම හඳු­නා­ගත හැකි බව පෙන්වා දී තිබේ. එබැ­වින් ක්‍රි. පූ. හතර වැනි ශත­ව­ර්ෂයේ සිට ගංගා මිටි­යා­වතේ නාග­රික සංකීර්ණ සමඟ අනු­රා­ධ­පු­රය සහ­ස­ම්බ­න්‍ධතා පවත්වා ඇති බව ඉන් පැහැ­දිලි වන්නේ යැයි දැර­ණි­ය­ග­ලගේ මතය වී ඇත (Deraniyagala 1972 : 120; 160). ඒ අනුව ගංගා නිම්නයේ සිට පහ­ළට වරාය ඔස්සේ ශ්‍රී ලංකාව දක්වා එම බඳුන් වර්ගය වෙළඳ යාන්ත්‍ර­ණය සමඟ පැමි­ණෙන ආකා­රය ස්චෙන්ක් විසින් ද පෙන්වා දී තිබේ (Schenk 2006 : Fig. 01).

පුරා­වි­ද්‍යා­ත්මක දත්ත හා සාහිත්‍ය මූලා­ශ්‍රය සම්බන්‍ධ කර­මින් ශ්‍රී ලංකාව හා දක්ෂිණ ඉන්දි­යාවේ වාණිජ කට­යුතු පිළි­බඳ අර්ථ­ක­ථ­න­යක යෙදෙන මහා­චාර්ය රාජන්, භාණ්ඩ බෙදා­හැ­රීම් ක්‍රියා­ව­ලිය දකුණු ආසි­යාවේ මුහුදු ආශ්‍රිත වරාය තුළ සිදු වී ඇති බව පෙන්වා දී තිබේ (Rajan 1996 : Fig . 284). එම ඒකා­බද්ධ ක්‍රියා­ව­ලි­යට සම්බන්‍ධ වූ ඉන්දීය වරා­යන් ලෙස පොන්නානි (Ponnani), මුසි­රිස් (Muziris), පොර­කාඩ් (Porakad), කොල්කායි (Kollcai), කරි­කාල් (Karikal), පෝඩුකේ (Poduke), අරි­ක­මේඩු හා අල­ග­න්කු­ලම් (Schoff 1912 : 204 - 212) යන වරාය වැද­ගත් වූ බව ඔහු පෙන්වා දී ඇත.

ඉන්දීය විද්ව­තකු වන මහා­චාර්ය ඉර­ද­වන් මහා­දේ­වන් පෙන්වා­දෙන ආකා­ර­යට අරි­ක­මේඩු අල­ගං­කු­ලම්, කොඩු­ම­නල් ආදී දකුණු ඉන්දීය වරා­යන් ආශ්‍රි­තව හමු වූ ප්‍රාකෘත අභි­ලේ­ඛන ශ්‍රී ලංකා බ්‍රහ්මී­ව­ලට සමාන බැවින් ඒවා වාණිජ ක්‍රියා­ව­ලිය ඔස්සේ ශ්‍රී ලංකාවේ සිට දකුණු ඉන්දි­යා­වට පැමි­ණෙ­න්නට ඇතැයි විශ්වාස කරයි (Mahadevan 1995 : 55 - 56). කසි­නා­තන් (Kasinathan) හා රාජ­වේලු (Rajavelu) විසින් ද කාවේ­රි­ප­ට්ට­නම් වරා­යෙන් හමු වන මැටි බඳු­න්වල සට­හන් වූ ප්‍රාකෘත ලිපි­යක ඇති අභි­ම­හ­තොට යන වදන අර්ථ­ක­ථ­නය කර­මින් සංගම් සාහි­ත්‍ය­යයේ එන පට්ටි­න­ප්පා­ලයි (Pattinappalai) යන වච­නය සමඟ එය සසඳා ශ්‍රී ලංකාව හා පැවති සමු­ද්‍රා­ශ්‍රිත වෙළ­ඳාම පිළි­බඳ තතු ඉන් පැහැ­දිලි වන බව පෙන්වා දී තිබේ (Kasinathan 1998 : 154 ; Rajavelu 1999 : 154).

මහා­චාර්ය ඔස්මන්ඩ් බොපේ­ආ­රච්චි හා වික්‍ර­ම­සිංහ පෙන්වාදී ඇති ආකා­ර­යට ශ්‍රී ලංකාවේ දකුණු පළා­තෙන් හමු වී ඇති බරත තිස්ස යන පාඨය සහිත කාසිය අනුව ශ්‍රී ලංකාවේ නාවික කට­යුතු හැසිර වූ නැවි­යන් හඳු­නා­ගත හැකි බව ප්‍රකාශ කර තිබේ (Bopearachchi and Wickramasinghe 1999 : 53). පර­ණ­වි­තාන ප්‍රකාශ කර ඇති ආකා­ර­යට ගල්ලෑව විහා­රයේ මුල් බ්‍රහ්මී ලිපි­යක එන බරත මහා තිස්ස, කුඩු­විල් ලිපියේ එන දෙමඩ තිස්ස වණිජ, අනු­රා­ධ­පු­රයේ අභ­ය­ගි­රියේ ඇති ඉලු­බ­රත (Ic. Vol. I : No. 1049, 1054, No. 94) ද්‍රවිඩ වෙළෙ­න්දන් වශ­යෙන් විස්තර කර ඇත.

එසේම ආඬි­යා­ග­ලින් හමු වන පූර්ව බ්‍රහ්මී ලිපි­යක නවික බොජික (ibid : No. 105) පිළි­බ­ඳව සඳ­හන් වීම මගින් නැව් අයි­ති­කා­ර­යකු ඉන් ගම්‍ය වන බව විග්‍රහ කරන රාජන් තමි­ල්නා­ඩුවේ වෙළඳ ගෝත්‍ර නවි­කන් යන නමින් හැඳින් වූ බව පෙන්වා දී ඇත (Rajan 2001 : 04). මෙයට අම­ත­රව පෙරිය පුලි­ය­න්කු­ල­මෙන් හමු වන බ්‍රහ්මී ශිලා ලිපි­වල ද මෙඩ වනිජ (Ic. Vol.I : No. 356, No. 357) පිළි­බඳ සඳ­හන් වීමෙන් රම වෙළෙ­ඳුන් ලංකාව හා ඉන්දි­යාව අතර වෙළ­ඳාම් කට­යු­තු­වල නියැළි පිරිස් ලෙස ද හඳු­නා­ගත හැකිය.

ඒ අනුව අන්ත­ර්ජා­තික වාණිජ ජාල­යක් හැසි­ර­වීම සඳහා අනු­රා­ධ­පු­රය හා බද්ධව තිබූ එම ප්‍රධාන මාර්ග ජාලය වැද­ගත් වූ අතර දැනට නෂ්ටා­ව­ශේ­ෂව ඇති ඉතා සීමිත ප්‍රමා­ණ­යක් වන ගල් පාලම් පද්ධ­තිය ඒ බව මැන­වින් තහ­වුරු කරයි. වර්ත­මා­නයේ මානව ක්‍රියා හා සංව­ර්ධන කාර්ය හේතු­වෙන් විනා­ශයේ අභි­මු­වට පැමැණ ඇති එම මහාර්ඝ උරු­මය ආරක්‍ෂා කර පුරා­ණයේ මෙරට පැවැති දෙස් විදෙස් වාණිජ කට­යුතු පිළි­බඳ අනා­ගත පර­පුර දැනු­වත් කිරීම සඳහා එම උරු­මය රැක­දීම මෙරට සියලු පුර­වැ­සි­යන්ගේ හා ඒ සම්බ­න්ධව කට­යුතු කරන ආය­ත­න­වල වග­කී­මක් වන බව ද පෙන්වා­දිය යුතුය.

Comments